මීට පෙර මෙහි පළවන ලිපිය සහ දෙවන ලිපිය පලකළ අතර එම ලිපි මුලින් බලා පසුව මෙම ලිපිය බලන් ලෙස ඉල්ලමි.එම ලිපි බැලීමට මෙතන ක්ලික් කරන්න
මම පොරොන්දු වුනා වගේම බ්ලොග් අඩවියක් හදන හැටි කියල දෙන පෝස්ට් වල තුන්වෙනි එකත් ගෙනාවා.කට්ටියම දැන් බ්ලොග් එකට ටෙම්ප්ලේට් එකක් දාලා ලස්සනට හදල ඇතිනෙ.හැබැයි මම කොච්චර මහන්සිවෙලා මේ පෝස්ට් දැම්මත් වැඩිය කමෙන්ට්ස් නං නෑ.කමෙන්ට් දාපු හැමෝටම ස්තූතියි.
හරි එහෙනම් අද ලිපිය පටන් ගමු.
බ්ලොග් ලිපියක් දැමීම
මුලින්ම අපි බලමු කොහොමද බ්ලොග් අඩවියකට ලිපියක් දාන්නෙ කියල.බ්ලොග් ලිපියකට කැමති දෙයක් දාන්න පුළුවන්.මම මේ දාලා තියෙන්නෙත් බ්ලොග් ලිපියක්.එහෙනම් මුලින්ම
www.blogger.com වලට ගිහිල්ල ඒකෙන් New Post කියන එකට යන්න.ඊට පස්සෙ ආවා නේද ටයිප් කරන්න තැනක්.ඉතින් එතන ගොඩක් කෑලි කෑලි තියෙනවනෙ.අපි බලමු ඒ මොනවද කියල
මම ඔය පින්තූරෙ ඒ කෑලි වලට අංක යොදල තියෙනවා.ඒ අංක වලට අනුව මම ඒවා විස්තර කරන්නම්
|
ලොකුවට බලන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න. |
1-බ්ලොග් ලිපියේ මාතෘකාව දමන ස්ථානය
2- Undo සහ Redo බට්න්--මෙමගින් අප කල ක්‍රියා ආපස්සට කල යැවිය හැක.redo බට්න් එක මගින් ආපස්සට යැවූ ක්‍රියා ආපහු කළ හැක.
3-අකුරු වර්ගය වෙනස් කිරීමට
4-අකුරු ප්‍රමාණය වෙනස් කිරීමට
5-අකුරු තද පාට(Bold)කිරීමට
6-අකුරු ඇද කිරීමට(italic)
7-අකුරු යටින් ඉරක් ඇඳීමට(Underline)
8-අකුරු වල වර්ණය වෙනස් කිරීමට
9-අකුරු කැමති පාටකින් හයිලයිට් කිරීමට
10-අකුරු මත හෝ පින්තූරයක් මත ක්ලික් කල විට වෙනත් වෙබ් පිටුවකට යාමට(ලින්ක්-Link)--උදා:-
මෙතන ක්ලික් කල විට ගූගල් වෙතට යයි.ඒ එය ලින්ක් එකක් බැවිනි.
11-පින්තූරයක් දැමීමට
12-වීඩියෝ එකක් දැමීමට
13-අකුරු පෙනිය යුත්තේ පිටුවේ මැදද දකුණු පසද වම් පසද යන්න තේරීමට
14-පෝස්ට් එක ලියන ස්ථානය
15-ලිපිය වර්ගීකරණය කිරීමට(Label)--උදා:-ඔබ ලිපි හයක් ලියා ඇත.එයින් තුනක් අන්තර්ජාලය ගැන වන අතර තුනක් පරිගණකය ගැනය.ඒවාට ඔබ විසින් අන්තර්ජාලය සහ පරිගණකය යනුවෙන් වර්ගීකරණය කල විට අන්තර්ජාලය ගැන තොරතුරු අවශ්‍ය කෙනෙක්ට ඒ පිලිබඳ ලිපි තුනද,පරිගණකය ගැන අවශ්‍ය කෙනාට එම ලිපි තුනද වෙනමම බැලිය හැක.
