ඔන්න මම එදා කියපු පොරොන්දුව ඉ‍ටු කරන්නයි සූදානම.මම සැමදෙයක්ම පේජ් එක ගැන ඔයාලට කියපු දවසෙ ඔයාලට පොරොන්දු වුනා කාටහරි ෆේස්බුක් පේජ් එකක් හදන හැටි දැනගන්න ඕනනම් මම කියල දෙන්නම් කියල.ඉතින් එක අයියා කෙනෙක් අහල තිබ්බ හදන විදිහ.ඉතින් අද ඒ පොරොන්දුව ඉ‍ටුකරන්නයි සූදානම් වෙන්නෙ.

එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු.

1.මුලින්ම පහල ලින්ක් එකට යන්න.
http://www.facebook.com/pages/create.php

2.Brand or Product කියන එක ක්ලික් කරන්න.(මම ඒක ‍තෝරගත්තෙ මේ පේජ් එක හදන්නෙ වෙබ් සයිට් එකක් හෝ බ්ලොග් සයිට් එකක් සඳහා නිසයි.ඔයාලා හදන්නෙ වෙන් දෙයක් සඳහානම් ඊට ගැලපෙන එකක් ‍තෝරන්න.)

3.Choose a Category කියන එකට Website කියන එක ‍තෝරල දෙන්න.(ඔබ 2 වැනි පියවරේදි වෙනත් එකක් ‍තෝරගත්තානම් මෙම පියවරේ හා 4 පියවරේ සුළු වෙනස්කම් සිදුවිය හැකියි)

4.Brand or Product කියන එකට ඔයාලගෙ පේජ් එකට සුදුසු නමක් දෙන්න.

5.I agree to Facebook Pages Terms කියන එක අසලම තියෙන කො‍ටුව උඩ ක්ලි කරල ඒකට හරි ලකුණ යොදන්න.

6.දැන් Get Started කියන එක ක්ලික් කරන්න.

දැන් මූලික සැකසුම් ඉවරයි.දැන් තියෙන්නෙ අමතර සැකසුම්.කැමතිනම් Skip කියන බට්න් එක ක්ලික් කරල ඒ පියවරවල් මග හරින්න පුළුවන්

7.ඔන්න ඔතනින් Upload an Image කියන එක ක්ලික් කරල පේජ් එකට පිංතූරයක් දාන්න.ඊට පස්සෙ Continue කියන එක ක්ලික් කරන්න.

8.දැන් ආයිත් Continue කරන්න.මොකද ඒ පියවර එච්චරම වැද්ගත් නෑ.

9.ඔන්න ඔතන තියෙන වෙබ් සයිට් කියන එකට ඔයාලගෙ වෙබ් සයිට් එකේ හෝ බ්ලොග් සයිට් එකේ ඇඩ්‍රස් එක දෙන්න.About කියන එකට පේජ් එක ගැන හැඳින්වීමක් දාන්න.දැන් ආයිත් Continue කරන්න.


ඔන්න පේජ් එක හදල ඉවරයි.ඔයාලගෙ පේජ් එකේ ඇඩ්‍රස් එක තමයි ඔය Browser එකේ වැටිල තියෙන්නෙ.ඒක ඔයාලට වැදගත් වේවි.මගේ එක නම් www.facebook.com/samadeyakma ඔයාලගෙ එකනම් මෙච්චර කෙටි නැතුව ඇති.

දැන් ඉතින් ඔයාල පේජ් එකේ ඇඩ්‍රස් එක බාවිතා කරමින් පේජ් එකට ලයික්ස් හොයා ගන්න ඕනා.

ඒකට ඔයාලගෙ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය යොදාගන්න පුළුවන්.පහල තියෙන්නෙ උදාහරනයක්.

ඔයාල මගෙ ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න.මෙන්න ලින්ක් එක
www.facebook.com/samadeyakma

ඔන්න ඔය වගේ ඒව ඔයාලගෙ බ්ලොග් පෝස්ට් එක ඉවරවුනාම යටින් දාන්න.


ඔන්න එහෙනම් අද පෝස්ට් එක ඉවරයි.හෙට බලමු ලයික් බට්න් එකක් බ්ලොග් එකට දාගන්න හැටි.
එහෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා යන්න.ආ.......කියන්න අමතක වුනා මගේ Followers ලා ගාන 49 යි.බලමු 50 කවුද කියල.

Tags:-


Facebook Page
Facebook Page For Blog Site

Facebook Page For Web Site
How To Create Facebook Page
Page For Blog Site
Page For Web Site