අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස්-1

සැ.යුමෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්‍රයෙනි.
අරලිය ගහ මැදුර නම් වර්තමානයේ අතිගරු ජනාධිපති තුමාගේ නිල නිවසයි.නමුත් මෙය අගමැති නිල නිවසකි.මෙහි අගමැතිවරුන් සහ ජනාධිපතිවරු වාසය කළත් මෙය සාදා තිබෙන්නේ  සඳහා නොවෙයි.එසේම මෙය මෑතකදී සෑදූවක් නොවෙයි.මෙයට දීර්ඝ ඉතිහාසයක් තිබේ.එම ඉතිහාසය ආරම්භ වන්නේ මෙයට අවුරුදු 128 කට පෙරයි.එනම් 1881 දීයි.මෙරට ප්‍රථම අගමැති වූ ඩී.එස්.සේනානායක මහතා 1948 ජනවාරි 19 වන දින අරලිය ගහ මැදුරට ගොඩ වීමත් සමග මෙය අගමැති නිල නිවස බවට පත්විය.අරලිය ගහ මැදුර පොදු හදවත් තුළට සමීප වූයේ එතැන් සිටයි.එහෙත් මෙහි පුරාවෘත්තය එතැනින් ආරම්භ වූවක් නොවෙයි.එහිඅතීතය සියවස් එකයි කාලක් පමණ ඈතට දිව යයි.බොහෝ දෙනෙකු මෙහි අතීතය ගැන නොදනී.සමහරවිට මෙහි අගමැතිවරුන් පවා ගැන නොදැන සිටින්නට ඇත.



අරලිය ගහ මන්දිරය දෙස බලන විට එය මෑතකදී සෑදූවක සේ පෙනෙන්නේ එහි කල නවීකරණ නිසාය.මෙය සාදා ඇත්තේ 1881  පෙර බව ඉතිහාස සටහන් හෙළි කරයි.සමහර විට එට එක්දහස් හත්සිය ගණන්ව සෑදූ බව කියවේ.මෙය පිහිටා තිබූ වත්ත ඉතා විශාල බවත්පසුව එහි විශාල ප්‍රමාණය විකුණූ බවත් පැරණි සටහන් හෙළි කරයි.අරලිය ගහ මැදුරට මෙම නම ලැබුණේ කෙසේද යන්න බොහෝදෙනෙකු නොදනී.පැරණි සටහන් වල සටහන් වන අන්දමට මෙහි වත්තේ විශාල අරලිය ගස් දෙකක් තිබුණු බව කියති.එය මුල් කරගෙනඑම නම මෙයට ලැබී ඇත.මෙහි මුල් පදිංචි කරුවන් කවුද යන්න ඉතිහාස සටහන් වල සඳහන් නොවෙයි.නමුත් මෙහි මුල් පදිංචිකරුවන්සුදු ජාතිකයන් බව ඉතිහාසය කියයි.එකල මෙහි නම වී ඇත්තේ "ටෙම්පල් ට්‍රීස්යන්නයි.පසුව එය සිංහලට පරිවර්තනය වී වර්තමාන නමසෑදී ඇත.
අදට ලිපිය අවසන් කරමි.ඉතා වැදගත් කරුණු සහිතව මෙහි දෙවන ලිපියෙන් හමුවෙමු.

සැ.යුමෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපියආශ්‍රයෙනි


ප.ලි:- මෙහි දෙවන කොටසට යෑමට මෙතන ක්ලික් කරන්න.

පුළුවන්නම් විසදන්න.ගණිත ගැටලුවක්(4)

අදත් ගණිත ගැටලුවක් දෙන්නයි හදන්නෙ.හැබැයි අද ගණිත ගැටලුව දෙන්නෙ රූපයක් ආශ්‍රයෙන්.ඔන්න එහෙනම් ගණිත ගැටලුව.

