ඕනම ලෙඩක් හැදෙන හැටි,ඒවාට බෙහෙත් වගේම තවත් තොරතුරු ලබාගතහැකි වටිනා ලින්ක් ලැයිස්තුවක්.(සෑම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම වැදගත් වන දෙයක්)




අද දෙන්න හදන්නෙ හැමෝටම අනිවාර්යයෙන්ම වැදගත් වන දෙයක්.මම මේ දෙන්න හදන්නෙ බොහෝ රෝග ගැන තොරතුරු තියෙන වෙබ්ලිපින(ලින්ක්) ලැයිස්තුවක්.

මේ හැම එකකම ඒ ඒ රෝගයේ හැඳින්වීම,රෝගය හැදෙන හැටි,රෝගය වලක්වා ගන්න හැටි,ඒවාට ප්‍රතිකර්ම ඇතුලු තවත් වටිනා තොරතුරු ලැයිස්තුවක් තියෙනවා.

හැබැයි මේවා බලන්න නම් Flash 6 හෝ ඊට පසු ආපු වර්ශන් එකක් ස්තාපනය කරලා තියෙන්න ඕනා.ඔයාගෙ කම්පියුටරේ එක නැත්නම් මේවා බලන්න හදද්දි ඒ ගැන කියයි.එතැනම ඒක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකකුත් දීලා තියෙයි.එතනින් ඔයාලට නොමිලේම ඒ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

මේ හැම එකක්ම රූප සටහන් සහ ක්‍රියාකරන රූප මගින් හොඳින් පැහැදිලි කරලා තියෙනවා.මේ එකක්වත් වීඩියෝ නෙමෙයි.මේවා ඔක්කොම ෆ්ලෑශ් වලින් හදලා තියෙන්නෙ.ඒක හින්දා අඩු වේගයක් තියෙන අන්තර්ජාල සම්බන්ධතාවයකින් උනත් බලන්න පුලුවන්.ඕනනම් E-book(PDF) එකකුත් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න.

මෙතනින් ඕන රෝගය ‍තෝරගෙන ඊට ඉස්සරහින් තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.(මේක ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිලිවෙලට තියෙන නිසා හොයාගන්න ලේසියි.ඕනනම් Ctrl + F ගහලා අවශ්‍ය රෝගයේ නම ගහන්න.එතකොට ලේසියෙන්ම හොයාගන්න පුලුවන්)

එතකොට ඔයාලව වෙනම පේජ් එකකට යයි.ඒකෙ කො‍ටු තුනක් තියෙනවා.පලවෙනි දෙකේ තියෙන්නෙ මම කියපු විදිහට ෆ්ලෑශ් වලින් හදපු ඒවා.ඔය දෙකේ එතරම් වෙනසක් නෑ.පලවෙනි එකේ අපිට පි‍ටුවෙන් පි‍ටුව පෙරල පෙරල බලන්න පුලුවන්(පි‍ටුම නෙවේ.හරි නම slide).දෙවෙනි එකේ එහෙම බෑ.එක දිගටම යනවා.තුන්වෙනි කො‍ටුව ක්ලික් කරලා ඔයාලට E-book එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

ඔන්න එහෙනම් ලින්ක් ලැයිස්තුව.මේක වැදගත් දෙයක් නිසා කොපි කරලා ඕන තැනක දාන්න.හැබැයි යටින් මේ ලිපියෙ ලින්ක් එකක් දානවනම් මම කැමතියි.එහෙනම් ඉතින් මේක වටිනවනම් කමෙන්ට් එකක් ෆලෝ එකක් දාලා යන්න.අපේ ෆේස්බුක් පි‍ටුවෙ දැනට 220 ක් විතර ඉන්නවා.ඔයාලත් එකතුවෙන්න.එතකොට මට හම්බවෙන වටිනා දේවල් ඒ පේජ් එක හරහා ඔයාලටත් බලන්න පුලුවන්.එහෙනම් අදට මම ගියා.



·  Diseases and Conditions
COPD <http://www.nlm.nih.gov/medlineplus/tutorials/copd/htm/index.htm(Chronic Obstructive Pulmonary Disease)
Gastroesophageal Reflux Disease <http://www.nlm.nih.gov/medlineplus/tutorials/gerd/htm/index.htm>(GERD)
Tests and Diagnostic Procedures
Surgery and Treatment Procedures
·  Cholecystectomy - Open Laparoscopic <http://www.nlm.nih.gov/medlineplus/tutorials/cholecystectomyopenandlaparoscopic/htm/index.htm(Gallbladder Removal Surgery)
·  Prevention and Wellness

ඔබේ බ්ලොග් අඩවියට/වෙබ් අඩවියට බැනර් එකක් හදාගමු


ඊයෙත් ලිපියක් දැම්මා වුනාට ඉක්මනටම ආයිත් එන්න හිතුනා.
අද අපි බලමු කොහොමද අපේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට බැනර් එකක් හදාගන්න විදිහ.