16-ලිපිය බ්ලොගය වෙත මුදාහැරීමට
(අකුරු වලට වෙනස්කම් කරන විට ඒවා හයිලයිට කල යුතුය.අංක 9 යේදී කියන හයිලයි කිරීම නොවේ.පහළ දක්වා ඇති වීඩියෝවේ කරන ආකාරය දක්වා ඇත.)
ඉතින් ඔය ටික යොදාගෙන ඔයාලට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න පුළුවන්.ඔයාල බ්ලොග් එක ලියන්නෙ සිංහලෙන්නම් සිංග්‍රීසි පාවිච්චි කරන්න.ඒකෙ කොටු දෙකක් තියෙනවා.පහළ කොටුවෙ ඉංග්‍රීසියෙන් සිංහළ උච්චාරණේ ලිව්වම උඩ කොටුවෙ සිංහළෙන් වැටෙනවා. උදා:-ammaa යනුවෙන් යට කොටුවේ ලිවූ විට උඩ කොටුවේ අම්මා යනුවෙන් වැටෙනවා.
ඒක ඊට පස්සෙ කොපි කරලා බ්ලොග් පෝස්ට් එක ලියන තැනට පේස්ට් කරනවා.
ඒක ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න.
ඔය කියපු ඒවා හරියට තේරුනේ නැත්නම් මෙතන ක්ලික් කරල ගිහිල්ල මම හදපු වීඩියෝ එක බලන්න.
කමෙන්ට්ස්
හරි අපි ඊලඟට බලමු කමෙන්ට්ස් ගැන.අපි මුලින්ම බලමු කමෙන්ට් එකක් දාන හැටි.කමෙන්ට් එකක් කියන්නෙ අපේ අදහසක්.ඉතින් ඒකක් දාන්නෙ මොකක් හරි බ්ලොග් පෝස්ට් එකකට.(තමන්ගෙ බ්ලොග් එකට කවුරුහරි දාපු කමෙන්ට් එකකට ප්‍රතිචාරයක් විදිහට හෝ වෙනත් බ්ලොග් එකක අදහසක් විදිහට කමෙන්ට්ස් දාන්න පුළුවන්)එහෙනම් මුලින්ම බ්ලොග් පෝස්ට් එකේ යටට යනකොට පහළ පින්තූරෙ වගේ එකක් පෙනෙයි.අන්න ඒකෙ තමයි කමෙන්ට් දාන්නෙ.(රතුපාටින් රවුම් කරලා තියෙන එකේ.)
|
ලොකුවට බලන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න. |
ඉතින් ඒ පින්තූරෙම කහ පාටින් තැනක් තියෙනවනෙ.අන්න එතැනට දාන්න ඕනා ඔයා කවුරු විදිහටද කමෙන්ට් එක දාන්නෙ කියල.ඔයාලා හැමෝටම gmail ගිණුමක් තියෙන හින්දා ප්‍රශ්නයක් නැහැ.ඒක හින්දා ඔයාලා Google Account කියන එක තෝරන්න.(කහ පාටින් රවුම් කරල තියෙන තැන ඔයාලගෙ නම වැටිල තියෙනවනම් කෙලින්ම කමෙන්ට් එක දාන්න පුළුවන්)ඊට පස්සෙ එතන තියෙන ලොකු සුදු කොටුවෙ ඔයාලගෙ කමෙන්ට් එක ටයිප් කරලා post comment කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ පහළ වගේ තැනක් එයි.
ඒකෙ මම රවුමක් ගහල තියෙන තැන් දෙකට ඔයාලගෙ gmail වල E-mail ඇඩ්රස් එකයි පාස්වර්ඩ් එකයි දීලා sign in කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඔයාලගෙ කමෙන්ට් එක වැටෙයි.සමහර විට ඇදවෙච්ච අකුරු ටිකක් හරියට ටයිප් කරන්න එයි(word verification)එහෙම ආවොත් ඇදවෙච්ච අකුරු ටික පහළ කොටුවෙ ටයිප් කරල යට තියෙන බට්න් එක ක්ලික් කරන්න.
