You Tube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න නියම වෙබ් සයිට් එකක්(නියමෙටම වැඩ කරනව)


දවස් කීපයකින් පස්සෙ මම ආයිත් පෝස්ට් එකක් දාන්න හිතුවා.කොහොමත් මගෙ පෝස්ට් ලිවීමේ වේගය අඩුයි.සමහර බ්ලොග් නම් මාස ගන්න යනව update වෙන්න.ඒත් සාමාන්‍යයෙන් බ්ලොග් එකක් දින දෙකකට සැරයක් විතර update වෙනව.

හරි දැන් අපි අපේ මාතෘකාවට බහිමු.ගොඩක් අය You Tube වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න එක එක සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවා.(යූ ටියුබ් වල ඩවුන්ලෝඩ් පහසුකම් නැහැ)ඒත් ඒ එකක් වත් හරියට වැඩ කරන්නෙ නැහැ.පාවිච්චි කරපු අය ඒක හොඳින් දන්නව ඇති.ඉතින් ඒකට විසඳුමක් තමයි අද ගෙනාවෙ.මේක සොෆ්ට්වෙයාර් එකක් නෙමෙයි.වෙබ් සයිට් එකක්.මේකෙන් යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න හරිම ලේසියි.මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් සයිට් එකට යන්න.ඊට පස්සෙ යූ ටියුබ් වලට ගිහිල්ල ඕන වීඩියෝ එකක් ‍තෝරගන්න.ඊට පස්සෙ ඒක ප්ලේ වෙන්න දාන්න.එතකොට browser එකේ වෙබ් ලිපිනය(URL)වැටෙන තැන වැටෙන වෙබ් ලිපිනය කොපි කරගෙන අර සයිට් එකේ උඩ තියෙන text box එකට දාන්න.ඊට පස්සෙ Download  කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ format එක ‍තෝරල ක්ලික් කරන්න.ඊට පස්සෙ වීඩියෝ එක ගානට ඩවුන්ලෝඩ් වෙයි.හොඳනම් ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාල follow පාරක් දාලා යන්න.


මුහුද පතුලේ තිබෙන ටයිටැනික් නැව ඇතුළු තවත් ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙළක්***The Titanic at the bottom of the sea & many photos සහ කඩදාසියෙන් නිමවූ සුන්දර නිර්මාණ (නිවැරදි කිරීමයි)


මා විසින් පෙර දිනක පළ කල "කඩදාසියෙන් නිමවූ සුන්දර නිර්මාණ" ලිපිය සහ "මුහුද පතුලේ තිබෙන ටයිටැනික් නැව ඇතුළු තවත් ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙළක්***The Titanic at the bottom of the sea & many photos"ලිපියෙහි පළකල පින්තූර නොපෙනී ඇත(මට පේනවා.අනිත් අයට පේන්නෙ නැහැ)දැන් මම එය යළි සකස්කර ඇත.එය කීමට වෙනම ලිපියක් දැමීමට සිතුවේ එයට ලැබූ ප්‍රතිචාර නිසයි.ඔබ එම ලිපි දෙක බලා එය පෙනෙනවාද නැද්ද යන්න ගැන කිවහොත් එය ලොකු උදවුවකි.

"මුහුද පතුලේ තිබෙන ටයිටැනික් නැව ඇතුළු තවත් ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙළක්***The Titanic at the bottom of the sea & many photos"ලිපියට යෑමට මෙතන ක්ලික් කරන්න.


"කඩදාසියෙන් නිමවූ සුන්දර නිර්මාණ" ලිපියට යෑමට මෙතන ක්ලික් කරන්න.

බෞද්ධ පොත්පත්,බුක් මාර්ක්ස් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න


අදත් නොමිලේ දෙන දෙයක්.මේක ගැන කිවුවෙ නම් නදී අක්ක.මේ pack එකේ බොද්ධ පොත් පත්,බුක් මාර්ක්ස් සහ වාහන වලට ගහන stickers තියෙනව.බුක්මාර්ක් එකකට බුදු හාමුදුරුවො ඉන්න පිංතූර ගන්න එක හොඳද දන්නෙ නැහැ.කැමති අය ඉන්නවනම් ගන්න.ඒක ගන්න පහල ක්ලික් කරන්නකො.ඔය සයිට් එකට ගිහිල්ල යටම තියෙන"
Please click here for the Request Form.  "කියන එක ක්ලික් කරන්න.මම ඉස්සෙල්ල දාපු මේ වගේ නොමිලේ දෙන දේවල් ගැන දැනගන්න මෙතන ක්ලික් කරන්න.එහෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාල යන්න.

