මීට ඉස්සෙල්ලත් මම නොමිලේ ගෙන්න ගන්න ඒවා ඔයාලට දුන්නා මතක ඇති.සමහර ඒවා නම් ආවෙ නෑ.ඒත් ගොඩක් ඒවා ආවා.මම අද අරන් ආවෙ අලුත් එකක්.

අද දෙන්නෙ Tobaco වලට විරුද්ධව හදපු පෝස්ටර්,CD තැටි,,පොත් වගේ ඒවා ගොඩක්.මේවා ගොඩක් එක සැරේ ගේන්න පුලුවන්.ඒත් එහෙම ගොඩක් ගන්න එපා.මොකද එයාලා සල්ලි වියදම් කරලා හදලනෙ මේවා නිකන් දෙන්නෙ.අනිත් එක ඔයාලට මේවා වැඩක් නැත්නම් ගන්න එපා.


ඔය වෙබ්සයිට් එකේ යට තියෙන්නෙ අපිට ගෙන්න ගන්න පුලුවන් දේවල්.
මම බලද්දි නම් Item 115 ක් තිබ්බා.හැමතිස්සෙම ඕකට අලුත් ඒවා එකතු වෙනවා.
යට තියෙන Next කියන එක ක්ලික් කරලා අනිත් අයිටම් බලන්න පුලුවන්.

දැන් ඔයාට ඕන අයිටම් වලට ටික් එකක් දාන්න (අයිටම් එකේ නමට කලින් තියෙන කොටුව උඩ ක්ලික් කරලා හරිය යොදන්න) 

ඊට පස්සෙ යට තියෙන Continue කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන පේජ් එකෙන් ඔයාට අයිටම් කීය කීය ඕනද කියලා දාන්න. (ලොකු ගනන් දාන්න එපා.අපරාදෙනෙ) 

ඊට පස්සෙ ආයිත් Continue කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එයි ඇඩ්‍රස් ගහන්න තැනක්.එතන පහත විදිහට පුරවන්න.මම කියලා නැති ඒවා පුරවන්න අවශ්‍ය නෑ.

ලොකු කරන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න

Postal Code කියන්නෙ තැපැල් කන්තෝරුවට විශේශ අංකයක්.ඒක හොයාගන්න මෙතන ක්ලික් කරන්න.
ඊටපස්සෙ ඒකෙ උඩ තියෙන දිස්ත්‍රික්ක වලින් ඔයාලගෙ ගම අයිති දිස්ත්‍රික්කෙ තෝරන්න.ඊට පස්සෙ ඒ දිස්ත්‍රික්කෙට අයිති ගම් ටික එනවා.ඒක ඉස්ස්‍රහින් තියෙන්නෙ Postal Code එක.ඒත් ඒකෙ අකුරු දෙක පෝස්ටල් කෝඩ් එකට අයිති නෑ.

උදා:- කලුතර පෝස්ටල් කෝඩ් එක තියෙන්නෙ KT 12000 කියලා.ඒත් හරි එක 12000. 

ඔයා ඉන්නෙ වෙන රටක නම් ගූගල් එකේ රටෙ නම ගහලා Postal Code කියලා ගහලා සර්ච් කරන්න. 

දැන් ඔය ෆෝම් එක පුරවා ඉවර නම් ආයිත් යට තියෙන Continue කියන එක ක්ලික් කරන්න. 

දැන් එන පේජ් එකේ තියෙන Confirm කියන එක ක්ලික් කරන්න. 

දැන් වැඩේ හරි. 

ටික දවසකින් ඔයා ඕඩර් කරපු ටික තැපෑලෙන් ගෙදරටම එයි. 

මමනම් ගත්තෙ CD එකකුයි තව පොතකුයි පෝස්ටරේකුයි. 

එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාලා යන්න 

මගේ බ්ලොග් එක හොදනම් ෆලෝ එකකුත් දාලා ෆේස්බුක් පේජ් එකට ලයික් එකකුත් දාන්න.