skip to main |
skip to sidebar
RSS Feeds
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්රාසය එක්තැන් වුනු තැනක්.
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්රාසය එක්තැන් වුනු තැනක්.
5/19/2011 05:31:00 PM
Posted by Ranul Hashika Gomez
ඔන්න අද මට හිතුනා ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්න.ඕගොල්ලො මේකට උත්තරේ කමෙන්ට් එකකින් කියන්න.ඔන්න ගණිත ගැටළුව.
එක්තරා සත්ව ගොවිපලක සිටියේ එළුවන් හා කුකුලන් පමණකි.එළුවන් හා කුකුලන්ගේ මුළු එකතුව හතළිහකි.උන්ගේ පාදවල එකතුව අනූහයක් විය.මෙම සත්ව ගොවිපලේ සිටි එළුවන් හා කුකුලන් ගණන වෙන වෙනම සොයන්න.
ඔය ප්රශ්නෙට උත්තරේ දීලා යන්නකෝ.හරි උත්තරේ පස්සේ දෙන්නම්.
May 19, 2011 at 7:03 PM
එලුවො = A ද කුකුලෝ = W නම්
A + W = 40 -------- (1)
4A + 2W = 96 ---------(2)
(1) * 4 ----- (3) නම්
(3) - (2) විට
4A + 4W - (4A + 2W) = 160 - 96
2W = 64
W = 32
ඒ කියන්නේ කුකුලෝ 32යි එලුවෝ 40-32 =8යි
ඔයා පොඩි බබා නිසයි මෙහෙම ටිකක් වැඩියෙන් කිවේ හොදේ ඔන්නම් උත්තරේ හරිද බලන්න
කුකුලෝ 32 ඒ කියන්නේ කකුල් 64 යි. එලුවෝ 8යි කියන්නේ කකුල් 32යි
64 + 32 = 96..
තව දාන්නකෝ හොදේ බබෝ
May 20, 2011 at 3:43 PM
සදරු ගේ ලෝකය@
ඔයා මං හිතුවටත් වඩා හොදට පිලිතුර දීලා තියෙනවා.සමීකරණත් හරි.කොහොම වුනත් ඔයාට ස්තූතියි අයියේ.ආපහු එන්නකෝ.ආ තව එකක් ඔයා කැමතිනම් ෆලෝ පාරක් දාන්න.
May 20, 2011 at 3:51 PM
සදරු ගේ ලෝකය@
ආ මේ ඇයි මට බබා බබා කිව්වේ.
May 20, 2011 at 8:53 PM
96යි තමයි... මම හැදුවෙ නෑ ඔන්න...
ඉහලින් තිබ්බ උත්තරේ කොපිකරා ... :D
May 21, 2011 at 2:27 PM
හරී@
ඔයා මං අහපු දේට නෙමෙයිනේ උත්තර දීලා තියෙන්නේ.