බ්ලොග් අඩවියක් සාදාගන්නා ආකාරය-1


මම අද දාන පෝස්ට් එක නම් වැදගත් වෙන්නෙ මේ ගැන නොදන්න අයට විතරයි.මට මේ ගැන දාන්න හිතුනේ බ්ලොග් එකක් කරන්න ආසා නමුත් හරි හැටි ඒගැන නොදන්න ගොඩක් අය ඉන්න නිසා.මම මුලින් ඒ ගැන විස්තර ටිකක් කියන්නම්.

බ්ලොග් එකක් කියන්නෙ හරියට සඟරාවක් වගේ.මේක වෙබ් අඩවියකට වඩා ගොඩක් වෙනස්.වෙබ් අඩවියක් හදන්න ලොකු දැනුමක් තියෙන්න ඕනා.ඒත් බ්ලොග් අඩවියක් හදන්න හරිම ලේසියි.බ්ලොග් අඩවියක මූලික දේවල් නිකන්ම අපිට හම්බවෙනවා.අපිට තියෙන්නෙ ඒකට ලිපි දලා,ඕන්නම් ගැජට් ටිකක් දාලා ලස්සන කරල ගන්න විතරයි.

හරි එහෙනම් අපි බ්ලොග් හදන්න පටන් ගමු.

සේවාව ‍තෝරා ගැනීම

ගොඩක් අය බ්ලොග් එකක් හදන්නෙ

*blogger
*wordpress

යන දෙකෙන්.මමනම් කියන්නෙ blogger තමයි හොඳ.මොකද ඒක Google ගෙම සේවාවක් නිසා.ඒ වගේම මම අද කියා දෙන්නෙත් blogger වලින් බ්ලොග් එකක් හදාගන්න හැටි.

blogger වලින් බ්ලොගයක් සාදා ගැනීම

එහෙනම් මුලින්ම මෙතන ක්ලික් කරලා blogger(www.blogger.com)වලට යන්න.එතකොට පහළ පින්තූරෙ වගේ තැනක් එයි.
(මම දාන පින්තූර පැහැදිලිව ලොකුවට බලාගන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න)



මට තව දෙයක් කියන්න අමතක වුනා.blogger වලින් බ්ලොග් එකක් හදන්නනම් Google වල ගිනුමක් තියෙන්න ඕනා.ඒ කියන්නෙ gmail වල e-mail ගිණුමක්
 තියෙන්න ඕනා.ඒක හදාගන්න හැටි දැනගන්න මෙතන ක්ලික් කරන්න
දැනටමත් තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ



හරි ඊට පස්සෙ ඔයාලට පේනවනෙ ඒ පේජ් එකේ දකුණු පැත්තෙ තියෙනවා email එක සහ password එක ගහන්න තැනක්.ඒකට ඔයාලගෙ google ගිණුමෙ නැත්නම් gmail වල ගිණුමෙ email එකයි password එකයි ඇතුල් කරලා sign in කියන එක ක්ලික් කරන්න.
එතකොට ඔයාලට පහළ පින්තූරෙ වගේ තිරයක් පෙනෙයි.



ඒකෙ display name කියන එකට බ්ලොග් එක හැදුවට පස්සෙ පේන්න ඕනා නම දාලා I accept the term of services කියන එකට ටික් එකක් දාලා CONTINUE කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ පහළ වගේ තිරයක් පෙනෙයි.


ඔබට පෙනුනේ පහල පින්තූරය අකාරයේ තිරයක් නම් එහි ඇති දැති රෝදයක ලකුණ ක්ලික් කර Old Blogger Interface යන්න ක්ලික් කරන්න.







ඒකෙ තියෙන CREATE YOUR BLOG NOW කියන එක ක්ලික් කරන්න.
එතකොට පහළ වගේ තිරයක් එයි.




ඒකෙ blog title කියන එකට ඔයාලගෙ හදන බ්ලොග් එකේ නම දෙන්න.
උදා:-සැමදෙයක්ම

blog addres(URL) කියන එකට ඔයාලා හදන බ්ලොග් එකට දාන බ්ලොග් ලිපිනය දෙන්න. ඔයා දෙන්න හදන ලිපිනය කවුරුහරි ඉස්සෙල්ල පාවිච්චි කරල නම් ඒක දාන්න බැහැ.පාවිච්චි කරලද බලන්න ලිපිනය දීලා Check Availability කියන එක ක්ලික් කරන්න
උදා:-samadeyakma.blogspot.com

ඊට පස්සෙ යට තියෙන ඇද වෙච්ච අකුරු(Word Verification)ටික පහළ කො‍ටුවෙ ටයිප් කරන්න.ඊට පස්සෙ CONTINUE කියන එක ක්ලික් කරන්න.
එතකොට පහල වගේ තිරයක් එයි.


