Posted by
Ranul Hashika Gomas
මං අද කියන්න යන්නෙ නියම සොෆ්ට්වෙයාර් එකක් ගැන. මේකෙ නම Bing Desktop. සමහර අයනම් දන්නවා ඇති. ඒත් නොදන්න අයට දැනගන්න මම අද ඒ ගැන කියන්නම්.
ඔයාලා දන්න්වනෙ Bing කියන්නෙ ලෝකප්‍රසිද්ධ Search engine එකක්. ඔයලා Bing.com කියන ලිපිනයෙන් ඒ වෙත ගියොත් ඔයාලට පෙනෙයි ලස්සන පින්තූරයකින් හෝම්පේජ් එක සැරසිලා තියෙනවා. මේක හැමදාම අලුත් පින්තූරෙකට මාරු වෙනවා. මේ පින්තූරෙ අපේ ඩෙස්ක්ටොප් එකට ගන්න තියෙනවනම් මරු නේද?
එහෙනම් මෙහෙමයි ඒක ගන්නෙ. මුලින්ම පහත වෙබ් ලිපිනයට යන්න.
http://www.bing.com/explore/desktop
ඊට පස්සෙ "Download Now" කියන එක ක්ලික් කරන්න. දැන් ඒක ඩවුන්ලෝඩ් වුනාම ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරන විදිය හැමෝම දන්නවනෙ. දන්නෙ නැති කෙනෙක් ඉන්න්වනම් අහන්න කමෙන්ට් එකකින්.
ඔයලා ඒක ඉන්ස්ටෝල් කරලා ඉවරනම් Bing Desktop සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න. ඊට පස්සෙ ඒක Minimize කරලා තියන්න. ටික වෙලාවකින් ඩෙක්ස්ටොප් එකේ පින්තූරෙ වෙනස් වෙලා තියෙයි. හෙට අලුත් එකක් එයි. අනිද්දට තව එකක්. හැමදාම අලුත් ඒවා. හැබැයි මේකට ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් ඕනා.
මේ තියෙන්නෙ අද මගේ Desktop එක
එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.
ලගදිම වෙනස් විදිහක ලිපි පෙලකුත් දාන්න ඉන්නෙ.
දිගටම සැමදෙයක්ම එක්ක ඉදියොත් ඒ දේවල් දැනගන්න පුලුවන්.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
අන්තර්ජාල,
සුන්දර,
ස්ථාන
. Follow any responses to this post through
RSS. You can
leave a response, or trackback from your own site.
June 23, 2013 at 8:27 AM
මලයා අර ඉස්සර දැම්මා වගේ ෆ්රී ස්ටෆ් (අන්තර්ජාලයෙන් නොමිලේ) ගෙන්වා ගන්න පුලුවන් දේවල් ගැන ලිපි ටිකක් ලියන්න.
July 15, 2013 at 4:25 PM
වැඩේ නම් හොඳයි ඒත් ඉතින් ඉන්ස්ටෝල් කර ගන්න ඉඩ නැති එක තමා ප්රස්නෙ.