Showing posts with label පැරණි. Show all posts
Showing posts with label පැරණි. Show all posts

වසර 10 කට පෙර සිදුවූ 9\11 ප්‍රහාරයේ නොදු‍ටු රූප

ඕගොල්ලො හැමෝම දන්නව ඇතිනේ මේ මාසෙ 11 වෙන්දට ඇමෙරිකාවෙ ලෝක වෙලඳ මධ්‍යස්ථානය විනාශ වෙලා අවුරුදු 10 ක් පිරෙනව කියල.එදා ඒ සිදුවීම සිදුවෙනකොට ගත්ත ටිකක් දුර්ලභ පිංතූර ටික තමයි අද දාන්නෙ.හැබැයි මුලුන්ම කියන්න ඕනා මේ පිංතූරයි,පල්ලෙහ ලියල තියෙන ඒවයි මං හොයා ගත්ත දේවල් නෙවෙයි.මේව මට එලකිරි එකේ තිබිල තමයි හම්බවුනේ.මම මේ ලිපියෙ මුල් කතෲගෙන් අවසර අරන් තියෙන්නෙ.එහෙනම් ෆොටෝ ටික බලලා කමෙන්ට් එකක් දාලා යන්න.



මේ මුල්ම පහාරය සිදුවී විනාඩි කිහිපයකින් ගුවනේ සිට ගත් ජායාරෑපයක්


ඈමරිකාවේ බූක්ලික් පාලම අසලට මේ විනාශය පෙණුන ආකාරය




තුවාල කරැවන් වහාම රෝහල් කරා




කරන්න කිසිම දෙයක් නැති තැන කට ඈගෙන බලා සිටින ජනතාව


දිවි ගලවා ගැනීමට ගොඩනැගිල්ලෙන් බිමට පනින මිනිසුන් වැටෙන ආකාරය මේ විදියට දිවි ගලවා ගැනීමට මේ අවස්තාවේ දී ගොඩනැගිල්ලෙන් පැනපු පිරිස ​විශාල ගණනකි




ගිනි ජාලාවක් වී ඈති ගොඩනැගිල්ලේ යට කොටස


ගොඩනැගිල්ලේ විසුරැනු දූවිලි වලින් වැසුණු වයස අවුරැදු 28 වන එහි සිටි කාන්තාව්




දෙවැනි ගොඩනැගිල්ල විනාශ කිරීමට පැමිණෙන හයිජෙට් 175 ගුවන් යානාව එහි ගැටීමට විනාඩි කිහිපයකට පෙර ....



නිව්යෝක් නගරයම දූවිල්ලෙන් වැසී ඈති අයුරැ



බිමට සමතලා වී ඈති ගොඩනැගිල්ල ඉහළින් බැලූ විට පෙනුනේ මෙහෙමයි.. .



සහෘදයන් වෙනුවෙන් හෙලූ කදුලු


බුෂ් ජනාධිපතිතුමාට මේ පුවත දැනුම් දෙන අව්ථාව... මේ වෙලාවේ ජනාධිපතිතුමාට මොනව හිතෙන්නැද්ද


ඉහළින් ගත් ජායාරෑපයක්




නගරයේ ගමන් කිරීමට සිදුවූයේ මෙහෙමයි... දූවිල්ල කිලෝ මීටර් ගණනාවක් දුරට විහිදී ගියා


බිමට සමතලා වූ දැවැැන්තයා



ගුවන් යානා දෙකම ගැටුණූ මොහොත



ඈමරිකාවේ ධජයවත් බේරා ගැනීමට උත්සාහ කරන සහන සේවකයින්



ඈයි දෙයියනේ අපිට මෙහෙමෙ වූනේ .... තවමත්




දැවැන්තයා බිමට වැටීමට පෙර




පණ බේරාගැනීමට දිවන දිවිල්ල




බලා සිටිනවා මිස වෙන කුමක් කරන්නද



උඩ ගියොත් බිම වැටෙන්න වෙනවනේ .. නේ ද....



මදැයි වැඩ කරන්න ආව දැං ගෙදර යන්නේ මෙහෙමෙ


තුවාල කරැවන් අරං ගියේ හොිලිකේප්ටර් භාවිතා කරමින්


දූවිල්ලෙන් බේරීමට පලා යන වැසියන්






මෙලෙස වසර 10 කට පෙර ලෝක බලවත පවා සසල කල කුරැරැ තස්තවාදීන් පරාජය කල වීරෝ ධාර ජාතීයක් ලෙස අපි අද සතුටුවෙමු ... ඔසාමා බිල්ලාඩන්ගේ නැමැති මිනී මරැවා ද අද ඒ මරණයට පත් වි අඈත්තේ කිසිදා තස්තවාදීන්ට ජයගත නොහැකි බව ලොවට සනාථ කරමින්.. 



