ඔන්න ඉතින් ආයිත් හුඟ කාලෙකින් පෝස්ට් එකක් දාන්නයි හදන්නෙ.මම අළුත් අවුරුද්දට සුභ පතලා ජනවාරි 1  වෙනිදා ලිපියක් දැම්මට පස්සෙ ලිපියක් දාලාම නෑ.ඒ කියන්නෙ මාසයයි දවස් 13 කින් ලිපියක් දාලා නෑ.හුඟක් ලොකු කාලයක්.ඔය අතරදි මගේ ගූගල් එකවුන්ට් එක,බ්ලොග්ගර් එකවුන්ට් එක වගේම සැමදෙයක්ම බ්ලොග් එක නැත්නම් මේ බ්ලොග් එකත් ගූගල් සමාගමෙන් ඩිලීට් කරල තිබ්බා.මම ආපහු ඉල්ලලා එයාලට පනිවිඩයක් යැවුවා.ඊට පස්සෙ මට ආපහු ඒක හම්බවුනා.හරි එහෙනම් අද ලිපිය පටන් ගමු.

ලොව විශාලතම උනුදිය උල්පත - ඕල්ඩ් ෆේත්ෆුල්



ඇමෙරිකාවෙ බටහිර ප්‍රාන්තයේ වයොමින්හි යෙංලස්ටෝන් ජාතික උද්‍යානයේ මෙය පිහිටා ඇත.සාමාන්‍යයෙන් මීටර 100 ක් පමණ ඉහලට මෙය විහිදී යයි.


විශාලතම කොරල් පරය - මහා බාධක කොරල් පරය



ලොව වෙසෙන් ජීවී කොට්ඨාසයක් විසින් ගොඩ නගන ලද විශාලතම නිර්මාණය ඕස්ට්‍රේලියාවේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් පැසි‍ෆික් සාගරයේ පිහිටා ඇති මහා බාධක කොරල් පරයයි.  කි.මී.2010 පමණ දිගින් යුක්තයි.

නොගිලෙන මුහුද - මළ මුහුද



සාමාන්‍ය මුහුදු ජලය මෙන් පස් ගුණයක ලවණතාවයකින් යුතුවූ මළ මුහුදට මේ නම භාවිතා කරන ලද්දේ සත්‍ය වශයෙන්ම එහි කිසිඳු ජීවයක් නොමැති වීම නිසාවෙනි.එහෙත් පර්යේෂන මගින් සොයාගත් කරුණු අනුව එහි ක්ෂුද්‍රජීවීන් පමණක් වෙසෙන බව සොයාගෙන තිබේ.

මෙම ලවණතාව අධික මුහුදු වෙරළ ලෝකයේ මුහුදු මට්ටමේ පහතම පිහිටා තිබෙන භූමි මතුපිට ලෙස සැලකේ.එය මුහුදු මට්ටමින් අඩි 1302 ක් පහතින් පිහිටා ඇත.මෙහි ඇති සාන්ද්‍රණතාවයේ අධික බව නිසාම මෙහි පීනන්නෙකු කිසිවිටෙක දියේ ගිලී මිය නොයයි.

එහෙනම් අදාට පෝස්ට් එක ඉවරයි.යලිත් නව ලිපියකින් හමුවෙමු.