මගෙන් ගොඩක් අය ඉල්ලලා තිබුනා බ්ලොග් එකේ දාන ලිපි ඔටෝම අපේ ෆේස්බුක් පේජ් එකට වැටෙන විදිහ කියලා දෙන්න කියලා.ඉතින් මම අද ඒක තමා කියලා දෙන්න යන්නෙ.හැබැයි ටිකක් පරක්කු වුණා කියලා දෙන්න.
හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.මේකට ඔයාලාට ෆේස්බුක් පේජ් එකක් තියෙන්න ඕනා.
ඒක හදාගන්න හැටි මෙතන ක්ලික් කරලා බලන්න.
අපි මේක කරන්නෙ RSS Graffiti කියන සේවාවෙ උදවුවෙන්.එහෙනම් මුලින්ම පහල ලින්ක් එක ක්ලික් කරලා එතනට යන්ඩකො.ෆේස්බුක් හරහා තමයි ඒකට යන්නෙ.ඒක නිසා සමහර විට මගදි එක එක ඒවා අහයි.ඒ වෙලාවට එතන තියෙන දම් පාට බට්න් ඔබන්න.
https://apps.facebook.com/rssgraffiti/
කොහොමින් හරි අන්තිමට ඔයාලා මෙන්න මේ වගේ තැනකට එන්න ඕනා.
(මේ පෝස්ට් එකේ දාන හැම පින්තූරයක්ම ලොකු කරලා බලන්න ඕන නම් අවශ්‍ය පින්තූරෙ උඩ ක්ලික් කරන්න.)
දැන් ඒකෙ තියෙන Add New Publishing Plan කියන එක ක්ලික් කරන්න.උඩ රූපෙ රතු පාටින් රවුම් කරලා තියෙන්නෙ එතන තමා.
එතකොට එතන වැටෙයි Name New Publishing Plan: කියලා.එතනට ඔයාලා කැමති නමක් දීලා ඉස්සරහින් තියෙන Create Publishing Plan කියන එක ක්ලික් කරන්න.
එතකොට මෙන්න මේ වගේ තැනක් එයි.
ඊට පස්සෙ ඒකෙ වම් පැත්තෙ තියෙන ADD NEW කියන එක ක්ලික් කරන්න.මම රතු පාටින් රවුම් කරලා තියෙන්නෙ එතන.
ඊට පස්සෙ එන බොක්ස් එකේ ඔයාලගෙ බ්ලොග් ඇඩ්රස් එක ටයිප් කරන්න.
ඊට පස්සෙ එතන තියෙන ADD SOURCE කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සෙ ඔයාලට මෙන්න මේ වගේ බොක්ස් එකක් ලැබේවි.
ඊට පස්සෙ ඒ බොක්ස් එකේ තියෙන මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.
Update Frequency(කහ පාටින් රවුම් කරලා තියෙන තැන):- ඒ කියන්නෙ දවසට කී සැරයක් බ්ලොග් එක චෙක් කරලා පේජ් එකට ලිපි දාන්නද කියලා.මමනම් ඒකට දැම්මෙ Four Times a Day කියලා.
Maximum Posts per Update(නිල් පාටින් රවුම් කරලා තියෙන තැන:- ඒ කියන්නෙ එක චෙක් කිරීමක දි අලුත් ලිපි කීයක් ෆේස්බුක් පේජ් එකටා දන්නද කියන එක.මමනම් 1 post කියලා තමා දැම්මෙ.
ඊට පස්සෙ එතන යට තියෙන Save කියන බට්න් එක ක්ලික් කරන්න.
දැන් ආපහු පොඩ්ඩක් මම දාපු දෙවෙනි රූපෙ දිහා බලන්න.මම ඒකෙ දකුණු පැත්තෙ කහ පාටින් තැනක් රවුම් කරලා තියෙනවා නේද.අන්න එතන තියෙන ADD NEW කියන දැන් ක්ලික් කරන්න.
දැන් ඔයාලට මේ වගේ පේජ් එකක් එයි.
