ඊයෙත් ලිපියක් දැම්මා වුනාට ඉක්මනටම ආයිත් එන්න හිතුනා.
අද අපි බලමු කොහොමද අපේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට බැනර් එකක් හදාගන්න විදිහ.
මුලින්ම කියන්න ඕනා මේ බැනර් එකේ තියෙන්නෙ සම්පූර්ණයෙන්ම පින්තූරයක්.ඒ කියන්නෙ පින්තූරෙ උඩ ක්ලික් කලාම යම් වෙබ් අඩවියක් වෙත යාම තමා බැනර් එකකින් සිද්ද වෙන්නෙ.
ඒක නිසා මුලින්ම ඔයාලා බ්ලොග් එකට සරිලන පින්තූරයක් සකස් කරගන්න ඕනා.ඒකට ඉතින් PHOTOSHOP වගේ මෘදුකාංගයක් යොදා ගන්න.
මම හිතන්න පින්තූරෙ සයිස් එක 240 x 240 px වගේ තිබ්බොත් තමා හොඳ.කොහොම හරි පින්තූරෙ හදලා සේව් කරගන්නකෝ.
ඊට පස්සෙ මෙන්න මේ සයිට් එකට යන්න
http://imageshack.us
ගිහින් ඕකට ඊමේල් පාස්වර්ඩ් දීලා රෙජිස්ටර් වෙන්න.(දකුනු පැත්තෙ උඩ ඇති Sign Up කියලා එකක්.ඒ හරහා යන්න)
ඊට පස්සෙ ඔයාලගෙ එකවුන්ට් එකට ඇතුල් වෙන්න.ඊට පස්සෙ එතන තියෙන Browse කියන එක ක්ලික් කරලා ඔයාලා හදපු පිංතූරෙ තෝරලා දෙන්න.ඊට පස්සෙ යට තියෙන Upload කියන එක ක්ලික් කරන්න.ටික වෙලාවකින් ඔයාලව වෙනම පේජ් එකකට යයි.
ඒකෙ ඩිරෙක්ට් ලින්ක් ඉදිරියෙන් තියෙන ටෙක්ස්ට් එක මම පහල දීලා තියෙන කෝඩ් එකේ රතු පාටට යොදලා තියෙන කොටස වෙනුවට පාවිච්චි කරන්න.
නිල් පාට තැනට බැනර් එක ක්ලික් කරාම යන්න ඕනා වෙබ් ඇඩ්‍රස්(URL) එක දෙන්න.
<div class="separator" style="clear: both; text-align: center;"><a href="http://samadeyakma.blogspot.com/"><img border="0" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidIVke50yLEysxENOFXWjvHC8OZzqUHYkzmNr9eG0U2GWaczb42_fjgA7OKLsT4BOFq2UGfGzpRA5TdMJSFzpP7LQkdozeTBXgBU1uUhTLtIZnCyW_xSjuhFjZLmai8dtCtzJNHpgamZG4/s1600/%255Bgickr.com%255D_7ef323d5-9aea-6534-5112-e709dd2da4a5.gif" /></a></div>
ඔයාලා මම කියපු විදිහට නිවැරදිව ආදේශ කලා නම් අදේශ කලාම හැදිච්ච කෝඩ් එක තමා ඔයාගෙ බැනර් එකේ HTML කෝඩ් එක.
අපි බලමු ඒ බැනර් එක Blogger බ්ලොග් එකකට දාගන්න හැටි.
මුලින්ම බ්ලොගර් ගිණුමට ඇතුල් වෙලා Layout වෙත යන්න.ඒකෙ Add a gadget වලට ගියාම එන බොක්ස් එකේ තියෙන HTML/JavaScript කියන එකට යන්න.ඒකෙ තියෙන ලොකු හිස් කොටුවට ඔයා අදේශ කරගෙන හදාගත්ත බැනර් එකේ HTML කෝඩ් එක දාලා සේව් කරගන්න.ඊට පස්සෙ ඒක අවශ්‍ය තැනකින් තියලා සකස් කරලා උඩ තියෙන Save arrangement කියන එක ක්ලික් කරන්න.
දැන් ඒක බ්ලොග් එකට වැටිලා තියේවි.
මේ කෝඩ් බ්ලොග් කරන යාළුවන්ට දීලා තමන්ගෙ බ්ලොග් එකට වැඩියෙන් කට්ටිය ගෙන්වාගන්න පුලුවන්.
එහෙනම් ප්‍රශ්නයක් වුනොත් කමෙන්ට් එකක් දාන්න.ප්‍රශ්නයක් නොවුනත් කමෙන්ට් එකක් දන්න.අපේ ෆේස් බුක් පේජ් එකටත් එකතු වෙන්න.
www.facebook.com/samadeyakma
එහෙනම් ආයිත් ලිපියකින් හමුවෙමු.
July 5, 2012 at 8:51 PM
ස්තුතියි ...!අපිවගේ නොදන්න අයට ඔය දේවල් හරි වටිනවා..!
July 6, 2012 at 8:34 AM
godak watina post ekak..thanks
July 11, 2012 at 4:22 PM
වටින දෙයක්
බ්ලොග් එකට දාන බ්ලොග් පෝස්ට් ෆේස් බුක් පේජ් එකේ auto upload වෙන්න හදන හැටි පෝස්ට් එකක් දාන්න පුළුවන් නම් වටිනවා.මම හිතන්නේ ඒක ගොඩක් බ්ලොග් කරන අයට වැදගත් වෙයි
තෑන්ක්ස්
September 24, 2012 at 10:54 AM
good work
January 1, 2016 at 3:08 PM
me mage web site ekak thiyenawa ekata annako magecyberadaviya.blogspot.com avilla comment ekak dhanna