Showing posts with label වෙබ් සයිට්. Show all posts
Showing posts with label වෙබ් සයිට්. Show all posts

ඔබේ බ්ලොග් අඩවියට/වෙබ් අඩවියට බැනර් එකක් හදාගමු


ඊයෙත් ලිපියක් දැම්මා වුනාට ඉක්මනටම ආයිත් එන්න හිතුනා.
අද අපි බලමු කොහොමද අපේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට බැනර් එකක් හදාගන්න විදිහ.

මුලින්ම කියන්න ඕනා මේ බැනර් එකේ තියෙන්නෙ සම්පූර්ණයෙන්ම පින්තූරයක්.ඒ කියන්නෙ පින්තූරෙ උඩ ක්ලික් කලාම යම් වෙබ් අඩවියක් වෙත යාම තමා බැනර් එකකින් සිද්ද වෙන්නෙ.

ඒක නිසා මුලින්ම ඔයාලා බ්ලොග් එකට සරිලන පින්තූරයක් සකස් කරගන්න ඕනා.ඒකට ඉතින් PHOTOSHOP වගේ මෘදුකාංගයක් යොදා ගන්න.
මම හිතන්න පින්තූරෙ සයිස් එක 240 x 240 px වගේ තිබ්බොත් තමා හොඳ.කොහොම හරි පින්තූරෙ හදලා සේව් කරගන්නකෝ.

ඊට පස්සෙ මෙන්න මේ සයිට් එකට යන්න

http://imageshack.us

ගිහින් ඕකට ඊමේල් පාස්වර්ඩ් දීලා රෙජිස්ටර් වෙන්න.(දකුනු පැත්තෙ උඩ ඇති Sign Up කියලා එකක්.ඒ හරහා යන්න)

ඊට පස්සෙ ඔයාලගෙ එකවුන්ට් එකට ඇතුල් වෙන්න.ඊට පස්සෙ එතන තියෙන Browse කියන එක ක්ලික් කරලා ඔයාලා හදපු පිංතූරෙ ‍තෝරලා දෙන්න.ඊට පස්සෙ යට තියෙන Upload කියන එක ක්ලික් කරන්න.ටික වෙලාවකින් ඔයාලව වෙනම පේජ් එකකට යයි.

ඒකෙ ඩිරෙක්ට් ලින්ක් ඉදිරියෙන් තියෙන ටෙක්ස්ට් එක මම පහල දීලා තියෙන කෝඩ් එකේ රතු පාටට යොදලා තියෙන කොටස වෙනුවට පාවිච්චි කරන්න.
නිල් පාට තැනට බැනර් එක ක්ලික් කරාම යන්න ඕනා වෙබ් ඇඩ්‍රස්(URL) එක දෙන්න.

<div class="separator" style="clear: both; text-align: center;">
<a href="http://samadeyakma.blogspot.com/"><img border="0" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidIVke50yLEysxENOFXWjvHC8OZzqUHYkzmNr9eG0U2GWaczb42_fjgA7OKLsT4BOFq2UGfGzpRA5TdMJSFzpP7LQkdozeTBXgBU1uUhTLtIZnCyW_xSjuhFjZLmai8dtCtzJNHpgamZG4/s1600/%255Bgickr.com%255D_7ef323d5-9aea-6534-5112-e709dd2da4a5.gif" /></a></div>

ඔයාලා මම කියපු විදිහට නිවැරදිව ආදේශ කලා නම් අදේශ කලාම හැදිච්ච කෝඩ් එක තමා ඔයාගෙ බැනර් එකේ HTML කෝඩ් එක.

අපි බලමු ඒ බැනර් එක Blogger බ්ලොග් එකකට දාගන්න හැටි.

මුලින්ම බ්ලොගර් ගිණුමට ඇතුල් වෙලා Layout වෙත යන්න.ඒකෙ Add a gadget වලට ගියාම එන බොක්ස් එකේ තියෙන HTML/JavaScript කියන එකට යන්න.ඒකෙ තියෙන ලොකු හිස් කො‍ටුවට ඔයා අදේශ කරගෙන හදාගත්ත බැනර් එකේ HTML කෝඩ් එක දාලා සේව් කරගන්න.ඊට පස්සෙ ඒක අවශ්‍ය තැනකින් තියලා සකස් කරලා උඩ තියෙන Save arrangement කියන එක ක්ලික් කරන්න.

දැන් ඒක බ්ලොග් එකට වැටිලා තියේවි.

