Showing posts with label බ්ලොග් ගැජට්. Show all posts
Showing posts with label බ්ලොග් ගැජට්. Show all posts

බ්ලොග් එකේ දාන ලිපි Auto ෆේස්බුක් පේජ් එකට වැටෙන්න හදාගමු


මගෙන් ගොඩක් අය ඉල්ලලා තිබුනා බ්ලොග් එකේ දාන ලිපි ඔටෝම අපේ ෆේස්බුක් පේජ් එකට වැටෙන විදිහ කියලා දෙන්න කියලා.ඉතින් මම අද ඒක තමා කියලා දෙන්න යන්නෙ.හැබැයි ටිකක් පරක්කු වුණා කියලා දෙන්න.

හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.මේකට ඔයාලාට ෆේස්බුක් පේජ් එකක් තියෙන්න ඕනා.ඒක හදාගන්න හැටි මෙතන ක්ලික් කරලා බලන්න.

අපි මේක කරන්නෙ RSS Graffiti කියන සේවාවෙ උදවුවෙන්.එහෙනම් මුලින්ම පහල ලින්ක් එක ක්ලික් කරලා එතනට යන්ඩකො.ෆේස්බුක් හරහා තමයි ඒකට යන්නෙ.ඒක නිසා සමහර විට මගදි එක එක ඒවා අහයි.ඒ වෙලාවට එතන තියෙන දම් පාට බට්න් ඔබන්න.

https://apps.facebook.com/rssgraffiti/

කොහොමින් හරි අන්තිමට ඔයාලා මෙන්න මේ වගේ තැනකට එන්න ඕනා.





(මේ පෝස්ට් එකේ දාන හැම පින්තූරයක්ම ලොකු කරලා බලන්න ඕන නම් අවශ්‍ය පින්තූරෙ උඩ ක්ලික් කරන්න.)

දැන් ඒකෙ තියෙන Add New Publishing Plan කියන එක ක්ලික් කරන්න.උඩ රූපෙ රතු පාටින් රවුම් කරලා තියෙන්නෙ එතන තමා.

එතකොට එතන වැටෙයි Name New Publishing Plan: කියලා.එතනට ඔයාලා කැමති නමක් දීලා ඉස්සරහින් තියෙන Create Publishing Plan කියන එක ක්ලික් කරන්න.

එතකොට මෙන්න මේ වගේ තැනක් එයි.





ඊට පස්සෙ ඒකෙ වම් පැත්තෙ තියෙන ADD NEW කියන එක ක්ලික් කරන්න.මම රතු පාටින් රවුම් කරලා තියෙන්නෙ එතන.

ඊට පස්සෙ එන බොක්ස් එකේ ඔයාලගෙ බ්ලොග් ඇඩ්‍රස් එක ටයිප් කරන්න.

ඊට පස්සෙ එතන තියෙන ADD SOURCE කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ ඔයාලට මෙන්න මේ වගේ බොක්ස් එකක් ලැබේවි.








ඊට පස්සෙ ඒ බොක්ස් එකේ තියෙන මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

Update Frequency(කහ පාටින් රවුම් කරලා තියෙන තැන):- ඒ කියන්නෙ දවසට කී  සැරයක් බ්ලොග් එක චෙක් කරලා පේජ් එකට ලිපි දාන්නද කියලා.මමනම් ඒකට දැම්මෙ Four Times a Day කියලා.

Maximum Posts per Update(නිල් පාටින් රවුම් කරලා තියෙන තැන:- ඒ කියන්නෙ එක චෙක් කිරීමක දි අලුත් ලිපි කීයක් ෆේස්බුක් පේජ් එකටා දන්නද කියන එක.මමනම් 1 post කියලා තමා දැම්මෙ.

ඊට පස්සෙ එතන යට තියෙන Save  කියන බට්න් එක ක්ලික් කරන්න.

දැන් ආපහු පොඩ්ඩක් මම දාපු දෙවෙනි රූපෙ දිහා බලන්න.මම ඒකෙ දකුණු පැත්තෙ කහ පාටින් තැනක් රවුම් කරලා තියෙනවා නේද.අන්න එතන තියෙන ADD NEW කියන දැන් ක්ලික් කරන්න.

