මෙහි කොටස් 3 ක් මීට පෙර පළවූ අතර එම කොටස් කියවීමෙන් පසු මෙය කියවන ලෙස ඉල්ල සිටිමි.එම ලිපි බැලීමට මෙතන ක්ලික් කරන්න.
ඔන්න බ්ලොග් අඩවියක් හදන හැටි කියල දෙන පෝස්ට් වල 4 වෙනි එක දාන්නයි මේ හදන්නෙ.මම මේ තරම් දේවල් දාන්න නම් හිතාගෙන් හිටියෙ නැහැ.ඒත් මේ ලිපි වලට ලැබුනු කමෙන්ට් දැක්කම නොලියා ඉන්න බැරි වුනා.ඒ කමෙන්ට් මට ලොකු හයියක් වුනා.ඉතින් මේ පෝස්ට් එකට එයිට වඩා කමෙන්ට් හම්බවෙයි කියල හිතනවා.මම ඉස්සෙල්ල පෝස්ට් එකේදි කමෙන්ට් දාන්න කියල දුන්නට තමන්ගෙ බ්ලොග් එකට කවුරුහරි දාපු කමෙන්ට් එකක් බලන හැටි කිව්වෙ නැහැනෙ.ඉතින් අපි ඒක කරන හැටි බලමු.
තමන්ගේ බ්ලොගයේ ඇති කමෙන්ට්ස් බැලීම සහ වෙනස්කම් කිරීම
මේක නම් ඉතින් අමාරු දෙයක් නෙමෙයි.මුලින්ම
www.blogger.com වෙතට යන්න.ඊට පස්සෙ ඒකෙ තියෙනවනෙ Comments කියල තැනක්.ඒක ක්ලික් කරන්න.එතකොට ඔයාලගෙ බ්ලොග් එකට වැටුනු කමෙන්ට්ස් පෙන්නයි.අපි බලමු ඒ කමෙන්ට් එකක් ඩිලීට් කරන්නෙ කියලා.ඒකට මුලින්ම ඩිලීට් කරන්න අවශ්‍ය කමෙන්ට් එක උඩට mouse pointer එක(කර්සර් එක නැත්නම් ඔය ස්ක්‍රීන් එකේ වැටෙන ඊතලේ)ගෙනියන්න.එතකොට කමෙන්ට් ඉස්සරහින් වැටෙයි Spam Delete Remove Content කියල තුනක්.ඒකෙ Delete කියන එකෙනුයි Remove Content කියන එකෙනුයි දෙකෙන්ම කරන්නෙ delete කරන එක.හැබැයි ඩිලීට් කරාම කමෙන්ට් නැතුවම යනවා.අනිත් විදිහට කලාම කමෙන්ට් එකේ ලියල තියෙන දේ වෙනුවට ඒක අයින් කරලයි කියල වැටෙනවා.
ගැජට්ස් දැමීම
ගැජට් එකක් කියන්නෙ මොකක්ද කියල හරියටම කියන්නනම් මට තේරෙන්නෙ නැහැ.කොහොම වුනත් සයිඩ් බාර් එකේ(බ්ලොගයේ දෙපැත්තෙන්ම හෝ එක පැත්තකින් තිබෙන තීරුවට සයිඩ් බාර් යයි කියති)තියෙන දේවල් ගොඩක් ගැජට්ස් තමයි.
උදා:-මුළු කමෙන්ට්ස් සහ ලිපි ගණන වැටෙන ගැජට් එක
අපි දැන් බලමු ඒ වගේ ගැජට් එකක් දාගන්නෙ සහ ඒවා අවශ්‍ය තැන්වලින් තියාගන්නෙ කොහොමද කියලා
අපිට බ්ලොගර් වලිනුත් ගැජට්ස් කිහිපයක් දෙනවා.ඒත් ඒවා එච්චර ලස්සන නෑ.නමුත් වැදගත්.ඒ වගේ ගැජට්ස් දාගන්නනම් මුලින්ම
www.blogger.com වලට යන්න.ඊට පස්සෙ ඒකෙන් Design කියන එකට යන්න.එතකොට ඔයාලගෙ බ්ලොග් එකේ තියෙන ගැජට්ස් පෙන්වාවි.මේවා මවුස් එකෙන් ඇදලා අවශ්‍ය තැන් වලට දාන්න පුළුවන්.(බ්ලොග් එකේ මැද්දට දාන්න බෑ)අළුත් ගැජට් එකක් දාගන්නනම් මුලින්ම ඒ පේජ් එකේ තියෙන Add a Gadget කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ අවශ්‍ය ගැජට් එකේ නම මත ක්ලික් කරන්න.(සමහර ගැජට් ඔයාලට නොතේරෙන්න පුළුවන් මොනවද කියලා)ඊට පස්සෙ අවශ්‍ය සැකසුම් කරලා Save කරන්න.ඊට පස්සෙ අවශ්‍ය තැනට ඇදලා දාගන්න.ඊට පස්සෙ ඔය පේජ් එකේ උඩ හරියෙ තියෙනවා Save කියල එකක්.(ඉස්සෙල්ල කියපු එක නෙවෙයි)අන්න ඒක ක්ලික් කරන්න.දැන් බ්ලොග් එකට ගැජට් එක වැටිලා තියේවි.