මේ කෝඩ් බ්ලොග් කරන යාළුවන්ට දීලා තමන්ගෙ බ්ලොග් එකට වැඩියෙන් කට්ටිය ගෙන්වාගන්න පුලුවන්.

එහෙනම් ප්‍රශ්නයක් වුනොත් කමෙන්ට් එකක් දාන්න.ප්‍රශ්නයක් නොවුනත් කමෙන්ට් එකක් දන්න.අපේ ෆේස් බුක් පේජ් එකටත් එකතු වෙන්න.

www.facebook.com/samadeyakma

එහෙනම් ආයිත් ලිපියකින් හමුවෙමු.

මවුස් පෑඩ් එකක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න


මගෙ බ්ලොග් එකට වසරක් පිරිලා තාම දවස් තුනනෙ.ඒ නිසා මම හිතුවා මගෙ ගානෙ ඔයාලට තෑග්ගක් දෙන්න.මම දෙන්නෙ ඔය උඩ තියෙන මවුස් පෑඩ් එක.
(මේක මම දෙනවයි කිවුවෙ බොරුවට හොඳේ.මම ඒක හැටි තමයි කියල දෙන්න හදන්නෙ)
මේ පහළ තියෙන්නෙ මට හම්බුනු එක






මම මීට ඉස්සෙල්ලත් නොමිලේ ගෙන්න ගන්න ඒවා දැම්මට ගොඩක් ඒවා ආවෙ නෑ.
මේකනම් ඉතින් අනිවාර්යයෙනම එනවා.බයවෙන්න දෙයක් නෑ.එහෙනම් මුලින්ම www.tomtop.com කියන සයිට් එකට යන්න.
ඊට ප්ස්සෙ මම පහළ පින්තූරෙ රතු පාටින් තියෙන තැන ක්ලික් කරලා ෆේස්බුක් හරහා මේකෙ රෙජිස්ටර් වෙන්න.වැඩි දෙයක් නෑ.ඒක ක්ලික් කරලා ෆේස්බුක් එකේ ඊමේල් පාස්වර්ඩ් දෙන්න විතරයි.ඔයා ෆේස්බුක් ගිණුමට ඇතුල් වෙලා නම් හිටියෙ ඒකත් ඕනෙ නෑ.

ඔයාට ෆේස්බුක් ගිණුමක් නැත්නම් පින්තූරෙ තියෙන කහපාට තැන ක්ලික් කරලා සාමාන්‍ය විදිහට රෙජිස්ටර් වෙලා ගිනුමට ඇතුල් වෙන්න.සාමාන්‍ය විදිහට රෙජිස්ටර් වෙනකොට ඒ ෆෝම් එකේ හරි දාන්න තියෙන ඔක්කොටම හරි දාන්න.



දැන් ගිණුමට ඇතුල් වෙලා පහළ ලින්ක් එකට යන්න.
http://www.tomtop.com/tomtop-mouse-mat-for-desktop-computer-and-notebook_p9243.html

ඔය තියෙන්නෙ මවුස් පෑඩ් එක තමයි.


මේ සයිට් එක ගැනත් පොඩි විස්තරයක් කියන්න ඕනා.
මේක චීනෙ සයිට් එකක්.හරියට ඊබේ වගේම තමයි.මෙයාලාගෙ පොයින්ට්ස් ක්‍රමේකුත් තියෙනවා.පොයින්ට් 100 ක් ඩොලර් 1 යි.අපි රෙජිස්ටර් වෙනකොට අපිට පොයින්ට්ස් 70 ක් ලැබෙනවා.අර මවුස් පෑඩ් එකත් 0.70$ යි වෙන්නෙ.ඒ නිසා අපේ පොයින්ට්ස් වලින් අපිට ඒකක් ගන්න පුලුවන්.

හරි දැන් අපි ආයිත් වැඩේට බහිමු.දැන් ඔයාලා අර ලින්ක් එකට ගියානෙ.එතකොට මැද හරියෙ තියෙයි Add To Cart කියල බට්න් එකක් අන්න ඒක ක්ලික් කරන්න.

ඊට පස්සෙ ටික වෙලාවකින් එතන වැටෙයි පොඩි කො‍ටුවක්.ඒකෙ තියෙන View Shopping Cart කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන පේජ් එකේ මැද හරියෙ තියෙයි Tomtop Points කියල කො‍ටුවක් ඒකෙ 70 කියල ටයිප් කරල Apply Points කියන  එක ක්ලික් කරන්න.ඊට ප්ස්සෙ පි‍ටුව ඉබේම රීලෝඩ් වෙයි.එතකන් ඉවසලා ඉන්න.ඊට පස්සෙ වම් පැත්තෙ තියෙන Proceed To Checkout කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ ෆෝර්ම් එකක් එයි.ඒක මම කියන පිලිවෙලටම පුරවන්න.

