අද ටිකක් වෙනස් ලිපියක් දාන්නයි හදන්නෙ යාළුවනේ.අන්තර්ජාලයෙන් මුදල් උපයන විදිහක් තමයි දැන් හදන්නෙ.

අපිට මුදල් උපයන්න උදවු වෙන සයිට් එක තමයි ක්ලික්සෙන්ස් කියන්නෙ.මේක PTC සයිට් එකක්.දැන් සමහරු මේක ක්ලෝස් කරලා දායි මේක එපා වෙන වැඩක් කියලා.මේක මුලින්නම් ටිකක් එපා වෙනවා තමයි.හැබැයි මාසයක් දෙකක් යනකොට මාසික ආයාදම හොඳට වැඩි කරගන්න පුලුවන්.අඩුම ගානෙ මේකෙන් ඉන්ටර්නෙට් බිලවත් ගෙවන්න පුලුවන්නෙ.

අපිට මේකෙදි කරන්න තියෙන්නෙ ඇඩ් ක්ලික් කරන එක.ඇඩ් විස්සක් විතර ක්ලික් කරලා දවසට රුපියල් 3ක් වගේ තමයි හම්බවෙන්නෙ.මදි නේද?

මේ වෙලාවට තමයි අපිට රෙෆරල්ලා ඕන වෙන්නෙ.රෙෆරල්ල කියන්නෙ කවුරු හරි හරහා රෙජිස්ටර් වෙන අය.ඒ කියන්නෙ ඔයා හරහා ඔයාගෙ යාලුවෙක් රෙජිස්ටර් වෙනවා වගේ.මේ රෙෆරල්ලා ක්ලික් කරන ඇඩ් එකක් ගානෙ ඔයාට මුදලක් එනවා.

ඒ වගේම රෙෆරල්ටත් වාසියක් තියෙනවා.ඒ තමයි එයා මොකක් හරි වැ‍රැද්දක්(එකම කම්පියුටරෙන් එකවුන්ට් දෙකක් සෑදීම වගේ ඒවා)කරලා එයාගෙ එකවුන්ට් එක නැවැත්තුවොත් ඔයාට පුලුවන් ඒක ආපහු ඉස්සෙල්ල තත්වෙටම අරන් දෙන්න.එයා තනියෙන් සාමාන්‍ය විදිහට රෙජිස්ටර් වුනොත් ඒක කරන්න බෑ.එයාගෙ සල්ලි නැතුව යනවා.

ඉතින් දැන් අපි බලමු ඔයා රෙෆරල් ලා 100 ක් හොයාගත්තොත් ඔයාගෙ මාසික ආයාදම

රෙෆරල් කෙනෙක් මයික්‍රෝ ඇඩ් 20ක් දවසට ක්ලික් කලොත් = 0.0002 * 20
                                                                                               =0.004

රෙෆරල්ස්ලා 100 දෙනාම ක්ලික් කරාම                                   =0.004 * 100
                                                                                                =0.4

රෙෆරල් කෙනෙක් මිනි ඇඩ් 2ක් දවසට ක්ලික් කලොත්          = 0.0010 * 2
                                                                                               =0.002

රෙෆරල්ස්ලා 100 දෙනාම ක්ලික් කරාම                                   =0.002 * 100
                                                                                                =0.2

මිනි ඇඩ් සහ මයික්‍රෝ ඇඩ් යන දෙකෙන්ම හම්බවෙන මුදල් වල එකතුව   = 0.4+0.2
                                                                                                                 =0.6

අපි දවසකට හොයන මුදල                                                                        =0.03

එකතුව                                                                                                      =0.6+0.03
                                                                                                                 =0.63

එතකොට මාසෙකට                                                                                  =0.63 * 30
                                                                                                                 =18.9

මේ අපි ගත්තෙ ඩොලර් වලින්නෙ මේක දැන් රුපියල් කරමු.දැන් ඩොලර් එකක් රුපියල 130 විතර වෙනවා.කමක් නෑ.125 කියලා ගමු.