පොත්පත්,බුක් මාර්ක් ගන්න මෙතන ක්ලික් කරන්න.



මෙම පොත් සහ බුක්මාර්ක් ලබාදෙන අඩවියේ Administrator ගේ ඉල්ලීම මත ලින්ක් එක ඉවත් කරන ලදි.එසේම මේ වන විට මෙම අඩවියෙන් ලංකාවට මෙම කට්ටලය එවන්නේ නැත.ඒ ගැන මාගේ කණගා‍ටුව පල කරමි.(එම ඉල්ලීම බැලීම සඳහා පහල කමෙන්‍ටු බලන්න)


I Remove Link


-----------------------------------------------------------------------------------------------------------------------------------

පසුව ලියමි:-
මට අද හම්බවුනා(2011-10-22).ශ්‍රී ලංකාවෙ බුදු දහම ගැන තියෙන පොතකුයි.පොඩි පොත් 4 කුයි.බුක්මාර්ක් 5 කුයි.වාහන වල ගහන ස්ටිකර් 2 කුයි ඒකෙ තියෙනවා.මේක හම්බවුනු කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බ වෙන ලිපියක.ඒ ලිපිය බලන්න මෙතන ක්ලික් කරන්න.

නොමිලේ T-SHIRT එකක් ගෙදරටම ගෙන්න ගන්න



අදත් නොමිලේ ගෙන්න ගන්න පුළුවන් දෙයක් ගැන තමයි කියන්නෙ.අද දෙන්නෙ t-shirt එකක් බව දන්නවනෙ.මේකෙ පින්තූරයක් හොයාගන්න බැරිවුනා.කමක් නැහැ.පහල ක්ලික් කරන්න.ඊට පස්සෙ form එක පුරවන්න.එතකොට t-shirt එක ගෙන්න ගන්න පුළුවන්.හැබැයි මේ එකක්වත් එයි කියල ෂුවර් නැහැ.නිකං දෙන දේ හින්ද ගන්න.ඉස්සෙල්ල මම මේ වගේ නොමිලේ ගෙන්න ගන්න ඒව ගැන ලිවුව.ඒව බලන්න මෙතන ක්ලික් කරන්න.
කොහොමහරි මගෙ බ්ලොග් එකට ඊයෙ මාස 6 කුත් වුනා.ඒක හින්ද මට සුභ පැතීමක් විදිහට මාව follow කරන්න(කැමතිනම්).කමෙන්ට් එකකුත් දාල යන්න.එහෙනම් මම ගියා.

මත්ද්‍රව්‍ය සහ ඒවායින් සිදුවන දේවල් ගැන තියෙන පොත් ටිකකුයි DVD එකකුයි නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න


අදත් දෙන්නෙ නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් බඩුවක් ගැන.ඉස්සෙල්ල දුන්නනෙ කැප් එකක්.ඒක බලන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න.
අද දෙන්නෙ මත්ද්‍රව්‍ය ගැන සහ ඒවයින් සිදුවන නරක ප්‍රථිපල ගැන තියෙන dvd එකක් සහ පොත් සෙට් එකක්.පහල තියෙන්නෙ ඒකෙ පින්තූරයක්.




මේක ක්ලික් කරන්නකො ඒක ගන්න.
කමෙන්ට් එකක් දාල යන්න එහෙනම්.

නොමිලේම කැප් එකක් ගෙදරටම ගෙන්න ගන්න.(අවස්ථා සීමිත විය හැක)


අද තෑගි දෙන්නයි හදන්නෙ.හැබැයි තෑග්ග දෙන්නෙ මම නෙමෙයි.YOVIA කියන සයිට් එක.ඔය පහළ තියෙන්නෙ දෙන්න හදන කැප් එක



ලස්සනයි නේද?

මමත් මේක ඕඩර් කළා.තාම දවස් දෙකයි.ඒක හින්ද එයිද කියල හරියටම ෂුවර් නැහැ.කමක් නැහැ ඕඩර් කරන්න.හැබැයි ඉක්මනට මොකද ඔය වගේ ඒව දවස් කීපයයි තියෙන්නෙ.(දිගටම තියෙන්නත් පුළුවන්)පහල ක්ලික් කරල සයිට් එකට ගිහිල්ල ෆෝර්ම් එක පුරවන්න.එතකොට හරි.එහෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඕන.එහෙනම් මං ගියා.

