පුළුවන්නනම් කියන්න.ගණිත ගැටළුවක්.(5)

අද මම පස්වෙනි ගණිත ගැටළුවත් දානවා.මම ටික කාලයක් ගණිත ගැටළු නොදා හිටිය.ඒ වුනාට මට ආයිත් දැන් දාන්න හිතුනා.මේ ගණිත ගැටළුවටත් කමෙන්ට් එකකින් උත්තර දෙන්න.
ඔන්න ගණිත ගැටළුව


චන්දිමා සහ ලක්මාලි එකම පාසලේ යෙහෙළියන් දෙදෙනෙකි.චන්දිමාට කවියක් 10 වරක් කියවීමෙන්ද,ලක්මාලිට 15 වරක් කියවීමෙන්ද ඔවුන්ට එම කවිය පාඩම් වෙයි.එක් දිනක් ඔවුන් කවි 16 පාඩම් කලාය.ඔවුන් දෙදෙනාටම එය පාඩම් කිරීමට වාර 205ක් කීමට සිදු වුනි.(එකතුව)ඔවුන් දෙදෙනා පාඩම් කල කවි ගණන වෙන වෙනම කියන්න.

මං හිතන විදිහට නම් මේක හරිම ලේසි ඇති ඔයාලට.එහෙනම් මේකට උත්තරෙත් දීලා මාව ෆලෝත් කරලා යන්න.

විශ්වයේ විස්මිත තොරතුරු-3

මෙහි පලවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.
මෙහි දෙවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.


  • ඉතා ඈත අතීතයේ අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකාව එක රටක් වශයෙන් තිබී ඇත.ඔබ ලෝක සිතියමක් ගෙන එම මහද්වීපවල වෙරල තීර ලං කරොත් ඒවා හොදින් ගැලපෙන බව ඔබට පෙනේවි.



    ඩොල්‍ෆින් මත්‍යසයෙක්
  • ඩොල්‍ෆින් මත්ස්‍යයන් කොතරම් බුද්ධිමත් දැයි කියනවනම් ඇස් බැඳ තැබුවද ඔවුන්ට පිහිනුම් තටාකයක පතුලේ ඇති කමිස බොත්තමක් සොයාගත හැකිය.



නයගරා දිය ඇල්ල
ලොව විශාලම දිය ඇල්ල වන නයගරා දිය ඇල්ල සංචාරකයින් නැරඹූ පසු වසා දමන බව ඔබ දන්නවාද?



    • තාරාවන් බිත්තරයෙන් එලියට එන විටම දකින දේ තම මව යැයි සලකති.එය ලී කැබැල්ලක් හෝ ගඩොලක්ද විය හැක.



    • උකුස්සෙකුට සැතපුම් භාගයක දුර සිට බිම සිටින් බත් කූරෙකු දැක ගත හැකිය.



    • රතු ඉන්දියානු දරුවෙකු ඉපදුන විගස පියා කූඩාරමෙන් ර්ලියට එයි.එවිට දකින පලමු දෙයෙහි නම දරුවාට තබයි.



    • පැන්සලක් ගෙන එය ගෙවී යන තෙක් ඇන්දොත් එය කොතරම් දිගු වේද?එසේ කල කෙනෙක් ඇත.ඔහුට ලැබුනු දුර සැතපුම් 35 කි.



    චීන මහා ප්‍රාකාරය
    • අභ්‍යවකාශයේ සිට බැලුවොත් පෙනෙන එකම මිනිස් නිර්මාණය චීන මහා ප්‍රාකාරයයි.



    • පැරණි ඊජිප්තුවේ මිනිසුන් මැරුනු විට මිහිදන් කලේ අතේ රන් හෝ තඹ කාසි තබාය.ඒ ඊලඟ ලෝකයට යාමට ගම ගාස්තුය.

    "විශ්වයේ විස්මිත තොරතුරු 2" නම් පොත ඇසුරිනි.

    මෙම ලිපි පෙල මෙයින් අවසාන කරමි.

