අරලිය ගහ මැදුරේ සැඟවුනු රහස්-2

මෙම ලිපියේ පලවෙනි කොටස බැලීමට මෙතන ක්ලික් කරන්න.

පළවන ලිපියේ අවසානයේ සිට...

සැ.යු: මෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්‍රයෙනි.

අරලිය ගහ මැදුරේ අතීතය හාරා අවුස්සා බලන විට තව දෙයක් අපිට දැනගන්නට ලැබෙයි.එනම් මෙහි මුල් නම "ටෙම්පල් ට්‍රීස්"යන්න නොවන බවයි.දැනට සොයාගෙන ඇති සාධක අනුව මෙහි මුල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ  දහ අට වැනි සියවසේ මුල් භාගයෙයි.දහ අටවැනි සියවසේ සෑදූ මෙම මන්දිරය හදුන්වන ලද්දේ"ඩී බැන්ඩ්‍රි"නමින් බව පැරණි සටහන් හෙලි කරයි.

"ඩී බැන්ඩ්‍රි"යනු ලන්දේසි වදනකි.එසේ නම් මෙහි මුල් පදිංචිකරුවන් ලන්දේසින්ද යන්න ප්‍රහේළිකාවකි.තව දුරටත් කරුණු සෙවීමේදී(කරුනු සොයන ලද්දේ මුල් කතෘය)දැනගන්නට ලැබුනේ මෙම නිවස මුලින්ම අරක්කු පෙරීමට නිෂ්පාදනය සඳහා යොදාගත් බවයි.නිවසට තබා ඇති"ඩී බ්‍රැන්ඩි"යන නමින්ම එවැනි අදහසක් ධ්වනිත වෙයි.


අරලිය ගහ මැදුර පිහිටා තිබූ ප්‍රදේශය එකල හඳුන්වා ඇත්තේ පොල් වත්ත නමිනි.පොල් ගස් වලින් වටවී තිබුනු නිසා එයට එම ලැබී ඇති බව කියති.බැන්ඩ්‍රි නිවස පොල් වත්තක පිහි‍ටුවීමට හේතුවක් නම් බැන්ඩ්‍රි ස්කාගාරයට අවශ්‍ය සියලුම පොල් රා මෙම වත්තෙන්ම ලැබීමයි.එකල ලන්දේසි සොල්දාදුවන් පොල් අරක්කු බීමට ගිජු කමක් දැක්වූ බැවින් එකල පොල් අරක්කු වලට හොද ඉල්ලුමක් තිබී ඇත.

මෙයට සම්භන්ද තවත් දෙයක් නම් මෙම මන්දිරයත් එහි වත්තත් කලක් සුද්දෙකුට අයත්ව තිබී ඇත.ඔහු රජ පවුලකට නෑකම් කියූ පුද්ගලයෙකු බව කියනු ලැබේ.ඩැනියෙල් ඩිට්ලොප් නැමැති මෙම සුද්දා අරලිය ගහ මැදුර මිලදී ගත් පසු මෙහි තිබූ ස්කාගාරය ඉවත් කර නිවසක් බවට පත් කර තිබේ.


සැ.යු: මෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්‍රයෙනි.



මෙම ලිපිය මෙයින් අවසානයි.
මේ ලිපිය කියෙව්වනම් comment එකක් දාලා follow පාරකුත් දාලා යන්න.

අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස්-1

සැ.යුමෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්‍රයෙනි.
අරලිය ගහ මැදුර නම් වර්තමානයේ අතිගරු ජනාධිපති තුමාගේ නිල නිවසයි.නමුත් මෙය අගමැති නිල නිවසකි.මෙහි අගමැතිවරුන් සහ ජනාධිපතිවරු වාසය කළත් මෙය සාදා තිබෙන්නේ  සඳහා නොවෙයි.එසේම මෙය මෑතකදී සෑදූවක් නොවෙයි.මෙයට දීර්ඝ ඉතිහාසයක් තිබේ.එම ඉතිහාසය ආරම්භ වන්නේ මෙයට අවුරුදු 128 කට පෙරයි.එනම් 1881 දීයි.මෙරට ප්‍රථම අගමැති වූ ඩී.එස්.සේනානායක මහතා 1948 ජනවාරි 19 වන දින අරලිය ගහ මැදුරට ගොඩ වීමත් සමග මෙය අගමැති නිල නිවස බවට පත්විය.අරලිය ගහ මැදුර පොදු හදවත් තුළට සමීප වූයේ එතැන් සිටයි.එහෙත් මෙහි පුරාවෘත්තය එතැනින් ආරම්භ වූවක් නොවෙයි.එහිඅතීතය සියවස් එකයි කාලක් පමණ ඈතට දිව යයි.බොහෝ දෙනෙකු මෙහි අතීතය ගැන නොදනී.සමහරවිට මෙහි අගමැතිවරුන් පවා ගැන නොදැන සිටින්නට ඇත.



අරලිය ගහ මන්දිරය දෙස බලන විට එය මෑතකදී සෑදූවක සේ පෙනෙන්නේ එහි කල නවීකරණ නිසාය.මෙය සාදා ඇත්තේ 1881  පෙර බව ඉතිහාස සටහන් හෙළි කරයි.සමහර විට එට එක්දහස් හත්සිය ගණන්ව සෑදූ බව කියවේ.මෙය පිහිටා තිබූ වත්ත ඉතා විශාල බවත්පසුව එහි විශාල ප්‍රමාණය විකුණූ බවත් පැරණි සටහන් හෙළි කරයි.අරලිය ගහ මැදුරට මෙම නම ලැබුණේ කෙසේද යන්න බොහෝදෙනෙකු නොදනී.පැරණි සටහන් වල සටහන් වන අන්දමට මෙහි වත්තේ විශාල අරලිය ගස් දෙකක් තිබුණු බව කියති.එය මුල් කරගෙනඑම නම මෙයට ලැබී ඇත.මෙහි මුල් පදිංචි කරුවන් කවුද යන්න ඉතිහාස සටහන් වල සඳහන් නොවෙයි.නමුත් මෙහි මුල් පදිංචිකරුවන්සුදු ජාතිකයන් බව ඉතිහාසය කියයි.එකල මෙහි නම වී ඇත්තේ "ටෙම්පල් ට්‍රීස්යන්නයි.පසුව එය සිංහලට පරිවර්තනය වී වර්තමාන නමසෑදී ඇත.
අදට ලිපිය අවසන් කරමි.ඉතා වැදගත් කරුණු සහිතව මෙහි දෙවන ලිපියෙන් හමුවෙමු.

සැ.යුමෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපියආශ්‍රයෙනි


ප.ලි:- මෙහි දෙවන කොටසට යෑමට මෙතන ක්ලික් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This