ඉතින් අදට මේ පෝස්ට් එක ඉවරයි.ඊලඟ සහ අන්තිම කොටසෙන් followers ලා ගැන සහ ඔබගේ බ්ලොග් අඩවියට වැඩියෙන් ප්‍රේක්ෂකයින් ගෙන්වා ගන්නෙ කොහොමද කියා බලමු.ඉතින් අද කමෙන්ට් දාන හැටිත් කියල දුන්නු හින්දා මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා යන්න හරිද.
පසුව ලියමි:- මෙහි හතරවන කොටස බැලීමට මෙතන ක්ලික් කරන්න
November 13, 2011 at 12:21 AM
ඇත්තටම හරිම වාටිනකමක් දැනුනා අපේකම කියන්නේ මෙවාගේ තාමන් දන්නා දෙය හැමදනාටම අපේ කාතාකරන බසින්ම හරිම පැහැදිලි ලෙස කියාදිමයි මා නොදන්නා බොහොමයක් මෙයින් දැන ගත්තා ඔබට ස්තුතියි. ඔබතුමා ගේ දැනුම දිනේන දින වැඩිවේවායි පතමි... ඔබට නිරතුරැම ජයපතමී
November 13, 2011 at 6:52 AM
ටික දවසකින් මමත් මේ පැත්තේ සරලව නොදන්න ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට පැහැදිලි කරලා තියනවා. ජයවේවා
November 13, 2011 at 7:05 AM
Wordpress බ්ලොග් අඩවි හදාගන්න විදියත් දාන්න පුළුවන්ද?. Blogger වල තියෙන සරල බව නිසා ගොඩක් අය ඒකට යොමු වුනත් Wordpress තමයි ගොඩක් වෘත්තීමය බ්ලොග්කරුවන්ගේ තේරීම. ජය!
November 13, 2011 at 10:47 AM
වෙනද වගේම අදත් බොහොම සරලව පැහැදිලිව ලියලා තියෙනවා... තේරුම්ගන්න හරිම ලේසියි... බොහොම ස්තුතියි..
November 13, 2011 at 5:00 PM
math meken thama iganan gathte godak dewal..
November 13, 2011 at 7:43 PM
හොදයි. ගොඩක් දේවල් දැනගත්තා.
November 13, 2011 at 8:22 PM
I like what you are doing. soooooooooooooooo good job. wish you good luck. Pls let me know how to write in sinhala.
November 14, 2011 at 6:14 PM
@ Asitha
ඒක ඇත්ත අසිත.තමන් දන්න දෙය තව කෙනෙක්ට ඉගැන්වීමත් පිංකමක්.
@දේවා ගේ අඩවිය
බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට
@විසිතුරු visituru
මම නම් wordpress වලින් බ්ලොග් එකක් හදලා නෑ.ඒ ගැන කණගාටුයි.මම හදපු දවසට ඒකත් දාන්නම්.
@ Miyuru
ඔව්,හැම කෙනෙක්ටම තේරෙන්න දාන්න ඕනා.මමත් මුලින්ම ඉන්ටර්නෙට් අරගත්ත කාලෙ බ්ලොග් වල තිබිච්ච දේවල් තේරුම් ගන්න බැරි වුනා.ඉතින් ඒ හින්දා තමයි මම මෙහෙම ලියන්නෙ.
@Chamara BUDDIKA
thanks
@රාජ්
thanks
@indika piumal
මම කියපු විදිහට සිංග්‍රීසි වලින් ලියන්න.you can't see sinhala.click here to get sinhala.
සිංහල වලින් ටයිප් කරන හැටි බලන්න මෙතන ක්ලික් කරන්න.
November 16, 2011 at 2:06 PM
අද තමයි මේ ලිපි පෙළ දැක්කේ. වැඩේ නම් හුඟක් වටිනවා. දිගටම කරගෙන යමු.