මුලින්ම කියන්න ඕනා මේ බැනර් එකේ තියෙන්නෙ සම්පූර්ණයෙන්ම පින්තූරයක්.ඒ කියන්නෙ පින්තූරෙ උඩ ක්ලික් කලාම යම් වෙබ් අඩවියක් වෙත යාම තමා බැනර් එකකින් සිද්ද වෙන්නෙ.

ඒක නිසා මුලින්ම ඔයාලා බ්ලොග් එකට සරිලන පින්තූරයක් සකස් කරගන්න ඕනා.ඒකට ඉතින් PHOTOSHOP වගේ මෘදුකාංගයක් යොදා ගන්න.
මම හිතන්න පින්තූරෙ සයිස් එක 240 x 240 px වගේ තිබ්බොත් තමා හොඳ.කොහොම හරි පින්තූරෙ හදලා සේව් කරගන්නකෝ.

ඊට පස්සෙ මෙන්න මේ සයිට් එකට යන්න

http://imageshack.us

ගිහින් ඕකට ඊමේල් පාස්වර්ඩ් දීලා රෙජිස්ටර් වෙන්න.(දකුනු පැත්තෙ උඩ ඇති Sign Up කියලා එකක්.ඒ හරහා යන්න)

ඊට පස්සෙ ඔයාලගෙ එකවුන්ට් එකට ඇතුල් වෙන්න.ඊට පස්සෙ එතන තියෙන Browse කියන එක ක්ලික් කරලා ඔයාලා හදපු පිංතූරෙ ‍තෝරලා දෙන්න.ඊට පස්සෙ යට තියෙන Upload කියන එක ක්ලික් කරන්න.ටික වෙලාවකින් ඔයාලව වෙනම පේජ් එකකට යයි.

ඒකෙ ඩිරෙක්ට් ලින්ක් ඉදිරියෙන් තියෙන ටෙක්ස්ට් එක මම පහල දීලා තියෙන කෝඩ් එකේ රතු පාටට යොදලා තියෙන කොටස වෙනුවට පාවිච්චි කරන්න.
නිල් පාට තැනට බැනර් එක ක්ලික් කරාම යන්න ඕනා වෙබ් ඇඩ්‍රස්(URL) එක දෙන්න.

<div class="separator" style="clear: both; text-align: center;">
<a href="http://samadeyakma.blogspot.com/"><img border="0" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidIVke50yLEysxENOFXWjvHC8OZzqUHYkzmNr9eG0U2GWaczb42_fjgA7OKLsT4BOFq2UGfGzpRA5TdMJSFzpP7LQkdozeTBXgBU1uUhTLtIZnCyW_xSjuhFjZLmai8dtCtzJNHpgamZG4/s1600/%255Bgickr.com%255D_7ef323d5-9aea-6534-5112-e709dd2da4a5.gif" /></a></div>

ඔයාලා මම කියපු විදිහට නිවැරදිව ආදේශ කලා නම් අදේශ කලාම හැදිච්ච කෝඩ් එක තමා ඔයාගෙ බැනර් එකේ HTML කෝඩ් එක.

අපි බලමු ඒ බැනර් එක Blogger බ්ලොග් එකකට දාගන්න හැටි.

මුලින්ම බ්ලොගර් ගිණුමට ඇතුල් වෙලා Layout වෙත යන්න.ඒකෙ Add a gadget වලට ගියාම එන බොක්ස් එකේ තියෙන HTML/JavaScript කියන එකට යන්න.ඒකෙ තියෙන ලොකු හිස් කො‍ටුවට ඔයා අදේශ කරගෙන හදාගත්ත බැනර් එකේ HTML කෝඩ් එක දාලා සේව් කරගන්න.ඊට පස්සෙ ඒක අවශ්‍ය තැනකින් තියලා සකස් කරලා උඩ තියෙන Save arrangement කියන එක ක්ලික් කරන්න.

දැන් ඒක බ්ලොග් එකට වැටිලා තියේවි.

මේ කෝඩ් බ්ලොග් කරන යාළුවන්ට දීලා තමන්ගෙ බ්ලොග් එකට වැඩියෙන් කට්ටිය ගෙන්වාගන්න පුලුවන්.

එහෙනම් ප්‍රශ්නයක් වුනොත් කමෙන්ට් එකක් දාන්න.ප්‍රශ්නයක් නොවුනත් කමෙන්ට් එකක් දන්න.අපේ ෆේස් බුක් පේජ් එකටත් එකතු වෙන්න.

www.facebook.com/samadeyakma

එහෙනම් ආයිත් ලිපියකින් හමුවෙමු.

Visitors ලා 10000 ක් ඇවිල්ලා




අද පොඩ්ඩක් බ්ලොග් එක පැත්තට ඇවිල්ල බලද්දි Vsisitors ලා 10000 ක් ඇවිල්ලා.ඉතින් ඒක නිසා හරිම සතු‍ටුයි.අනිත් බ්ලොග් අඩවි එක්ක බලද්දි මේක පුංචිම පුංචි ගාණක් වුනත් මට හරිම සතු‍ටුයි.

ඉතින් මෙතෙක් කාලෙකට මේ බ්ලොග් එකත් එක්ක ‍රැඳී හිටපු ඔබ සියළු දෙනාටම බොහොම ස්තූතියි.

