Showing posts with label විශේෂ. Show all posts
Showing posts with label විශේෂ. Show all posts

ඕනම ලෙඩක් හැදෙන හැටි,ඒවාට බෙහෙත් වගේම තවත් තොරතුරු ලබාගතහැකි වටිනා ලින්ක් ලැයිස්තුවක්.(සෑම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම වැදගත් වන දෙයක්)




අද දෙන්න හදන්නෙ හැමෝටම අනිවාර්යයෙන්ම වැදගත් වන දෙයක්.මම මේ දෙන්න හදන්නෙ බොහෝ රෝග ගැන තොරතුරු තියෙන වෙබ්ලිපින(ලින්ක්) ලැයිස්තුවක්.

මේ හැම එකකම ඒ ඒ රෝගයේ හැඳින්වීම,රෝගය හැදෙන හැටි,රෝගය වලක්වා ගන්න හැටි,ඒවාට ප්‍රතිකර්ම ඇතුලු තවත් වටිනා තොරතුරු ලැයිස්තුවක් තියෙනවා.

හැබැයි මේවා බලන්න නම් Flash 6 හෝ ඊට පසු ආපු වර්ශන් එකක් ස්තාපනය කරලා තියෙන්න ඕනා.ඔයාගෙ කම්පියුටරේ එක නැත්නම් මේවා බලන්න හදද්දි ඒ ගැන කියයි.එතැනම ඒක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකකුත් දීලා තියෙයි.එතනින් ඔයාලට නොමිලේම ඒ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

මේ හැම එකක්ම රූප සටහන් සහ ක්‍රියාකරන රූප මගින් හොඳින් පැහැදිලි කරලා තියෙනවා.මේ එකක්වත් වීඩියෝ නෙමෙයි.මේවා ඔක්කොම ෆ්ලෑශ් වලින් හදලා තියෙන්නෙ.ඒක හින්දා අඩු වේගයක් තියෙන අන්තර්ජාල සම්බන්ධතාවයකින් උනත් බලන්න පුලුවන්.ඕනනම් E-book(PDF) එකකුත් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න.

මෙතනින් ඕන රෝගය ‍තෝරගෙන ඊට ඉස්සරහින් තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.(මේක ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිලිවෙලට තියෙන නිසා හොයාගන්න ලේසියි.ඕනනම් Ctrl + F ගහලා අවශ්‍ය රෝගයේ නම ගහන්න.එතකොට ලේසියෙන්ම හොයාගන්න පුලුවන්)

එතකොට ඔයාලව වෙනම පේජ් එකකට යයි.ඒකෙ කො‍ටු තුනක් තියෙනවා.පලවෙනි දෙකේ තියෙන්නෙ මම කියපු විදිහට ෆ්ලෑශ් වලින් හදපු ඒවා.ඔය දෙකේ එතරම් වෙනසක් නෑ.පලවෙනි එකේ අපිට පි‍ටුවෙන් පි‍ටුව පෙරල පෙරල බලන්න පුලුවන්(පි‍ටුම නෙවේ.හරි නම slide).දෙවෙනි එකේ එහෙම බෑ.එක දිගටම යනවා.තුන්වෙනි කො‍ටුව ක්ලික් කරලා ඔයාලට E-book එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

ඔන්න එහෙනම් ලින්ක් ලැයිස්තුව.මේක වැදගත් දෙයක් නිසා කොපි කරලා ඕන තැනක දාන්න.හැබැයි යටින් මේ ලිපියෙ ලින්ක් එකක් දානවනම් මම කැමතියි.එහෙනම් ඉතින් මේක වටිනවනම් කමෙන්ට් එකක් ෆලෝ එකක් දාලා යන්න.අපේ ෆේස්බුක් පි‍ටුවෙ දැනට 220 ක් විතර ඉන්නවා.ඔයාලත් එකතුවෙන්න.එතකොට මට හම්බවෙන වටිනා දේවල් ඒ පේජ් එක හරහා ඔයාලටත් බලන්න පුලුවන්.එහෙනම් අදට මම ගියා.



·  Diseases and Conditions
o COPD <http://www.nlm.nih.gov/medlineplus/tutorials/copd/htm/index.htm> (Chronic Obstructive Pulmonary Disease)
o Gastroesophageal Reflux Disease <http://www.nlm.nih.gov/medlineplus/tutorials/gerd/htm/index.htm>(GERD)
o Tests and Diagnostic Procedures
Surgery and Treatment Procedures
·  Cholecystectomy - Open Laparoscopic <http://www.nlm.nih.gov/medlineplus/tutorials/cholecystectomyopenandlaparoscopic/htm/index.htm> (Gallbladder Removal Surgery)
·  Prevention and Wellness

Visitors ලා 10000 ක් ඇවිල්ලා




අද පොඩ්ඩක් බ්ලොග් එක පැත්තට ඇවිල්ල බලද්දි Vsisitors ලා 10000 ක් ඇවිල්ලා.ඉතින් ඒක නිසා හරිම සතු‍ටුයි.අනිත් බ්ලොග් අඩවි එක්ක බලද්දි මේක පුංචිම පුංචි ගාණක් වුනත් මට හරිම සතු‍ටුයි.

