පොඩි ටෝච් එකක් නොමිලේ ගෙදරට ගෙන්න ගන්න


ඔන්න ආයිත් පෝස්ට් එකක් දාන්නයි ලෑස්තිය.ඊයෙ දාපු පෝස්ට් එකට මම හිතුව තරම් කට්ටියගෙ කැමැත්තක් තිබුනේ නැහැ. 7 දැනාටයි ඕන වෙලා තිබුනේ.ඒ පෝස්ට් එකට(ඔබේ යාළුවා කියන දේ පෙන්නන වීඩියෝ එකක්)යන්න මෙතන ක්ලික් කරන්න.
 හරි දැන් මාතෘකාවට බහිමු.වෙනදා දුන්න වගේ අදත් නොමිලේ දෙන බඩුවක්.ලස්සන පොඩි ටෝච් එකක්.ඔය පල්ලෙහ තියෙන්නෙ ඒක.



ලස්සනයි නේද?එහෙනම් ඉතින් ඒක ගන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න.මම ඔය වගේ නොමිලේ දෙන දේවල් ගැන ලියපු ලිපි බලන්න මෙතන ක්ලික් කරන්න.මට මේවා එනව කියල ලොකු ෂුවර් එකක් නැහැ.නොමිලේ දෙන හින්දා අරගන්න.එහෙනම් ඉතින් මම යන්නම්.කමෙන්ට් එකක් දැම්මට follow පාරක් දැම්මට කමක් නැහැ.

ඔබේ යාළුවා කියන දේ පෙන්නන වීඩියෝ එකක්



ඔන්න හෙට යාළුවව පුදුම කරවන්න පුළුවන්.මේකෙ යාළුවා කියන දේ වීඩියෝ එකේ ඉන්න කෙනා පෙන්නනවා.
මේකෙ හරියටම කිව්වොත් මෙහෙමයි වෙන්නෙ.මේක බොහොම පරණ වීඩියෝ එකක්.මේ වීඩියෝ එකේ කාඩ්පත් 5 ක් තියෙනවා.ඊට පස්සෙ තැනකදී වීඩියෝ එක නැවතිලා play බට්න් එකක් වැටෙනවා.ඊට පස්සෙ යාළුව කියන්න ඕනා කැමති කාඩ් එකක්.ඊට පස්සෙ ආයිත් අර play බට්න් එක ගහල ප්ලේ වෙද්දි ඒකේ ඉන්න කෙනා යාළුවා හිතපු දේ පෙන්නනවා.ඔය වගේ ඒකෙ කාඩ් වලින් ටෙස්ට් තුනක් තියෙනව.තුනේදිම ගාන්ටම හරි.පළවෙනි ටෙස්ට් එකේදි පෙන්නනවා.දෙවෙනි එකේදි කාඩ් අයින් කරාම ඉතුරු වෙන්නෙ හිතපු එක.තුනේදි කාඩ් එක අනිත් පැත්ත හරවල තියෙනවා.ඒක හරි පැත්ත හරවද්දි යළුවා හිතපු එක තියෙනවා.
මේක නම් නියම එකක් වගේ නේද?
මේක කියල දෙන වීඩියෝ එකකුයි.කරන වීඩියෝ එකයි දෙකක් තියෙනවා.
ඕන අය e-mail ඇඩ්‍රස් එක දාලා කමෙන්ට් එකක් දාන්න.(e-mail එකක් හදන්න දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් මෙතන ක්ලික් කරල ඒක හදාගන්න හැටි ඉගෙනගන්න.)
මම මෙහෙම දාන්නෙ මම දාන දෙය කී දෙනෙක් ප්‍රයෝජනයට ගන්නවද කියල දැනගන්නයි.
එහෙනම් මම ගියා.

ලෝකයේ ලොකුම ට්‍රක් එක බලන්න මෙතනට එන්න

අද පිංතූර ටිකක් තමයි ගෙනාවෙ.ලෝකයේ ලොකුම ට්‍රක් එක.ඉතින් මේක ගැන මම විස්තරය දන්නෙ නැහැ.බලල කමෙන්ට් එකක් දාලා යන්න.








ORIGINAL POST

You Tube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න නියම වෙබ් සයිට් එකක්(නියමෙටම වැඩ කරනව)


දවස් කීපයකින් පස්සෙ මම ආයිත් පෝස්ට් එකක් දාන්න හිතුවා.කොහොමත් මගෙ පෝස්ට් ලිවීමේ වේගය අඩුයි.සමහර බ්ලොග් නම් මාස ගන්න යනව update වෙන්න.ඒත් සාමාන්‍යයෙන් බ්ලොග් එකක් දින දෙකකට සැරයක් විතර update වෙනව.