සැමදෙයක්ම බ්ලොග් අඩවියේ ෆේස්බුක් පේජ් එකත් ලයික් 100 පන්නලා තිබුනා.ඒකටනම් වෙනම පෝස්ට් එකක් දැම්මෙ නෑ.ඒකට කමක් නෑ.අද වගේ දවසකවත් ඉතින් කමෙන්ට් එකක් නොදා ගියොත් වැඩක් නෑ.ඒක හින්දා කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාලා යන්න.

ඒ වගේම ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාන්න.

එහෙනම් තවත් ලිපියකින් ඉක්මනට හමුවෙමු.


සැමදෙයක්ම බ්ලොග් අඩවිය අළුත් නිවහනක





සැමදෙයක්ම බ්ලොග් අඩවියටත් දැන් Top Level Domain එකක් තියෙනවා.

ඔන්න අද ඉදන් හැමෝටම www.samadeyakma.com වෙතින් සැමදෙයක්ම බ්ලොගයට පිවිසෙන්න පුළුවන්.

ඉස්සර වගේ samadeyakma.blogspot.com කියලා දිගට ගහන්න නෑ.

හරියටම කිවුවොත් මම බ්ලොග් අඩවියට .com ඩෝමේන් එකක් ගත්තා.

ඩොලර් 9.50 වුනා.ඒ කියන්නෙ සමාන්‍යයෙන් රුපියල්1200 විතර.මේකට වියදම් කලෙත් ‍ෆිවර් එකේ සල්ලි තමා.

ඒ වගේම මම මේක ගත්ත තැන ගැනත් කියන්න ඕනා.මම මේක ගත්තෙ ලංකාවෙ අයියා කෙනෙක්ගෙන්.මේක තමයි එයාගෙ වෙබ්සයිට් එක.

http://www.hostinglions.com/

ඔයාලටත් ඕන වුනොත් ඩෝමේන් හරි හොස්ටින් හරි ගන්න මෙතනින් ගන්න පුලුවන්.ලංකාවෙ කෙනෙක් නිසා විශ්වාසයි.මෙන්න ඒ අයියගෙ ඊමේල් එක.

admin@shyamin.com


ඉතින් මම හිතනවා ඉස්සරටත් වඩා හොඳට ඉදිරියේදි සැමදෙයක්ම බ්ලොග් අඩවියට ඔයාලා එකතු වේවි කියලා.තව දෙයක් කියන්න තියෙනවා.ඒ තමා සැමදෙයක්ම ෆේස්බුක් පේජ් එක වටා දැනට 96 ක් ඉන්නවා.ඒක හින්දා මම හිතනවා මේ පෝස්ට් එකෙන් පස්සෙ ඒ ගාන 100 පනියි කියලා.මම මේ පේජ් එකේ බ්ලොග් එක ගැන විතරක් නෙමේ.හොඳයි කියලා හිතෙන හැම දෙයක්ම ශෙයා කරනවා.ඒක නිසා ඔයාලට මේ පේජ් එක එක්ක සම්භන්ධ වෙලා දැනුම වගේම විනෝදයත් ලබන්න පුලුවන්.

මෙන්න ෆේස්බුක් පේජ් එක:- http://www.facebook.com/samadeyakma

එහෙනම් මම ගියා.ඉක්මනටම තව ලිපියකින් හමුවෙමු.

විශ්වයේ විස්මිත තොරතුරු - 4


ඔන්න ඉතින් කාලෙකින් ආයිත් ලිපියක්.මම දැන් ඉන්ටර්නෙට් මනී වලට අත ගහපු නිසා වෙලාවක් නෑ.කොහොමහරි ඒක හරි ගියා.දැන් මම ‍ෆිවර් වලින් මාසෙකට රුපියල් 30000 ක් විතර ගන්නවා.ඒ ගැනත් මම පස්සෙ ලිපියක් දාන්නම්.

මේකෙ කොටස් තුනක් ඉස්සෙල්ල ගියා.

මෙහි පලවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.
මෙහි දෙවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.

මෙහි තුන්වන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.


ඒ ටිකත් බලලම මේක බලන්න.

මිකී මවුස් නිර්මාතෘ වෝල්ට් ඩිස්නි සැබෑ ජීවිතයේදී මීයන්ට බොහෝ බිය විය.



ලොව බරින් අඩුම ක්ෂීරපායි සත්වයා වන්නේ Bumble-bee bat නැමැති වවුල් වර්ගයි.



ලෝකයේ සෑම මහද්වීපයකම නම ආරම්භ වන අකුරින්ම අවසන් වෙයි.

රයිනෝසිරස්ගේ අඟ නිර්මාණය වී තිබෙන්නේ එකට එක් වූ ලොම් සමූහයකිනි.



පෘතුවි පෘෂ්ඨයෙන් 1/10 හිමාලයෙන් වැසී තිබේ.

ලොව විශාලතම ඇස් තිබෙන්නේ යෝධ දැල්ලාටය.

ආමන්ඩ් අයත් වන්නේ පීච් පවුලටයි.