First Name - ඔබගේ මුල් නම
Last Name -ඔබගේ වාසගම
Company -මුකුත් දෙන්න එපා
Address  -නම,නගරය,රට සහ පලාත හැර ලිපිනයේ ඉතිරි කොටස් ටික පිලිවෙලට දෙන්න(ඒ කියන්නෙ අංකය,පාර වගේ ඒවා)
City -නගරයේ නම දෙන්න
Zip/Postal Code -ඔබගේ නගරයේ පෝස්ටල් කෝඩ් එක දෙන්න.ඒක මෙතන ක්ලික් කරලා හොයාගන්න.ලංකාවෙ නෙමෙයි වුනත් ගූගල් වල සර්ච් කරපු ගමන් එනවා.(මතක ඇතුව අලුත් ටැබ් එකකින් ඕපන් කරගන්න)
Telephone -දුරකතන අංකය දෙන්න(ඔබගේ රටේ ටෙලිෆෝන් කෝඩ් එක මුලට දමා ටෙලිෆෝන් නම්බරේ මුලට තියෙන බිංදුව අයින් කරන්න.ලංකාවෙ ටෙලිෆෝන් කෝඩ් එක 94)
Fax -දෙන්න එපා
Country -රට ‍තෝරලා දෙන්න
State/Province -පලාත දාන්න(බස්නාහිර පලාතෙ නම් Western කියලා දාන්න)

ඊට පස්සෙ යට ‍තෝරන්න තියෙන දෙකෙන් Ship to this address කියන එක ‍තෝරලා Continue කරන්න.


ඊට පස්සෙ එන ඔප්ෂන් වලින් උඩම එක ක්ලික් කරන්න.ඊට පස්සෙ Continue කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන ඔප්ෂන් තුනෙන් මැද එක ඒ කියන්නෙ Pay with points කියන එක ක්ලික් කරලා Continue  කරන්න.

ඊට පස්සෙ එන පේජ් එකේ Place Order කියන එක ක්ලික් කරන්න.

ඔන්න දැන් වැඩේ හරි.දැන් ඊමේල් එකටත් මැසේජ් එකක් ඇවිල්ල ඇති.නැවට දැම්මමත් ඊමේල් එකක් එයි.

මේකෙ තියෙන අනිත් බඩුත් නොමිලේ ගන්න හැටි මම කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.හැබැයි මේ ලිපියට කමෙන්ට්ස් 20 ට වැඩිය වැ‍ටුනොත් විතරයි.එහෙනම් ෆලෝ පාරක් දාලා කමෙන්ට් එකකුත් දාලා යන්න.බඩුව ආවාට පස්සෙ ඒ ගැනත් කියන්න.එහෙනම් මම ගියා.



ඔබගේ බ්ලොග් අඩවියට,වෙබ් අඩවියට හෝ වෙනත් අවශ්‍යතාවයකට ෆේස්බුක් පි‍ටුවක් සාදන ආකාරය---How To Create A Facebook Page For Your Blog Site,Web Site etc....







ඔන්න මම එදා කියපු පොරොන්දුව ඉ‍ටු කරන්නයි සූදානම.මම සැමදෙයක්ම පේජ් එක ගැන ඔයාලට කියපු දවසෙ ඔයාලට පොරොන්දු වුනා කාටහරි ෆේස්බුක් පේජ් එකක් හදන හැටි දැනගන්න ඕනනම් මම කියල දෙන්නම් කියල.ඉතින් එක අයියා කෙනෙක් අහල තිබ්බ හදන විදිහ.ඉතින් අද ඒ පොරොන්දුව ඉ‍ටුකරන්නයි සූදානම් වෙන්නෙ.

එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු.

1.මුලින්ම පහල ලින්ක් එකට යන්න.
http://www.facebook.com/pages/create.php

2.Brand or Product කියන එක ක්ලික් කරන්න.(මම ඒක ‍තෝරගත්තෙ මේ පේජ් එක හදන්නෙ වෙබ් සයිට් එකක් හෝ බ්ලොග් සයිට් එකක් සඳහා නිසයි.ඔයාලා හදන්නෙ වෙන් දෙයක් සඳහානම් ඊට ගැලපෙන එකක් ‍තෝරන්න.)