හරි දැන් අපි අපේ මාතෘකාවට බහිමු.ගොඩක් අය You Tube වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න එක එක සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවා.(යූ ටියුබ් වල ඩවුන්ලෝඩ් පහසුකම් නැහැ)ඒත් ඒ එකක් වත් හරියට වැඩ කරන්නෙ නැහැ.පාවිච්චි කරපු අය ඒක හොඳින් දන්නව ඇති.ඉතින් ඒකට විසඳුමක් තමයි අද ගෙනාවෙ.මේක සොෆ්ට්වෙයාර් එකක් නෙමෙයි.වෙබ් සයිට් එකක්.මේකෙන් යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න හරිම ලේසියි.මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් සයිට් එකට යන්න.ඊට පස්සෙ යූ ටියුබ් වලට ගිහිල්ල ඕන වීඩියෝ එකක් ‍තෝරගන්න.ඊට පස්සෙ ඒක ප්ලේ වෙන්න දාන්න.එතකොට browser එකේ වෙබ් ලිපිනය(URL)වැටෙන තැන වැටෙන වෙබ් ලිපිනය කොපි කරගෙන අර සයිට් එකේ උඩ තියෙන text box එකට දාන්න.ඊට පස්සෙ Download  කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ format එක ‍තෝරල ක්ලික් කරන්න.ඊට පස්සෙ වීඩියෝ එක ගානට ඩවුන්ලෝඩ් වෙයි.හොඳනම් ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාල follow පාරක් දාලා යන්න.


මුහුද පතුලේ තිබෙන ටයිටැනික් නැව ඇතුළු තවත් ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙළක්***The Titanic at the bottom of the sea & many photos සහ කඩදාසියෙන් නිමවූ සුන්දර නිර්මාණ (නිවැරදි කිරීමයි)


මා විසින් පෙර දිනක පළ කල "කඩදාසියෙන් නිමවූ සුන්දර නිර්මාණ" ලිපිය සහ "මුහුද පතුලේ තිබෙන ටයිටැනික් නැව ඇතුළු තවත් ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙළක්***The Titanic at the bottom of the sea & many photos"ලිපියෙහි පළකල පින්තූර නොපෙනී ඇත(මට පේනවා.අනිත් අයට පේන්නෙ නැහැ)දැන් මම එය යළි සකස්කර ඇත.එය කීමට වෙනම ලිපියක් දැමීමට සිතුවේ එයට ලැබූ ප්‍රතිචාර නිසයි.ඔබ එම ලිපි දෙක බලා එය පෙනෙනවාද නැද්ද යන්න ගැන කිවහොත් එය ලොකු උදවුවකි.

"මුහුද පතුලේ තිබෙන ටයිටැනික් නැව ඇතුළු තවත් ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙළක්***The Titanic at the bottom of the sea & many photos"ලිපියට යෑමට මෙතන ක්ලික් කරන්න.


"කඩදාසියෙන් නිමවූ සුන්දර නිර්මාණ" ලිපියට යෑමට මෙතන ක්ලික් කරන්න.

බෞද්ධ පොත්පත්,බුක් මාර්ක්ස් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න


අදත් නොමිලේ දෙන දෙයක්.මේක ගැන කිවුවෙ නම් නදී අක්ක.මේ pack එකේ බොද්ධ පොත් පත්,බුක් මාර්ක්ස් සහ වාහන වලට ගහන stickers තියෙනව.බුක්මාර්ක් එකකට බුදු හාමුදුරුවො ඉන්න පිංතූර ගන්න එක හොඳද දන්නෙ නැහැ.කැමති අය ඉන්නවනම් ගන්න.ඒක ගන්න පහල ක්ලික් කරන්නකො.ඔය සයිට් එකට ගිහිල්ල යටම තියෙන"
Please click here for the Request Form.  "කියන එක ක්ලික් කරන්න.මම ඉස්සෙල්ල දාපු මේ වගේ නොමිලේ දෙන දේවල් ගැන දැනගන්න මෙතන ක්ලික් කරන්න.එහෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාල යන්න.

පොත්පත්,බුක් මාර්ක් ගන්න මෙතන ක්ලික් කරන්න.



