Showing posts with label නොමිලේ බඩු. Show all posts
Showing posts with label නොමිලේ බඩු. Show all posts

වටිනා පෝස්ටර්,CD තැටි,පොත් නොමිලේ නිවසටම ගෙන්න ගන්න



මීට ඉස්සෙල්ලත් මම නොමිලේ ගෙන්න ගන්න ඒවා ඔයාලට දුන්නා මතක ඇති.සමහර ඒවා නම් ආවෙ නෑ.ඒත් ගොඩක් ඒවා ආවා.මම අද අරන් ආවෙ අලුත් එකක්.

අද දෙන්නෙ Tobaco වලට විරුද්ධව හදපු පෝස්ටර්,CD තැටි,,පොත් වගේ ඒවා ගොඩක්.මේවා ගොඩක් එක සැරේ ගේන්න පුලුවන්.ඒත් එහෙම ගොඩක් ගන්න එපා.මොකද එයාලා සල්ලි වියදම් කරලා හදලනෙ මේවා නිකන් දෙන්නෙ.අනිත් එක ඔයාලට මේවා වැඩක් නැත්නම් ගන්න එපා.


ඔය වෙබ්සයිට් එකේ යට තියෙන්නෙ අපිට ගෙන්න ගන්න පුලුවන් දේවල්.
මම බලද්දි නම් Item 115 ක් තිබ්බා.හැමතිස්සෙම ඕකට අලුත් ඒවා එකතු වෙනවා.
යට තියෙන Next කියන එක ක්ලික් කරලා අනිත් අයිටම් බලන්න පුලුවන්.

දැන් ඔයාට ඕන අයිටම් වලට ටික් එකක් දාන්න (අයිටම් එකේ නමට කලින් තියෙන කොටුව උඩ ක්ලික් කරලා හරිය යොදන්න) 

ඊට පස්සෙ යට තියෙන Continue කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන පේජ් එකෙන් ඔයාට අයිටම් කීය කීය ඕනද කියලා දාන්න. (ලොකු ගනන් දාන්න එපා.අපරාදෙනෙ) 

ඊට පස්සෙ ආයිත් Continue කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එයි ඇඩ්‍රස් ගහන්න තැනක්.එතන පහත විදිහට පුරවන්න.මම කියලා නැති ඒවා පුරවන්න අවශ්‍ය නෑ.

ලොකු කරන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න

Postal Code කියන්නෙ තැපැල් කන්තෝරුවට විශේශ අංකයක්.ඒක හොයාගන්න මෙතන ක්ලික් කරන්න.
ඊටපස්සෙ ඒකෙ උඩ තියෙන දිස්ත්‍රික්ක වලින් ඔයාලගෙ ගම අයිති දිස්ත්‍රික්කෙ තෝරන්න.ඊට පස්සෙ ඒ දිස්ත්‍රික්කෙට අයිති ගම් ටික එනවා.ඒක ඉස්ස්‍රහින් තියෙන්නෙ Postal Code එක.ඒත් ඒකෙ අකුරු දෙක පෝස්ටල් කෝඩ් එකට අයිති නෑ.

උදා:- කලුතර පෝස්ටල් කෝඩ් එක තියෙන්නෙ KT 12000 කියලා.ඒත් හරි එක 12000. 

ඔයා ඉන්නෙ වෙන රටක නම් ගූගල් එකේ රටෙ නම ගහලා Postal Code කියලා ගහලා සර්ච් කරන්න. 

දැන් ඔය ෆෝම් එක පුරවා ඉවර නම් ආයිත් යට තියෙන Continue කියන එක ක්ලික් කරන්න. 

දැන් එන පේජ් එකේ තියෙන Confirm කියන එක ක්ලික් කරන්න. 

දැන් වැඩේ හරි. 

ටික දවසකින් ඔයා ඕඩර් කරපු ටික තැපෑලෙන් ගෙදරටම එයි. 

මමනම් ගත්තෙ CD එකකුයි තව පොතකුයි පෝස්ටරේකුයි. 

එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාලා යන්න 

මගේ බ්ලොග් එක හොදනම් ෆලෝ එකකුත් දාලා ෆේස්බුක් පේජ් එකට ලයික් එකකුත් දාන්න. 

