Posted by
Ranul Hashika Gomez
අද දෙන්නෙ ටිකක් වෙනස් දෙයක්.ඕගොල්ලො දැකලා ඇති google වල ලාංඡනය විශේෂ දිනවලදී වෙනස් වෙලා තියෙනවා.ගොඩක් ලාංඡන පේන්නෙ එක රටකට විතරයි.සාමාන්‍යයෙන් ලංකාවට පේන ඒවා මුළු ලෝකෙටම පේනවා එහෙම වෙනස් වුනු ලාංඡන වල පිංතූර ටිකක් දෙන්නයි හදන්නෙ.1998 ඉඳලා තමයි දෙන්නෙ.මේ ලාංඡන ඔක්කොම එක සැරේ දාන්න බෑ.කොටස් දෙක තුනකට දෙන්නම්.ඒ කියන්නෙ අද එකක් හෙට එකක්.අනිද්දා එකක් විදිහට.
එහෙනම් මේක බලලා අනිවාර්යයෙනම කමෙන්ට් එකක් දාලා යන්න.(follow කරත් වැරැද්දක් නෑ)
Aug 30, 1998 Burning Man festival - (Global)
Nov 26, 1998 Happy Thanksgiving! - (US)
Oct 29, 1998
While we were in beta we used this logo - (Global)
- Dec 25, 1999
Season's Greetings with a Google Doodle - (Global)
- Nov 30, 1999
'Uncle Sam' search - (US)
- Nov 30, 1999
'Uncle Sam' search - (US)
- Nov 23, 1999
Happy Thanksgiving - (US)
- Oct 31, 1999
Happy Halloween - (US)
- Mar 17, 2000
St. Patrick's Day - (US)
- Feb 14, 2000
On February 14th, Google showed its affection with this logo and an applet created by
Ken Perlin. - (Global)
- Feb 02, 2000
Groundhog Day - (US)
- Jan 01, 2000
Happy New Year! - (Global)
- Jun 18, 2000
Father's Day - (Global)
- May 14, 2000
A tribute to our
Moms - (Global)
- May 05, 2000
Google Doodle unfolded over the first week of May - (Global)
- May 04, 2000
Google Doodle unfolded over the first week of May - (Global)
- May 03, 2000
Google Doodle unfolded over the first week of May - (Global)
- May 02, 2000
Google Doodle unfolded over the first week of May - (Global)
- May 01, 2000
Google Doodle unfolded over the first week of May - (Global)
- Apr 23, 2000
On Easter weekend, Google displayed this logo with an applet created by
Ken Perlin - (US)
- Sep 25, 2000
2000 Summer Games in Sydney - Closing Ceremony - (Global)
- Sep 24, 2000
2000 Summer Games in Sydney - Basketball - (Global)
- Sep 23, 2000
2000 Summer Games in Sydney - Soccer - (Global)
- Sep 22, 2000
2000 Summer Games in Sydney - Weightlifting - (Global)
- Sep 21, 2000
2000 Summer Games in Sydney - Cycling - (Global)
- Sep 20, 2000
2000 Summer Games in Sydney - Track Field - (Global)
- Sep 20, 2000
2000 Summer Games in Sydney - Diving - (Global)
- Sep 18, 2000
2000 Summer Games in Sydney - Archery - (Global)
- Sep 17, 2000
2000 Summer Games in Sydney - Gymnastics - (Global)
- Sep 16, 2000
2000 Summer Games in Sydney - Kayak - (Global)
- Sep 15, 2000
2000 Summer Games in Sydney - Opening Ceremony - (Global)
- Jul 14, 2000
Vive la France! Google celebrated Bastille Day - (France)
- Jul 04, 2000
- Jul 03, 2000
- Jul 02, 2000
- Jul 01, 2000
- Dec 22, 2000
Seasons Greetings - (Global)
- Nov 23, 2000
Happy Thanksgiving - (US)
- Nov 15, 2000
Shichi-go-san - (Japan)
- Nov 07, 2000
Google encouraged US citizens to exercise their right to vote - (US)
- Oct 31, 2000
Google's guest illustrator for Halloween 2000 was Lorie Loeb - (US)
Posted by
Ranul Hashika Gomez
අද මම පස්වෙනි ගණිත ගැටළුවත් දානවා.මම ටික කාලයක් ගණිත ගැටළු නොදා හිටිය.ඒ වුනාට මට ආයිත් දැන් දාන්න හිතුනා.මේ ගණිත ගැටළුවටත් කමෙන්ට් එකකින් උත්තර දෙන්න.