දැන් ඔයාලට මේ වගේ පේජ් එකක් එයි.






ඒ පින්තූරෙ මම තැනක් රවුම් කරලා තියෙනවා නේද රතු පාටින්.අන්න එතනින් ඔයාලගෙ පේජ් එක ‍තෝරලා දෙන්න.ඊට පස්සෙ යට තියෙන Save Changes කියන එක ක්ලික් කරන්න.

ඔයාලට මේ විදිහට අවශ්‍ය තරම් Source(ඒ කියන්නෙ බ්ලොග්,වෙබ් අඩවි වගේ ඒවා) එකතු කරන්න පුළුවන්. හැබැයි Targets(ඒ කියන්නෙ ෆේස්බුක් පේජ්,ෆේස්බුක් ගෲප් වගේ ඒවා) ඒකතු කරන්න පුළුවන් එකක් විතරයි.

දැන් ඔයාලට පේනවා නේද මැද්දෙන් තියෙනවා OFF කියලා වැටිලා.දැන් ඒක උඩ ක්ලික් කරන්න.එතකොට ඒක ON කියලා වෙනස් වෙනවා.ඔන්න දැන් වැඩේ ඉවරයි.


ඔතනම උඩ තියෙනවා නේද දම් පාට තීරුවක්.ඒකෙ දකුණු පැත්තෙ අයිනෙ තියෙනවා නේද පඩිපෙලක් වගේ ලකුණකුයි,කතිර ලකුණකුයි.ඒ ගැනත් කියන්නම්.

පඩිපෙල වගේ එක ක්ලික් කරලා පුළුවන් අපිට අන්තිම දවස් 7 වෙච්ච දේවල් ගැන තොරතුරු බලාගන්න.කතිරෙ ක්ලික් කරලා මුළු ඔක්කොම ඩිලීට් කරලා දාන්න පුළුවන්.එහෙම කලොත් මුල ඉඳන්ම ආයිත් කරන්න වෙනවා.


හරි එහෙනම් අපි වැඩේ කරලා ඉවරයි.දැන් ඉතින් තියෙන්නෙ ගිහින් බ්ලොග් එකට ලිපි දාන එක තමා.

මම මේ පෝස්ට් එක ලියන්න ගොඩාක් මහන්සි වුනා.ඉතින් මේකට කමෙන්ට් එකක්වත් දැම්මෙ නැත්නම් මට බ්ලොග් එක ලියෙන්න හිතෙන්නෙ ත් නෑනෙ.

ෆලෝ පාරක් දාලා,අපේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකකුත් දාන්න.ඔය දකුණු පැත්තෙ ඇති ලයික් කරන්න ගැජට් එක.

මේක ඔයාලට වැදගත් නම් යාළුවන් එක්ක බෙදාගන්න.දකුණු පැත්තෙ මුල්ලෙ ඇති Share කරන ගැජට් එක.

එහෙනම් අදට මම ගියා.ඉක්මනින්ම ආයිත් ලිපියක් දාන්නම්.

ප.ලි. :-මමයි තව යාළුවෙකුයි එකතු වෙලා මේ දවස්වල සාමූහික බ්ලොග් එකක් හදාගෙන යනවා.මේක හරියට හදාගත්තට පස්සෙ 100 දෙනෙක්ව රෙජිස්ටර් කර ගන්නවා බ්ලොග් එක ලියන්න.තාමනම් අපි දෙන්නා විතරයි ලිපි දාන්නෙ.ඉක්මනින්ම රෙජිස්ටර් වෙන පහසුකම අපි ලබාදෙනවා.ඒ බ්ලොග් එකේ Author කෙනෙක් වෙන්න ඒ කියන්නෙ ලිපි ලියන්නෙක් වෙන්න කැමති අය ඉන්නවනම් මෙතන කමෙන්ට් එකක් දාන්න.