    ඔයාලා මේකෙන් යම් දෙයක් දැනගත්තනම් කමෙන්ට් එකක් දාලා යන්න.කැමතිනම් මාව follow කරන්න.

    විශ්වයේ විස්මිත තොරතුරු-2

    මෙහි පලවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.

    • තාරකා මාලුවෙකු හට තම එක අතක් සහ ශරීරයෙන් කුඩා කොටසක් හෝ තිබේ නම් එම සතාට යලිත් සම්පූර්නයෙන් වර්ධනය විය හැක.
    මට පසු දිනකදී BUZZ radio චැට් එකේදි zoro විසින් කිව්වා මේක මෙහෙම වෙන්නෙ නෑයි කියලා.ඒක හින්දා මම ඒක හරියටම දන්නෙ නෑ.


    තාරකා මාලුවෙක්
    • එක් එක් සත්තු තම වලිග බාවිතා කරන්නේ විවිධ කාර්යන් සඳහාය.නමුත් එක් බැටළු වර්ගයක් තම වලිගය බාවිතා කරන්නේ ආහාර ගබඩා කිරීමටය.


    • කන්‍යා මරියතුමිය ජේසුතුමන් අතේ තබාගෙන සිටින පින්තූර බොහෝ ඇත.නමුත් වසර 400 කට පමණ පෙර ඇදි එවැනි ච්ත්‍රයක ජේසුතුමන් අතේ හෙලිකොප්ටරයකට බොහෝ සමාන සෙල්ලම් බඩුවක් අතේ තබාගෙන සිටී.

    කන්‍යා මරියතුමිය ජේසුතුමන් අතේ තබාගෙන සිටින පින්තූරක්


    • මාස 4 ක් හෝ 5 ක් යනතුරු ළදරුවෙකුට කඳුලු වැගිරිය නොහැක.ඒ ඔවුන්ගේ කඳුලු නාල වර්ධන ය වී නොමැති නිසාය.



    • පක්ෂීන් කිසි විටෙකත් පොලොවේ සිටින විට ගීත ගයන්නේ නැත.



    • දිවි මකුළුවාට ආහාර නොමැතිව වසර දෙක හමාරක් පමණ සිටිය හැක.



    • චිම්පන්සියා තම වර්ගයේ සතෙක් හමුවූ විට අතට අත දී ආචාර කරති.



    • බූවල්ලා සෙනෙහසින් පිරි සතෙක් විය යුතුය.මක්ද යත් බූවල්ලෙකුට හදවත් තුනක් තිබේ.

    "විශ්වයේ විස්මිත තොරතුරු 2" නම් පොත ඇසුරිනි.
    චිම්පන්සියා

    එහෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න.
    මං අලුතෙන්"ඊ මේල් මගින් ලිපි ගෙන්වා ගැනීමට" කියලා ගැජට් එකක් දැම්මා.ඒක ඔය සයිඩ් බා එකේ උඩ හරියෙ ඇති.ඒකට ඕගොල්ලන්ගෙ ඊ මේල් ලිපිනය දෙන්න.

    මෙහි තුන්වන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.

    විශ්වයේ විස්මිත තොරතුරු-1

    • ග්‍රීන්ලන්තය වැනි දැඩි ශීතල ප්‍රදේශ වල ජීවත් වෙන එස්කිමෝවරු පවා ශීතකකරණ පාවිච්චි කරති.ඒ තම ආහාර ශීත කර ගැනීමට නොව තම ආහාර සම්පූර්නයෙන් මිදීම වලක්වා ගැනීමටය.
    එස්කිමෝවරු

    දමා ගැසූ විට ආපසු එන බූමරංගයක්
    • බූමරංගය  ගැන ඔබ අසා ඇත.බූමරංග වර්ග දෙකක් ඇත.එකක් දමා ගැසූ විට ආපසු පැමිනෙයි.අනික දමා ගැසූ විට ආපසු නොපැමිනෙයි.ආපසු පැමිනෙන බූමරංගය බොහෝ විට පාවිච්චිකර ඇත්තේ ක්‍රීඩා භාන්ඩයක් වශයෙනි.