ඉතින් ඔය කිව්වෙ බ්ලොගර් වලින්ම දෙන ගැජට් එකක් දාන හැටිනෙ.ඔයාලට වෙන ගැජට්ස් දාගන්න ඕනනම් මෙන්න මේ බ්ලොග් එකට යන්න.(නම් උඩ ක්ලික් කරන්න)
*සුපුෂ්පිත සොෆ්ට්
ඔය සයිට් එකේ සිංහලෙන්ම ඒවා දාගන්න විදිහ ඇති.
Followers
දැන් අපි බලමු කවුද කියලා මෙයාලා.Followers ලා කියන්නෙ අපේ බ්ලොග් එක ගැන පැහැදිලා අපේ බ්ලොග් එක සමග එකතු වන අය.අපිබලමු කොහොමද වෙන බ්ලොග් එකක් follow කරන්නෙ කියලා.මුලින්ම Follow කරන්න ඕනා බ්ලොග් එකට ගිහිල්ල පහළ පින්තූරෙ තියෙන තැන හොයාගන්න.
ඊට පස්සෙ Join this site කියන එකක් ක්ලික් කරන්න.ඔයාලාගෙ gmail ගිනුමෙ පාස්වර්ඩ් එක සහ e-mail ඇඩ්රස් එක ඉල්ලුවොත් දෙන්න.නැතනම් කෙලින්ම වෙන තිරයකට යයි.සමහර විට එයිට ඉස්සෙල්ල සේවාව තෝරන්න තිරයක් එයි.ඒක ආවොත් Google කියන එක ක්ලික් කරන්න.කොහොමින් හරි එකතැනකදි follow this blog කියල බට්න් එකක් තියෙන තැනක් එයි.ඒ වෙලාවට ඒක ක්ලික් කරන්න.ඊට පස්සෙ එන තිරයෙන් done කියන එක ක්ලික් කරන්න.
ඉතින් බ්ලොග් එකක් හදන හැටි නම් සම්පූරණයෙන් කියල දීලා ඉවරයි.මම කියල දුන්නු දේවල් හැර තවත් ගොඩක් දේවල් තියෙනවා.ඒත් ඔක්කොම කියල දෙන්න අමාරුයි.අපි එහෙනම් බලමු තව විස්තර ටිකක් බ්ලොග් එක ගැන.
RSS Feed
මේකත් මට හරියටම කියල දෙන්න අමාරුයි.ඒත් මේක ගොඩක් තැන් වලදි ඕන වෙනවා.අපි බලමු මේක හොයාගන්නෙ කොහොමද කියලා.මේ සඳහා ඔයාලගෙ බ්ලොග් ඇඩ්රස් එකට ඉස්සරහින්
/feeds/posts/default?alt=rss කියලා දාන්න.
උදා:-http://samadeyakma.blogspot.com/feeds/posts/default?alt=rss
බ්ලොගයට වැඩියෙන් ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමට
මේ සඳහා කල හැකි හොඳම දේ සින්ඩියකට දැමීමයි.මම පහතින් සිංහල බ්ලොග් සින්ඩි ටිකක් දාන්නම්.ඒවාට ගිහිල්ල රෙජිස්ටර් වෙන්න.(ඒවාට යෑමට නම උඩ ක්ලික් කරන්න)
*
ලාංකීය සිතුවිලි(මේකෙ නම් මේ වෙලාවෙ මොකක් හරි නිසා රෙජිස්ටර් වෙන්න බෑ.පස්සෙ වෙලාවක ගිහිල්ල රෙජිස්ටර් වෙන්න)
*
කොත්තු
*
ෆේස්බුක් බ්ලොග් සින්ඩිය
*
සිංඩිය
*
සිංහල බ්ලොග් කියවනය
*
හත්මාළුව
ඕවාට ගිහිල්ල රෙජිස්ටර් වෙන්න(මේවායෙදි RSS feed එක ඕනා වෙනවා)
ඊට අමතරව හැම තිස්සෙම බ්ලොග් එක බලන්න එන අයත් එක මිත්‍රව සිටින්න.