3.Choose a Category කියන එකට Website කියන එක ‍තෝරල දෙන්න.(ඔබ 2 වැනි පියවරේදි වෙනත් එකක් ‍තෝරගත්තානම් මෙම පියවරේ හා 4 පියවරේ සුළු වෙනස්කම් සිදුවිය හැකියි)

4.Brand or Product කියන එකට ඔයාලගෙ පේජ් එකට සුදුසු නමක් දෙන්න.

5.I agree to Facebook Pages Terms කියන එක අසලම තියෙන කො‍ටුව උඩ ක්ලි කරල ඒකට හරි ලකුණ යොදන්න.

6.දැන් Get Started කියන එක ක්ලික් කරන්න.

දැන් මූලික සැකසුම් ඉවරයි.දැන් තියෙන්නෙ අමතර සැකසුම්.කැමතිනම් Skip කියන බට්න් එක ක්ලික් කරල ඒ පියවරවල් මග හරින්න පුළුවන්

7.ඔන්න ඔතනින් Upload an Image කියන එක ක්ලික් කරල පේජ් එකට පිංතූරයක් දාන්න.ඊට පස්සෙ Continue කියන එක ක්ලික් කරන්න.

8.දැන් ආයිත් Continue කරන්න.මොකද ඒ පියවර එච්චරම වැද්ගත් නෑ.

9.ඔන්න ඔතන තියෙන වෙබ් සයිට් කියන එකට ඔයාලගෙ වෙබ් සයිට් එකේ හෝ බ්ලොග් සයිට් එකේ ඇඩ්‍රස් එක දෙන්න.About කියන එකට පේජ් එක ගැන හැඳින්වීමක් දාන්න.දැන් ආයිත් Continue කරන්න.


ඔන්න පේජ් එක හදල ඉවරයි.ඔයාලගෙ පේජ් එකේ ඇඩ්‍රස් එක තමයි ඔය Browser එකේ වැටිල තියෙන්නෙ.ඒක ඔයාලට වැදගත් වේවි.මගේ එක නම් www.facebook.com/samadeyakma ඔයාලගෙ එකනම් මෙච්චර කෙටි නැතුව ඇති.

දැන් ඉතින් ඔයාල පේජ් එකේ ඇඩ්‍රස් එක බාවිතා කරමින් පේජ් එකට ලයික්ස් හොයා ගන්න ඕනා.

ඒකට ඔයාලගෙ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය යොදාගන්න පුළුවන්.පහල තියෙන්නෙ උදාහරනයක්.

ඔයාල මගෙ ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න.මෙන්න ලින්ක් එක
www.facebook.com/samadeyakma

ඔන්න ඔය වගේ ඒව ඔයාලගෙ බ්ලොග් පෝස්ට් එක ඉවරවුනාම යටින් දාන්න.


ඔන්න එහෙනම් අද පෝස්ට් එක ඉවරයි.හෙට බලමු ලයික් බට්න් එකක් බ්ලොග් එකට දාගන්න හැටි.
එහෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා යන්න.ආ.......කියන්න අමතක වුනා මගේ Followers ලා ගාන 49 යි.බලමු 50 කවුද කියල.

Tags:-


Facebook Page
Facebook Page For Blog Site

Facebook Page For Web Site
How To Create Facebook Page
Page For Blog Site
Page For Web Site 

සැමදෙයක්ම බ්ලොග් අඩවියටත් ෆේස්බුක් පේජ් එකක්





ඔන්න ආයිත් බ්ලොග් එක ලියන්න පටන් ගත්තා.සතියක් විතර යනකන් ලිපියක් දාන්න බැරි වුනා.ඒකට සමාවෙන්න.

මම මේ කියන්න යන්නෙ මගේ බ්ලොග් එකට හදපු ෆේස්බුක් පේජ් එක ගැන.මම මේක හදලා සතියක් විතර වුනත් මට ඒ ගැන ලිපියක් දාන්න බැරි වුනා.ඉතින් මේකෙ නමත් බ්ලොග් එකේ නමම තමයි.ඒ කියන්නෙ"සැමදෙයක්ම"කියන එක.ඉතින් මේ ගැන වැඩි දෙයක් කියන්න නෑ.කියන්න තියෙන්නෙ මේ පේජ් එකට ලයික් එකක් දාන්න කියල තමයි.මම හිතනවා ඔයාලා හැමෝම මේකට ලයික් එකක් දායි කියල.