ඔරිජිනල් ලිපියට

ලෝකයේ මුල්ම ලැප්ටොප් එක දැකල තියෙනවද?

මට ගොඩක් කාලෙකින් ලිපියක් දාන්න බැරි වුනානෙ.නෑදෑ ගෙදරක ගිය හින්ද තමයි ලිපි දාන්න බැරි වුනේ. කමක් නැහැ.
අද දාන්නෙ ලෝකයේ මුල්ම ලැප්ටොප් එකේ පින්තූරයක්.osborne කියල සමාගමකින් තමයි මේක හදලා තියෙන්නෙ.මට එක පින්තූරයයි හම්බවුනේ.තව පින්තූර තියෙනවනම් මට කමෙන්ට් එකකින් කියන්න.මේකේ තිබිලා තියෙන්නෙ අඟල් 5*5 තිරයක්.මේක වැහුවහම හරියට ලොකු පෙට්ටියක් වගේලු.මෙන්න පින්තූරෙ.

ප.ලි. :-dude ගෙ අදහසට අනුව google හි සර්ච් කිරීමෙන් මට තවත් තොරතුරු සහ පින්තූර වගයක් ලැබුනා.ඒ අනුව මම මේ ලිපිය සංස්කරනය කර එම තොරතුරු ඇතුලත් කරනවා.

හමුවූ තොරතුරු

Osborne 1



Introduced:
April 1981

Price:
US $1,795
Weight:
24.5 pounds
CPU:
Zilog Z80 @ 4.0 MHz
RAM:
64K RAM
Storage:dual 5-1/4 inch, 91K drives
Display:built-in 5" monitor
              53 X 24 text
Ports:parallel / IEEE-488
          modem / serial port
OS:CP/M



හමුවූ පින්තූර









osborne සමාගමේ අයිතිකරු adam osborne


මං හිතනව ලිපිය හුඟක් පොඩි වුනත් මොනවහරි දෙයක් ඕගොල්ලො දැන ගන්න ඇති කියලා.එහෙනම් කමෙන්ට් එකක් දාල යන්න.

අරලිය ගහ මැදුරේ සැඟවුනු රහස්-2

මෙම ලිපියේ පලවෙනි කොටස බැලීමට මෙතන ක්ලික් කරන්න.

පළවන ලිපියේ අවසානයේ සිට...

සැ.යු: මෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්‍රයෙනි.

අරලිය ගහ මැදුරේ අතීතය හාරා අවුස්සා බලන විට තව දෙයක් අපිට දැනගන්නට ලැබෙයි.එනම් මෙහි මුල් නම "ටෙම්පල් ට්‍රීස්"යන්න නොවන බවයි.දැනට සොයාගෙන ඇති සාධක අනුව මෙහි මුල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ  දහ අට වැනි සියවසේ මුල් භාගයෙයි.දහ අටවැනි සියවසේ සෑදූ මෙම මන්දිරය හදුන්වන ලද්දේ"ඩී බැන්ඩ්‍රි"නමින් බව පැරණි සටහන් හෙලි කරයි.

"ඩී බැන්ඩ්‍රි"යනු ලන්දේසි වදනකි.එසේ නම් මෙහි මුල් පදිංචිකරුවන් ලන්දේසින්ද යන්න ප්‍රහේළිකාවකි.තව දුරටත් කරුණු සෙවීමේදී(කරුනු සොයන ලද්දේ මුල් කතෘය)දැනගන්නට ලැබුනේ මෙම නිවස මුලින්ම අරක්කු පෙරීමට නිෂ්පාදනය සඳහා යොදාගත් බවයි.නිවසට තබා ඇති"ඩී බ්‍රැන්ඩි"යන නමින්ම එවැනි අදහසක් ධ්වනිත වෙයි.


අරලිය ගහ මැදුර පිහිටා තිබූ ප්‍රදේශය එකල හඳුන්වා ඇත්තේ පොල් වත්ත නමිනි.පොල් ගස් වලින් වටවී තිබුනු නිසා එයට එම ලැබී ඇති බව කියති.බැන්ඩ්‍රි නිවස පොල් වත්තක පිහි‍ටුවීමට හේතුවක් නම් බැන්ඩ්‍රි ස්කාගාරයට අවශ්‍ය සියලුම පොල් රා මෙම වත්තෙන්ම ලැබීමයි.එකල ලන්දේසි සොල්දාදුවන් පොල් අරක්කු බීමට ගිජු කමක් දැක්වූ බැවින් එකල පොල් අරක්කු වලට හොද ඉල්ලුමක් තිබී ඇත.