කඩදාසියෙන් නිමවූ සුන්දර නිර්මාණ


අදත් දෙන්නෙ මට e-mail එකකින් ලැබුනු ලස්සන ඡායාරූප ටිකක්.මේ පින්තූර වල තියෙන්නෙ සම්පූර්ණයෙන්ම කඩදාසියෙන් හදපු නිර්මාණ.කෙනෙකුට හිතෙයි මේව හදල තියෙන්නෙ රෙදි වලින් කියල.හැබැයි  මේ රෙදි නෙමෙයි.මේක ගැන වැඩිය කතා කරන්න දෙයක් නැහැ.එහෙනම් බලන්නකො පින්තූර ටික.
















ලස්සනයි නේද?එහෙනම් කමෙන්ට් එකක් දාල කැමතිනම් follow එකකුත් දාලා යන්න.

කොහොමද අළුත් ඇඳුම(Template එක)

කාලෙකින් තමයි ආයිත් බ්ලොග් එකට ආවෙ.මං හිතන්නෙ සති එකහමාරකට විතර පස්සෙ තමයි මේ පෝස්ට් එක දාන්නෙ.මගෙ කම්පියුටරේ පොඩි ප්‍රශ්නයක් හින්දා තමයි එහෙම වුනේ.ආයිත් කැඩෙන්න පුළුවන්.දවස් 6 කින් වත් පෝස්ට් එකක් දැම්මෙ නැත්නම් ඉතින් කැඩිල තමයි.

හරි හරි කතා ඇති.ඔයාලට පේනවනෙ මම අළුත් ටෙම්ප්ලේට් එකක් දාල කියල.මේක ටිකක් ලස්සනයි.(මට පේන් විදිහට)හැබැයි ලෝඩ් වෙන්න වෙලා යනව වගේ.මේක දාන්න මට මාර මහන්සියක් ගන්න වුනා.(ඇබැද්දි ගොඩයි.)මම දැන් බලාපොරොත්තු වෙන්නෙ ඔයාලගෙ අදහස්.මේක හොඳ නැත්නම් හොඳ එකක් කියන්න.(CLASSIC ඒව නම් එපා)එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගෙ අදහස් දීල යන්න.

ඔන්ලයින් ෆොටෝෂොප් වලින් ෆොටෝ එඩිට් කරමු

මේකට මම ෆොටෝෂොප් කිව්වට මේක ෆොටෝෂොප් නම් නෙමෙයි.හැබැයි ෆොටෝෂොප් වගේමයි.පොඩි (වෙනසක් ඇරෙන්න වෙනසක් ඇත්තෙම නැති තරම්)ෆොටෝෂොප් වල තියෙන ටූල්ස් ඔක්කොම වගේ තියෙනවා.ෆොටෝෂොප් නැති වෙලාවට ගොඩක් ප්‍රයෝජනවත්.(මම නම් ෆොටෝෂොප් තිබ්බත් ඒකෙන් තමයි ෆොටෝ එඩිට් කරන්නෙ.එහෙනම් මුලින්ම ඔය පහළ  CLICK HERE කියන එක right click කරලා new tab එකකින් ඕපන් කරගන්න.



ඊට පස්සෙ එන වෙබ් සයිට් එකේ -> Open photo editor <- කියල එකක් තියෙයි.අන්න ඒක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඉතින් ෆොටෝෂොප් වගේම තමයි.මේකෙ වාසියක් තමයි ඔයාලට කෙලින්ම picasa,flickr වගේ එකකින් කෙලින්ම ෆොටෝස් මේකට ගන්න පුළුවන්.(open image from library කියන එකට ගිහිල්ල sign up  වෙන්න.ඊට පස්සෙ එන window එකේ උඩ tab වලින් ‍තෝරගන්න.)ඒ වගේම save කරන්නත් පුළුවන්.එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දීල යන්න.(අර like බට්න් ඒකටත් කොටන්න හොඳේ)