එයාලා දාන කමෙන්ට් වලට ස්තූති කරල කමෙන්ට් දාන්න.
අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න
දවස් තුනකට සැරයක්වත් ලිපියක් දාන්න
ඇනෝනිමස් කමෙන්ට් වලක්වන්න එපා.
මේ ලිපි පෙල අදින් අවසන් යාලුවනේ.මම තව දෙයක් කියන්නම්.ඔයාලගෙ බ්ලොග් එකට මුලින්ම බලන්න කට්ටිය නොඑන්න පුළුවන්.ඒත් මාසයක් දෙකක් යනකොට ගොඩක් කට්ටිය ඔයා වට එකතු වේවි.ඒක හින්දා බ්ලොග් එක නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන යන්න.ඔයාල මතුවෙන ඕනම් ප්‍රශ්නයක් කමෙන්ට් එකක් විදිහට දාන්න.නැත්නම් මගෙ ඊ මේල් ඇඩ්රස් එකට එවන්න( ranulhashika.g@gmail.com ).ඕනම් ප්‍රශ්නෙකට මම උත්තර දෙන්නම්.ඉතින් අද මම follow කරන හැටිත් කියල දුන්නු නිසා මාව follow කරල යන්න.කමෙන්ට් එකකුත් දාන්න.ආ මට කියන්න මතක වුනා.මම මේ බ්ලොග් එකට facebook පේජ් එකක් හැදුවා.ඒකටත් like එකක් දාන්න.මෙන්න ලින්ක් එක
http://www.facebook.com/samadeyakma
එහෙනම් ඉතින් අදට අපි ගියා.අළුත් ලිපියකින් නැවත් හමුවෙමු.
(මට සතියකට වැඩි කාලයක් යනතුරු ලිපියක් දාන්න බැරිවෙයි.ඒ ගැන කණගාටුයි)
November 16, 2011 at 11:31 PM
නොදන්න අයට මේවා කියල දෙන්න දරන මහන්සිය අගය කල යුතු දෙයක්....
මගේ ප්‍රසාදය....
November 17, 2011 at 5:52 AM
නියම වැඩක්.. ජය!
November 17, 2011 at 5:55 AM
මෙන්න තවත් සින්ඩි
http://sindiya.com/
http://blogs.sinhalabloggers.com/
http://si.hathmaluwa.org/
November 17, 2011 at 6:37 AM
හ්ම්.... නොදන්න අයට දැන ගන්න වැදගත් යමක් එක් කලාට මගේ ප්‍රණාමය...
බ්ලොග් එක හොදයි නම් අනිවා ෆලෝ කමෙන්ට් එනවාමයි... හොද දෙයක් ගන්න නැත්නම් කොයිතරම් කිවත් ලැබෙන්නේ නැ අත්දැකිමෙන් කියන්නේ...
November 17, 2011 at 2:21 PM
Good post! This will be important to all people those who are searchin knowledge in Sinhala....
November 17, 2011 at 7:48 PM
Thanks to add my link to this post and help me to improve my blog traffic.. හොද ලිපියක්..
November 17, 2011 at 8:12 PM
හොඳ පොස්ට් එකක් ගොඩක් දේවල් ඉගන ගන්න පුළුවන්. ඔබට ජය!!!
November 19, 2011 at 11:39 PM
මිත්‍රයා...ඔයාගේ උත්සාහය ගොඩක් වටිනවා...අපි අපේ අයට නොදන්නා දේවල් කියල දෙන්න ඕනි..මමත් පොඩි බ්ලොග් එකක් ලියාගෙන යනවා.. පුලුවන්නම් ඇවිත් යන්න එන්න..
http://www.e-mudal.blogspot.com/
November 22, 2011 at 4:59 PM
හොඳ වැඩක්
December 4, 2011 at 4:51 PM
අයියෝ මට මේක මග හැරිලනෙ.... බොහොම ස්තුතියි පෝස්ට් එකටත් ලින්ක් ටිකටත්.... පුළුවන් නම් මට කියලා දෙනවද අළුත් පෝස්ට් එකක් ඇතුලත පරණ පෝස්ට්වලට සම්බන්ධ ලින්ක් දාන්නෙ කොහොමද කියලා....ලොකු උදව්වක්..
