මගෙ බ්ලොග් එකට වසරක් පිරිලා තාම දවස් තුනනෙ.ඒ නිසා මම හිතුවා මගෙ ගානෙ ඔයාලට තෑග්ගක් දෙන්න.මම දෙන්නෙ ඔය උඩ තියෙන මවුස් පෑඩ් එක.
(මේක මම දෙනවයි කිවුවෙ බොරුවට හොඳේ.මම ඒක හැටි තමයි කියල දෙන්න හදන්නෙ)
මේ පහළ තියෙන්නෙ මට හම්බුනු එක






මම මීට ඉස්සෙල්ලත් නොමිලේ ගෙන්න ගන්න ඒවා දැම්මට ගොඩක් ඒවා ආවෙ නෑ.
මේකනම් ඉතින් අනිවාර්යයෙනම එනවා.බයවෙන්න දෙයක් නෑ.එහෙනම් මුලින්ම www.tomtop.com කියන සයිට් එකට යන්න.
ඊට ප්ස්සෙ මම පහළ පින්තූරෙ රතු පාටින් තියෙන තැන ක්ලික් කරලා ෆේස්බුක් හරහා මේකෙ රෙජිස්ටර් වෙන්න.වැඩි දෙයක් නෑ.ඒක ක්ලික් කරලා ෆේස්බුක් එකේ ඊමේල් පාස්වර්ඩ් දෙන්න විතරයි.ඔයා ෆේස්බුක් ගිණුමට ඇතුල් වෙලා නම් හිටියෙ ඒකත් ඕනෙ නෑ.

ඔයාට ෆේස්බුක් ගිණුමක් නැත්නම් පින්තූරෙ තියෙන කහපාට තැන ක්ලික් කරලා සාමාන්‍ය විදිහට රෙජිස්ටර් වෙලා ගිනුමට ඇතුල් වෙන්න.සාමාන්‍ය විදිහට රෙජිස්ටර් වෙනකොට ඒ ෆෝම් එකේ හරි දාන්න තියෙන ඔක්කොටම හරි දාන්න.



දැන් ගිණුමට ඇතුල් වෙලා පහළ ලින්ක් එකට යන්න.
http://www.tomtop.com/tomtop-mouse-mat-for-desktop-computer-and-notebook_p9243.html

ඔය තියෙන්නෙ මවුස් පෑඩ් එක තමයි.


මේ සයිට් එක ගැනත් පොඩි විස්තරයක් කියන්න ඕනා.
මේක චීනෙ සයිට් එකක්.හරියට ඊබේ වගේම තමයි.මෙයාලාගෙ පොයින්ට්ස් ක්‍රමේකුත් තියෙනවා.පොයින්ට් 100 ක් ඩොලර් 1 යි.අපි රෙජිස්ටර් වෙනකොට අපිට පොයින්ට්ස් 70 ක් ලැබෙනවා.අර මවුස් පෑඩ් එකත් 0.70$ යි වෙන්නෙ.ඒ නිසා අපේ පොයින්ට්ස් වලින් අපිට ඒකක් ගන්න පුලුවන්.

හරි දැන් අපි ආයිත් වැඩේට බහිමු.දැන් ඔයාලා අර ලින්ක් එකට ගියානෙ.එතකොට මැද හරියෙ තියෙයි Add To Cart කියල බට්න් එකක් අන්න ඒක ක්ලික් කරන්න.

ඊට පස්සෙ ටික වෙලාවකින් එතන වැටෙයි පොඩි කො‍ටුවක්.ඒකෙ තියෙන View Shopping Cart කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන පේජ් එකේ මැද හරියෙ තියෙයි Tomtop Points කියල කො‍ටුවක් ඒකෙ 70 කියල ටයිප් කරල Apply Points කියන  එක ක්ලික් කරන්න.ඊට ප්ස්සෙ පි‍ටුව ඉබේම රීලෝඩ් වෙයි.එතකන් ඉවසලා ඉන්න.ඊට පස්සෙ වම් පැත්තෙ තියෙන Proceed To Checkout කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ ෆෝර්ම් එකක් එයි.ඒක මම කියන පිලිවෙලටම පුරවන්න.

First Name - ඔබගේ මුල් නම
Last Name -ඔබගේ වාසගම
Company -මුකුත් දෙන්න එපා
Address  -නම,නගරය,රට සහ පලාත හැර ලිපිනයේ ඉතිරි කොටස් ටික පිලිවෙලට දෙන්න(ඒ කියන්නෙ අංකය,පාර වගේ ඒවා)
City -නගරයේ නම දෙන්න
Zip/Postal Code -ඔබගේ නගරයේ පෝස්ටල් කෝඩ් එක දෙන්න.ඒක මෙතන ක්ලික් කරලා හොයාගන්න.ලංකාවෙ නෙමෙයි වුනත් ගූගල් වල සර්ච් කරපු ගමන් එනවා.(මතක ඇතුව අලුත් ටැබ් එකකින් ඕපන් කරගන්න)
Telephone -දුරකතන අංකය දෙන්න(ඔබගේ රටේ ටෙලිෆෝන් කෝඩ් එක මුලට දමා ටෙලිෆෝන් නම්බරේ මුලට තියෙන බිංදුව අයින් කරන්න.ලංකාවෙ ටෙලිෆෝන් කෝඩ් එක 94)
Fax -දෙන්න එපා
Country -රට ‍තෝරලා දෙන්න
State/Province -පලාත දාන්න(බස්නාහිර පලාතෙ නම් Western කියලා දාන්න)

ඊට පස්සෙ යට ‍තෝරන්න තියෙන දෙකෙන් Ship to this address කියන එක ‍තෝරලා Continue කරන්න.


ඊට පස්සෙ එන ඔප්ෂන් වලින් උඩම එක ක්ලික් කරන්න.ඊට පස්සෙ Continue කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන ඔප්ෂන් තුනෙන් මැද එක ඒ කියන්නෙ Pay with points කියන එක ක්ලික් කරලා Continue  කරන්න.

ඊට පස්සෙ එන පේජ් එකේ Place Order කියන එක ක්ලික් කරන්න.

ඔන්න දැන් වැඩේ හරි.දැන් ඊමේල් එකටත් මැසේජ් එකක් ඇවිල්ල ඇති.නැවට දැම්මමත් ඊමේල් එකක් එයි.

මේකෙ තියෙන අනිත් බඩුත් නොමිලේ ගන්න හැටි මම කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.හැබැයි මේ ලිපියට කමෙන්ට්ස් 20 ට වැඩිය වැ‍ටුනොත් විතරයි.එහෙනම් ෆලෝ පාරක් දාලා කමෙන්ට් එකකුත් දාලා යන්න.බඩුව ආවාට පස්සෙ ඒ ගැනත් කියන්න.එහෙනම් මම ගියා.