Showing posts with label ගණිත ගැටළු. Show all posts
Showing posts with label ගණිත ගැටළු. Show all posts

පුළුවන්නනම් කියන්න.ගණිත ගැටළුවක්.(5)

අද මම පස්වෙනි ගණිත ගැටළුවත් දානවා.මම ටික කාලයක් ගණිත ගැටළු නොදා හිටිය.ඒ වුනාට මට ආයිත් දැන් දාන්න හිතුනා.මේ ගණිත ගැටළුවටත් කමෙන්ට් එකකින් උත්තර දෙන්න.
ඔන්න ගණිත ගැටළුව


චන්දිමා සහ ලක්මාලි එකම පාසලේ යෙහෙළියන් දෙදෙනෙකි.චන්දිමාට කවියක් 10 වරක් කියවීමෙන්ද,ලක්මාලිට 15 වරක් කියවීමෙන්ද ඔවුන්ට එම කවිය පාඩම් වෙයි.එක් දිනක් ඔවුන් කවි 16 පාඩම් කලාය.ඔවුන් දෙදෙනාටම එය පාඩම් කිරීමට වාර 205ක් කීමට සිදු වුනි.(එකතුව)ඔවුන් දෙදෙනා පාඩම් කල කවි ගණන වෙන වෙනම කියන්න.

මං හිතන විදිහට නම් මේක හරිම ලේසි ඇති ඔයාලට.එහෙනම් මේකට උත්තරෙත් දීලා මාව ෆලෝත් කරලා යන්න.

පුළුවන්නම් විසදන්න.ගණිත ගැටලුවක්(4)

අදත් ගණිත ගැටලුවක් දෙන්නයි හදන්නෙ.හැබැයි අද ගණිත ගැටලුව දෙන්නෙ රූපයක් ආශ්‍රයෙන්.ඔන්න එහෙනම් ගණිත ගැටලුව.

සිට 16 දක්වා ඉලක්කම් භාවිතා කර පහත කො‍ටු පූරවන්න.කුමන පැත්තකට එකතු කළත් පිළිතුර 34 විය යුතුය.එක ඉලක්කමක් ලිවියහැක්කේ එක් වරක් පමණි.
මේකෙදි කො‍ටුවෙ අංකෙට උත්තර දෙන්න කමෙන්ට් එකකින්.උදාහරණ:-1 කො‍ටුව=6
කො‍ටුව=2

කොහොමහරි මම තව බ්ලොග් එකක පටන් ගත්තා.ඒකෙ නම photo album. ඒකෙ සම්පුර්ණයෙන්ම දාන්නෙ photos විතරයි.ඕගොල්ලොඑහෙනම් පහත ලින්ක් එකෙන් ඒකට ගිහිල්ල බලන්නකො අනිවාර්යයෙන්ම follower කෙනෙක් වෙන්න.ඒකෙ විතරක්  නෙමෙයි මේකෙත් වෙන්න.අද ලිපිය එහෙනම් මෙතනින් ඉවරයි

පුළුවන්නම් කියන්න.ගණිත ගැටලුවක්(3)

ඔන්න මම ආයෙත් ගණිත ගැටලුවක් දානවා.මේක හුග දෙනෙකුට ලේසි වේවි.මේකටත් වෙනදා වගේම කමෙන්ට් එකකින් පිළිතුරු දෙන්න.ඔන්න ගණිත ගැටලුව.
ඔබේ වයස කීයක් වේදැයි එක් ගණිතඥයෙකුගෙන් කෙනෙක් ඇසීය.ඔහුගේ පිළිතුර ගැටලු සහගත විය.එනම්"තව අවුරුදු තුනකට පසු මගේ වයසින් තුන් ගුණයක් ගන්න.එයින් අවුරුදු තුනකට පෙර වයසේ තෙගුණයක් අඩු කරන්න.එවිටමගේ වයස කිව හැකිය."එසේ නම් ගණිතඥයාගේ දැන් වයස කීයද?
ඕක තමයි ප්‍රශ්නෙ.හැමෝම උත්තර දීලා උදවුවක් විදිහට follow පාරකුත් දාලා යන්න

පුළුවන්නම් කියන්න.ගණිත ගැටළුවක්.(2)

ඔන්න මම දෙවනි ගණිත ගැටළුවත් දානවා.පලවෙනි එකට සදරුගේ ලෝකය බ්ලොග් එක ලියන අයියා නිවැරදි පිලිතුර දාලා තිබ්බා.පලවෙනි එක බැලුවේ නැත්නම් මෙතනින් යන්න.
පලවෙනි එකේ නිවැරදි උත්තර
එළුවන් ගණන=8
කුකුලන් ගණන=32
ඔන්න එහෙනම් දෙවෙනි එක

එක්තරා මිනිසෙකුට සිටින පක්ෂීන් හා සිවුපාවුන් ගැන මෙසේ කියයි."මා ලග සිටින සියලුම සතුන්ට ඔලු 34ක් හා පාද 114ක් තියෙනවා."එසේනම් මොහු ලග සිටින පක්ෂීන් හා සිවුපාවුන් ගන්න වෙනම ලියන්න.මේකත් එදා වගේම කමෙන්ට් එකකින් පිලිතුර ලියන්න.

පුළුවන්නම් කියන්න.ගණිත ගැටළුවක්.

ඔන්න අද මට හිතුනා ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්න.ඕගොල්ලො මේකට උත්තරේ කමෙන්ට් එකකින් කියන්න.ඔන්න ගණිත ගැටළුව.

එක්තරා සත්ව ගොවිපලක සිටියේ එළුවන් හා කුකුලන් පමණකි.එළුවන් හා කුකුලන්ගේ මුළු එකතුව හතළිහකි.උන්ගේ පාදවල එකතුව අනූහයක් විය.මෙම සත්ව ගොවිපලේ සිටි එළුවන් හා කුකුලන් ගණන වෙන වෙනම සොයන්න.

ඔය ප්‍රශ්නෙට උත්තරේ දීලා යන්නකෝ.හරි උත්තරේ පස්සේ දෙන්නම්.

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This