      • මොනරා කොතරම් සුන්දර සතෙක් වුවද එම සතාගේ ශබ්දය මිනිසෙකු යටිගිරියෙන් කෑ ගහන විට නැගෙන ශබ්දයට සමානය.
      • ගොළුබෙල්ලා පුංචි සතෙක් වුවද එම සතාට දත් 25000ක් තිබේ.
      • ලොව දිගුම බොක්සින් තරගය 1893 දී නිව් ඕර්ලියන්ස්හීදී ආරම්භ විය.එය පැය 7 කුත් මිනිත්තු 19 කුත් පැවැත් වූ අතර ජය පරාජයකින් තොරව නිමා විය.
      ලියනාඩෝ ඩාවින්චි 
      • නාගයින් බිහිරි බව ඔබ දන්නවාද?ඔවුන් නයි නටවන්නාගේ නලා හඩට ශරීරය සොලවන්නේ යැයි සිතුවද නයි නටවන්නාගේ ශරීර චලනයට අනුව ඔවුන් සෙලවෙයි.
      • ලියනාඩෝ ඩාවින්චි හට එක අතකින් චිත්‍රයක් අදිද්දී තව අතකින් අකුරු ලිවිය හැක.

      "විශ්වයේ විස්මිත තොරතුරු 2" නම් පොත ඇසුරිනි.

      මෙහි තවත් කොටසකින් හමුවෙමු.


      මෙහි දෙවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.

      සැවොගේම දැන ගැනීම පිනිසයි....

      මෙම ලිපිය සිංහ අඩවිය බ්ලොගය ලියන  ගයාන් අනුරාධ රූපසිංහ ගේ ඉල්ලීම පරිදි මෙහි පල කරමි.


      **********************************************************************************


      මේකත් පන්සල සම්බන්ද දෙයක්.. පානදුර, කලුතර වගේ ඉන්න අය දන්නවත් ඇති. ඇද ඇද ඉන්න ඕනේ නෑ ඔන්න අහගන්න. පානදුර දකුන බලමණ්ඩලයට අයත් දහම් පාසල් සියල්ල මේ වෙනකොට තාවකාලිකව වසා දාල කියල ඔයාල දන්නවද... පානදුර දකුන කියන්නේ වාද්දුව, නල්ලුරුව හරිය,, අද ඉදල පානදුර උතුර ඒ කියන්නේ පරන පාරෙ කෙසෙල්වත්ත ගොරකාන පල්ලිමුල්ල ප්‍රදේශ වල දහම්පාසල් තාවකාලිකව දින නියමයකින් තොරව වසා දැමුනා. මේකට හේතුව විදිහට දක්වන්නේ වාද්දූව ප්‍රදේශයේ එක් පන්සලක් ඉදිරිපස නව රට බීම හලක් ඉදි කිරීම යි. මෙම රට බීමහලට ලබ දෙන්නාවු බලපත්‍රය අහොසි කරන මෙන් අදාල පන්සලේ විහාරාධිපති හිමියන් විසින් පානදුර ප්‍රාදෙශිය සභාවට දැනුම් දීමෙන් පසු ප්‍රදෙශිය සභාව විසින් එම බලපත්‍රය නිකුත් නොකල බවත් පසුව රට බීම හලේ අයිති කරු විසින් වෙනත් මාර්ගයකින් එම බලපත්‍රය ලබා ගෙන ඇති බවත්, බලපත්‍රය ලබා ගැනීමෙන් පසු රට බීම හලේ අයිති කරු ඇතුලු පිරිසක් එම විහාරාදිපති හිමියන්ට බලපෑම් එල්ල කරනබවත් දැනගන්නට ලැබී තිබෙනවා. 