මෙයට සම්භන්ද තවත් දෙයක් නම් මෙම මන්දිරයත් එහි වත්තත් කලක් සුද්දෙකුට අයත්ව තිබී ඇත.ඔහු රජ පවුලකට නෑකම් කියූ පුද්ගලයෙකු බව කියනු ලැබේ.ඩැනියෙල් ඩිට්ලොප් නැමැති මෙම සුද්දා අරලිය ගහ මැදුර මිලදී ගත් පසු මෙහි තිබූ ස්කාගාරය ඉවත් කර නිවසක් බවට පත් කර තිබේ.


සැ.යු: මෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්‍රයෙනි.



මෙම ලිපිය මෙයින් අවසානයි.
මේ ලිපිය කියෙව්වනම් comment එකක් දාලා follow පාරකුත් දාලා යන්න.

අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස්-1

සැ.යුමෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්‍රයෙනි.
අරලිය ගහ මැදුර නම් වර්තමානයේ අතිගරු ජනාධිපති තුමාගේ නිල නිවසයි.නමුත් මෙය අගමැති නිල නිවසකි.මෙහි අගමැතිවරුන් සහ ජනාධිපතිවරු වාසය කළත් මෙය සාදා තිබෙන්නේ  සඳහා නොවෙයි.එසේම මෙය මෑතකදී සෑදූවක් නොවෙයි.මෙයට දීර්ඝ ඉතිහාසයක් තිබේ.එම ඉතිහාසය ආරම්භ වන්නේ මෙයට අවුරුදු 128 කට පෙරයි.එනම් 1881 දීයි.මෙරට ප්‍රථම අගමැති වූ ඩී.එස්.සේනානායක මහතා 1948 ජනවාරි 19 වන දින අරලිය ගහ මැදුරට ගොඩ වීමත් සමග මෙය අගමැති නිල නිවස බවට පත්විය.අරලිය ගහ මැදුර පොදු හදවත් තුළට සමීප වූයේ එතැන් සිටයි.එහෙත් මෙහි පුරාවෘත්තය එතැනින් ආරම්භ වූවක් නොවෙයි.එහිඅතීතය සියවස් එකයි කාලක් පමණ ඈතට දිව යයි.බොහෝ දෙනෙකු මෙහි අතීතය ගැන නොදනී.සමහරවිට මෙහි අගමැතිවරුන් පවා ගැන නොදැන සිටින්නට ඇත.



අරලිය ගහ මන්දිරය දෙස බලන විට එය මෑතකදී සෑදූවක සේ පෙනෙන්නේ එහි කල නවීකරණ නිසාය.මෙය සාදා ඇත්තේ 1881  පෙර බව ඉතිහාස සටහන් හෙළි කරයි.සමහර විට එට එක්දහස් හත්සිය ගණන්ව සෑදූ බව කියවේ.මෙය පිහිටා තිබූ වත්ත ඉතා විශාල බවත්පසුව එහි විශාල ප්‍රමාණය විකුණූ බවත් පැරණි සටහන් හෙළි කරයි.අරලිය ගහ මැදුරට මෙම නම ලැබුණේ කෙසේද යන්න බොහෝදෙනෙකු නොදනී.පැරණි සටහන් වල සටහන් වන අන්දමට මෙහි වත්තේ විශාල අරලිය ගස් දෙකක් තිබුණු බව කියති.එය මුල් කරගෙනඑම නම මෙයට ලැබී ඇත.මෙහි මුල් පදිංචි කරුවන් කවුද යන්න ඉතිහාස සටහන් වල සඳහන් නොවෙයි.නමුත් මෙහි මුල් පදිංචිකරුවන්සුදු ජාතිකයන් බව ඉතිහාසය කියයි.එකල මෙහි නම වී ඇත්තේ "ටෙම්පල් ට්‍රීස්යන්නයි.පසුව එය සිංහලට පරිවර්තනය වී වර්තමාන නමසෑදී ඇත.
අදට ලිපිය අවසන් කරමි.ඉතා වැදගත් කරුණු සහිතව මෙහි දෙවන ලිපියෙන් හමුවෙමු.

සැ.යුමෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපියආශ්‍රයෙනි


ප.ලි:- මෙහි දෙවන කොටසට යෑමට මෙතන ක්ලික් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This