ඒ පින්තූරෙ මම තැනක් රවුම් කරලා තියෙනවා නේද රතු පාටින්.අන්න එතනින් ඔයාලගෙ පේජ් එක තෝරලා දෙන්න.ඊට පස්සෙ යට තියෙන Save Changes කියන එක ක්ලික් කරන්න.
ඔයාලට මේ විදිහට අවශ්‍ය තරම් Source(ඒ කියන්නෙ බ්ලොග්,වෙබ් අඩවි වගේ ඒවා) එකතු කරන්න පුළුවන්. හැබැයි Targets(ඒ කියන්නෙ ෆේස්බුක් පේජ්,ෆේස්බුක් ගෲප් වගේ ඒවා) ඒකතු කරන්න පුළුවන් එකක් විතරයි.
දැන් ඔයාලට පේනවා නේද මැද්දෙන් තියෙනවා OFF කියලා වැටිලා.දැන් ඒක උඩ ක්ලික් කරන්න.එතකොට ඒක ON කියලා වෙනස් වෙනවා.ඔන්න දැන් වැඩේ ඉවරයි.
ඔතනම උඩ තියෙනවා නේද දම් පාට තීරුවක්.ඒකෙ දකුණු පැත්තෙ අයිනෙ තියෙනවා නේද පඩිපෙලක් වගේ ලකුණකුයි,කතිර ලකුණකුයි.ඒ ගැනත් කියන්නම්.
පඩිපෙල වගේ එක ක්ලික් කරලා පුළුවන් අපිට අන්තිම දවස් 7 වෙච්ච දේවල් ගැන තොරතුරු බලාගන්න.කතිරෙ ක්ලික් කරලා මුළු ඔක්කොම ඩිලීට් කරලා දාන්න පුළුවන්.එහෙම කලොත් මුල ඉඳන්ම ආයිත් කරන්න වෙනවා.
හරි එහෙනම් අපි වැඩේ කරලා ඉවරයි.දැන් ඉතින් තියෙන්නෙ ගිහින් බ්ලොග් එකට ලිපි දාන එක තමා.
මම මේ පෝස්ට් එක ලියන්න ගොඩාක් මහන්සි වුනා.ඉතින් මේකට කමෙන්ට් එකක්වත් දැම්මෙ නැත්නම් මට බ්ලොග් එක ලියෙන්න හිතෙන්නෙ ත් නෑනෙ.
ෆලෝ පාරක් දාලා,අපේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකකුත් දාන්න.ඔය දකුණු පැත්තෙ ඇති ලයික් කරන්න ගැජට් එක.
මේක ඔයාලට වැදගත් නම් යාළුවන් එක්ක බෙදාගන්න.දකුණු පැත්තෙ මුල්ලෙ ඇති Share කරන ගැජට් එක.
එහෙනම් අදට මම ගියා.ඉක්මනින්ම ආයිත් ලිපියක් දාන්නම්.
ප.ලි. :-මමයි තව යාළුවෙකුයි එකතු වෙලා මේ දවස්වල සාමූහික බ්ලොග් එකක් හදාගෙන යනවා.මේක හරියට හදාගත්තට පස්සෙ 100 දෙනෙක්ව රෙජිස්ටර් කර ගන්නවා බ්ලොග් එක ලියන්න.තාමනම් අපි දෙන්නා විතරයි ලිපි දාන්නෙ.ඉක්මනින්ම රෙජිස්ටර් වෙන පහසුකම අපි ලබාදෙනවා.ඒ බ්ලොග් එකේ Author කෙනෙක් වෙන්න ඒ කියන්නෙ ලිපි ලියන්නෙක් වෙන්න කැමති අය ඉන්නවනම් මෙතන කමෙන්ට් එකක් දාන්න.
මෙන්න ඒ බ්ලොග් එක.
techno-lanka.blogspot.com
September 23, 2012 at 7:18 PM
හොද පොස්ට් එකක්. මමත් අද උදේ පාන්දර මේ ගැන පෝස්ට් එකක් දැම්මා...
http://lessonforfree.blogspot.com/2012/09/facebook-pagegroup-share-rss-graffiti.html
ඔයාත් බලන්න.