December 9, 2011 at 9:32 PM
බොහොම ස්තූතියි යාළුවා. අගේ කළයුතු උත්සාහයක්. ගොඩක් දේවල් ඉගන ගත්තා.
December 16, 2011 at 8:08 PM
බොහොම ස්තූතිය
December 22, 2011 at 8:55 PM
බොහෝම ස්තුතියි
February 5, 2012 at 10:08 PM
හොඳ පොස්ට් එකක් බොහොම ස්තූතිය
February 7, 2012 at 8:20 AM
කොලිටි ආ...
February 14, 2012 at 1:51 PM
රනුල් මල්ලි, මෙන්න මගේ අත්පොලසන්...!!!
මේ ලිපි පෙල කී දෙනෙක් බැලුවද කියලා නම් මං දන්නෑ. ඒත් කියන්න තියෙන්නේ, උපරිමයි කියලා...!!!
මමත් බ්ලොග්කරණය ගැන සරලවම ලිපි පෙලක් කරන්න හිටියත් කම්මැලිකම සහ වැඩ නිසා අතපසු වුනා... මේ ලිපි පෙල දැක්කම පුදුම සතුටක් ආවේ... බ්ලොග් ලෝකේ ඉන්න ලොකු අයියලට ඔයා හොඳ ආදර්ශයක්...
මෙන්න යෝජනා... මේ ලිපි පෙල පුළුවන් තරම් දෙනෙක් අතර share කරන්න. එතකොට තව වැඩියෙන් කට්ටිය බ්ලොග් රචනයට එකතු වේවි... පුළුවන් නම් බ්ලොග් කියන්නේ මොනවාද කියලා ලිපියකුත් ලියන්න. එතකොට ජීවිතේට බ්ලොග් බලලා නැති අයත් සිංහල බ්ලොග් අවකාශේ එක්ක එකතු වේවි...
ජයෙන් ජය මල්ලී...!!!
June 17, 2012 at 1:10 PM
Blog 1e back to top button 1 pahalata yanakota wtharak pena wdhta hadaganne kohomda?
June 17, 2012 at 1:11 PM
Ethakota RSS feed kianne mokakda?
June 18, 2012 at 6:10 PM
@Nipun
පළවන ප්රශ්නය
ඒකනම් මම හරියටම දන්නෙ නෑ.මම වෙන බ්ලොග් එකක දැකලා දාගත්තම ඔය විදිහට තමා වැටිලා තිබ්බෙ
දෙවන ප්රශ්නය
මෙන්න මෙතනින් හරියටම දැනගන්න පුලුවන්.
http://blog.sinhalabloggers.com/web-feeds-revealed/
June 18, 2012 at 6:10 PM
කමෙන්ට් දාලා මාව දිරිමත් කරපු හැමෝටම ස්තූතියි
June 19, 2012 at 9:50 AM
Back to top button 1e HTML code 1 dennako...
Anith 1 1 oyage home bar 1e godak links thyenne thawa..ewa hadaganne kohomada?
June 19, 2012 at 9:56 AM
Ape blog 1 kauruhari like kalanm e like karapu kena kauda kiala danagnna puluwnda?
June 29, 2012 at 6:40 PM
ඔයාගේ වැඩේ නියමයි යාළුවා මම 4 කියෙඋව ස්තුති හොදින් කරගෙන යන්න
July 3, 2012 at 9:00 AM
ගොඩක් ස්තුති.මන් නොදන්නා ගොඩක් දේවල් මේකේ තියෙනවා..
August 7, 2012 at 10:18 AM
well done sahoo maxxa wadak keep it up
August 12, 2012 at 1:30 PM
Online aapu gana balaganne kohomada Blog 1e.Oya dala thyenawa wage..Super counter 1neme..ita udin thyenne..
August 13, 2012 at 6:00 PM
@Nipun
මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඒක අරගන්න.බොහොම ස්තූතියි කමෙන්ට් කරාට.
http://www.123-counters.com/
August 13, 2012 at 6:02 PM
කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තූතියි
August 13, 2012 at 6:14 PM
@Nipun
සමාවෙන්න යාළුවා ඔයාගෙ මුල් ප්‍රශ්න දැක්කෙ නෑ.
