Showing posts with label පුදුම දේවල්. Show all posts
Showing posts with label පුදුම දේවල්. Show all posts

විශ්වයේ විස්මිත තොරතුරු - 4


ඔන්න ඉතින් කාලෙකින් ආයිත් ලිපියක්.මම දැන් ඉන්ටර්නෙට් මනී වලට අත ගහපු නිසා වෙලාවක් නෑ.කොහොමහරි ඒක හරි ගියා.දැන් මම ‍ෆිවර් වලින් මාසෙකට රුපියල් 30000 ක් විතර ගන්නවා.ඒ ගැනත් මම පස්සෙ ලිපියක් දාන්නම්.

මේකෙ කොටස් තුනක් ඉස්සෙල්ල ගියා.

මෙහි පලවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.
මෙහි දෙවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.

මෙහි තුන්වන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.


ඒ ටිකත් බලලම මේක බලන්න.

මිකී මවුස් නිර්මාතෘ වෝල්ට් ඩිස්නි සැබෑ ජීවිතයේදී මීයන්ට බොහෝ බිය විය.



ලොව බරින් අඩුම ක්ෂීරපායි සත්වයා වන්නේ Bumble-bee bat නැමැති වවුල් වර්ගයි.



ලෝකයේ සෑම මහද්වීපයකම නම ආරම්භ වන අකුරින්ම අවසන් වෙයි.

රයිනෝසිරස්ගේ අඟ නිර්මාණය වී තිබෙන්නේ එකට එක් වූ ලොම් සමූහයකිනි.



පෘතුවි පෘෂ්ඨයෙන් 1/10 හිමාලයෙන් වැසී තිබේ.

ලොව විශාලතම ඇස් තිබෙන්නේ යෝධ දැල්ලාටය.

ආමන්ඩ් අයත් වන්නේ පීච් පවුලටයි.



ලොව අනෙක් රටවලට වඩා බහුතරයක් සිනමා ශාලා රුසියාවේ පිහිටා තිබේ.

ලොස් ඇන්ජලීස් නගරයේ සම්පූර්ණ නම(Los Angeles) -- El Pueblo de Nuestra Senora la Renia de los Angeles de povniuncula යන්නයි.

පූර්ණ චන්ද්‍රයා දිස් නොවූ එකම මාසය ලෙස ඉතිහාසයේ වාර්තා වන්නේ 1865 පෙබරවාරි මාසයයි.

ශීතකරණයේ තැබීමෙන් රබර් පටි දිගු කාලයක් භාවිතා කළ හැකිය.



බාබි බෝනික්කාගේ සම්පූර්ණ නම Barbie Millcent Roberts  ය.





ඔන්න එහෙනම් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාලා ෆලෝ එකක් දාලා,පේජ් එකට ලයික් එකකුත් දාන්න.

සොබාදහමේ අපූර්ව නිර්මාණ - 2 ------- Wonderful Nature - 2


ඔන්න ඉතින් ආයිත් හුඟ කාලෙකින් පෝස්ට් එකක් දාන්නයි හදන්නෙ.මම අළුත් අවුරුද්දට සුභ පතලා ජනවාරි 1  වෙනිදා ලිපියක් දැම්මට පස්සෙ ලිපියක් දාලාම නෑ.ඒ කියන්නෙ මාසයයි දවස් 13 කින් ලිපියක් දාලා නෑ.හුඟක් ලොකු කාලයක්.ඔය අතරදි මගේ ගූගල් එකවුන්ට් එක,බ්ලොග්ගර් එකවුන්ට් එක වගේම සැමදෙයක්ම බ්ලොග් එක නැත්නම් මේ බ්ලොග් එකත් ගූගල් සමාගමෙන් ඩිලීට් කරල තිබ්බා.මම ආපහු ඉල්ලලා එයාලට පනිවිඩයක් යැවුවා.ඊට පස්සෙ මට ආපහු ඒක හම්බවුනා.හරි එහෙනම් අද ලිපිය පටන් ගමු.