ලොව අනෙක් රටවලට වඩා බහුතරයක් සිනමා ශාලා රුසියාවේ පිහිටා තිබේ.

ලොස් ඇන්ජලීස් නගරයේ සම්පූර්ණ නම(Los Angeles) -- El Pueblo de Nuestra Senora la Renia de los Angeles de povniuncula යන්නයි.

පූර්ණ චන්ද්‍රයා දිස් නොවූ එකම මාසය ලෙස ඉතිහාසයේ වාර්තා වන්නේ 1865 පෙබරවාරි මාසයයි.

ශීතකරණයේ තැබීමෙන් රබර් පටි දිගු කාලයක් භාවිතා කළ හැකිය.



බාබි බෝනික්කාගේ සම්පූර්ණ නම Barbie Millcent Roberts  ය.





ඔන්න එහෙනම් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාලා ෆලෝ එකක් දාලා,පේජ් එකට ලයික් එකකුත් දාන්න.

"Observer" ඔබට නිවන් සුව ලැබේවා.




දැන් ටිකකට ඉස්සෙල්ලා බ්ලොගර් ඩෑශ්බෝර්ඩ් එකට ලොග් වෙලා බලනකොට හැමතෑනම Observer ඔබට නිවන් සුව කියලා දාලා තිබ්බා.ටිකක් ඒවාට ගිහින් බලනකොටයි මේ ගැන දැන ගත්තේ.

ඇත්තටම Observer නැත්නම් සනත් විජේවර්ධන කියන්නෙ බ්ලොග් කරුවෙකුට වඩා කමෙන්ට් කරුවෙක් කිවුවොත් නිවැරදියි.මගේ බ්ලොග් එකේ කමෙන්ට් දමා නොතිබුනත් සහෝදර බ්ලොග් අඩවි වෙත ගිය සෑම වතාවකම අනිවාර්යයෙනම දු‍ටු නමක් වෙන්නෙ Observer.

හැම ලිපියකටම තමාගෙ හිතේ තියෙන දේ කියලා බ්ලොග් කරුවන්ව ධෛර්යමත් කරන්න නිරතුරුවම ඇප කැප වෙච්ච කෙනෙක් තමා Observer.

ඉතින් ඒ වගේ කෙනෙක් අපෙන් වෙන්ව යෑම බ්ලොග් ලෝකයට ලොකු පාඩුවක්.

සියැසින් දැක නොතිබුනත් ඉතාමත් හොඳ කෙනෙක් බව ඔහුගේ කමෙන්ට් වලින්ම වටහාගන්න කිසිම කෙනෙක්ට බැරි කමක් නෑ.

"Observer" ඔබට නිවන් සුව ලැබේවා.

සුභ වෙසඟක් වේවා



ඔබ සැමට සුභ වෙසඟක් වේවා

රුපියල් 3න් පටන් ගෙන දහස් ගනන් උපයමු - අන්තර්ජාලයෙන් මුදල් - 1 - E-money-1

අද ටිකක් වෙනස් ලිපියක් දාන්නයි හදන්නෙ යාළුවනේ.අන්තර්ජාලයෙන් මුදල් උපයන විදිහක් තමයි දැන් හදන්නෙ.

අපිට මුදල් උපයන්න උදවු වෙන සයිට් එක තමයි ක්ලික්සෙන්ස් කියන්නෙ.මේක PTC සයිට් එකක්.දැන් සමහරු මේක ක්ලෝස් කරලා දායි මේක එපා වෙන වැඩක් කියලා.මේක මුලින්නම් ටිකක් එපා වෙනවා තමයි.හැබැයි මාසයක් දෙකක් යනකොට මාසික ආයාදම හොඳට වැඩි කරගන්න පුලුවන්.අඩුම ගානෙ මේකෙන් ඉන්ටර්නෙට් බිලවත් ගෙවන්න පුලුවන්නෙ.

අපිට මේකෙදි කරන්න තියෙන්නෙ ඇඩ් ක්ලික් කරන එක.ඇඩ් විස්සක් විතර ක්ලික් කරලා දවසට රුපියල් 3ක් වගේ තමයි හම්බවෙන්නෙ.මදි නේද?

මේ වෙලාවට තමයි අපිට රෙෆරල්ලා ඕන වෙන්නෙ.රෙෆරල්ල කියන්නෙ කවුරු හරි හරහා රෙජිස්ටර් වෙන අය.ඒ කියන්නෙ ඔයා හරහා ඔයාගෙ යාලුවෙක් රෙජිස්ටර් වෙනවා වගේ.මේ රෙෆරල්ලා ක්ලික් කරන ඇඩ් එකක් ගානෙ ඔයාට මුදලක් එනවා.

ඒ වගේම රෙෆරල්ටත් වාසියක් තියෙනවා.ඒ තමයි එයා මොකක් හරි වැ‍රැද්දක්(එකම කම්පියුටරෙන් එකවුන්ට් දෙකක් සෑදීම වගේ ඒවා)කරලා එයාගෙ එකවුන්ට් එක නැවැත්තුවොත් ඔයාට පුලුවන් ඒක ආපහු ඉස්සෙල්ල තත්වෙටම අරන් දෙන්න.එයා තනියෙන් සාමාන්‍ය විදිහට රෙජිස්ටර් වුනොත් ඒක කරන්න බෑ.එයාගෙ සල්ලි නැතුව යනවා.

