Posted by
Ranul Hashika Gomez
මං අද කියන්න යන්නෙ නියම සොෆ්ට්වෙයාර් එකක් ගැන. මේකෙ නම Bing Desktop. සමහර අයනම් දන්නවා ඇති. ඒත් නොදන්න අයට දැනගන්න මම අද ඒ ගැන කියන්නම්.
ඔයාලා දන්න්වනෙ Bing කියන්නෙ ලෝකප්රසිද්ධ Search engine එකක්. ඔයලා Bing.com කියන ලිපිනයෙන් ඒ වෙත ගියොත් ඔයාලට පෙනෙයි ලස්සන පින්තූරයකින් හෝම්පේජ් එක සැරසිලා තියෙනවා. මේක හැමදාම අලුත් පින්තූරෙකට මාරු වෙනවා. මේ පින්තූරෙ අපේ ඩෙස්ක්ටොප් එකට ගන්න තියෙනවනම් මරු නේද?
එහෙනම් මෙහෙමයි ඒක ගන්නෙ. මුලින්ම පහත වෙබ් ලිපිනයට යන්න.
http://www.bing.com/explore/desktop
ඊට පස්සෙ "Download Now" කියන එක ක්ලික් කරන්න. දැන් ඒක ඩවුන්ලෝඩ් වුනාම ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරන විදිය හැමෝම දන්නවනෙ. දන්නෙ නැති කෙනෙක් ඉන්න්වනම් අහන්න කමෙන්ට් එකකින්.
ඔයලා ඒක ඉන්ස්ටෝල් කරලා ඉවරනම් Bing Desktop සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න. ඊට පස්සෙ ඒක Minimize කරලා තියන්න. ටික වෙලාවකින් ඩෙක්ස්ටොප් එකේ පින්තූරෙ වෙනස් වෙලා තියෙයි. හෙට අලුත් එකක් එයි. අනිද්දට තව එකක්. හැමදාම අලුත් ඒවා. හැබැයි මේකට ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් ඕනා.
මේ තියෙන්නෙ අද මගේ Desktop එක
එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.
ලගදිම වෙනස් විදිහක ලිපි පෙලකුත් දාන්න ඉන්නෙ.
දිගටම සැමදෙයක්ම එක්ක ඉදියොත් ඒ දේවල් දැනගන්න පුලුවන්.
Posted by
Ranul Hashika Gomez
ඔන්න ඉතින් ආයිත් හුඟ කාලෙකින් පෝස්ට් එකක් දාන්නයි හදන්නෙ.මම අළුත් අවුරුද්දට සුභ පතලා ජනවාරි 1 වෙනිදා ලිපියක් දැම්මට පස්සෙ ලිපියක් දාලාම නෑ.ඒ කියන්නෙ මාසයයි දවස් 13 කින් ලිපියක් දාලා නෑ.හුඟක් ලොකු කාලයක්.ඔය අතරදි මගේ ගූගල් එකවුන්ට් එක,බ්ලොග්ගර් එකවුන්ට් එක වගේම සැමදෙයක්ම බ්ලොග් එක නැත්නම් මේ බ්ලොග් එකත් ගූගල් සමාගමෙන් ඩිලීට් කරල තිබ්බා.මම ආපහු ඉල්ලලා එයාලට පනිවිඩයක් යැවුවා.ඊට පස්සෙ මට ආපහු ඒක හම්බවුනා.හරි එහෙනම් අද ලිපිය පටන් ගමු.
ලොව විශාලතම උනුදිය උල්පත - ඕල්ඩ් ෆේත්ෆුල්
ඇමෙරිකාවෙ බටහිර ප්රාන්තයේ වයොමින්හි යෙංලස්ටෝන් ජාතික උද්යානයේ මෙය පිහිටා ඇත.සාමාන්යයෙන් මීටර 100 ක් පමණ ඉහලට මෙය විහිදී යයි.
විශාලතම කොරල් පරය - මහා බාධක කොරල් පරය
ලොව වෙසෙන් ජීවී කොට්ඨාසයක් විසින් ගොඩ නගන ලද විශාලතම නිර්මාණය ඕස්ට්රේලියාවේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ පිහිටා ඇති මහා බාධක කොරල් පරයයි. කි.මී.2010 පමණ දිගින් යුක්තයි.
නොගිලෙන මුහුද - මළ මුහුද
සාමාන්ය මුහුදු ජලය මෙන් පස් ගුණයක ලවණතාවයකින් යුතුවූ මළ මුහුදට මේ නම භාවිතා කරන ලද්දේ සත්ය වශයෙන්ම එහි කිසිඳු ජීවයක් නොමැති වීම නිසාවෙනි.එහෙත් පර්යේෂන මගින් සොයාගත් කරුණු අනුව එහි ක්ෂුද්රජීවීන් පමණක් වෙසෙන බව සොයාගෙන තිබේ.