ලොව විශාලතම උනුදිය උල්පත - ඕල්ඩ් ෆේත්ෆුල්



ඇමෙරිකාවෙ බටහිර ප්‍රාන්තයේ වයොමින්හි යෙංලස්ටෝන් ජාතික උද්‍යානයේ මෙය පිහිටා ඇත.සාමාන්‍යයෙන් මීටර 100 ක් පමණ ඉහලට මෙය විහිදී යයි.


විශාලතම කොරල් පරය - මහා බාධක කොරල් පරය



ලොව වෙසෙන් ජීවී කොට්ඨාසයක් විසින් ගොඩ නගන ලද විශාලතම නිර්මාණය ඕස්ට්‍රේලියාවේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් පැසි‍ෆික් සාගරයේ පිහිටා ඇති මහා බාධක කොරල් පරයයි.  කි.මී.2010 පමණ දිගින් යුක්තයි.

නොගිලෙන මුහුද - මළ මුහුද



සාමාන්‍ය මුහුදු ජලය මෙන් පස් ගුණයක ලවණතාවයකින් යුතුවූ මළ මුහුදට මේ නම භාවිතා කරන ලද්දේ සත්‍ය වශයෙන්ම එහි කිසිඳු ජීවයක් නොමැති වීම නිසාවෙනි.එහෙත් පර්යේෂන මගින් සොයාගත් කරුණු අනුව එහි ක්ෂුද්‍රජීවීන් පමණක් වෙසෙන බව සොයාගෙන තිබේ.

මෙම ලවණතාව අධික මුහුදු වෙරළ ලෝකයේ මුහුදු මට්ටමේ පහතම පිහිටා තිබෙන භූමි මතුපිට ලෙස සැලකේ.එය මුහුදු මට්ටමින් අඩි 1302 ක් පහතින් පිහිටා ඇත.මෙහි ඇති සාන්ද්‍රණතාවයේ අධික බව නිසාම මෙහි පීනන්නෙකු කිසිවිටෙක දියේ ගිලී මිය නොයයි.

එහෙනම් අදාට පෝස්ට් එක ඉවරයි.යලිත් නව ලිපියකින් හමුවෙමු.

සොබාදහමේ අපූර්ව නිර්මාණ - 1

ඔන්න අද අළුත් ලිපි පෙළක ආරම්භය."සොබාදහමේ අපූර්ව නිර්මාණ"තමයි මේකෙ නම.නමින්ම තේරෙනවනෙ මේ මොකක්ද කියල.මේකෙ කොටස් තුනක් විතර පළකරන්න හිතාගෙන ඉන්නෙ.මේවායෙ සමහරක් ඔයාලා දන්නවත් ඇති.මම මෙතනින් පස්සෙ ලිපිය ලියන්නෙ ලිඛිත භාෂාවෙන්.එහෙනම් බලල ඉවරවෙලා කමෙන්ට් එකක් දාන්න.(අද දෙකක් විතරයි දාන්නෙ.පස්සෙ දාන්නම්)


සොබාදහමේ වතුර 
කළය



මෙය නමින් බෙඔබැබ් වන අතර විද්‍යාත්මක නාමය ඇඩැන්සෝනියා ඩිජිටාටා(adansonia digitata)වේ.මෙම ගස වියළි ප්‍රදේශයක් වන අප්‍රිකාවෙ සෙනගල් රටේ වැවේ.උස මීටර 18 ක් සහ වටප්‍රමාණය මීටර් 9 ක් පමණ වන මෙම ගසේ වතුර ලීටර් 100,000 ක් පමණ ගබඩා කරගත හැක.


ලෝකයේ විශාලතම මල
මෙය ‍රැෆ්ලේසියා ලෙස හඳුන්වන අතර ලිලී කුලයට අයත් වේ.මෙම මල මාස 6 කට පමණ වරක් පමණ පිපෙන මෙම මළ ඉතා දුගඳකින් යුක්තයි.මෙහි උස 91 cm ක් ද පළල 46 cm ක් ද වේ.මල් පෙත්තක ඝනකම අඟල් 1 ක් පමණ වේ.මෙය ඉන්දුනීසියාවේදී දැකගත හැක.