ඉතින් දැන් අපි බලමු ඔයා රෙෆරල් ලා 100 ක් හොයාගත්තොත් ඔයාගෙ මාසික ආයාදම

රෙෆරල් කෙනෙක් මයික්‍රෝ ඇඩ් 20ක් දවසට ක්ලික් කලොත් = 0.0002 * 20
                                                                                               =0.004

රෙෆරල්ස්ලා 100 දෙනාම ක්ලික් කරාම                                   =0.004 * 100
                                                                                                =0.4

රෙෆරල් කෙනෙක් මිනි ඇඩ් 2ක් දවසට ක්ලික් කලොත්          = 0.0010 * 2
                                                                                               =0.002

රෙෆරල්ස්ලා 100 දෙනාම ක්ලික් කරාම                                   =0.002 * 100
                                                                                                =0.2

මිනි ඇඩ් සහ මයික්‍රෝ ඇඩ් යන දෙකෙන්ම හම්බවෙන මුදල් වල එකතුව   = 0.4+0.2
                                                                                                                 =0.6

අපි දවසකට හොයන මුදල                                                                        =0.03

එකතුව                                                                                                      =0.6+0.03
                                                                                                                 =0.63

එතකොට මාසෙකට                                                                                  =0.63 * 30
                                                                                                                 =18.9

මේ අපි ගත්තෙ ඩොලර් වලින්නෙ මේක දැන් රුපියල් කරමු.දැන් ඩොලර් එකක් රුපියල 130 විතර වෙනවා.කමක් නෑ.125 කියලා ගමු.

එතකොට
 18.9*125
=2362.5 Rs

මේකත් මදි වගේද?

එහෙනම් ඌරාගෙ මාලු ඌරගෙ ඇඟේම තියලා කපමු.
ගත්ත ඩොලර් 18 න් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගමු.ඒකක් ඩොලර් 17 යි.(අවුරුද්දකට)අනික් පීටීසී සයිට් එක්ක ගත්තම හුඟක් ගාන අඩුයි.අනිත් ඒවායෙ ඩොලර් 180 විතර වෙනවා.මම ඊලඟ ලිපියෙදි කියල් දෙන්නම් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගන්න විදිහ.මේක ගත්තම රෙෆරල්ස්ලගෙන් එන ගාන දෙගුන වෙනවා.ඇඩ් එකකට ගෙවන ගාන වැඩි වෙනවා.ඇඩ් ගොඩක් දෙනවා.අපේ රෙෆරල් කෙනෙක් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගත්තොත් ඩොලර් 2ක්(රුපියල් 250ක් වගේ)ගෙවනවා.ඒ වගේම ඔයාගෙ රෙෆරල්ස්ලගෙ රෙෆරල්ලා ක්ලික් කරන ඒවාටත් සල්ලි දෙනවා.(අපේ රෙෆරල්ස්ල මගින් හම්බවෙන වාසි ඔක්කොම ටිකක් අඩුවෙන් එයාලගෙනුත් හම්බ වෙනවා)රෙෆරල්ලගෙ රෙෆරල්ලා,එයාලගෙත් රෙෆරල්ලා.එයාලගෙත් රෙෆරල්ල විදිහට 8 ක් යනකන්ම හම්බවෙනවා.මේ ඔක්කොම වාසි ප්‍රිමියම් මෙම්බර්ශිප් එක ගත්ත අයට හම්බවෙනවා.




එතකොට අපේ මාසික අදායම රුපියල් 6000 ක් 7000ක් වේවි.මේ ඇති නේද?
මේක පාට් ටයිම් තමයි ඉතින්.රස්සාව වෙනුවට නම් කරන්න බෑ.

හරි දැන් සල්ලි හෙවුවා කියමු කොහොමද සල්ලි එලියට ගන්නෙ.මේකට ඔයාට අන්තර්ජාල බැංකු ගිණුමක් ඕනා.මෙන්න තියෙනවා අන්තර්ජාල බැංකු ගිණුම් දෙන ආයතන ටිකක්.

Alertpay-හරි යන්නෙ නෑ.බෑන්ක් එකවුන්ට් එකකට සල්ලි ගෙන්න ගන්න පුලුවන්.හැබැයි ඩොලර් 15 ක්(රුපියල් 1725ක් විතර) කපාගන්නවා.
Moneybookers-ඉතාමත් හොඳයි.නමුත් ක්ලික්සෙන්ස්(අපි සල්ලි හොයන එක)ආයතනය සහය දක්වන්නෙ නෑ.ඒක හින්දා වැඩක් නෑ.
Paypal-ලංකාවෙ අයට පුලුවන් සල්ලි ගෙවන්න විතරයි.(ක්ලික්සෙන්ස් සල්ලි එකවුන්ට් එකට ගන්නවත් ඒකෙන් ලංකාවට ගෙන්නන්නවත් බෑ.උත්සහකරන්න ගිහිල්ල සල්ලි නැතුවයන්න පුලුවන්)

නමුත් අපිට කරන්න වෙන්නෙ Paypal වලින් තමයි.ඒකට අපිට හොරට පිටරට විදිහට පේපැල් ගිණුමක් හදන්න වෙනවා.ඒක හදන හැටි දැන ගන්න මෙතන රයිට් ක්ලික් කරලා Open link in new tab කියන එක ක්ලික් කරන්න.