එතකොට
 18.9*125
=2362.5 Rs

මේකත් මදි වගේද?

එහෙනම් ඌරාගෙ මාලු ඌරගෙ ඇඟේම තියලා කපමු.
ගත්ත ඩොලර් 18 න් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගමු.ඒකක් ඩොලර් 17 යි.(අවුරුද්දකට)අනික් පීටීසී සයිට් එක්ක ගත්තම හුඟක් ගාන අඩුයි.අනිත් ඒවායෙ ඩොලර් 180 විතර වෙනවා.මම ඊලඟ ලිපියෙදි කියල් දෙන්නම් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගන්න විදිහ.මේක ගත්තම රෙෆරල්ස්ලගෙන් එන ගාන දෙගුන වෙනවා.ඇඩ් එකකට ගෙවන ගාන වැඩි වෙනවා.ඇඩ් ගොඩක් දෙනවා.අපේ රෙෆරල් කෙනෙක් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගත්තොත් ඩොලර් 2ක්(රුපියල් 250ක් වගේ)ගෙවනවා.ඒ වගේම ඔයාගෙ රෙෆරල්ස්ලගෙ රෙෆරල්ලා ක්ලික් කරන ඒවාටත් සල්ලි දෙනවා.(අපේ රෙෆරල්ස්ල මගින් හම්බවෙන වාසි ඔක්කොම ටිකක් අඩුවෙන් එයාලගෙනුත් හම්බ වෙනවා)රෙෆරල්ලගෙ රෙෆරල්ලා,එයාලගෙත් රෙෆරල්ලා.එයාලගෙත් රෙෆරල්ල විදිහට 8 ක් යනකන්ම හම්බවෙනවා.මේ ඔක්කොම වාසි ප්‍රිමියම් මෙම්බර්ශිප් එක ගත්ත අයට හම්බවෙනවා.




එතකොට අපේ මාසික අදායම රුපියල් 6000 ක් 7000ක් වේවි.මේ ඇති නේද?
මේක පාට් ටයිම් තමයි ඉතින්.රස්සාව වෙනුවට නම් කරන්න බෑ.

හරි දැන් සල්ලි හෙවුවා කියමු කොහොමද සල්ලි එලියට ගන්නෙ.මේකට ඔයාට අන්තර්ජාල බැංකු ගිණුමක් ඕනා.මෙන්න තියෙනවා අන්තර්ජාල බැංකු ගිණුම් දෙන ආයතන ටිකක්.

Alertpay-හරි යන්නෙ නෑ.බෑන්ක් එකවුන්ට් එකකට සල්ලි ගෙන්න ගන්න පුලුවන්.හැබැයි ඩොලර් 15 ක්(රුපියල් 1725ක් විතර) කපාගන්නවා.
Moneybookers-ඉතාමත් හොඳයි.නමුත් ක්ලික්සෙන්ස්(අපි සල්ලි හොයන එක)ආයතනය සහය දක්වන්නෙ නෑ.ඒක හින්දා වැඩක් නෑ.
Paypal-ලංකාවෙ අයට පුලුවන් සල්ලි ගෙවන්න විතරයි.(ක්ලික්සෙන්ස් සල්ලි එකවුන්ට් එකට ගන්නවත් ඒකෙන් ලංකාවට ගෙන්නන්නවත් බෑ.උත්සහකරන්න ගිහිල්ල සල්ලි නැතුවයන්න පුලුවන්)

නමුත් අපිට කරන්න වෙන්නෙ Paypal වලින් තමයි.ඒකට අපිට හොරට පිටරට විදිහට පේපැල් ගිණුමක් හදන්න වෙනවා.ඒක හදන හැටි දැන ගන්න මෙතන රයිට් ක්ලික් කරලා Open link in new tab කියන එක ක්ලික් කරන්න.