ඉතින් මෙතෙක් කාලෙකට මේ බ්ලොග් එකත් එක්ක ‍රැඳී හිටපු ඔබ සියළු දෙනාටම බොහොම ස්තූතියි.

සැමදෙයක්ම බ්ලොග් අඩවියේ ෆේස්බුක් පේජ් එකත් ලයික් 100 පන්නලා තිබුනා.ඒකටනම් වෙනම පෝස්ට් එකක් දැම්මෙ නෑ.ඒකට කමක් නෑ.අද වගේ දවසකවත් ඉතින් කමෙන්ට් එකක් නොදා ගියොත් වැඩක් නෑ.ඒක හින්දා කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාලා යන්න.

ඒ වගේම ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාන්න.

එහෙනම් තවත් ලිපියකින් ඉක්මනට හමුවෙමු.


ඔබ සැමට සුභ නව වසරක් වේවා!!!




ලැබුවා වූ 2012 නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා.

බ්ලොග් අඩවියක් සාදාගන්නා ආකාරය-1


මම අද දාන පෝස්ට් එක නම් වැදගත් වෙන්නෙ මේ ගැන නොදන්න අයට විතරයි.මට මේ ගැන දාන්න හිතුනේ බ්ලොග් එකක් කරන්න ආසා නමුත් හරි හැටි ඒගැන නොදන්න ගොඩක් අය ඉන්න නිසා.මම මුලින් ඒ ගැන විස්තර ටිකක් කියන්නම්.

බ්ලොග් එකක් කියන්නෙ හරියට සඟරාවක් වගේ.මේක වෙබ් අඩවියකට වඩා ගොඩක් වෙනස්.වෙබ් අඩවියක් හදන්න ලොකු දැනුමක් තියෙන්න ඕනා.ඒත් බ්ලොග් අඩවියක් හදන්න හරිම ලේසියි.බ්ලොග් අඩවියක මූලික දේවල් නිකන්ම අපිට හම්බවෙනවා.අපිට තියෙන්නෙ ඒකට ලිපි දලා,ඕන්නම් ගැජට් ටිකක් දාලා ලස්සන කරල ගන්න විතරයි.

හරි එහෙනම් අපි බ්ලොග් හදන්න පටන් ගමු.

සේවාව ‍තෝරා ගැනීම

ගොඩක් අය බ්ලොග් එකක් හදන්නෙ

*blogger
*wordpress

යන දෙකෙන්.මමනම් කියන්නෙ blogger තමයි හොඳ.මොකද ඒක Google ගෙම සේවාවක් නිසා.ඒ වගේම මම අද කියා දෙන්නෙත් blogger වලින් බ්ලොග් එකක් හදාගන්න හැටි.

blogger වලින් බ්ලොගයක් සාදා ගැනීම

එහෙනම් මුලින්ම මෙතන ක්ලික් කරලා blogger(www.blogger.com)වලට යන්න.එතකොට පහළ පින්තූරෙ වගේ තැනක් එයි.
(මම දාන පින්තූර පැහැදිලිව ලොකුවට බලාගන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න)



මට තව දෙයක් කියන්න අමතක වුනා.blogger වලින් බ්ලොග් එකක් හදන්නනම් Google වල ගිනුමක් තියෙන්න ඕනා.ඒ කියන්නෙ gmail වල e-mail ගිණුමක්
 තියෙන්න ඕනා.ඒක හදාගන්න හැටි දැනගන්න මෙතන ක්ලික් කරන්න
දැනටමත් තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ



හරි ඊට පස්සෙ ඔයාලට පේනවනෙ ඒ පේජ් එකේ දකුණු පැත්තෙ තියෙනවා email එක සහ password එක ගහන්න තැනක්.ඒකට ඔයාලගෙ google ගිණුමෙ නැත්නම් gmail වල ගිණුමෙ email එකයි password එකයි ඇතුල් කරලා sign in කියන එක ක්ලික් කරන්න.
එතකොට ඔයාලට පහළ පින්තූරෙ වගේ තිරයක් පෙනෙයි.