මෙම පොත් සහ බුක්මාර්ක් ලබාදෙන අඩවියේ Administrator ගේ ඉල්ලීම මත ලින්ක් එක ඉවත් කරන ලදි.එසේම මේ වන විට මෙම අඩවියෙන් ලංකාවට මෙම කට්ටලය එවන්නේ නැත.ඒ ගැන මාගේ කණගා‍ටුව පල කරමි.(එම ඉල්ලීම බැලීම සඳහා පහල කමෙන්‍ටු බලන්න)


I Remove Link


-----------------------------------------------------------------------------------------------------------------------------------

පසුව ලියමි:-
මට අද හම්බවුනා(2011-10-22).ශ්‍රී ලංකාවෙ බුදු දහම ගැන තියෙන පොතකුයි.පොඩි පොත් 4 කුයි.බුක්මාර්ක් 5 කුයි.වාහන වල ගහන ස්ටිකර් 2 කුයි ඒකෙ තියෙනවා.මේක හම්බවුනු කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බ වෙන ලිපියක.ඒ ලිපිය බලන්න මෙතන ක්ලික් කරන්න.

නොමිලේ T-SHIRT එකක් ගෙදරටම ගෙන්න ගන්න



අදත් නොමිලේ ගෙන්න ගන්න පුළුවන් දෙයක් ගැන තමයි කියන්නෙ.අද දෙන්නෙ t-shirt එකක් බව දන්නවනෙ.මේකෙ පින්තූරයක් හොයාගන්න බැරිවුනා.කමක් නැහැ.පහල ක්ලික් කරන්න.ඊට පස්සෙ form එක පුරවන්න.එතකොට t-shirt එක ගෙන්න ගන්න පුළුවන්.හැබැයි මේ එකක්වත් එයි කියල ෂුවර් නැහැ.නිකං දෙන දේ හින්ද ගන්න.ඉස්සෙල්ල මම මේ වගේ නොමිලේ ගෙන්න ගන්න ඒව ගැන ලිවුව.ඒව බලන්න මෙතන ක්ලික් කරන්න.
කොහොමහරි මගෙ බ්ලොග් එකට ඊයෙ මාස 6 කුත් වුනා.ඒක හින්ද මට සුභ පැතීමක් විදිහට මාව follow කරන්න(කැමතිනම්).කමෙන්ට් එකකුත් දාල යන්න.එහෙනම් මම ගියා.

මත්ද්‍රව්‍ය සහ ඒවායින් සිදුවන දේවල් ගැන තියෙන පොත් ටිකකුයි DVD එකකුයි නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න


අදත් දෙන්නෙ නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් බඩුවක් ගැන.ඉස්සෙල්ල දුන්නනෙ කැප් එකක්.ඒක බලන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න.
අද දෙන්නෙ මත්ද්‍රව්‍ය ගැන සහ ඒවයින් සිදුවන නරක ප්‍රථිපල ගැන තියෙන dvd එකක් සහ පොත් සෙට් එකක්.පහල තියෙන්නෙ ඒකෙ පින්තූරයක්.




මේක ක්ලික් කරන්නකො ඒක ගන්න.
කමෙන්ට් එකක් දාල යන්න එහෙනම්.

නොමිලේම කැප් එකක් ගෙදරටම ගෙන්න ගන්න.(අවස්ථා සීමිත විය හැක)


අද තෑගි දෙන්නයි හදන්නෙ.හැබැයි තෑග්ග දෙන්නෙ මම නෙමෙයි.YOVIA කියන සයිට් එක.ඔය පහළ තියෙන්නෙ දෙන්න හදන කැප් එක



ලස්සනයි නේද?

මමත් මේක ඕඩර් කළා.තාම දවස් දෙකයි.ඒක හින්ද එයිද කියල හරියටම ෂුවර් නැහැ.කමක් නැහැ ඕඩර් කරන්න.හැබැයි ඉක්මනට මොකද ඔය වගේ ඒව දවස් කීපයයි තියෙන්නෙ.(දිගටම තියෙන්නත් පුළුවන්)පහල ක්ලික් කරල සයිට් එකට ගිහිල්ල ෆෝර්ම් එක පුරවන්න.එතකොට හරි.එහෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඕන.එහෙනම් මං ගියා.

කඩදාසියෙන් නිමවූ සුන්දර නිර්මාණ


අදත් දෙන්නෙ මට e-mail එකකින් ලැබුනු ලස්සන ඡායාරූප ටිකක්.මේ පින්තූර වල තියෙන්නෙ සම්පූර්ණයෙන්ම කඩදාසියෙන් හදපු නිර්මාණ.කෙනෙකුට හිතෙයි මේව හදල තියෙන්නෙ රෙදි වලින් කියල.හැබැයි  මේ රෙදි නෙමෙයි.මේක ගැන වැඩිය කතා කරන්න දෙයක් නැහැ.එහෙනම් බලන්නකො පින්තූර ටික.
















ලස්සනයි නේද?එහෙනම් කමෙන්ට් එකක් දාල කැමතිනම් follow එකකුත් දාලා යන්න.

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This