වටිනා පෝස්ටර්,CD තැටි,පොත් නොමිලේ නිවසටම ගෙන්න ගන්න



මීට ඉස්සෙල්ලත් මම නොමිලේ ගෙන්න ගන්න ඒවා ඔයාලට දුන්නා මතක ඇති.සමහර ඒවා නම් ආවෙ නෑ.ඒත් ගොඩක් ඒවා ආවා.මම අද අරන් ආවෙ අලුත් එකක්.

අද දෙන්නෙ Tobaco වලට විරුද්ධව හදපු පෝස්ටර්,CD තැටි,,පොත් වගේ ඒවා ගොඩක්.මේවා ගොඩක් එක සැරේ ගේන්න පුලුවන්.ඒත් එහෙම ගොඩක් ගන්න එපා.මොකද එයාලා සල්ලි වියදම් කරලා හදලනෙ මේවා නිකන් දෙන්නෙ.අනිත් එක ඔයාලට මේවා වැඩක් නැත්නම් ගන්න එපා.


ඔය වෙබ්සයිට් එකේ යට තියෙන්නෙ අපිට ගෙන්න ගන්න පුලුවන් දේවල්.
මම බලද්දි නම් Item 115 ක් තිබ්බා.හැමතිස්සෙම ඕකට අලුත් ඒවා එකතු වෙනවා.
යට තියෙන Next කියන එක ක්ලික් කරලා අනිත් අයිටම් බලන්න පුලුවන්.

දැන් ඔයාට ඕන අයිටම් වලට ටික් එකක් දාන්න (අයිටම් එකේ නමට කලින් තියෙන කොටුව උඩ ක්ලික් කරලා හරිය යොදන්න) 

ඊට පස්සෙ යට තියෙන Continue කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන පේජ් එකෙන් ඔයාට අයිටම් කීය කීය ඕනද කියලා දාන්න. (ලොකු ගනන් දාන්න එපා.අපරාදෙනෙ) 

ඊට පස්සෙ ආයිත් Continue කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එයි ඇඩ්‍රස් ගහන්න තැනක්.එතන පහත විදිහට පුරවන්න.මම කියලා නැති ඒවා පුරවන්න අවශ්‍ය නෑ.

ලොකු කරන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න

Postal Code කියන්නෙ තැපැල් කන්තෝරුවට විශේශ අංකයක්.ඒක හොයාගන්න මෙතන ක්ලික් කරන්න.
ඊටපස්සෙ ඒකෙ උඩ තියෙන දිස්ත්‍රික්ක වලින් ඔයාලගෙ ගම අයිති දිස්ත්‍රික්කෙ තෝරන්න.ඊට පස්සෙ ඒ දිස්ත්‍රික්කෙට අයිති ගම් ටික එනවා.ඒක ඉස්ස්‍රහින් තියෙන්නෙ Postal Code එක.ඒත් ඒකෙ අකුරු දෙක පෝස්ටල් කෝඩ් එකට අයිති නෑ.

උදා:- කලුතර පෝස්ටල් කෝඩ් එක තියෙන්නෙ KT 12000 කියලා.ඒත් හරි එක 12000. 

ඔයා ඉන්නෙ වෙන රටක නම් ගූගල් එකේ රටෙ නම ගහලා Postal Code කියලා ගහලා සර්ච් කරන්න. 

දැන් ඔය ෆෝම් එක පුරවා ඉවර නම් ආයිත් යට තියෙන Continue කියන එක ක්ලික් කරන්න. 

දැන් එන පේජ් එකේ තියෙන Confirm කියන එක ක්ලික් කරන්න. 

දැන් වැඩේ හරි. 

ටික දවසකින් ඔයා ඕඩර් කරපු ටික තැපෑලෙන් ගෙදරටම එයි. 

මමනම් ගත්තෙ CD එකකුයි තව පොතකුයි පෝස්ටරේකුයි. 

එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාලා යන්න 

මගේ බ්ලොග් එක හොදනම් ෆලෝ එකකුත් දාලා ෆේස්බුක් පේජ් එකට ලයික් එකකුත් දාන්න. 

Online තොරණ බලන්න, අහන්න එන්න





මම ඉක්මනට පෝස්ට් දාන්නම් කිවුවට කියපු විදිහට පෝස්ට් දාන්න නම් බැරි වුනා.ඒකට සමාවෙන්න.

