skip to main |
skip to sidebar
RSS Feeds
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්‍රාසය එක්තැන් වුනු තැනක්.
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්‍රාසය එක්තැන් වුනු තැනක්.
5/22/2011 03:39:00 PM
Posted by Ranul Hashika Gomez
මට ඊයෙ ලිපියක් දාන්න බැරි වුණානේ.කමක් නෑ .මම අදත් ගණිත ගැටලුවක් දාන්න හිටියේ.ඒත් මට හිතුණා හැමදාම ගනිත් ගැටලුදාන්නෙ නැතුව වෙනස් දෙයක් දාන්න.ඔන්න එහෙනම් ඉබ්බා උඩින් ගිය කථාවේ Re-Mix එක නොහොත් New Version එක.
ඔන්න දැන් අර ඉස්සෙල්ල ගෙනිච්ච ඉබ්බගෙ මුනුබුරා අර විලේ ඉන්නවලු.ඉස්සෙල්ල වගේම දැනුත් විල හිදිළලු.ඔන්න අර කොක්කුදෙන්නගෙ මුනුබුරෝ ඇවිල්ල ඉස්සෙල්ල වගේම අහනවලු එක්කන් යන්න.ඉට පස්සෙ අර ඉබ්බ කියනවලු"ඔයා මගෙ සීයවත්මැරුවනෙ මමනං එන්නෙ නැහැ" කියල.ඉට පස්සෙ ආයිත් ඉබ්බ කියනවලු"එක්කො කමක් නැහැ.කොහොමත් මැරෙන්නනෙවෙන්නෙ"කියල.ඔන්න ඉතින් ඉස්සෙල්ල වගේම කෝට්ටෙ එල්ලිලා යනවලු.ඔන්න අර ඉස්සර හිටපු ළමයි දැන් හෙණලොකුයිලු.ඔන්න එදා වගේම අර ළමයි ටික කෑ ගහනවලු"මෙන්න අහසින් ඉබ්බෙක් යනවෝ.මෙන්න අහසින් ඉබ්බෙක්යනවෝ."කියලා.ඔන්න එදානම් ඉබ්බ කට ඇරියෙ නැහැලු.ඒ වුණාට අර කොක්කු දෙන්න කිව්වලු"ඒයි ළමයි කෑ ගහන්නඑපා"කියල.එතකොටම ඉබ්බ වැටුනළු.එතකොටම කොක්කු දෙන්නට මතක් වෙලා"අරූ වැටුණ නේද" කියල.කොහොම හරි ඉක්මනටගිහිල්ල අල්ල ගත්තලු.ඊට පස්සෙ අර ඉබ්බ කියනවලු"ඔය දෙන්නටම බොහොම ස්තූතියි මාව බේරගත්තට" කියලා.ඌට අමතක වුණාමං කට ඇරිය නේද කියල.එතකොට වෙච්ච දේ දන්නවනෙ ඉතින්.(බිමට වැටුණ)
කතාවනං ඉවරයි.ඕගොලො ගාවත් මේ වගේ රී මික්ස් කතා තියෙනවනම් මේ ඊමේල් අඩ්රස් එකට එවන්න.ඒවත් මම බ්ලොග් එකේ දාන්න හිතන්ඉන්නේ.මම ඕගොල්ලොන්ගේ නමත්යටින් දාන්නම්.බ්ලොග් එකක් තියෙනවනම් ඒ ගැනත් කියන්නම්.(අවශ්‍ය තොරතුරු ටිකත් එක්කකතාව එවන්න.නැත්නම් ඉතින් මම දාන්නෙ කොහොමද)
ranulhashika.g@gmail.comකමෙන්ට් එකක් දාල යන්න.
5/20/2011 06:23:00 PM
Posted by Ranul Hashika Gomez
ඔන්න මම දෙවනි ගණිත ගැටළුවත් දානවා.පලවෙනි එකට සදරුගේ ලෝකය බ්ලොග් එක ලියන අයියා නිවැරදි පිලිතුර දාලා තිබ්බා.පලවෙනි එක බැලුවේ නැත්නම් මෙතනින් යන්න.