ලස්සන අයිස් කැට


අදත් පින්තූර ටිකක් දෙන්න හිතුවා.මේවායෙ තියෙන්නෙ ලස්සන අයිස් කැට.එක එක ලස්සන අච්චු වලින් තමයි හදලා තියෙන්නෙ.එහෙනම් ඒ ටික බලන්නකො.

























බලල ඉවරනම් කමෙන්ට් එකක් දාලා යන්න.

වීදුරු පාලම********Glass Bridge


ටිකක් බය හිතෙන පින්තූර ටිකක් තමයි මේ පෙන්නන්න හදන්නෙ.මේක වීදුරු පාලමක්.කන්දක ඉඳන් පහල බලන්න තමයි මේක හදල තියෙන්නෙ.එහෙනම් ඉතින් පිංතූර ටික බලල කමෙන්ට් එකක් දාලා යන්න.

මේක මගේ 49 වෙනි ලිපිය.ඒක හින්දා බලමුකො 50 වෙනි ලිපිය දානකොට followers ලා කී දෙනෙක් වෙයිද කියල.තාම 34 දෙනයි ඉන්නෙ.මේක 40 ක්වත් කරන්න හොඳේ.











ඔබේ යාළුවා කියන දේ පෙන්නන වීඩියෝ එකක්



ඔන්න හෙට යාළුවව පුදුම කරවන්න පුළුවන්.මේකෙ යාළුවා කියන දේ වීඩියෝ එකේ ඉන්න කෙනා පෙන්නනවා.
මේකෙ හරියටම කිව්වොත් මෙහෙමයි වෙන්නෙ.මේක බොහොම පරණ වීඩියෝ එකක්.මේ වීඩියෝ එකේ කාඩ්පත් 5 ක් තියෙනවා.ඊට පස්සෙ තැනකදී වීඩියෝ එක නැවතිලා play බට්න් එකක් වැටෙනවා.ඊට පස්සෙ යාළුව කියන්න ඕනා කැමති කාඩ් එකක්.ඊට පස්සෙ ආයිත් අර play බට්න් එක ගහල ප්ලේ වෙද්දි ඒකේ ඉන්න කෙනා යාළුවා හිතපු දේ පෙන්නනවා.ඔය වගේ ඒකෙ කාඩ් වලින් ටෙස්ට් තුනක් තියෙනව.තුනේදිම ගාන්ටම හරි.පළවෙනි ටෙස්ට් එකේදි පෙන්නනවා.දෙවෙනි එකේදි කාඩ් අයින් කරාම ඉතුරු වෙන්නෙ හිතපු එක.තුනේදි කාඩ් එක අනිත් පැත්ත හරවල තියෙනවා.ඒක හරි පැත්ත හරවද්දි යළුවා හිතපු එක තියෙනවා.
මේක නම් නියම එකක් වගේ නේද?
මේක කියල දෙන වීඩියෝ එකකුයි.කරන වීඩියෝ එකයි දෙකක් තියෙනවා.
ඕන අය e-mail ඇඩ්‍රස් එක දාලා කමෙන්ට් එකක් දාන්න.(e-mail එකක් හදන්න දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් මෙතන ක්ලික් කරල ඒක හදාගන්න හැටි ඉගෙනගන්න.)
මම මෙහෙම දාන්නෙ මම දාන දෙය කී දෙනෙක් ප්‍රයෝජනයට ගන්නවද කියල දැනගන්නයි.
එහෙනම් මම ගියා.

ලෝකයේ ලොකුම ට්‍රක් එක බලන්න මෙතනට එන්න

අද පිංතූර ටිකක් තමයි ගෙනාවෙ.ලෝකයේ ලොකුම ට්‍රක් එක.ඉතින් මේක ගැන මම විස්තරය දන්නෙ නැහැ.බලල කමෙන්ට් එකක් දාලා යන්න.








ORIGINAL POST

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This