මෙන්න ඒ බ්ලොග් එක.

techno-lanka.blogspot.com


ඔබේ බ්ලොග් අඩවියට/වෙබ් අඩවියට බැනර් එකක් හදාගමු


ඊයෙත් ලිපියක් දැම්මා වුනාට ඉක්මනටම ආයිත් එන්න හිතුනා.
අද අපි බලමු කොහොමද අපේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට බැනර් එකක් හදාගන්න විදිහ.

මුලින්ම කියන්න ඕනා මේ බැනර් එකේ තියෙන්නෙ සම්පූර්ණයෙන්ම පින්තූරයක්.ඒ කියන්නෙ පින්තූරෙ උඩ ක්ලික් කලාම යම් වෙබ් අඩවියක් වෙත යාම තමා බැනර් එකකින් සිද්ද වෙන්නෙ.

ඒක නිසා මුලින්ම ඔයාලා බ්ලොග් එකට සරිලන පින්තූරයක් සකස් කරගන්න ඕනා.ඒකට ඉතින් PHOTOSHOP වගේ මෘදුකාංගයක් යොදා ගන්න.
මම හිතන්න පින්තූරෙ සයිස් එක 240 x 240 px වගේ තිබ්බොත් තමා හොඳ.කොහොම හරි පින්තූරෙ හදලා සේව් කරගන්නකෝ.

ඊට පස්සෙ මෙන්න මේ සයිට් එකට යන්න

http://imageshack.us

ගිහින් ඕකට ඊමේල් පාස්වර්ඩ් දීලා රෙජිස්ටර් වෙන්න.(දකුනු පැත්තෙ උඩ ඇති Sign Up කියලා එකක්.ඒ හරහා යන්න)

ඊට පස්සෙ ඔයාලගෙ එකවුන්ට් එකට ඇතුල් වෙන්න.ඊට පස්සෙ එතන තියෙන Browse කියන එක ක්ලික් කරලා ඔයාලා හදපු පිංතූරෙ ‍තෝරලා දෙන්න.ඊට පස්සෙ යට තියෙන Upload කියන එක ක්ලික් කරන්න.ටික වෙලාවකින් ඔයාලව වෙනම පේජ් එකකට යයි.

ඒකෙ ඩිරෙක්ට් ලින්ක් ඉදිරියෙන් තියෙන ටෙක්ස්ට් එක මම පහල දීලා තියෙන කෝඩ් එකේ රතු පාටට යොදලා තියෙන කොටස වෙනුවට පාවිච්චි කරන්න.
නිල් පාට තැනට බැනර් එක ක්ලික් කරාම යන්න ඕනා වෙබ් ඇඩ්‍රස්(URL) එක දෙන්න.

<div class="separator" style="clear: both; text-align: center;">
<a href="http://samadeyakma.blogspot.com/"><img border="0" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidIVke50yLEysxENOFXWjvHC8OZzqUHYkzmNr9eG0U2GWaczb42_fjgA7OKLsT4BOFq2UGfGzpRA5TdMJSFzpP7LQkdozeTBXgBU1uUhTLtIZnCyW_xSjuhFjZLmai8dtCtzJNHpgamZG4/s1600/%255Bgickr.com%255D_7ef323d5-9aea-6534-5112-e709dd2da4a5.gif" /></a></div>

ඔයාලා මම කියපු විදිහට නිවැරදිව ආදේශ කලා නම් අදේශ කලාම හැදිච්ච කෝඩ් එක තමා ඔයාගෙ බැනර් එකේ HTML කෝඩ් එක.

අපි බලමු ඒ බැනර් එක Blogger බ්ලොග් එකකට දාගන්න හැටි.

මුලින්ම බ්ලොගර් ගිණුමට ඇතුල් වෙලා Layout වෙත යන්න.ඒකෙ Add a gadget වලට ගියාම එන බොක්ස් එකේ තියෙන HTML/JavaScript කියන එකට යන්න.ඒකෙ තියෙන ලොකු හිස් කො‍ටුවට ඔයා අදේශ කරගෙන හදාගත්ත බැනර් එකේ HTML කෝඩ් එක දාලා සේව් කරගන්න.ඊට පස්සෙ ඒක අවශ්‍ය තැනකින් තියලා සකස් කරලා උඩ තියෙන Save arrangement කියන එක ක්ලික් කරන්න.