"Back to top button 1e HTML code 1 dennako...Back to top button 1e HTML code 1 dennako..." සඳහා පිලිතුරු-
ඒකනම් හරියට මතක නෑ.ගූගල් එකේ How to add back to top button for blogger කියලා සර්ච් කරලා බලන්න.ඕන තරම් තියේවි.
"Anith 1 1 oyage home bar 1e godak links thyenne thawa..ewa hadaganne kohomada?" සඳහා පිලිතුරු-
ඔයා කියන්නෙ උඩම තියෙන පේජස් තියෙන බාර් එක වෙන්න ඕනා.ඒකනම් ටිකක් අමාරු වැඩක්.HTML එක එඩිට් කරන්න ඕනා.මමත් වෙන කෙනෙක්ට කියලා කරගත්තෙ.
"Ape blog 1 kauruhari like kalanm e like karapu kena kauda kiala danagnna puluwnda?" සඳහා පිලිතුරු-
ඔයා කියන්නෙ ලයික් බට්න් එකකින් ලයික් කරාම හොයාගන්න විදිහ නේද?
මම දන්න විදිහටනම් පුලුවන්.ලයික් බට්න් එක ඉස්සරහින් ලියික් කරපු අයගෙ නම් වැටෙනවානෙ.
උදා:-Ranul Gomas ,Heshan Asanka and 11 others like this
මේ කියන්නෙ Ranul Gomas ,Heshan Asanka සහ තවත් 11 දෙනෙක් ලයික් කරලයි කියලා.11 දෙනාව බලාගන්න ඕනනම් 11 Others කියන එක උඩ ක්ලික් කරන්න ඕනා.ඔය උදාහරණයක් විතරයි.
August 24, 2012 at 7:52 PM
PLS WRITEE POST HOW TO ADD DOWNLOADABLE(EG PDF) POST..GREAT WRK..
August 26, 2012 at 10:48 AM
ඔයා කියන්නෙ අපි දාන ලිපි ඩවුන් කරගන්න පුළුවන් විදිහට හදන්නෙ කොහොමද කියලද?
August 31, 2012 at 6:11 AM
ane ehema watenne nane..ai e? anika blog 1e wena dewal fb fan page haduwa eekata nknma ost wena wdhata hadaganne kohomada?
August 31, 2012 at 10:10 AM
කොයිකද වැටෙන්නෙ නැත්තෙ?
September 2, 2012 at 12:30 AM
මං බ්ලොග් එකට මොනවහරි post කලාම ඒක බ්ලොග් එකේ Fan page එකට Automatically post wena විදිහට හදාගන්නෙ කොහොමද?
Like කලේ කවුද කියලා වැටෙන්නෙ නෑනේ
Nipun
September 5, 2012 at 9:10 PM
මම ඒ ගැන ලිපියක් ලඟදිම දාන්නම්.ඔයා ලයික් කිවුවෙ ෆේස්බුක් පේජ් එකේ ලයික්ද,නැත්නම් අපේ බ්ලොග් එක ලයික් කරන එකද?
September 13, 2012 at 1:01 AM
Blog 1e likes......Names watenne nane...
October 2, 2012 at 12:34 AM
තැන්කූ
October 2, 2012 at 5:15 PM
hoda wedak :D
October 13, 2012 at 10:45 PM
siraaaaaaa bn
October 13, 2012 at 10:46 PM
mee dala thiyana widiye comment box gajat ekak add karana widiya kiyala denawada
October 14, 2012 at 2:16 PM
කමෙන්ට් බොක්ස් එක බ්ලොග් එකක් හදද්දිම තියෙනවනෙ!
October 20, 2014 at 12:18 PM
අපි බ්ලෝග් එකක් හදන එකේ වාසිය මොකක්ද... අපිට ඒ මගින් යම් ලාභයක් තියනවාද..
November 4, 2014 at 6:12 PM
NIYAMA NIAYAMA NIYAMAI Mama masa ganak thisse hoyapu deyak Eureka Eureka THANK YOU
June 11, 2015 at 1:42 AM
Hoda post ekak. machan navigation menu hadana widiha dammoth eeka godak watinawa. followers , coment bar eka blog ekata add karanne kohomada?