මවුස් පෑඩ් එකක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න


මගෙ බ්ලොග් එකට වසරක් පිරිලා තාම දවස් තුනනෙ.ඒ නිසා මම හිතුවා මගෙ ගානෙ ඔයාලට තෑග්ගක් දෙන්න.මම දෙන්නෙ ඔය උඩ තියෙන මවුස් පෑඩ් එක.
(මේක මම දෙනවයි කිවුවෙ බොරුවට හොඳේ.මම ඒක හැටි තමයි කියල දෙන්න හදන්නෙ)
මේ පහළ තියෙන්නෙ මට හම්බුනු එක






මම මීට ඉස්සෙල්ලත් නොමිලේ ගෙන්න ගන්න ඒවා දැම්මට ගොඩක් ඒවා ආවෙ නෑ.
මේකනම් ඉතින් අනිවාර්යයෙනම එනවා.බයවෙන්න දෙයක් නෑ.එහෙනම් මුලින්ම www.tomtop.com කියන සයිට් එකට යන්න.
ඊට ප්ස්සෙ මම පහළ පින්තූරෙ රතු පාටින් තියෙන තැන ක්ලික් කරලා ෆේස්බුක් හරහා මේකෙ රෙජිස්ටර් වෙන්න.වැඩි දෙයක් නෑ.ඒක ක්ලික් කරලා ෆේස්බුක් එකේ ඊමේල් පාස්වර්ඩ් දෙන්න විතරයි.ඔයා ෆේස්බුක් ගිණුමට ඇතුල් වෙලා නම් හිටියෙ ඒකත් ඕනෙ නෑ.

ඔයාට ෆේස්බුක් ගිණුමක් නැත්නම් පින්තූරෙ තියෙන කහපාට තැන ක්ලික් කරලා සාමාන්‍ය විදිහට රෙජිස්ටර් වෙලා ගිනුමට ඇතුල් වෙන්න.සාමාන්‍ය විදිහට රෙජිස්ටර් වෙනකොට ඒ ෆෝම් එකේ හරි දාන්න තියෙන ඔක්කොටම හරි දාන්න.



දැන් ගිණුමට ඇතුල් වෙලා පහළ ලින්ක් එකට යන්න.
http://www.tomtop.com/tomtop-mouse-mat-for-desktop-computer-and-notebook_p9243.html

ඔය තියෙන්නෙ මවුස් පෑඩ් එක තමයි.


මේ සයිට් එක ගැනත් පොඩි විස්තරයක් කියන්න ඕනා.
මේක චීනෙ සයිට් එකක්.හරියට ඊබේ වගේම තමයි.මෙයාලාගෙ පොයින්ට්ස් ක්‍රමේකුත් තියෙනවා.පොයින්ට් 100 ක් ඩොලර් 1 යි.අපි රෙජිස්ටර් වෙනකොට අපිට පොයින්ට්ස් 70 ක් ලැබෙනවා.අර මවුස් පෑඩ් එකත් 0.70$ යි වෙන්නෙ.ඒ නිසා අපේ පොයින්ට්ස් වලින් අපිට ඒකක් ගන්න පුලුවන්.

හරි දැන් අපි ආයිත් වැඩේට බහිමු.දැන් ඔයාලා අර ලින්ක් එකට ගියානෙ.එතකොට මැද හරියෙ තියෙයි Add To Cart කියල බට්න් එකක් අන්න ඒක ක්ලික් කරන්න.

ඊට පස්සෙ ටික වෙලාවකින් එතන වැටෙයි පොඩි කො‍ටුවක්.ඒකෙ තියෙන View Shopping Cart කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන පේජ් එකේ මැද හරියෙ තියෙයි Tomtop Points කියල කො‍ටුවක් ඒකෙ 70 කියල ටයිප් කරල Apply Points කියන  එක ක්ලික් කරන්න.ඊට ප්ස්සෙ පි‍ටුව ඉබේම රීලෝඩ් වෙයි.එතකන් ඉවසලා ඉන්න.ඊට පස්සෙ වම් පැත්තෙ තියෙන Proceed To Checkout කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ ෆෝර්ම් එකක් එයි.ඒක මම කියන පිලිවෙලටම පුරවන්න.

First Name - ඔබගේ මුල් නම
Last Name -ඔබගේ වාසගම
Company -මුකුත් දෙන්න එපා
Address  -නම,නගරය,රට සහ පලාත හැර ලිපිනයේ ඉතිරි කොටස් ටික පිලිවෙලට දෙන්න(ඒ කියන්නෙ අංකය,පාර වගේ ඒවා)
City -නගරයේ නම දෙන්න
Zip/Postal Code -ඔබගේ නගරයේ පෝස්ටල් කෝඩ් එක දෙන්න.ඒක මෙතන ක්ලික් කරලා හොයාගන්න.ලංකාවෙ නෙමෙයි වුනත් ගූගල් වල සර්ච් කරපු ගමන් එනවා.(මතක ඇතුව අලුත් ටැබ් එකකින් ඕපන් කරගන්න)
Telephone -දුරකතන අංකය දෙන්න(ඔබගේ රටේ ටෙලිෆෝන් කෝඩ් එක මුලට දමා ටෙලිෆෝන් නම්බරේ මුලට තියෙන බිංදුව අයින් කරන්න.ලංකාවෙ ටෙලිෆෝන් කෝඩ් එක 94)
Fax -දෙන්න එපා
Country -රට ‍තෝරලා දෙන්න
State/Province -පලාත දාන්න(බස්නාහිර පලාතෙ නම් Western කියලා දාන්න)

ඊට පස්සෙ යට ‍තෝරන්න තියෙන දෙකෙන් Ship to this address කියන එක ‍තෝරලා Continue කරන්න.