ඔන්න ගණිත ගැටළුව
චන්දිමා සහ ලක්මාලි එකම පාසලේ යෙහෙළියන් දෙදෙනෙකි.චන්දිමාට කවියක් 10 වරක් කියවීමෙන්ද,ලක්මාලිට 15 වරක් කියවීමෙන්ද ඔවුන්ට එම කවිය පාඩම් වෙයි.එක් දිනක් ඔවුන් කවි 16 පාඩම් කලාය.ඔවුන් දෙදෙනාටම එය පාඩම් කිරීමට වාර 205ක් කීමට සිදු වුනි.(එකතුව)ඔවුන් දෙදෙනා පාඩම් කල කවි ගණන වෙන වෙනම කියන්න.
මං හිතන විදිහට නම් මේක හරිම ලේසි ඇති ඔයාලට.එහෙනම් මේකට උත්තරෙත් දීලා මාව ෆලෝත් කරලා යන්න.
Posted by
Ranul Hashika Gomez
මෙහි පලවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.
මෙහි දෙවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.
- ඉතා ඈත අතීතයේ අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකාව එක රටක් වශයෙන් තිබී ඇත.ඔබ ලෝක සිතියමක් ගෙන එම මහද්වීපවල වෙරල තීර ලං කරොත් ඒවා හොදින් ගැලපෙන බව ඔබට පෙනේවි.
 |
| ඩොල්ෆින් මත්යසයෙක් |
- ඩොල්ෆින් මත්ස්‍යයන් කොතරම් බුද්ධිමත් දැයි කියනවනම් ඇස් බැඳ තැබුවද ඔවුන්ට පිහිනුම් තටාකයක පතුලේ ඇති කමිස බොත්තමක් සොයාගත හැකිය.
 |
| නයගරා දිය ඇල්ල |
ලොව විශාලම දිය ඇල්ල වන නයගරා දිය ඇල්ල සංචාරකයින් නැරඹූ පසු වසා දමන බව ඔබ දන්නවාද?
- තාරාවන් බිත්තරයෙන් එලියට එන විටම දකින දේ තම මව යැයි සලකති.එය ලී කැබැල්ලක් හෝ ගඩොලක්ද විය හැක.
- උකුස්සෙකුට සැතපුම් භාගයක දුර සිට බිම සිටින් බත් කූරෙකු දැක ගත හැකිය.
- රතු ඉන්දියානු දරුවෙකු ඉපදුන විගස පියා කූඩාරමෙන් ර්ලියට එයි.එවිට දකින පලමු දෙයෙහි නම දරුවාට තබයි.
- පැන්සලක් ගෙන එය ගෙවී යන තෙක් ඇන්දොත් එය කොතරම් දිගු වේද?එසේ කල කෙනෙක් ඇත.ඔහුට ලැබුනු දුර සැතපුම් 35 කි.
 |
| චීන මහා ප්‍රාකාරය |
- අභ්‍යවකාශයේ සිට බැලුවොත් පෙනෙන එකම මිනිස් නිර්මාණය චීන මහා ප්රාකාරයයි.
- පැරණි ඊජිප්තුවේ මිනිසුන් මැරුනු විට මිහිදන් කලේ අතේ රන් හෝ තඹ කාසි තබාය.ඒ ඊලඟ ලෝකයට යාමට ගම ගාස්තුය.
"විශ්වයේ විස්මිත තොරතුරු 2" නම් පොත ඇසුරිනි.
මෙම ලිපි පෙල මෙයින් අවසාන කරමි.
ඔයාලා මේකෙන් යම් දෙයක් දැනගත්තනම් කමෙන්ට් එකක් දාලා යන්න.කැමතිනම් මාව follow කරන්න.
Posted by
Ranul Hashika Gomez
මෙහි පලවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.
- තාරකා මාලුවෙකු හට තම එක අතක් සහ ශරීරයෙන් කුඩා කොටසක් හෝ තිබේ නම් එම සතාට යලිත් සම්පූර්නයෙන් වර්ධනය විය හැක.
මට පසු දිනකදී BUZZ radio චැට් එකේදි zoro විසින් කිව්වා මේක මෙහෙම වෙන්නෙ නෑයි කියලා.ඒක හින්දා මම ඒක හරියටම දන්නෙ නෑ.
 |
|
| තාරකා මාලුවෙක් |
- එක් එක් සත්තු තම වලිග බාවිතා කරන්නේ විවිධ කාර්යන් සඳහාය.නමුත් එක් බැටළු වර්ගයක් තම වලිගය බාවිතා කරන්නේ ආහාර ගබඩා කිරීමටය.