මේ තියෙන්නෙ ඒකෙ ලින්ක් එක.

http://www.facebook.com/samadeyakma

ඒ පේජ් එකට යන්න උඩ තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරන්න.මෙහෙම මම ක්ලික් කරන්න කියල දාන්නෙ නොදන්න අයට දැනගන්න.

ඔය පේජ් එකට ගිහිල්ල ලයික් එකක් දාන්න.නැත්නම් මගෙ සයිඩ් බාර් එකෙත් ඒකට ලයික් දාන්න පුළුවන් ගැජට් එකක් තියෙනවා.ඒකෙනුත් පුළුවන් ලයික් දාන්න.දැනටමත් 10 දෙනෙක් ලයික් දාලා තියෙනවා.ඒ හැමෝටම බොහොම ස්තූතියි.

ඉතින් ඔයාලටත් මේ වගේ පේජ් එකක් හදන්න ඕනා නම් මම කියල දෙන්න ලෑස්තියි.එහෙම ඕන අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න.මම අනිවාර්යයෙන්ම උදවු කරනවා.එහෙනම් ගිහින් එන්නම්.

බ්ලොග් අඩවියක් සාදාගන්න අයුරු-2


මෙම ලිපිය හොඳින් තේරුම් ගැනීමට මෙහි පලවන ලිපිය බලන්න.මෙය එතැන සිට දිව යයි.එම ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.

ඔන්න මම බ්ලොග් එකක් හදන හැටි කියදුන්නු පෝස්ට් එකේ දෙවෙනි පෝස්ට් එක දානවා.මම හිතුවෙනම් දවස් දෙක තුනකින් දාන්න.ඒත් ඉතින් සතියකටත් වැඩිය ගියා.ඒක වුනේ මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වුන හින්දා.

හරි කමක් නැහැ.දැන් ඉතින් වැඩේ පටන් ගමු.දැන් කට්ටිය බ්ලොග් එකක් හදලා ඇතිනෙ.ඉතින් අද කියල දෙන්න යන්නෙ.ඒක ලස්සන කරල පෝස්ට් දාන හැටි.තව ඉතින් followers ගැන,කමෙන්ට්ස් ගැන වගේ දේවල් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.එක පෝස්ට් එකකින් දාන්න තමයි හිතාගෙන ඉන්නෙ.ඒත් වෙලාව මදි වුනොත් තව පෝස්ට් එකකින් දාන්නම්.හරි එහෙනම් පටන් ගමු.

ටෙම්ප්ලේට් එකක් දැමීම(Template)

මේකෙන් තමයි බ්ලොග් එකේ ලස්සන ඇති වෙන්නෙ.ටෙම්ප්ලේට් එකක් කියන්නෙ බ්ලොග් එකේ ඇඳුම.නැත්නම් පිටත පෙනුම.ඒක තුල තමයි අපි ලිපි ගැජට්ස් ඕන දෙයක් දාන්නෙ.මේ වගේ ටෙම්ප්ලේට්ස් කිහිපයක් බ්ලොගර් වලින්ම දීලා තියෙනවා.ඒත් ඒවා එච්චර ලස්සන නෑ.ඒවට ඔයාලා කැමතිනම් කමක් නැහැ.ලස්සන ටෙම්ප්ලේට්ස් අපිට ඉන්ටර්නෙට් එකෙන්ම ගන්න පුළුවන්.ඔන්න මම පහළින් දානවා ඒ වගේ සයිට් තුනක්.(ඒවට යන්න නම උඩ ක්ලික් කරන්න)

**Blogger Templates     (http://btemplates.com)
**Free Blogger Templats    (http://www.bloggertemplatesfree.com)
**BLOGGER TEMPLATES   (http://www.bloggertemplatesblog.com)  (ඉස්සෙල්ල එක නෙමෙයි)