මේ විදියට Google+ වල නෑ නේද?
September 23, 2012 at 8:14 PM
මටත් වඩා හොඳින් ලියලනෙ.ඔන්න මාත් බ්ලොග් එක ෆලෝ කරා.
G+ වලටනම් මට හොයාගන්න බැරි වුනා.හැබැයි මෙන්න මේ වෙබ් අඩවියෙන් ගොඩක් ඒවාට ඔය වගේ ඔටෝ පෝස්ට් කරගන්න පුළුවන්.
www.dlvr.it
September 23, 2012 at 8:35 PM
බ්ලොග් කලාවට අලුත් මං වගේ මැට්ටන්ට හරිම වටින ලිපියක් මල්ලී.මං දැන් හැමදාම ඔයාව හොයාගන එනවා. මගේ රෝලටත් දාගත්තා.
http://samakayawate.blogspot.com
September 23, 2012 at 9:44 PM
අයියගෙ බ්ලොග් එකට මම මීට ඉස්සෙල්ලත් ඇවිල්ල තියෙනවනෙ.කමෙන්ට් කරලත් තියෙනවා.ඔන්න මම අද ඔයාගෙ බ්ලොග් එක ෆලෝ කරලා බැනර් එකත් බ්ලොග් එකට දාගත්තා.ආ...තව බ්ලොග් රෝලටත් දාගත්තා.කැමතිනම් මගෙ ඇඩ් එකකුත් දාන්න.ඔය උඩ ඇති පේජ් එකක් විදිහට ඒ ගැන තොරතුරු.
මගෙ ලිපියෙන් කවුරු හරි දැනුමක් ලබාගත්තනම් මට ගොඩාක් සතුටුයි.
බොහොම ස්තූතියි කමෙන්ට් එකට.
September 24, 2012 at 3:52 PM
niyama wadak onna ithin apith dagaththa
September 26, 2012 at 7:32 AM
mamath da gaththa
http://poemlk.blogspot.com/
September 26, 2012 at 2:00 PM
මලේ වැඩේ වෙන්නේ නෑනේ.ඔයා කියල දුන් විදියටම කළා එත් වැඩ නෑ මොකද දන්නෑ අවුල
September 26, 2012 at 2:54 PM
කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි.
@ Naleen Dilruksha
ඔයාගෙ පේජ් 1 දෙන්න බලන්න.
October 6, 2012 at 8:49 PM
සුපිරී
October 6, 2012 at 9:08 PM
මට හරි ගියා. ඔයාගෙන් මබලාගෙනයි පේජ් 1ත් හැදුවෙ.
https://www.facebook.com/spiderdetective
පුලුවන් නම් කියල දෙනවද මගෙ පේජ් එකට ලයික් බට්න් එකක් බ්ලොග් එකේ සයිඩ් එකෙන් දාගන්න හැටි? ඔයාගෙ වගෙ?
මම දැකලා තියෙනව සමහර බ්ලොග් වලට ගිය ගමන් මූන ඉස්සරහටම වැටෙනව ලයික් කරන්න. ඒක බලෙන් ලයික් කෙරිල්ලක්. එහෙම වදයක් වෙන්න මම ආස නෑ.
October 11, 2012 at 6:27 PM
superb..!!!!!!!!!!!!!!!!!!!!!
November 24, 2012 at 7:41 PM
ela post eka kollo
http://www.drteche.blogspot.com/
December 26, 2012 at 9:51 AM
Akuru pen ne.
December 26, 2012 at 8:12 PM
@Wimal Magammana
kotu kotuda watenne?
March 2, 2013 at 10:49 AM
thnkz. Gdk watinawa.
April 18, 2013 at 5:02 PM
thnx.. ayiye...........
December 18, 2013 at 8:12 AM
Ela Ela
http://www.aluthlanka.tk/
May 4, 2015 at 7:08 PM
Thanx