- කන්‍යා මරියතුමිය ජේසුතුමන් අතේ තබාගෙන සිටින පින්තූර බොහෝ ඇත.නමුත් වසර 400 කට පමණ පෙර ඇදි එවැනි ච්ත්‍රයක ජේසුතුමන් අතේ හෙලිකොප්ටරයකට බොහෝ සමාන සෙල්ලම් බඩුවක් අතේ තබාගෙන සිටී.
 |
| කන්‍යා මරියතුමිය ජේසුතුමන් අතේ තබාගෙන සිටින පින්තූරක් |
- මාස 4 ක් හෝ 5 ක් යනතුරු ළදරුවෙකුට කඳුලු වැගිරිය නොහැක.ඒ ඔවුන්ගේ කඳුලු නාල වර්ධන ය වී නොමැති නිසාය.
- පක්ෂීන් කිසි විටෙකත් පොලොවේ සිටින විට ගීත ගයන්නේ නැත.
- දිවි මකුළුවාට ආහාර නොමැතිව වසර දෙක හමාරක් පමණ සිටිය හැක.
- චිම්පන්සියා තම වර්ගයේ සතෙක් හමුවූ විට අතට අත දී ආචාර කරති.
- බූවල්ලා සෙනෙහසින් පිරි සතෙක් විය යුතුය.මක්ද යත් බූවල්ලෙකුට හදවත් තුනක් තිබේ.
"විශ්වයේ විස්මිත තොරතුරු 2" නම් පොත ඇසුරිනි.
 |
| චිම්පන්සියා |
එහෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න.
Posted by
Ranul Hashika Gomez
- ග්‍රීන්ලන්තය වැනි දැඩි ශීතල ප්‍රදේශ වල ජීවත් වෙන එස්කිමෝවරු පවා ශීතකකරණ පාවිච්චි කරති.ඒ තම ආහාර ශීත කර ගැනීමට නොව තම ආහාර සම්පූර්නයෙන් මිදීම වලක්වා ගැනීමටය.
 |
| එස්කිමෝවරු |
 |
| දමා ගැසූ විට ආපසු එන බූමරංගයක් |
- බූමරංගය ගැන ඔබ අසා ඇත.බූමරංග වර්ග දෙකක් ඇත.එකක් දමා ගැසූ විට ආපසු පැමිනෙයි.අනික දමා ගැසූ විට ආපසු නොපැමිනෙයි.ආපසු පැමිනෙන බූමරංගය බොහෝ විට පාවිච්චිකර ඇත්තේ ක්‍රීඩා භාන්ඩයක් වශයෙනි.
- මොනරා කොතරම් සුන්දර සතෙක් වුවද එම සතාගේ ශබ්දය මිනිසෙකු යටිගිරියෙන් කෑ ගහන විට නැගෙන ශබ්දයට සමානය.
- ගොළුබෙල්ලා පුංචි සතෙක් වුවද එම සතාට දත් 25000ක් තිබේ.
- ලොව දිගුම බොක්සින් තරගය 1893 දී නිව් ඕර්ලියන්ස්හීදී ආරම්භ විය.එය පැය 7 කුත් මිනිත්තු 19 කුත් පැවැත් වූ අතර ජය පරාජයකින් තොරව නිමා විය.
 |
| ලියනාඩෝ ඩාවින්චි |
- නාගයින් බිහිරි බව ඔබ දන්නවාද?ඔවුන් නයි නටවන්නාගේ නලා හඩට ශරීරය සොලවන්නේ යැයි සිතුවද නයි නටවන්නාගේ ශරීර චලනයට අනුව ඔවුන් සෙලවෙයි.
- ලියනාඩෝ ඩාවින්චි හට එක අතකින් චිත්‍රයක් අදිද්දී තව අතකින් අකුරු ලිවිය හැක.
"විශ්වයේ විස්මිත තොරතුරු 2" නම් පොත ඇසුරිනි.
Posted by
Ranul Hashika Gomez
මෙම ලිපිය සිංහ අඩවිය බ්ලොගය ලියන ගයාන් අනුරාධ රූපසිංහ ගේ ඉල්ලීම පරිදි මෙහි පල කරමි.