මම අද කියන්න යන්නෙ පළවෙනි එකෙන් ටෙම්ප්ලේට් එකක් දාගන්න හැටි.එහෙනම් මුලින්ම ඒ සයිට් එකට යන්නකෝ.ඊට පස්සෙ කැමති එකක් ‍තෝරගන්න.(ඔය මුලින්ම පේන්නෙ ටිකයි.යට තියෙන ඉලක්කම්වලින් ඊලඟ පේජුත් බලන්න)හරි ‍තෝරගත්තනෙ.ඒක කොයි වගේද කියල බලන්න Demo කියන එක ක්ලික් කරන්න.හොඳනම් Download කියන එක ක්ලික් කරල ඒක ඩවුන්ලෝඩ් කරගන්න.පොඩිම පොඩි ෆයිල් එකක් තියෙන්නෙ.ඒක ඩවුන්ලෝඩ් වෙන්නෙ RAR ෆයිල් එකක් විදිහට.ඒක බලන්න අනිවාර්යයෙන්ම WinRar තියෙන්න ඕනා.ඒක කොහොමහරි දාගන්න.ගොඩක් අය ගාව මේක තියෙනවා.සමහර අය දන්නෙත් නැහැ.(මේක හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න)හරි.කොහොමහරි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඕපන් කරල Extract කරගන්න.(දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න)ඊට පස්සෙ බ්ලොගර් වලට ගිහිල්ල ඔයාලගෙ එකවුන්ට් එකට යන්න ඊට පස්සෙ Design කියන එකට යන්න.(ඔය පහළ පින්තූරෙ තියෙන්නෙ.)

ලොකුවට බලන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න


ඊට පස්සෙ එතනින් උඩ තියෙන Edit HTML කියන එකට යන්න.(පින්තූරෙ බලන්න)

ලොකුවට බලන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න


ඊට පස්සෙ එතන තියෙනවනෙ Choose File කියල එකක්.අන්න ඒක ක්ලික් කරන්න.ඊට පස්සෙ  ටෙම්ප්ලේට් එක Extract ෆෝල්ඩරේ ඇතුලට යන්න එතකොට ඔයාලගෙ ටෙම්ප්ලේට් ෆයිල් එක තියෙයි.(ඒක .xml ෆයිල් එකක්.)ඒකෙ අයිකන් එක මම පහල පින්තූරෙ පෙන්නල තියෙනවා.



අන්න ඒක ‍තෝරගෙන open කරන්න.ඊට පස්සෙ upload කියන එක ක්ලික් කරන්න.එතකොට පහළ වගේ තිරයක් එයි.(නොඑන්නත් පුළුවන්)

ලොකුවට බලන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න


ඒකෙ keep widget කියන එක ක්ලික් කරන්න.දැන් ටිකකින් හරි.ටෙම්ප්ලේට් එක බ්ලොග් එකට වැටෙයි.ගිහිල්ල බලන්න බ්ලොග් එකට.මම කියපු ඒවා හරියට තේරුනේ නැත්නම් පහල වීඩියෝ එක බලන්න.මම තමයි ඒක හැදුවෙ.කොලිටි නෑ.පුළුවන්නම් හොඳ screen recoder එකක් හොයල දෙන්න.මේක full screen බලන්න.එතකොට ටිකක් කොලිටියි.


මම හිතුවට වඩා හුඟක් වෙලා ගිය හින්දා අද දවසට පෝස්ට් එක ඉවර කරනවා.ස්ක්‍රීන් ෂොට් අරගෙන එහෙම දාල ගන්නකොට එහෙම හුඟක් වෙලා ගියා.එහෙනම් ඉතින් follow පාරක් දාලා ප්‍රෂ්න තියෙනවනම් කමෙන්ට් එකකුත් දාලා යන්න.

පසුව ලියමි:-මම මෙහි තුන්වන කොටසද දමා ඇත.එය බැලීමට මෙතන ක්ලික් කරන්න.

බ්ලොග් අඩවියක් සාදාගන්නා ආකාරය-1


මම අද දාන පෝස්ට් එක නම් වැදගත් වෙන්නෙ මේ ගැන නොදන්න අයට විතරයි.මට මේ ගැන දාන්න හිතුනේ බ්ලොග් එකක් කරන්න ආසා නමුත් හරි හැටි ඒගැන නොදන්න ගොඩක් අය ඉන්න නිසා.මම මුලින් ඒ ගැන විස්තර ටිකක් කියන්නම්.

බ්ලොග් එකක් කියන්නෙ හරියට සඟරාවක් වගේ.මේක වෙබ් අඩවියකට වඩා ගොඩක් වෙනස්.වෙබ් අඩවියක් හදන්න ලොකු දැනුමක් තියෙන්න ඕනා.ඒත් බ්ලොග් අඩවියක් හදන්න හරිම ලේසියි.බ්ලොග් අඩවියක මූලික දේවල් නිකන්ම අපිට හම්බවෙනවා.අපිට තියෙන්නෙ ඒකට ලිපි දලා,ඕන්නම් ගැජට් ටිකක් දාලා ලස්සන කරල ගන්න විතරයි.