මේ විදිහෙන් එකවුන්ට් එකට සල්ලි ගන්න පුලුවන්.නමුත් ගෙන්නන්න බෑ.ඒකට විසඳුමක් විදිහට ශ්‍යාමින් කියන යාළුවා එයාගෙ බ්ලොග් එකේ විසඳුමක් දාලා තිබ්බා.එයා කියලා තියෙනවා සල්ලි HNB බැංකු ගිණුමකට ගෙන්නලා දෙන්නම් කියලා.මෙන්න ඒ යාළුවාගෙ ඊමේල් එක.

admin@shyamin.com

ඒකට ඊමේල් එකක යවලා ඔයාගෙ උවමනාව කියන්න.

එහෙම නැත්නම් මෙතනත් තියෙනවා සල්ලි ගෙන්නන විදිහක්.එහි පලවන කොටස බලන්න මෙතන ක්ලික් කරන්න.

 දෙවන කොටස බලන්න මෙතන ක්ලික් කරන්න.

හරි දැන් අපි බලමු කොහොමද මේකෙ රෙජිස්ටර් වෙලා ඇඩ් බලන්නෙ කියලා.
මුලින්ම පහත ඇති බැනර් එක ක්ලික් කරලා ඒ සයිට් එකට යන්න.ඕක ක්ලික් කරාම යන්නෙ මම හරහා.(ඒ කියන්නෙ ඔයා මගෙ රෙෆරල් කෙනෙක්)මම මුලින් එහෙම රෙජිස්ටර් වුනාම තියෙන වාසි කිවුවා මතකනෙ.මමත් රෙජිස්ටර් වෙලා තියෙන්නෙ ශ්‍යාමින් කියන යාළුවා හරහා.




ඕන නම් මෙතන ක්ලික් කරලත් ඔතනටම යන්න පුලුවන්.

 ඊට පස්සෙ ඔතන තියෙන කො‍ටු දෙකෙන් වම් පැත්තෙ තියෙන කො‍ටුවෙ තියෙන Sign Up කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන පේජ් එක සාමාන්‍ය විදිහට පුරවන්න.ඇත්ත තොරතුරු දෙන්න.Zip/Postal Code කියන එක පෝස්ට් ඔ‍ෆිස් එකේ ගහලා තියෙනවා.නැත්නම් මෙතන ක්ලික් කරලා හොයාගන්න.

ඊට පස්සෙ දෙවෙනි කොටසෙ නැත්නම් Payment Details කියන කොටසෙ තියෙන Method කියන එකට Paypal කියල ‍තෝරලා දීලා PayPal Email කියන එකට හොර පේ පැල් එක හදද්දි දුන්න ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න.ඊට පස්සෙ ඉතුරු ටිකත් පුරවලා අන්තිමට ටික්(හරි) දාන්න තියෙන ඒවායින් පලවෙනි එක ටික් එක දාලා අනිත් ඒවාට කැමතිනම් දාන්න.ඊට පස්සෙ යට තියෙන Create account කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඔයාගෙ ඊමේල් එකට එන ඊලිපියෙ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාගෙ ඊමේල් එක කන්ෆර්ම් කරගන්න්.

ඊට පස්සෙ ඔයාගෙ එකවුන්ට් එක ඇතුල්වෙන්න.ඊට පස්සෙ ඒකෙ තියෙන View ads කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඔයාගෙ ඇඩ් ටික පෙන්වයි.ඒවා එකක් ක්ලික් කරන්න.(ඔක්කොම ක්ලික් කරලා ඒ ඔක්කොම නැති කරගන්න එපා)ඊට පස්සෙ ඒක අලුත් ටැබ් එකකින් ඕපන් වෙයි.ඊට පස්සෙ එතන තියෙන රූප වලින් පූසාට ක්ලික් කරන්න.ඊට පස්සෙ කාලය පටන් ගනියි.ඒක ඉවර වෙනකන් වෙන ඒවා බලන්න එපා.ඒක විතරක් බලන්න.නිවැරදිව ඇඩ් එක බලලා ඉවර වුණාම උඩින් කොල පාට හරියක් වැටෙයි.එතකොට ඒ ටැබ් එක ක්ලෝස් කරලා අලුත් ඇඩ් එකකට ක්ලික් කරන්න.ඉස්සෙල්ල වගේම කරන්න.ඔක්කොම ඇඩ් ව්ලට ක්ලික් කරන්න.

දැන් ඔයාගෙ සල්ලි ගාන උඩ වැටිලා තියෙයි.