**********************************************************************************
මේකත් පන්සල සම්බන්ද දෙයක්.. පානදුර, කලුතර වගේ ඉන්න අය දන්නවත් ඇති. ඇද ඇද ඉන්න ඕනේ නෑ ඔන්න අහගන්න. පානදුර දකුන බලමණ්ඩලයට අයත් දහම් පාසල් සියල්ල මේ වෙනකොට තාවකාලිකව වසා දාල කියල ඔයාල දන්නවද... පානදුර දකුන කියන්නේ වාද්දුව, නල්ලුරුව හරිය,, අද ඉදල පානදුර උතුර ඒ කියන්නේ පරන පාරෙ කෙසෙල්වත්ත ගොරකාන පල්ලිමුල්ල ප්‍රදේශ වල දහම්පාසල් තාවකාලිකව දින නියමයකින් තොරව වසා දැමුනා. මේකට හේතුව විදිහට දක්වන්නේ වාද්දූව ප්‍රදේශයේ එක් පන්සලක් ඉදිරිපස නව රට බීම හලක් ඉදි කිරීම යි. මෙම රට බීමහලට ලබ දෙන්නාවු බලපත්‍රය අහොසි කරන මෙන් අදාල පන්සලේ විහාරාධිපති හිමියන් විසින් පානදුර ප්‍රාදෙශිය සභාවට දැනුම් දීමෙන් පසු ප්‍රදෙශිය සභාව විසින් එම බලපත්‍රය නිකුත් නොකල බවත් පසුව රට බීම හලේ අයිති කරු විසින් වෙනත් මාර්ගයකින් එම බලපත්‍රය ලබා ගෙන ඇති බවත්, බලපත්‍රය ලබා ගැනීමෙන් පසු රට බීම හලේ අයිති කරු ඇතුලු පිරිසක් එම විහාරාදිපති හිමියන්ට බලපෑම් එල්ල කරනබවත් දැනගන්නට ලැබී තිබෙනවා.
ඒ වගෙම තමයි මේ වෙනකොට පානදුර අධිකරනයේ නඩුවක් පවා මේ වෙනකොට විභාග වෙමින් පවතිනවා. එම නඩුවේදි අදාල රට බීම හලේ හිමිකරු යැයි පවසන අයෙකු පවසා ඇත්තේ අදාල පන්සල තුල දහම්පාසලක් තිබු බවත් වර්තමානයේ ඒම දහම්පාසල නොපැවත්වෙන බවත්ය. නමුත් එම දහම්පාසල වසා දමා ඇත්තේ අදාල පුද්ගලයාගේ බලපෑම මත බවයි තතු දත්තන්ගේ මතය.. කෙසේ වෙතත් මේ සම්බන්දව දැඩි විරෝදයක් පසු ගිය සිකුරාදා දින පානදුර නගර මධ්‍යයේ පැවත් උනා.මේ වනවිට අදාල ප්‍රදේශ වල දහම්පාසල් සියල්ල තාවකාලිකව නවත්වා දම තිබෙන්නේ බල මන්ඩල අධිපති ස්වාමීන් වහන්සේලාගේ අනු දැනුම මතයි. මේ වනවිට පානදුර උතුර සහ පානදුර දකුන ප්‍රදෙශවල සියලුම දහම්පාසල් නොපැවැත්වෙන අතර අදල සිද්ධිය සමතයකට පත්වන තුරු මෙම ක්‍රියා මාර්ගය අනුගමනය කරනබවත් අදාල බලමන්ඩල අධිපති ස්වාමීන් වහන්සේලා තීරනය කර ඇත.අවශ්‍ය උවහිත් මොරටුව බල මණ්ඩලය සහ කලුතර බලමන්ඩලයේද සහය ලබා ගන්නා බව මෙම ස්වාමීන් වහන්සේලා ඊයෙ පැවති බලමන්ඩල රැස්වීමෙදී දනවා සිටියා.
ඔන්න ඕකයි වෙලා තියෙන්නේ. මම කීව සියලු කරුනුවල වගකීම මම භාර ගන්නවා.. පුලුවන්නම් ඔයාලගේ බ්ලොග් අඩවිවල මේ ලිපිය පල කරන්න. දැඩි උද්ගෝශන කරන්න දම්පාසල් ගුරුවරු වන අපිට සහ මේ පොඩිත්තන්ට බෑ. ඒ නිසා ඔවුන් වෙනුවෙන් සුලු හරි උදව්වක් විදිහට ඒ උපකාරය කරන්න. අද ඉදල අපේ පන්සලෙත් දහම්පාසල තාවකාලිකව වහල. ඉරිද උදෙට හිතෙන් කොයිතරම් බැන බැන පන්සල් ගියත් මේ පුවත දැනගත්ත වෙලාවේ පපුව මොකක්ද වෙලා ගියා.. ඔහොම තමයි. කවද හරි ඇත්ත ජය ගනිවි..