සිට 16 දක්වා ඉලක්කම් භාවිතා කර පහත කො‍ටු පූරවන්න.කුමන පැත්තකට එකතු කළත් පිළිතුර 34 විය යුතුය.එක ඉලක්කමක් ලිවියහැක්කේ එක් වරක් පමණි.
මේකෙදි කො‍ටුවෙ අංකෙට උත්තර දෙන්න කමෙන්ට් එකකින්.උදාහරණ:-1 කො‍ටුව=6
කො‍ටුව=2

කොහොමහරි මම තව බ්ලොග් එකක පටන් ගත්තා.ඒකෙ නම photo album. ඒකෙ සම්පුර්ණයෙන්ම දාන්නෙ photos විතරයි.ඕගොල්ලොඑහෙනම් පහත ලින්ක් එකෙන් ඒකට ගිහිල්ල බලන්නකො අනිවාර්යයෙන්ම follower කෙනෙක් වෙන්න.ඒකෙ විතරක්  නෙමෙයි මේකෙත් වෙන්න.අද ලිපිය එහෙනම් මෙතනින් ඉවරයි

පුළුවන්නම් කියන්න.ගණිත ගැටලුවක්(3)

ඔන්න මම ආයෙත් ගණිත ගැටලුවක් දානවා.මේක හුග දෙනෙකුට ලේසි වේවි.මේකටත් වෙනදා වගේම කමෙන්ට් එකකින් පිළිතුරු දෙන්න.ඔන්න ගණිත ගැටලුව.
ඔබේ වයස කීයක් වේදැයි එක් ගණිතඥයෙකුගෙන් කෙනෙක් ඇසීය.ඔහුගේ පිළිතුර ගැටලු සහගත විය.එනම්"තව අවුරුදු තුනකට පසු මගේ වයසින් තුන් ගුණයක් ගන්න.එයින් අවුරුදු තුනකට පෙර වයසේ තෙගුණයක් අඩු කරන්න.එවිටමගේ වයස කිව හැකිය."එසේ නම් ගණිතඥයාගේ දැන් වයස කීයද?
ඕක තමයි ප්‍රශ්නෙ.හැමෝම උත්තර දීලා උදවුවක් විදිහට follow පාරකුත් දාලා යන්න

ලෝකයේ වැදගත් ස්ථාන කිහිපයක ඡායාරූප

අද මම දෙන්නෙ ලෝකයේ වැදගත් ස්ථාන කිහිපයක ඡායාරූප.එහෙනම් බලන්නකො.

easter island

easter island

easter island

ලිබර්ටි ප්‍රතිමාව

ලිබර්ටි ප්‍රතිමාව


ලිබර්ටි ප්‍රතිමාව
ලිබර්ටි ප්‍රතිමාව

අයිෆල් කුලුන

අයිෆල් කුලුන


අයිෆල් කුලුන

අයිෆල් කුලුන

පීසා කුලුන
පීසා කුලුන

පීසා කුලුන
ලෝකයේ උසම ගොඩනැගිල්ල Burj Khalifa
Burj Khalifa
ලෝකයේ 2 වෙනියට උසම ගොඩනැගිල්ල Taipei 101
ලෝකයේ උසම කුලුන Tokyo Sky Tree
ඇමෙරිකාවේ ලෝක වෙලද මද්යස්ථානය

කාලෙකින් බ්ලොග් එකට

මම ආයෙත් ඔන්න බ්ලොග් එක පැත්තෙ ආවා.මට හුගක් කාලෙකින් බ්ලොග් එකට ලිපියක් දාන්න බැරිවුනා.(කට්ටිය හිතන්න ඇති මං බ්ලොග් ලියන එක නවත්තලා කියලා).ඒකට හේතුව මගෙ කොම්පියුටරේ කැඩුනු එක.හරියටම කියනවනම් මගේ මදර් බෝඩ් එක පිච්චුනා.ඉතින් ඒක දාගන්න හුගක් කල් ගියා.කොහොමහරි ඔන්න මං ආයෙත් තීම් එක වෙනස් කරලම බ්ලොග් එක ලියන්න පටන් ගත්තා.මම තව ටිකකින් ලිපියක් දාන්නම්.

කමෙන්ට් එකක් දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This