මේ වෙසක් කාලෙ නේ.ඒක හින්දා හැම තැනම් තොරණ්.ඒත් මේක ටිකක් වෙනස් තොරණක් මොකද මේක තියෙන්නෙ ඉන්ටර්නෙට් එකේ.කම්පියුටර් එකෙන් තමා බලන්න වෙන්නෙ.

මේ තොරණ හදලා තියෙන්නෙ HiruTV හා HiruFM එකතු වෙලා.මීට ඉස්සෙල්ලත් මේ වගේ තොරණ් තිබ්බට ඒවායෙ තිබ්බෙ රූප විතරයි.ඒත් මේකේ මුලු කතාවම ශ්‍රව්‍ය මාධ්‍යනුත් යනවා.ඒ කියන්නෙ අපිට තොරණ බලන ගමන් කතාව අහන්නත් පුලුවන්.

මුලින්ම තොරණට ගියාම කතාව ගැන හැදින්වේමක් යනවා.ඊට පස්සෙ එයාලා කියයි පලවෙනි පින්තූරෙ උඩ ක්ලික් කරන්න කියලා.එතකොට ඒක උඩ ක්ලික් කරන්න.එතකොට ඒ කොටසට අයිති කතාව ලස්සනට යනවා.

මෙන්න මෙතනින් යන්න තොරන බලන්න:- Click Here

ඇත්තටම හොදට තොරණ හදලා තියෙනවා.මේක හදපු HiruFM හා HiruTV එකට ගොඩක් ස්තූතියි කියන ගමන් මං මේ පෝස්ට් එක ඉඅවර කරනවා.ඉතින් ඔයාලත් මේ තොරන ගැන මෙතන කමෙන්ට් එකක් දාල යන්න.

මගේ බ්ලොග් එක හොදනම් ෆලෝ පාරක් දාන්න.ඒ වගේම ෆේස්බුක් පේජ් එකට ලයික් එකකුත් දාන්න.සයිඩ් බාර් එකේ ඇති ලයික් බට්න් එක.

එහෙනම් හැමෝටම සුභ වෙසගක් වේවා.

ලෝකවාසී සෑම දෙනාටම සුභ වෙසගක් වේවා !!!

Image From Google
ලෝක වාසී සියලු සියලු දෙනාටම සුභ වෙසගක් වේවා.

සැමදෙයක්ම බ්ලොග් අඩවිය අද ඉදන් ආයෙත්




මුලින්ම කියන්න ඕනා මට ගොඩක් සමාවෙන්න කියලා.මොකද මම එක එක වැඩ වලට කාලය ගිය හින්දා බ්ලොග් එක ගොඩක් කල් ලියන්න බැරි වුනා.

නමුත් මම ඒ කාලය තුල බ්ලොග් එකේ දාන්න එක එක දේවල් ගැන කල්පනා කලා.ඉතින් මම ඉස්සරහට ඒ වටිනා දේවල් ඔයාලට තිලින කරන්න බලාපොරොත්තු වෙනවා.ගිය මාසෙ 6 වෙනිදට (April 6) මගේ බ්ලොග් එකට අවුරුදු 2 ක් වෙනවා.නමුත් ඒකටවත් පෝස්ට් එකක් දාගන්න බැරි වුනා.

ඒ වගේම මම හිතනවා ඔයාලා Comment දාලා මාව දිරිමත් කරයි කියලා.මොකද මම මේ දේවල් ඔයාලට තිලින කරනවාට මට ලැබෙන එකම ත්‍යාගය තමා Comment කියන්නෙ.මොකද මට මේ දේවල් ලිවුවයි කියලා සල්ලිවත්,තෑගිවත් ලැබෙන්නෙ නෑ.

ඉතින් ඔයාලගෙ සහයෝගය තියෙනවනම් මම මේක දිගටම කරගෙන යනවා.

තව පොඩි උදවුවක් ඕනා.මම මෙක ගොඩක් කාලෙකින් Update  කරපු නැති හින්දා දැන් මේක සමහර සින්ඩි වලින් අයින් වෙලා ඇති.ඔයාලා කවුරු හරි සින්ඩියකින් ආවනම් ඒ සින්ඩියෙ නම කමෙන්ට් කරලා යන්න.ඒක ලොකු උදවුවක්.

එහෙනම් ලගදිම හමුවෙන බලාපොරොත්තුව මත මම සමුගන්නම්.ඔයාලට සුභ දවසක්.

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This