පලවෙනි එකේ නිවැරදි උත්තර
එළුවන් ගණන=8
කුකුලන් ගණන=32
ඔන්න එහෙනම් දෙවෙනි එක
එක්තරා මිනිසෙකුට සිටින පක්ෂීන් හා සිවුපාවුන් ගැන මෙසේ කියයි."මා ලග සිටින සියලුම සතුන්ට ඔලු 34ක් හා පාද 114ක් තියෙනවා."එසේනම් මොහු ලග සිටින පක්ෂීන් හා සිවුපාවුන් ගන්න වෙනම ලියන්න.මේකත් එදා වගේම කමෙන්ට් එකකින් පිලිතුර ලියන්න.
5/19/2011 05:31:00 PM
Posted by Ranul Hashika Gomez
ඔන්න අද මට හිතුනා ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්න.ඕගොල්ලො මේකට උත්තරේ කමෙන්ට් එකකින් කියන්න.ඔන්න ගණිත ගැටළුව.
එක්තරා සත්ව ගොවිපලක සිටියේ එළුවන් හා කුකුලන් පමණකි.එළුවන් හා කුකුලන්ගේ මුළු එකතුව හතළිහකි.උන්ගේ පාදවල එකතුව අනූහයක් විය.මෙම සත්ව ගොවිපලේ සිටි එළුවන් හා කුකුලන් ගණන වෙන වෙනම සොයන්න.
ඔය ප්‍රශ්නෙට උත්තරේ දීලා යන්නකෝ.හරි උත්තරේ පස්සේ දෙන්නම්.
5/18/2011 01:11:00 PM
Posted by Ranul Hashika Gomez
ඊයේ(වෙසක් දවසේ)කළුතර බෝධිය හරිම ලස්සනයි.වෙහෙරෙ උඩ ඉදන් පල්ලේහටම ලයිට් වැල් ඇදලා.හරිම ලස්සනයි.ඒක හින්දා මට හිතුනා ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ ටිකක් බ්ලොග් එකට දාන්න.ඔය ෆොටෝ ටිකේ දේවතා කොටුව(ඔය මැද තියෙන කොටුව)පොඩ්ඩක් බලන්න.එක වෙලාවකට අනිත් හරියේ පාටමයි.තව වෙලාවකට බෞද්ධ කොඩියේ පාට නිවි නිවි පත්තුවෙනවා.මේ දවස්වල බෝධියේ කේෂ ධාතුන් දෙනමකුත් මහජන ප්‍රදර්ශනයට තියලා තියෙනවා.එහෙනම් බලන්නකෝ.
![]() |
කළුතර බෝධිය |
![]() |
කළුතර බෝධිය |
![]() |
වෙසක් සද |
![]() |
කළුතර බෝධිය |
![]() |
කළුතර බෝධිය අසල පාලම සරසා ඇති අයුරු |
![]() |
බෝධීන් වහන්සේ අසල ඇති කුඩා වෙහෙර |
5/17/2011 04:44:00 PM
Posted by Ranul Hashika Gomez
අපි කොතෙකුත් මුහුද දැක ඇති නමුත් සුන්දර මුහුදු පත්ල දැක ගැනීමට අවස්තාවක් නොලැබේ.සුන්දර මුහුදු පත්ලේ ඡායාරූප කිගිපයකි මේ.
5/17/2011 10:10:00 AM
Posted by Ranul Hashika Gomez
අද දින අප සමරන වෙසක් මංගල්‍යය ආයිත් අපට සමරන්න බැහැ.ඒ ආයිත් මෙවැනි දිනයක් උදා වන්නේ තව අවුරුදු සීයකින් නිසයි.ඒ නිසා අපි මේ වෙසක් සතියෙවත් මස් මාංශ වලින්,සුරා පානයෙන් වැලකී සිටිමු.කෙසේ වෙතත් ඔබට සුබ වෙසක් මංගල්‍යයක් වේවා.