ඊට පස්සෙ එන ඔප්ෂන් වලින් උඩම එක ක්ලික් කරන්න.ඊට පස්සෙ Continue කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන ඔප්ෂන් තුනෙන් මැද එක ඒ කියන්නෙ Pay with points කියන එක ක්ලික් කරලා Continue  කරන්න.

ඊට පස්සෙ එන පේජ් එකේ Place Order කියන එක ක්ලික් කරන්න.

ඔන්න දැන් වැඩේ හරි.දැන් ඊමේල් එකටත් මැසේජ් එකක් ඇවිල්ල ඇති.නැවට දැම්මමත් ඊමේල් එකක් එයි.

මේකෙ තියෙන අනිත් බඩුත් නොමිලේ ගන්න හැටි මම කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.හැබැයි මේ ලිපියට කමෙන්ට්ස් 20 ට වැඩිය වැ‍ටුනොත් විතරයි.එහෙනම් ෆලෝ පාරක් දාලා කමෙන්ට් එකකුත් දාලා යන්න.බඩුව ආවාට පස්සෙ ඒ ගැනත් කියන්න.එහෙනම් මම ගියා.



නොමිලේ ප්ලාස්ටික් බෑග් එකක් ගෙදරට ගෙන්න ගන්න


ඔන්න අදත් නොමිලේ බඩු දෙන්නයි හදන්නෙ.මම ඉස්සෙල්ල ලියපු මේ වගේ නොමිලේ දෙන දේවල් බලන්න මෙතන ක්ලික් කරන්න.
හරි! අද දෙන්නෙ මාතෘකාවෙ තියෙනවා වගේම ප්ලාස්ටික් බෑග් එකක්.ඔය පහළ තියෙන්නෙ ඒක.



හොදයිද?එහෙනම් පහළ ක්ලික් කරලා ඒක ගන්නකෝ.ඕව එයි කියල හරියටම ෂුවර් නෑ.කොහොම වුනත් මේව පෝස්ට් කරනවටවත් කමෙන්ට් එකක් දාන්න.මේ නොමිලේ බඩු දෙන ලිපි පෙළ ටොප් 10 ලිස්ට් එකෙත් උඩ හරියට ආවට කමෙන්ට් බොහොම අඩුයි.ඒක හින්ද මේකටවත් කමෙන්ට් එකක් දාන්න.එහෙනම් මම ගියා.

පොඩි ටෝච් එකක් නොමිලේ ගෙදරට ගෙන්න ගන්න


ඔන්න ආයිත් පෝස්ට් එකක් දාන්නයි ලෑස්තිය.ඊයෙ දාපු පෝස්ට් එකට මම හිතුව තරම් කට්ටියගෙ කැමැත්තක් තිබුනේ නැහැ. 7 දැනාටයි ඕන වෙලා තිබුනේ.ඒ පෝස්ට් එකට(ඔබේ යාළුවා කියන දේ පෙන්නන වීඩියෝ එකක්)යන්න මෙතන ක්ලික් කරන්න.
 හරි දැන් මාතෘකාවට බහිමු.වෙනදා දුන්න වගේ අදත් නොමිලේ දෙන බඩුවක්.ලස්සන පොඩි ටෝච් එකක්.ඔය පල්ලෙහ තියෙන්නෙ ඒක.



ලස්සනයි නේද?එහෙනම් ඉතින් ඒක ගන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න.මම ඔය වගේ නොමිලේ දෙන දේවල් ගැන ලියපු ලිපි බලන්න මෙතන ක්ලික් කරන්න.මට මේවා එනව කියල ලොකු ෂුවර් එකක් නැහැ.නොමිලේ දෙන හින්දා අරගන්න.එහෙනම් ඉතින් මම යන්නම්.කමෙන්ට් එකක් දැම්මට follow පාරක් දැම්මට කමක් නැහැ.

බෞද්ධ පොත්පත්,බුක් මාර්ක්ස් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න


අදත් නොමිලේ දෙන දෙයක්.මේක ගැන කිවුවෙ නම් නදී අක්ක.මේ pack එකේ බොද්ධ පොත් පත්,බුක් මාර්ක්ස් සහ වාහන වලට ගහන stickers තියෙනව.බුක්මාර්ක් එකකට බුදු හාමුදුරුවො ඉන්න පිංතූර ගන්න එක හොඳද දන්නෙ නැහැ.කැමති අය ඉන්නවනම් ගන්න.ඒක ගන්න පහල ක්ලික් කරන්නකො.ඔය සයිට් එකට ගිහිල්ල යටම තියෙන"
Please click here for the Request Form.  "කියන එක ක්ලික් කරන්න.මම ඉස්සෙල්ල දාපු මේ වගේ නොමිලේ දෙන දේවල් ගැන දැනගන්න මෙතන ක්ලික් කරන්න.එහෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාල යන්න.