හරි එහෙනම් අපි බ්ලොග් හදන්න පටන් ගමු.

සේවාව ‍තෝරා ගැනීම

ගොඩක් අය බ්ලොග් එකක් හදන්නෙ

*blogger
*wordpress

යන දෙකෙන්.මමනම් කියන්නෙ blogger තමයි හොඳ.මොකද ඒක Google ගෙම සේවාවක් නිසා.ඒ වගේම මම අද කියා දෙන්නෙත් blogger වලින් බ්ලොග් එකක් හදාගන්න හැටි.

blogger වලින් බ්ලොගයක් සාදා ගැනීම

එහෙනම් මුලින්ම මෙතන ක්ලික් කරලා blogger(www.blogger.com)වලට යන්න.එතකොට පහළ පින්තූරෙ වගේ තැනක් එයි.
(මම දාන පින්තූර පැහැදිලිව ලොකුවට බලාගන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න)



මට තව දෙයක් කියන්න අමතක වුනා.blogger වලින් බ්ලොග් එකක් හදන්නනම් Google වල ගිනුමක් තියෙන්න ඕනා.ඒ කියන්නෙ gmail වල e-mail ගිණුමක්
 තියෙන්න ඕනා.ඒක හදාගන්න හැටි දැනගන්න මෙතන ක්ලික් කරන්න
දැනටමත් තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ



හරි ඊට පස්සෙ ඔයාලට පේනවනෙ ඒ පේජ් එකේ දකුණු පැත්තෙ තියෙනවා email එක සහ password එක ගහන්න තැනක්.ඒකට ඔයාලගෙ google ගිණුමෙ නැත්නම් gmail වල ගිණුමෙ email එකයි password එකයි ඇතුල් කරලා sign in කියන එක ක්ලික් කරන්න.
එතකොට ඔයාලට පහළ පින්තූරෙ වගේ තිරයක් පෙනෙයි.



ඒකෙ display name කියන එකට බ්ලොග් එක හැදුවට පස්සෙ පේන්න ඕනා නම දාලා I accept the term of services කියන එකට ටික් එකක් දාලා CONTINUE කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ පහළ වගේ තිරයක් පෙනෙයි.


ඔබට පෙනුනේ පහල පින්තූරය අකාරයේ තිරයක් නම් එහි ඇති දැති රෝදයක ලකුණ ක්ලික් කර Old Blogger Interface යන්න ක්ලික් කරන්න.







ඒකෙ තියෙන CREATE YOUR BLOG NOW කියන එක ක්ලික් කරන්න.
එතකොට පහළ වගේ තිරයක් එයි.




ඒකෙ blog title කියන එකට ඔයාලගෙ හදන බ්ලොග් එකේ නම දෙන්න.
උදා:-සැමදෙයක්ම

blog addres(URL) කියන එකට ඔයාලා හදන බ්ලොග් එකට දාන බ්ලොග් ලිපිනය දෙන්න. ඔයා දෙන්න හදන ලිපිනය කවුරුහරි ඉස්සෙල්ල පාවිච්චි කරල නම් ඒක දාන්න බැහැ.පාවිච්චි කරලද බලන්න ලිපිනය දීලා Check Availability කියන එක ක්ලික් කරන්න
උදා:-samadeyakma.blogspot.com

ඊට පස්සෙ යට තියෙන ඇද වෙච්ච අකුරු(Word Verification)ටික පහළ කො‍ටුවෙ ටයිප් කරන්න.ඊට පස්සෙ CONTINUE කියන එක ක්ලික් කරන්න.
එතකොට පහල වගේ තිරයක් එයි.


දැන් ඔතනින් කැමති ටෙම්ප්ලේට් එකක් ‍තෝරගන්න.ටෙම්ප්ලේට් එක කියන එක සරළව කිව්වොත් ඒක තමයි බ්ලොග් එකේ පෙනුම.නැත්නම් ඇඳුම.දැනට ඔතනින් එකක් ‍තෝරගන්නකො.(ඒක උඩ ක්ලික් කරන්න)පස්සෙ කියන්නම් ලස්සන ටෙම්ප්ලේට් දාගන්න හැටි.හරිනෙ එහෙනම් ‍තෝරලා ඉවරයිනෙ.දැන් එහෙනම් CONTINUE කියන එක ක්ලික් කරන්න.