      ඒ වගෙම තමයි මේ වෙනකොට පානදුර අධිකරනයේ නඩුවක් පවා මේ වෙනකොට විභාග වෙමින් පවතිනවා. එම නඩුවේදි අදාල රට බීම හලේ හිමිකරු යැයි පවසන අයෙකු පවසා ඇත්තේ අදාල පන්සල තුල දහම්පාසලක් තිබු බවත් වර්තමානයේ ඒම දහම්පාසල නොපැවත්වෙන බවත්ය. නමුත් එම දහම්පාසල වසා දමා ඇත්තේ අදාල පුද්ගලයාගේ බලපෑම මත බවයි තතු දත්තන්ගේ මතය.. කෙසේ වෙතත් මේ සම්බන්දව දැඩි විරෝදයක් පසු ගිය සිකුරාදා දින පානදුර නගර මධ්‍යයේ පැවත් උනා.මේ වනවිට අදාල ප්‍රදේශ වල  දහම්පාසල් සියල්ල තාවකාලිකව නවත්වා දම තිබෙන්නේ බල මන්ඩල අධිපති ස්වාමීන් වහන්සේලාගේ අනු දැනුම මතයි.  මේ වනවිට පානදුර උතුර සහ පානදුර දකුන ප්‍රදෙශවල සියලුම දහම්පාසල් නොපැවැත්වෙන අතර අදල සිද්ධිය සමතයකට පත්වන තුරු මෙම ක්‍රියා මාර්ගය අනුගමනය කරනබවත් අදාල බලමන්ඩල අධිපති ස්වාමීන් වහන්සේලා තීරනය කර ඇත.අවශ්‍ය උවහිත් මොරටුව බල මණ්ඩලය සහ කලුතර බලමන්ඩලයේද සහය ලබා ගන්නා බව මෙම ස්වාමීන් වහන්සේලා ඊයෙ පැවති බලමන්ඩල රැස්වීමෙදී දනවා සිටියා.


      ඔන්න ඕකයි වෙලා තියෙන්නේ. මම කීව සියලු කරුනුවල වගකීම මම භාර ගන්නවා.. පුලුවන්නම් ඔයාලගේ බ්ලොග් අඩවිවල මේ ලිපිය පල කරන්න. දැඩි උද්ගෝශන කරන්න දම්පාසල් ගුරුවරු වන අපිට සහ මේ පොඩිත්තන්ට බෑ. ඒ නිසා ඔවුන් වෙනුවෙන් සුලු හරි උදව්වක් විදිහට ඒ උපකාරය කරන්න. අද ඉදල අපේ පන්සලෙත් දහම්පාසල තාවකාලිකව වහල. ඉරිද උදෙට හිතෙන් කොයිතරම් බැන බැන පන්සල් ගියත් මේ පුවත දැනගත්ත වෙලාවේ පපුව මොකක්ද වෙලා ගියා.. ඔහොම තමයි. කවද හරි ඇත්ත ජය ගනිවි.. 





      ලෝකයේ මුල්ම ලැප්ටොප් එක දැකල තියෙනවද?

      මට ගොඩක් කාලෙකින් ලිපියක් දාන්න බැරි වුනානෙ.නෑදෑ ගෙදරක ගිය හින්ද තමයි ලිපි දාන්න බැරි වුනේ. කමක් නැහැ.
      අද දාන්නෙ ලෝකයේ මුල්ම ලැප්ටොප් එකේ පින්තූරයක්.osborne කියල සමාගමකින් තමයි මේක හදලා තියෙන්නෙ.මට එක පින්තූරයයි හම්බවුනේ.තව පින්තූර තියෙනවනම් මට කමෙන්ට් එකකින් කියන්න.මේකේ තිබිලා තියෙන්නෙ අඟල් 5*5 තිරයක්.මේක වැහුවහම හරියට ලොකු පෙට්ටියක් වගේලු.මෙන්න පින්තූරෙ.