දවසට 6 පාරක් 7 පාරක් වත් ඇවිල්ලා අලුත් ඇඩ් ඇවිල්ලද බලන්න.
එහෙම නැත්නම් මෙතන ක්ලික් කරලා ගිහිල්ල එයාලගෙ Toolbar එක දාගන්න.
එතකොට අලුතෙන් ඇඩ් ආපු ගමන් ඒක Toolbar එකේ වැටෙනවා.(අර ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඉන්ස්ටෝල් කරන්න.එතකොට ඔයාගෙ බ්‍රොව්සර් එක උඩ Toolbar එක වැටෙයි)

හරි දැන් බලමු කොහොමද රෙෆරල්ලව හොයාගන්නෙ කියලා.මුලින්ම ඔයාලගෙ එකවුන්ට් එකේ ඔයාගෙ නම වැටිලා තියෙන කොටස(ගානත් වැටිලා තියෙනවා)උඩට මවුස් එක ගෙනියන්න.එතකොට පහලට ලිස්ට් එකක් වැටෙයි.ඒකෙන් Account Summary කියන එකට යන්න.ඒකෙ මැද හරියෙ ඇති My Affiliate Link කියල එකක්.ඒක ඉස්සරහින් වැටිලා තියෙන්නෙ ඔයාගෙ රෙෆරල් ලින්ක් එක.

ඊට පස්සෙ තියෙන්නෙ ඉතින් බ්ලොග් එකේ ලිපියක් දාන්න මේ අඩවිය ගැන විස්තර දාලා.ඊට පස්සෙ ඒකෙ ඔයාගෙ රෙෆරල් ලින්ක් එක දාලා කියන්න ඒ ලින්ක් එකෙන් ගිහිල්ල රෙජිස්ටර් වෙන්න කියලා.බ්ලොග් එකක් නැත්නම් යාළුවන්ට ඊමේල් යවන්න.නැත්නම් Elakiri.com,Zoom.lk වගේ ෆොරම් වල දාන්න.ඔය ලින්ක් එක හරහා රෙජිස්ටර් වන හැමෝම ඔයාගෙ රෙෆරල්ල.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේක ඉතාමත් විශ්වාසදායකයි.ම්ම දන්න කිහිප දෙනෙක්ම සල්ලි අරන් තියෙනවා.මට තාමනම් සල්ලි ගන්න බැරි වුනා.ලඟදිම ගන්නවා.ඒ වගෙම මේකට උත්සහය,කැපවීම ඕනා.එපාරින් ලක්ශ ගනන් හොයන්න බෑ.පලමු මාසයේ ආදායම රුපියල් 50 ක් වෙන්නත් පුලුවන්.තව දවස් යද්දි මුදල් හම්බවෙයි.මේකෙ ප්‍රධානම කොටස තමයි රෙෆරල්ස්ලා.

එහෙනම් මම හිතන්නෙ මේක ගොඩක් වැදගත් ලිපියක් වෙන්න ඇති.ඕනෑම ප්‍රශ්නයක් මෙතන කමෙන්ට් කරන්න.(කමෙන්ට් දාන විට ඔබගේ ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරන්න)නැත්නම් මට ඊමේල් එකක් එවන්න.

ranulhashika.g@gmail.com

එහෙනම් මම ගියා.ලඟදිම යලිත් හමුවෙමු.

ලැබුවා වූ නව වසර සුභ නව වසරක් වේවා



ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.

මවුස් පෑඩ් එකක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න


මගෙ බ්ලොග් එකට වසරක් පිරිලා තාම දවස් තුනනෙ.ඒ නිසා මම හිතුවා මගෙ ගානෙ ඔයාලට තෑග්ගක් දෙන්න.මම දෙන්නෙ ඔය උඩ තියෙන මවුස් පෑඩ් එක.
(මේක මම දෙනවයි කිවුවෙ බොරුවට හොඳේ.මම ඒක හැටි තමයි කියල දෙන්න හදන්නෙ)
මේ පහළ තියෙන්නෙ මට හම්බුනු එක






මම මීට ඉස්සෙල්ලත් නොමිලේ ගෙන්න ගන්න ඒවා දැම්මට ගොඩක් ඒවා ආවෙ නෑ.
මේකනම් ඉතින් අනිවාර්යයෙනම එනවා.බයවෙන්න දෙයක් නෑ.එහෙනම් මුලින්ම www.tomtop.com කියන සයිට් එකට යන්න.
ඊට ප්ස්සෙ මම පහළ පින්තූරෙ රතු පාටින් තියෙන තැන ක්ලික් කරලා ෆේස්බුක් හරහා මේකෙ රෙජිස්ටර් වෙන්න.වැඩි දෙයක් නෑ.ඒක ක්ලික් කරලා ෆේස්බුක් එකේ ඊමේල් පාස්වර්ඩ් දෙන්න විතරයි.ඔයා ෆේස්බුක් ගිණුමට ඇතුල් වෙලා නම් හිටියෙ ඒකත් ඕනෙ නෑ.