මේ විදිහෙන් එකවුන්ට් එකට සල්ලි ගන්න පුලුවන්.නමුත් ගෙන්නන්න බෑ.ඒකට විසඳුමක් විදිහට ශ්‍යාමින් කියන යාළුවා එයාගෙ බ්ලොග් එකේ විසඳුමක් දාලා තිබ්බා.එයා කියලා තියෙනවා සල්ලි HNB බැංකු ගිණුමකට ගෙන්නලා දෙන්නම් කියලා.මෙන්න ඒ යාළුවාගෙ ඊමේල් එක.

admin@shyamin.com

ඒකට ඊමේල් එකක යවලා ඔයාගෙ උවමනාව කියන්න.

එහෙම නැත්නම් මෙතනත් තියෙනවා සල්ලි ගෙන්නන විදිහක්.එහි පලවන කොටස බලන්න මෙතන ක්ලික් කරන්න.

 දෙවන කොටස බලන්න මෙතන ක්ලික් කරන්න.

හරි දැන් අපි බලමු කොහොමද මේකෙ රෙජිස්ටර් වෙලා ඇඩ් බලන්නෙ කියලා.
මුලින්ම පහත ඇති බැනර් එක ක්ලික් කරලා ඒ සයිට් එකට යන්න.ඕක ක්ලික් කරාම යන්නෙ මම හරහා.(ඒ කියන්නෙ ඔයා මගෙ රෙෆරල් කෙනෙක්)මම මුලින් එහෙම රෙජිස්ටර් වුනාම තියෙන වාසි කිවුවා මතකනෙ.මමත් රෙජිස්ටර් වෙලා තියෙන්නෙ ශ්‍යාමින් කියන යාළුවා හරහා.




ඕන නම් මෙතන ක්ලික් කරලත් ඔතනටම යන්න පුලුවන්.

 ඊට පස්සෙ ඔතන තියෙන කො‍ටු දෙකෙන් වම් පැත්තෙ තියෙන කො‍ටුවෙ තියෙන Sign Up කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන පේජ් එක සාමාන්‍ය විදිහට පුරවන්න.ඇත්ත තොරතුරු දෙන්න.Zip/Postal Code කියන එක පෝස්ට් ඔ‍ෆිස් එකේ ගහලා තියෙනවා.නැත්නම් මෙතන ක්ලික් කරලා හොයාගන්න.

ඊට පස්සෙ දෙවෙනි කොටසෙ නැත්නම් Payment Details කියන කොටසෙ තියෙන Method කියන එකට Paypal කියල ‍තෝරලා දීලා PayPal Email කියන එකට හොර පේ පැල් එක හදද්දි දුන්න ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න.ඊට පස්සෙ ඉතුරු ටිකත් පුරවලා අන්තිමට ටික්(හරි) දාන්න තියෙන ඒවායින් පලවෙනි එක ටික් එක දාලා අනිත් ඒවාට කැමතිනම් දාන්න.ඊට පස්සෙ යට තියෙන Create account කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඔයාගෙ ඊමේල් එකට එන ඊලිපියෙ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාගෙ ඊමේල් එක කන්ෆර්ම් කරගන්න්.

ඊට පස්සෙ ඔයාගෙ එකවුන්ට් එක ඇතුල්වෙන්න.ඊට පස්සෙ ඒකෙ තියෙන View ads කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඔයාගෙ ඇඩ් ටික පෙන්වයි.ඒවා එකක් ක්ලික් කරන්න.(ඔක්කොම ක්ලික් කරලා ඒ ඔක්කොම නැති කරගන්න එපා)ඊට පස්සෙ ඒක අලුත් ටැබ් එකකින් ඕපන් වෙයි.ඊට පස්සෙ එතන තියෙන රූප වලින් පූසාට ක්ලික් කරන්න.ඊට පස්සෙ කාලය පටන් ගනියි.ඒක ඉවර වෙනකන් වෙන ඒවා බලන්න එපා.ඒක විතරක් බලන්න.නිවැරදිව ඇඩ් එක බලලා ඉවර වුණාම උඩින් කොල පාට හරියක් වැටෙයි.එතකොට ඒ ටැබ් එක ක්ලෝස් කරලා අලුත් ඇඩ් එකකට ක්ලික් කරන්න.ඉස්සෙල්ල වගේම කරන්න.ඔක්කොම ඇඩ් ව්ලට ක්ලික් කරන්න.