      ප.ලි. :-dude ගෙ අදහසට අනුව google හි සර්ච් කිරීමෙන් මට තවත් තොරතුරු සහ පින්තූර වගයක් ලැබුනා.ඒ අනුව මම මේ ලිපිය සංස්කරනය කර එම තොරතුරු ඇතුලත් කරනවා.

      හමුවූ තොරතුරු

      Osborne 1



      Introduced:
      April 1981

      Price:
      US $1,795
      Weight:
      24.5 pounds
      CPU:
      Zilog Z80 @ 4.0 MHz
      RAM:
      64K RAM
      Storage:dual 5-1/4 inch, 91K drives
      Display:built-in 5" monitor
                    53 X 24 text
      Ports:parallel / IEEE-488
                modem / serial port
      OS:CP/M



      හමුවූ පින්තූර









      osborne සමාගමේ අයිතිකරු adam osborne


      මං හිතනව ලිපිය හුඟක් පොඩි වුනත් මොනවහරි දෙයක් ඕගොල්ලො දැන ගන්න ඇති කියලා.එහෙනම් කමෙන්ට් එකක් දාල යන්න.

      Mobitel Smart Meter තෑගි දිනාගන්න.


      මෙන්න නියම අවස්තාවක්. mobitel එකෙන් තමයි මේක කරන්නෙ.facebook එකවුන්ට් එකක් තියෙනවනම් මේක කරතහැකි.මෙහෙමයි මුලිනම ඔය පහල තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.මතක ඇතුව අලුත් tab එකකට ගන්න.

      Mobitel Smart Meter මෙතන ක්ලික් කරන්න.

      එතකොට එන පේජ් එකේ තියෙයි like කරන්න කියලා.ඒකට like කරන්න.ඊට පස්සෙ එන පේජ් එකේ take the quiz කියන එක ක්ලික් කරන්න.හෝව් හෝව් ක්ලික් කරන්න එපා.ඉතුරු ටිකත් කියනකම් ඉන්න.අර බට්න් එක ක්ලික් කරාම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා.හැබැයි තප්පර කිහිපයයි ලැබෙන්නෙ.කාලය ඉතුරු කරගන්න තරමට ලකුනු වැඩියි.ඔය ප්‍රශ්නවලට හරි උත්තර දෙන්න.හැමදාම දෙන්න.එතකොට ඔයගොල්ලන්ට blackberry ෆෝන් දිනාගන්න පුලුවන්.තව ටී ෂර්ට් එහෙමත් තියෙනවා.

      please comment

      උදවුවක් දෙන්න.මේ පනිවිඩේ එන්නෙ මොකක් වුනහමද?

      මේ පල්ලෙහ තියෙන එක වගේ පනිවිඩයක් එන්නෙ ඇයි?මේ විදිහට ආවෙ ElaKiri එකේ ලින්ක් වලට යද්දි.දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකකින් කියන්න.

      ලොකුවට බලන්න පිංතූරෙ උඩ ක්ලික් කරන්න.

      visitors ලා 1000 ක් ඇවිල්ලා****1000 visitors



      ඔන්න ඊයෙ මගේ 1000 වෙනි විසිටර් ඇවිල්ල.මට හරි සතු‍ටුයි.හරියටම කියනවනම් Aug 16, 2011, 10:56:02 PM.
      මං මේ බ්ලොග් එක පටන් ගත්තෙ 2011 ඒ කියන්නෙ මේ අවුරුද්දෙ අප්‍රේල් 6 වෙනිදා.අද වෙනකොට මම පෝස්ට් 23 ක් දාලා තියෙනවා.හැබැයි කමෙන්ට් නම් 39 යි මගෙ ඒවත් එක්ක.follow කරන අය 13 ක් ඉන්නවා.
      මගෙ බ්ලොග් එකේ කවුන්ටර්ස් 2 ක් තියෙනවනෙ.ඒකෙන් හරි ගාන එන්නෙ super counter එකේ.ඔන්න දහස් වෙනි විසිටර්ගෙ detail

      IP Address:123.231.115.x
      Location:Colombo,Sri Lanka
      Browser:Chrome 13
      Operating System:Linux
      Screen Resolution:1360x768
      Referrer:http://syndi.lankeeya.lk/
      Landing Page:http://samadeyakma.blogspot.com/2011/08/2.html

      හරි එහෙනම් බලමුකො 1000 වෙනි visitor ට පස්සෙ මුලින්ම කමෙන්ට් දාන follow කරන කට්ටිය කවුද කියලා.