දැන් ඒක බ්ලොග් එකට වැටිලා තියේවි.

මේ කෝඩ් බ්ලොග් කරන යාළුවන්ට දීලා තමන්ගෙ බ්ලොග් එකට වැඩියෙන් කට්ටිය ගෙන්වාගන්න පුලුවන්.

එහෙනම් ප්‍රශ්නයක් වුනොත් කමෙන්ට් එකක් දාන්න.ප්‍රශ්නයක් නොවුනත් කමෙන්ට් එකක් දන්න.අපේ ෆේස් බුක් පේජ් එකටත් එකතු වෙන්න.

www.facebook.com/samadeyakma

එහෙනම් ආයිත් ලිපියකින් හමුවෙමු.

බ්ලොග් අඩවියකට ෆේස්බුක් ලයික් බට්න් එකක් දාගන්නා ආකාරය----How To Add Facebook Like Button to Blogger (Blogspot) Blogs



ඔන්න කාලෙකින් ආයිත් බ්ලොග් එකට පෝස්ට් එකක් දානවා.මේ දවස්වල ඉන්ටර්නෙට් මනී පැත්ත ගැන පොඩ්ඩක් බලනවා.ඒක හින්දා පෝස්ට් එකක් දාන්න වෙලාවක් වුනේ නැහැ.හැබැයි ඉස්සරහටනම් කොහොමහරි ලිපි දාන්නම්.මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ අධ්‍යාපනික දේවල් විතරක් දාන්න කියල හිතාගෙන.ඒ වුනත් දැන්නම් තාක්ෂණික දේවලුත් දානවා.

හරි.මම ඉස්සෙල්ල පෝස්ට් එකේ පොරොන්දු වුනානෙ ෆේස්බුක් ලයික් බට්න් එක බ්ලොග් එකට දාගන්න ආකාරය කියල දෙනවා කියල.ඉතින් අද ඒක ඉ‍ටු කරන්නයි හදන්නෙ.මේක ඉතින් හරිම ලේසි දෙයක්.ඒක කොයි වගේද කියල බලන්න මෙතන ක්ලික් කරන්න.ඔය බ්ලොග් එකේ ලිපි වලට යට ලයික් බට්න් එක තියෙයි.එහෙනම් කරල බලල කියන්නකො කොහොමද කියල.

එහෙනම් මේ පියවරවල් නිවැරදිව කරන්න.

1.මුලින්ම www.blogger.com වලට ගිහිල්ල ඔයාලගෙ එකවුන්ට් එකට ලොග් වෙන්න.ඒ කියන්නෙ Dashboard එකට යන්න.

2.ඊට පස්සෙ Design වලට යන්න.

3.ඊට පස්සෙ Edit HTML කියන එකට යන්න.ඒකෙ තියෙන “Expand Widget Templates” කියන එකට හරි ලකුණ යොදන්න.

4.ඉන් පසුව එතනින් <data:post.body/> කියන එක සොයාගන්න.ඒ සඳහා ctrl+f එකවර ඔබා ඕපන් වන කවුළුවේ මෙය එම කේතය කොපි කර පේස්ට් කරන්න.

5.ඉන් පසු මා පහළින් දී ඇති කේතය <data:post.body/> යන්නට යටින් කොපි කර පේස්ට් කරන්න.



<b:if cond='data:blog.pageType != &quot;static_page&quot;'>
<div style='padding: 10px 0px 5px 0px;'>
<iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=box_count&amp;show_faces=false&amp;width=55&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&amp;height=65&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:55px; height:65px;'/>
</div>
</b:if>



6.ඉන්පසු Save Template යන්න ක්ලික් කරන්න.

දැන් ඔබ එය කර අවසන්.

එහෙනම් මේ පෝස්ට් එක ඉවරයි.ඔයාලා ඕන උදවුවක් මෙතන කමෙන්ට් කරල යන්න.මම උදවු කරන්නම්.



Tags:-


Facebook Like Button
Like Button
How To Add Facebook Like Button
Like Button For Blogs
Like Button For Blogger

How To Add Like Button
Add Like Button To Blog

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This