දැන් ඔයාගෙ සල්ලි ගාන උඩ වැටිලා තියෙයි.

දවසට 6 පාරක් 7 පාරක් වත් ඇවිල්ලා අලුත් ඇඩ් ඇවිල්ලද බලන්න.
එහෙම නැත්නම් මෙතන ක්ලික් කරලා ගිහිල්ල එයාලගෙ Toolbar එක දාගන්න.
එතකොට අලුතෙන් ඇඩ් ආපු ගමන් ඒක Toolbar එකේ වැටෙනවා.(අර ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඉන්ස්ටෝල් කරන්න.එතකොට ඔයාගෙ බ්‍රොව්සර් එක උඩ Toolbar එක වැටෙයි)

හරි දැන් බලමු කොහොමද රෙෆරල්ලව හොයාගන්නෙ කියලා.මුලින්ම ඔයාලගෙ එකවුන්ට් එකේ ඔයාගෙ නම වැටිලා තියෙන කොටස(ගානත් වැටිලා තියෙනවා)උඩට මවුස් එක ගෙනියන්න.එතකොට පහලට ලිස්ට් එකක් වැටෙයි.ඒකෙන් Account Summary කියන එකට යන්න.ඒකෙ මැද හරියෙ ඇති My Affiliate Link කියල එකක්.ඒක ඉස්සරහින් වැටිලා තියෙන්නෙ ඔයාගෙ රෙෆරල් ලින්ක් එක.

ඊට පස්සෙ තියෙන්නෙ ඉතින් බ්ලොග් එකේ ලිපියක් දාන්න මේ අඩවිය ගැන විස්තර දාලා.ඊට පස්සෙ ඒකෙ ඔයාගෙ රෙෆරල් ලින්ක් එක දාලා කියන්න ඒ ලින්ක් එකෙන් ගිහිල්ල රෙජිස්ටර් වෙන්න කියලා.බ්ලොග් එකක් නැත්නම් යාළුවන්ට ඊමේල් යවන්න.නැත්නම් Elakiri.com,Zoom.lk වගේ ෆොරම් වල දාන්න.ඔය ලින්ක් එක හරහා රෙජිස්ටර් වන හැමෝම ඔයාගෙ රෙෆරල්ල.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේක ඉතාමත් විශ්වාසදායකයි.ම්ම දන්න කිහිප දෙනෙක්ම සල්ලි අරන් තියෙනවා.මට තාමනම් සල්ලි ගන්න බැරි වුනා.ලඟදිම ගන්නවා.ඒ වගෙම මේකට උත්සහය,කැපවීම ඕනා.එපාරින් ලක්ශ ගනන් හොයන්න බෑ.පලමු මාසයේ ආදායම රුපියල් 50 ක් වෙන්නත් පුලුවන්.තව දවස් යද්දි මුදල් හම්බවෙයි.මේකෙ ප්‍රධානම කොටස තමයි රෙෆරල්ස්ලා.

එහෙනම් මම හිතන්නෙ මේක ගොඩක් වැදගත් ලිපියක් වෙන්න ඇති.ඕනෑම ප්‍රශ්නයක් මෙතන කමෙන්ට් කරන්න.(කමෙන්ට් දාන විට ඔබගේ ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරන්න)නැත්නම් මට ඊමේල් එකක් එවන්න.

ranulhashika.g@gmail.com

එහෙනම් මම ගියා.ලඟදිම යලිත් හමුවෙමු.