පොත්පත්,බුක් මාර්ක් ගන්න මෙතන ක්ලික් කරන්න.



මෙම පොත් සහ බුක්මාර්ක් ලබාදෙන අඩවියේ Administrator ගේ ඉල්ලීම මත ලින්ක් එක ඉවත් කරන ලදි.එසේම මේ වන විට මෙම අඩවියෙන් ලංකාවට මෙම කට්ටලය එවන්නේ නැත.ඒ ගැන මාගේ කණගා‍ටුව පල කරමි.(එම ඉල්ලීම බැලීම සඳහා පහල කමෙන්‍ටු බලන්න)


I Remove Link


-----------------------------------------------------------------------------------------------------------------------------------

පසුව ලියමි:-
මට අද හම්බවුනා(2011-10-22).ශ්‍රී ලංකාවෙ බුදු දහම ගැන තියෙන පොතකුයි.පොඩි පොත් 4 කුයි.බුක්මාර්ක් 5 කුයි.වාහන වල ගහන ස්ටිකර් 2 කුයි ඒකෙ තියෙනවා.මේක හම්බවුනු කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බ වෙන ලිපියක.ඒ ලිපිය බලන්න මෙතන ක්ලික් කරන්න.

නොමිලේ T-SHIRT එකක් ගෙදරටම ගෙන්න ගන්න



අදත් නොමිලේ ගෙන්න ගන්න පුළුවන් දෙයක් ගැන තමයි කියන්නෙ.අද දෙන්නෙ t-shirt එකක් බව දන්නවනෙ.මේකෙ පින්තූරයක් හොයාගන්න බැරිවුනා.කමක් නැහැ.පහල ක්ලික් කරන්න.ඊට පස්සෙ form එක පුරවන්න.එතකොට t-shirt එක ගෙන්න ගන්න පුළුවන්.හැබැයි මේ එකක්වත් එයි කියල ෂුවර් නැහැ.නිකං දෙන දේ හින්ද ගන්න.ඉස්සෙල්ල මම මේ වගේ නොමිලේ ගෙන්න ගන්න ඒව ගැන ලිවුව.ඒව බලන්න මෙතන ක්ලික් කරන්න.
කොහොමහරි මගෙ බ්ලොග් එකට ඊයෙ මාස 6 කුත් වුනා.ඒක හින්ද මට සුභ පැතීමක් විදිහට මාව follow කරන්න(කැමතිනම්).කමෙන්ට් එකකුත් දාල යන්න.එහෙනම් මම ගියා.

මත්ද්‍රව්‍ය සහ ඒවායින් සිදුවන දේවල් ගැන තියෙන පොත් ටිකකුයි DVD එකකුයි නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න


අදත් දෙන්නෙ නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් බඩුවක් ගැන.ඉස්සෙල්ල දුන්නනෙ කැප් එකක්.ඒක බලන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න.
අද දෙන්නෙ මත්ද්‍රව්‍ය ගැන සහ ඒවයින් සිදුවන නරක ප්‍රථිපල ගැන තියෙන dvd එකක් සහ පොත් සෙට් එකක්.පහල තියෙන්නෙ ඒකෙ පින්තූරයක්.




මේක ක්ලික් කරන්නකො ඒක ගන්න.
කමෙන්ට් එකක් දාල යන්න එහෙනම්.

නොමිලේම කැප් එකක් ගෙදරටම ගෙන්න ගන්න.(අවස්ථා සීමිත විය හැක)


අද තෑගි දෙන්නයි හදන්නෙ.හැබැයි තෑග්ග දෙන්නෙ මම නෙමෙයි.YOVIA කියන සයිට් එක.ඔය පහළ තියෙන්නෙ දෙන්න හදන කැප් එක



ලස්සනයි නේද?

මමත් මේක ඕඩර් කළා.තාම දවස් දෙකයි.ඒක හින්ද එයිද කියල හරියටම ෂුවර් නැහැ.කමක් නැහැ ඕඩර් කරන්න.හැබැයි ඉක්මනට මොකද ඔය වගේ ඒව දවස් කීපයයි තියෙන්නෙ.(දිගටම තියෙන්නත් පුළුවන්)පහල ක්ලික් කරල සයිට් එකට ගිහිල්ල ෆෝර්ම් එක පුරවන්න.එතකොට හරි.එහෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඕන.එහෙනම් මං ගියා.

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This