      අරලිය ගහ මැදුරේ සැඟවුනු රහස්-2

      මෙම ලිපියේ පලවෙනි කොටස බැලීමට මෙතන ක්ලික් කරන්න.

      පළවන ලිපියේ අවසානයේ සිට...

      සැ.යු: මෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්‍රයෙනි.

      අරලිය ගහ මැදුරේ අතීතය හාරා අවුස්සා බලන විට තව දෙයක් අපිට දැනගන්නට ලැබෙයි.එනම් මෙහි මුල් නම "ටෙම්පල් ට්‍රීස්"යන්න නොවන බවයි.දැනට සොයාගෙන ඇති සාධක අනුව මෙහි මුල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ  දහ අට වැනි සියවසේ මුල් භාගයෙයි.දහ අටවැනි සියවසේ සෑදූ මෙම මන්දිරය හදුන්වන ලද්දේ"ඩී බැන්ඩ්‍රි"නමින් බව පැරණි සටහන් හෙලි කරයි.

      "ඩී බැන්ඩ්‍රි"යනු ලන්දේසි වදනකි.එසේ නම් මෙහි මුල් පදිංචිකරුවන් ලන්දේසින්ද යන්න ප්‍රහේළිකාවකි.තව දුරටත් කරුණු සෙවීමේදී(කරුනු සොයන ලද්දේ මුල් කතෘය)දැනගන්නට ලැබුනේ මෙම නිවස මුලින්ම අරක්කු පෙරීමට නිෂ්පාදනය සඳහා යොදාගත් බවයි.නිවසට තබා ඇති"ඩී බ්‍රැන්ඩි"යන නමින්ම එවැනි අදහසක් ධ්වනිත වෙයි.


      අරලිය ගහ මැදුර පිහිටා තිබූ ප්‍රදේශය එකල හඳුන්වා ඇත්තේ පොල් වත්ත නමිනි.පොල් ගස් වලින් වටවී තිබුනු නිසා එයට එම ලැබී ඇති බව කියති.බැන්ඩ්‍රි නිවස පොල් වත්තක පිහි‍ටුවීමට හේතුවක් නම් බැන්ඩ්‍රි ස්කාගාරයට අවශ්‍ය සියලුම පොල් රා මෙම වත්තෙන්ම ලැබීමයි.එකල ලන්දේසි සොල්දාදුවන් පොල් අරක්කු බීමට ගිජු කමක් දැක්වූ බැවින් එකල පොල් අරක්කු වලට හොද ඉල්ලුමක් තිබී ඇත.

      මෙයට සම්භන්ද තවත් දෙයක් නම් මෙම මන්දිරයත් එහි වත්තත් කලක් සුද්දෙකුට අයත්ව තිබී ඇත.ඔහු රජ පවුලකට නෑකම් කියූ පුද්ගලයෙකු බව කියනු ලැබේ.ඩැනියෙල් ඩිට්ලොප් නැමැති මෙම සුද්දා අරලිය ගහ මැදුර මිලදී ගත් පසු මෙහි තිබූ ස්කාගාරය ඉවත් කර නිවසක් බවට පත් කර තිබේ.


      සැ.යු: මෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්‍රයෙනි.



      මෙම ලිපිය මෙයින් අවසානයි.
      මේ ලිපිය කියෙව්වනම් comment එකක් දාලා follow පාරකුත් දාලා යන්න.

      Related Posts Plugin for WordPress, Blogger...

      Sri Lankan ADS

      x

      සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


      Get This