මෙම ලවණතාව අධික මුහුදු වෙරළ ලෝකයේ මුහුදු මට්ටමේ පහතම පිහිටා තිබෙන භූමි මතුපිට ලෙස සැලකේ.එය මුහුදු මට්ටමින් අඩි 1302 ක් පහතින් පිහිටා ඇත.මෙහි ඇති සාන්ද්රණතාවයේ අධික බව නිසාම මෙහි පීනන්නෙකු කිසිවිටෙක දියේ ගිලී මිය නොයයි.
එහෙනම් අදාට පෝස්ට් එක ඉවරයි.යලිත් නව ලිපියකින් හමුවෙමු.
Posted by
Ranul Hashika Gomez
ඔන්න අද අළුත් ලිපි පෙළක ආරම්භය."සොබාදහමේ අපූර්ව නිර්මාණ"තමයි මේකෙ නම.නමින්ම තේරෙනවනෙ මේ මොකක්ද කියල.මේකෙ කොටස් තුනක් විතර පළකරන්න හිතාගෙන ඉන්නෙ.මේවායෙ සමහරක් ඔයාලා දන්නවත් ඇති.මම මෙතනින් පස්සෙ ලිපිය ලියන්නෙ ලිඛිත භාෂාවෙන්.එහෙනම් බලල ඉවරවෙලා කමෙන්ට් එකක් දාන්න.(අද දෙකක් විතරයි දාන්නෙ.පස්සෙ දාන්නම්)
සොබාදහමේ වතුර
කළය
මෙය නමින් බෙඔබැබ් වන අතර විද්යාත්මක නාමය ඇඩැන්සෝනියා ඩිජිටාටා(adansonia digitata)වේ.මෙම ගස වියළි ප්රදේශයක් වන අප්රිකාවෙ සෙනගල් රටේ වැවේ.උස මීටර 18 ක් සහ වටප්රමාණය මීටර් 9 ක් පමණ වන මෙම ගසේ වතුර ලීටර් 100,000 ක් පමණ ගබඩා කරගත හැක.
ලෝකයේ විශාලතම මල

මෙය රැෆ්ලේසියා ලෙස හඳුන්වන අතර ලිලී කුලයට අයත් වේ.මෙම මල මාස 6 කට පමණ වරක් පමණ පිපෙන මෙම මළ ඉතා දුගඳකින් යුක්තයි.මෙහි උස 91 cm ක් ද පළල 46 cm ක් ද වේ.මල් පෙත්තක ඝනකම අඟල් 1 ක් පමණ වේ.මෙය ඉන්දුනීසියාවේදී දැකගත හැක.
Posted by
Ranul Hashika Gomez
අදත් පින්තූර ටිකක් දෙන්න හිතුවා.මේවායෙ තියෙන්නෙ ලස්සන අයිස් කැට.එක එක ලස්සන අච්චු වලින් තමයි හදලා තියෙන්නෙ.එහෙනම් ඒ ටික බලන්නකො.
බලල ඉවරනම් කමෙන්ට් එකක් දාලා යන්න.
Posted by
Ranul Hashika Gomez
ටිකක් බය හිතෙන පින්තූර ටිකක් තමයි මේ පෙන්නන්න හදන්නෙ.මේක වීදුරු පාලමක්.කන්දක ඉඳන් පහල බලන්න තමයි මේක හදල තියෙන්නෙ.එහෙනම් ඉතින් පිංතූර ටික බලල කමෙන්ට් එකක් දාලා යන්න.
මේක මගේ 49 වෙනි ලිපිය.ඒක හින්දා බලමුකො 50 වෙනි ලිපිය දානකොට followers ලා කී දෙනෙක් වෙයිද කියල.තාම 34 දෙනයි ඉන්නෙ.මේක 40 ක්වත් කරන්න හොඳේ.
Posted by
Ranul Hashika Gomez
අදත් දෙන්නෙ මට e-mail එකකින් ලැබුනු ලස්සන ඡායාරූප ටිකක්.මේ පින්තූර වල තියෙන්නෙ සම්පූර්ණයෙන්ම කඩදාසියෙන් හදපු නිර්මාණ.කෙනෙකුට හිතෙයි මේව හදල තියෙන්නෙ රෙදි වලින් කියල.හැබැයි මේ රෙදි නෙමෙයි.මේක ගැන වැඩිය කතා කරන්න දෙයක් නැහැ.එහෙනම් බලන්නකො පින්තූර ටික.
ලස්සනයි නේද?එහෙනම් කමෙන්ට් එකක් දාල කැමතිනම් follow එකකුත් දාලා යන්න.