November 19, 2011 at 2:04 PM
hoda wadak
December 1, 2011 at 6:09 PM
හොදා හොදා. තව තියෙන තරමක් දාන්න.
December 18, 2011 at 8:47 PM
ගොඩක් ස්තූතියි. මම Blog එකක් හදල තිබුනෙ. එත් ඒක ගැන මට එච්චරම තෙරුමක් තිබුනෙ නැ. දැන් මම ඒ ගැන ගොඩක් දෙවල් තේරුම් ගත්ත. සමහර අය කැමති නැ තමන් දන්න දෙවල් අනුන්ට කියල දෙන්න. ඒ නිසය් ඔබතුමා කරන දේ ගොඩක්ම වටින්නෙ
April 20, 2012 at 3:00 PM
කමෙන්ට් අඩු උනාට
බ්ලොග් එක ගොඩක්අය බලනවා....
කමෙන්ට් ලියාගන්න බැරි අයත් ඉන්නවා... සහෝදරය...
මම ගොඩක් පස්සෙ උනත් කමෙන්ට් එකක් දැම්මා...
බ්ලොග් එකක් හදන්නේ නැතිව ප්‍රෝ පයිල් එකක් හදන්න පුලුවන්ද...@
ඔබට ජය.....
June 6, 2012 at 7:23 PM
බ්ලොග් පිටුව ඇරලා අවුරුදු හතරක් තිස්සෙ එකම පෝස්ට් එකක්වත් නොදා හිටියා.අහම්බෙන් මේ පිටුවට ආවෙ.අද මගෙ බ්ලොග් එකට පළමු ලිපිය ලිව්වා.දැනුම දුන්නු ඔබට ස්තූතියි.
June 15, 2012 at 3:51 PM
blog lesson 1 nm patta..bt podi aulk.link 1k daddi url 1 dala text to display kiana thanata sinhalen words danna baane.english nm watenawa..help 1k dennako...
June 15, 2012 at 7:56 PM
මටනම් එහෙම වෙලා නෑ.ඒත් කමක් නෑ.මෙහෙම කරලා බලන්න.
ඔයාට සිංහලෙන් දාන්න ඕනා වචනේ සාමාන්‍ය ටෙක්ස්ට් එකක් විදිහටම ටයිප් කරන්න.
ඊට පස්සෙ ඒ කොටස හයිලයිට් කරලා ලින්ක් දාන අයිකන් එක ක්ලික් කරන්න ඊට පස්සෙ ලින්ක් එක දාන්න තියෙන කොටුව විතරක් පුරවලා ඕකේ කරන්න.
තේරෙන්න ඇති මම හිතන්නෙ.තේරුනේ නැත්නම් මට කියන්න.
තව ඕනමප්රශ්නයක් අහන්න.
June 16, 2012 at 1:53 PM
June 18, 2012 at 6:14 PM
@Nipun
ඔයා අදහස් කලේ හෝම් එකේ පෝස්ට් 3ක් විතරක් පේනවා නම් 10 ක් පේන්න හදාගන්න විදිහද?
July 3, 2012 at 5:47 PM
අදයි මෙහෙට ආවෙ ගොඩක් වටින පොස්ට් එකක් ජයවේවා
October 2, 2012 at 8:51 AM
(Y)
October 10, 2012 at 1:47 PM
nice post . i learn lot of things by your post.carry on this.
January 29, 2013 at 2:41 AM
ඇත්තටම මට ඕන වෙලා තිබුන බ්ලොග් එකක් හදන්න ... අහම්බෙන් ඔයාව සෙට් උනේ,,,, ජයෙන් ජයම පතනවා .......!
February 14, 2013 at 9:18 AM
harima pehedili
June 15, 2016 at 9:11 PM
සිරාම සිරා බං..සිරාම සිරා..හැබැයි එක අවුලක්..මට අර සින්ඩි වල රෙජිස්ටර් වෙන සීන් එක තේරෙන්නෙ නෑනෙ..
August 30, 2017 at 11:14 AM
ගොඩක් ස්තුතියි නොදන්නා දෙයක් කියල දුන්නට