ඔයාට ෆේස්බුක් ගිණුමක් නැත්නම් පින්තූරෙ තියෙන කහපාට තැන ක්ලික් කරලා සාමාන්‍ය විදිහට රෙජිස්ටර් වෙලා ගිනුමට ඇතුල් වෙන්න.සාමාන්‍ය විදිහට රෙජිස්ටර් වෙනකොට ඒ ෆෝම් එකේ හරි දාන්න තියෙන ඔක්කොටම හරි දාන්න.



දැන් ගිණුමට ඇතුල් වෙලා පහළ ලින්ක් එකට යන්න.
http://www.tomtop.com/tomtop-mouse-mat-for-desktop-computer-and-notebook_p9243.html

ඔය තියෙන්නෙ මවුස් පෑඩ් එක තමයි.


මේ සයිට් එක ගැනත් පොඩි විස්තරයක් කියන්න ඕනා.
මේක චීනෙ සයිට් එකක්.හරියට ඊබේ වගේම තමයි.මෙයාලාගෙ පොයින්ට්ස් ක්‍රමේකුත් තියෙනවා.පොයින්ට් 100 ක් ඩොලර් 1 යි.අපි රෙජිස්ටර් වෙනකොට අපිට පොයින්ට්ස් 70 ක් ලැබෙනවා.අර මවුස් පෑඩ් එකත් 0.70$ යි වෙන්නෙ.ඒ නිසා අපේ පොයින්ට්ස් වලින් අපිට ඒකක් ගන්න පුලුවන්.

හරි දැන් අපි ආයිත් වැඩේට බහිමු.දැන් ඔයාලා අර ලින්ක් එකට ගියානෙ.එතකොට මැද හරියෙ තියෙයි Add To Cart කියල බට්න් එකක් අන්න ඒක ක්ලික් කරන්න.

ඊට පස්සෙ ටික වෙලාවකින් එතන වැටෙයි පොඩි කො‍ටුවක්.ඒකෙ තියෙන View Shopping Cart කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන පේජ් එකේ මැද හරියෙ තියෙයි Tomtop Points කියල කො‍ටුවක් ඒකෙ 70 කියල ටයිප් කරල Apply Points කියන  එක ක්ලික් කරන්න.ඊට ප්ස්සෙ පි‍ටුව ඉබේම රීලෝඩ් වෙයි.එතකන් ඉවසලා ඉන්න.ඊට පස්සෙ වම් පැත්තෙ තියෙන Proceed To Checkout කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ ෆෝර්ම් එකක් එයි.ඒක මම කියන පිලිවෙලටම පුරවන්න.

First Name - ඔබගේ මුල් නම
Last Name -ඔබගේ වාසගම
Company -මුකුත් දෙන්න එපා
Address  -නම,නගරය,රට සහ පලාත හැර ලිපිනයේ ඉතිරි කොටස් ටික පිලිවෙලට දෙන්න(ඒ කියන්නෙ අංකය,පාර වගේ ඒවා)
City -නගරයේ නම දෙන්න
Zip/Postal Code -ඔබගේ නගරයේ පෝස්ටල් කෝඩ් එක දෙන්න.ඒක මෙතන ක්ලික් කරලා හොයාගන්න.ලංකාවෙ නෙමෙයි වුනත් ගූගල් වල සර්ච් කරපු ගමන් එනවා.(මතක ඇතුව අලුත් ටැබ් එකකින් ඕපන් කරගන්න)
Telephone -දුරකතන අංකය දෙන්න(ඔබගේ රටේ ටෙලිෆෝන් කෝඩ් එක මුලට දමා ටෙලිෆෝන් නම්බරේ මුලට තියෙන බිංදුව අයින් කරන්න.ලංකාවෙ ටෙලිෆෝන් කෝඩ් එක 94)
Fax -දෙන්න එපා
Country -රට ‍තෝරලා දෙන්න
State/Province -පලාත දාන්න(බස්නාහිර පලාතෙ නම් Western කියලා දාන්න)

ඊට පස්සෙ යට ‍තෝරන්න තියෙන දෙකෙන් Ship to this address කියන එක ‍තෝරලා Continue කරන්න.


ඊට පස්සෙ එන ඔප්ෂන් වලින් උඩම එක ක්ලික් කරන්න.ඊට පස්සෙ Continue කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන ඔප්ෂන් තුනෙන් මැද එක ඒ කියන්නෙ Pay with points කියන එක ක්ලික් කරලා Continue  කරන්න.

ඊට පස්සෙ එන පේජ් එකේ Place Order කියන එක ක්ලික් කරන්න.

ඔන්න දැන් වැඩේ හරි.දැන් ඊමේල් එකටත් මැසේජ් එකක් ඇවිල්ල ඇති.නැවට දැම්මමත් ඊමේල් එකක් එයි.

මේකෙ තියෙන අනිත් බඩුත් නොමිලේ ගන්න හැටි මම කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.හැබැයි මේ ලිපියට කමෙන්ට්ස් 20 ට වැඩිය වැ‍ටුනොත් විතරයි.එහෙනම් ෆලෝ පාරක් දාලා කමෙන්ට් එකකුත් දාලා යන්න.බඩුව ආවාට පස්සෙ ඒ ගැනත් කියන්න.එහෙනම් මම ගියා.



Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This