වසර 10 කට පෙර සිදුවූ 9\11 ප්‍රහාරයේ නොදු‍ටු රූප

ඕගොල්ලො හැමෝම දන්නව ඇතිනේ මේ මාසෙ 11 වෙන්දට ඇමෙරිකාවෙ ලෝක වෙලඳ මධ්‍යස්ථානය විනාශ වෙලා අවුරුදු 10 ක් පිරෙනව කියල.එදා ඒ සිදුවීම සිදුවෙනකොට ගත්ත ටිකක් දුර්ලභ පිංතූර ටික තමයි අද දාන්නෙ.හැබැයි මුලුන්ම කියන්න ඕනා මේ පිංතූරයි,පල්ලෙහ ලියල තියෙන ඒවයි මං හොයා ගත්ත දේවල් නෙවෙයි.මේව මට එලකිරි එකේ තිබිල තමයි හම්බවුනේ.මම මේ ලිපියෙ මුල් කතෲගෙන් අවසර අරන් තියෙන්නෙ.එහෙනම් ෆොටෝ ටික බලලා කමෙන්ට් එකක් දාලා යන්න.



මේ මුල්ම පහාරය සිදුවී විනාඩි කිහිපයකින් ගුවනේ සිට ගත් ජායාරෑපයක්


ඈමරිකාවේ බූක්ලික් පාලම අසලට මේ විනාශය පෙණුන ආකාරය




තුවාල කරැවන් වහාම රෝහල් කරා




කරන්න කිසිම දෙයක් නැති තැන කට ඈගෙන බලා සිටින ජනතාව


දිවි ගලවා ගැනීමට ගොඩනැගිල්ලෙන් බිමට පනින මිනිසුන් වැටෙන ආකාරය මේ විදියට දිවි ගලවා ගැනීමට මේ අවස්තාවේ දී ගොඩනැගිල්ලෙන් පැනපු පිරිස ​විශාල ගණනකි




ගිනි ජාලාවක් වී ඈති ගොඩනැගිල්ලේ යට කොටස


ගොඩනැගිල්ලේ විසුරැනු දූවිලි වලින් වැසුණු වයස අවුරැදු 28 වන එහි සිටි කාන්තාව්




දෙවැනි ගොඩනැගිල්ල විනාශ කිරීමට පැමිණෙන හයිජෙට් 175 ගුවන් යානාව එහි ගැටීමට විනාඩි කිහිපයකට පෙර ....



නිව්යෝක් නගරයම දූවිල්ලෙන් වැසී ඈති අයුරැ



බිමට සමතලා වී ඈති ගොඩනැගිල්ල ඉහළින් බැලූ විට පෙනුනේ මෙහෙමයි.. .



සහෘදයන් වෙනුවෙන් හෙලූ කදුලු


බුෂ් ජනාධිපතිතුමාට මේ පුවත දැනුම් දෙන අව්ථාව... මේ වෙලාවේ ජනාධිපතිතුමාට මොනව හිතෙන්නැද්ද


ඉහළින් ගත් ජායාරෑපයක්




නගරයේ ගමන් කිරීමට සිදුවූයේ මෙහෙමයි... දූවිල්ල කිලෝ මීටර් ගණනාවක් දුරට විහිදී ගියා


බිමට සමතලා වූ දැවැැන්තයා



ගුවන් යානා දෙකම ගැටුණූ මොහොත



ඈමරිකාවේ ධජයවත් බේරා ගැනීමට උත්සාහ කරන සහන සේවකයින්



ඈයි දෙයියනේ අපිට මෙහෙමෙ වූනේ .... තවමත්




දැවැන්තයා බිමට වැටීමට පෙර




පණ බේරාගැනීමට දිවන දිවිල්ල




බලා සිටිනවා මිස වෙන කුමක් කරන්නද



උඩ ගියොත් බිම වැටෙන්න වෙනවනේ .. නේ ද....



මදැයි වැඩ කරන්න ආව දැං ගෙදර යන්නේ මෙහෙමෙ


තුවාල කරැවන් අරං ගියේ හොිලිකේප්ටර් භාවිතා කරමින්


දූවිල්ලෙන් බේරීමට පලා යන වැසියන්






මෙලෙස වසර 10 කට පෙර ලෝක බලවත පවා සසල කල කුරැරැ තස්තවාදීන් පරාජය කල වීරෝ ධාර ජාතීයක් ලෙස අපි අද සතුටුවෙමු ... ඔසාමා බිල්ලාඩන්ගේ නැමැති මිනී මරැවා ද අද ඒ මරණයට පත් වි අඈත්තේ කිසිදා තස්තවාදීන්ට ජයගත නොහැකි බව ලොවට සනාථ කරමින්.. 



ඔරිජිනල් ලිපියට

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This