ඒකෙ display name කියන එකට බ්ලොග් එක හැදුවට පස්සෙ පේන්න ඕනා නම දාලා I accept the term of services කියන එකට ටික් එකක් දාලා CONTINUE කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ පහළ වගේ තිරයක් පෙනෙයි.


ඔබට පෙනුනේ පහල පින්තූරය අකාරයේ තිරයක් නම් එහි ඇති දැති රෝදයක ලකුණ ක්ලික් කර Old Blogger Interface යන්න ක්ලික් කරන්න.







ඒකෙ තියෙන CREATE YOUR BLOG NOW කියන එක ක්ලික් කරන්න.
එතකොට පහළ වගේ තිරයක් එයි.




ඒකෙ blog title කියන එකට ඔයාලගෙ හදන බ්ලොග් එකේ නම දෙන්න.
උදා:-සැමදෙයක්ම

blog addres(URL) කියන එකට ඔයාලා හදන බ්ලොග් එකට දාන බ්ලොග් ලිපිනය දෙන්න. ඔයා දෙන්න හදන ලිපිනය කවුරුහරි ඉස්සෙල්ල පාවිච්චි කරල නම් ඒක දාන්න බැහැ.පාවිච්චි කරලද බලන්න ලිපිනය දීලා Check Availability කියන එක ක්ලික් කරන්න
උදා:-samadeyakma.blogspot.com

ඊට පස්සෙ යට තියෙන ඇද වෙච්ච අකුරු(Word Verification)ටික පහළ කො‍ටුවෙ ටයිප් කරන්න.ඊට පස්සෙ CONTINUE කියන එක ක්ලික් කරන්න.
එතකොට පහල වගේ තිරයක් එයි.


දැන් ඔතනින් කැමති ටෙම්ප්ලේට් එකක් ‍තෝරගන්න.ටෙම්ප්ලේට් එක කියන එක සරළව කිව්වොත් ඒක තමයි බ්ලොග් එකේ පෙනුම.නැත්නම් ඇඳුම.දැනට ඔතනින් එකක් ‍තෝරගන්නකො.(ඒක උඩ ක්ලික් කරන්න)පස්සෙ කියන්නම් ලස්සන ටෙම්ප්ලේට් දාගන්න හැටි.හරිනෙ එහෙනම් ‍තෝරලා ඉවරයිනෙ.දැන් එහෙනම් CONTINUE කියන එක ක්ලික් කරන්න.


දැන් පහළ වගේ එකක් පෙනේවි.



ඒක පෙනුනද?ඒ කියන්නෙ ඔයා බ්ලොග් එක හදලා ඉවරයි.දැන් ඉතින් START BLOGGING කියන එක ක්ලික් කරන්න.දැන් පෝස්ට් එකක් දාන්න වැටෙයි.ඒ වුනාට පෝස්ට් දාන්න එපා දැම්ම.මම ඊලඟ පෝස්ට් එකේදි ඒ ගැන කියල දෙන්නම්.


දැන් ඉතින් අර දුන්නු බ්ලොග් ලිපිනයට ගිහිල්ල බලන්න බ්ලොග් එක කොහොමද කියල.තාම ඉතින් හදපු ගමන් හින්ද ලස්සන නැතුව ඇති.ඊලඟ ලිපියෙන් පස්සෙ ලස්සන කරගන්න පුළුවන්.

දැන්නම් අතත් රිදෙනවා.කමක් නෑ.ඔයාල හදපු බ්ලොග් වල ඇඩ්‍රස් එක කමෙන්ට් එකක් විදිහට මෙතන දාන්න.නැත්නම් මට ඊ මේල් කරන්න.මෙතන දානවනම් වැඩියෙන් හොඳයි.මගෙ ඊමේල් එක මේ ලිපියෙ අන්තිමට දාන්නම්.

අනිවාර්යයෙන්ම දැන් ඔයාලට ප්‍රශ්න ගොඩක් ඇති.ඒ හැම එකකටම මම දන්න තරමින් උත්තර දෙන්නම්.ඒ ප්‍රශ්න මෙතන කමෙන්ට් එකක් විදිහට දාන්න.නැත්නම් මට ඊ මේල් කරන්න.

මෙන්න මගේ ඊමේල් ලිපිනය:-   ranulhashika.g@gmail.com

මම හිතනවා මේකෙන් ප්‍රයෝජනයක් ගත්ත හැමෝම කමෙන්ට් එකක් දායි කියලා.

හරි එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු.ඒ ලිපියෙදි මම ලිපි දාන හැටි,කමෙන්ට් ගැන,followers ගැන සහ තවත් බොහෝ දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.ඒකත් මම හෙට අනිද්දම දාන්නම්.


පසුව ලියමි:- මෙහි දෙවන කොටස බැලීමට මෙතන ක්ලික් කරන්න.


Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This