දැන් පහළ වගේ එකක් පෙනේවි.



ඒක පෙනුනද?ඒ කියන්නෙ ඔයා බ්ලොග් එක හදලා ඉවරයි.දැන් ඉතින් START BLOGGING කියන එක ක්ලික් කරන්න.දැන් පෝස්ට් එකක් දාන්න වැටෙයි.ඒ වුනාට පෝස්ට් දාන්න එපා දැම්ම.මම ඊලඟ පෝස්ට් එකේදි ඒ ගැන කියල දෙන්නම්.


දැන් ඉතින් අර දුන්නු බ්ලොග් ලිපිනයට ගිහිල්ල බලන්න බ්ලොග් එක කොහොමද කියල.තාම ඉතින් හදපු ගමන් හින්ද ලස්සන නැතුව ඇති.ඊලඟ ලිපියෙන් පස්සෙ ලස්සන කරගන්න පුළුවන්.

දැන්නම් අතත් රිදෙනවා.කමක් නෑ.ඔයාල හදපු බ්ලොග් වල ඇඩ්‍රස් එක කමෙන්ට් එකක් විදිහට මෙතන දාන්න.නැත්නම් මට ඊ මේල් කරන්න.මෙතන දානවනම් වැඩියෙන් හොඳයි.මගෙ ඊමේල් එක මේ ලිපියෙ අන්තිමට දාන්නම්.

අනිවාර්යයෙන්ම දැන් ඔයාලට ප්‍රශ්න ගොඩක් ඇති.ඒ හැම එකකටම මම දන්න තරමින් උත්තර දෙන්නම්.ඒ ප්‍රශ්න මෙතන කමෙන්ට් එකක් විදිහට දාන්න.නැත්නම් මට ඊ මේල් කරන්න.

මෙන්න මගේ ඊමේල් ලිපිනය:-   ranulhashika.g@gmail.com

මම හිතනවා මේකෙන් ප්‍රයෝජනයක් ගත්ත හැමෝම කමෙන්ට් එකක් දායි කියලා.

හරි එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු.ඒ ලිපියෙදි මම ලිපි දාන හැටි,කමෙන්ට් ගැන,followers ගැන සහ තවත් බොහෝ දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.ඒකත් මම හෙට අනිද්දම දාන්නම්.


පසුව ලියමි:- මෙහි දෙවන කොටස බැලීමට මෙතන ක්ලික් කරන්න.


You Tube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න නියම වෙබ් සයිට් එකක්(නියමෙටම වැඩ කරනව)


දවස් කීපයකින් පස්සෙ මම ආයිත් පෝස්ට් එකක් දාන්න හිතුවා.කොහොමත් මගෙ පෝස්ට් ලිවීමේ වේගය අඩුයි.සමහර බ්ලොග් නම් මාස ගන්න යනව update වෙන්න.ඒත් සාමාන්‍යයෙන් බ්ලොග් එකක් දින දෙකකට සැරයක් විතර update වෙනව.

හරි දැන් අපි අපේ මාතෘකාවට බහිමු.ගොඩක් අය You Tube වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න එක එක සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවා.(යූ ටියුබ් වල ඩවුන්ලෝඩ් පහසුකම් නැහැ)ඒත් ඒ එකක් වත් හරියට වැඩ කරන්නෙ නැහැ.පාවිච්චි කරපු අය ඒක හොඳින් දන්නව ඇති.ඉතින් ඒකට විසඳුමක් තමයි අද ගෙනාවෙ.මේක සොෆ්ට්වෙයාර් එකක් නෙමෙයි.වෙබ් සයිට් එකක්.මේකෙන් යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න හරිම ලේසියි.මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් සයිට් එකට යන්න.ඊට පස්සෙ යූ ටියුබ් වලට ගිහිල්ල ඕන වීඩියෝ එකක් ‍තෝරගන්න.ඊට පස්සෙ ඒක ප්ලේ වෙන්න දාන්න.එතකොට browser එකේ වෙබ් ලිපිනය(URL)වැටෙන තැන වැටෙන වෙබ් ලිපිනය කොපි කරගෙන අර සයිට් එකේ උඩ තියෙන text box එකට දාන්න.ඊට පස්සෙ Download  කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ format එක ‍තෝරල ක්ලික් කරන්න.ඊට පස්සෙ වීඩියෝ එක ගානට ඩවුන්ලෝඩ් වෙයි.හොඳනම් ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාල follow පාරක් දාලා යන්න.


Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This