දැන් ඔතනින් කැමති ටෙම්ප්ලේට් එකක් ‍තෝරගන්න.ටෙම්ප්ලේට් එක කියන එක සරළව කිව්වොත් ඒක තමයි බ්ලොග් එකේ පෙනුම.නැත්නම් ඇඳුම.දැනට ඔතනින් එකක් ‍තෝරගන්නකො.(ඒක උඩ ක්ලික් කරන්න)පස්සෙ කියන්නම් ලස්සන ටෙම්ප්ලේට් දාගන්න හැටි.හරිනෙ එහෙනම් ‍තෝරලා ඉවරයිනෙ.දැන් එහෙනම් CONTINUE කියන එක ක්ලික් කරන්න.


දැන් පහළ වගේ එකක් පෙනේවි.



ඒක පෙනුනද?ඒ කියන්නෙ ඔයා බ්ලොග් එක හදලා ඉවරයි.දැන් ඉතින් START BLOGGING කියන එක ක්ලික් කරන්න.දැන් පෝස්ට් එකක් දාන්න වැටෙයි.ඒ වුනාට පෝස්ට් දාන්න එපා දැම්ම.මම ඊලඟ පෝස්ට් එකේදි ඒ ගැන කියල දෙන්නම්.


දැන් ඉතින් අර දුන්නු බ්ලොග් ලිපිනයට ගිහිල්ල බලන්න බ්ලොග් එක කොහොමද කියල.තාම ඉතින් හදපු ගමන් හින්ද ලස්සන නැතුව ඇති.ඊලඟ ලිපියෙන් පස්සෙ ලස්සන කරගන්න පුළුවන්.

දැන්නම් අතත් රිදෙනවා.කමක් නෑ.ඔයාල හදපු බ්ලොග් වල ඇඩ්‍රස් එක කමෙන්ට් එකක් විදිහට මෙතන දාන්න.නැත්නම් මට ඊ මේල් කරන්න.මෙතන දානවනම් වැඩියෙන් හොඳයි.මගෙ ඊමේල් එක මේ ලිපියෙ අන්තිමට දාන්නම්.

අනිවාර්යයෙන්ම දැන් ඔයාලට ප්‍රශ්න ගොඩක් ඇති.ඒ හැම එකකටම මම දන්න තරමින් උත්තර දෙන්නම්.ඒ ප්‍රශ්න මෙතන කමෙන්ට් එකක් විදිහට දාන්න.නැත්නම් මට ඊ මේල් කරන්න.

මෙන්න මගේ ඊමේල් ලිපිනය:-   ranulhashika.g@gmail.com

මම හිතනවා මේකෙන් ප්‍රයෝජනයක් ගත්ත හැමෝම කමෙන්ට් එකක් දායි කියලා.

හරි එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු.ඒ ලිපියෙදි මම ලිපි දාන හැටි,කමෙන්ට් ගැන,followers ගැන සහ තවත් බොහෝ දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.ඒකත් මම හෙට අනිද්දම දාන්නම්.


පසුව ලියමි:- මෙහි දෙවන කොටස බැලීමට මෙතන ක්ලික් කරන්න.


ලස්සන අයිස් කැට


අදත් පින්තූර ටිකක් දෙන්න හිතුවා.මේවායෙ තියෙන්නෙ ලස්සන අයිස් කැට.එක එක ලස්සන අච්චු වලින් තමයි හදලා තියෙන්නෙ.එහෙනම් ඒ ටික බලන්නකො.

























බලල ඉවරනම් කමෙන්ට් එකක් දාලා යන්න.

මගේ 50 වෙනි ලිපිය







මේ මගේ 50 වෙනි පෝස්ට් එක තමයි දාන්නෙ.ඉතින් මේ පෝස්ට් 50 දාලා තියෙන්නෙ මාස 6 ක පමණ කාලයක් ඇතුළත.ගානටම කිව්වොත් අද වෙනකොට මගෙ බ්ලොග් එකට මාස 6 යි දින 20 ක් වෙනවා.

ඇත්තටම මෙයිට ඉස්සෙල්ල මේ ලිපි ගාන දාන්න තිබුනා.ඒත් කම්පියුටරේ ප්‍රශ්නයක් නිසා මට ජූනි සහ ජූලි යන මාස වල එක ලිපියක්වත් දාන්න බැරි වුනා.ඒක එහෙම නොවුනනම් දැන් වෙනකොට හිට්ස් ගාන,විසිටර්ස්ලා ගාන,followers ගාන එහෙම වැඩි වෙන්න තිබුන.

මම මේ ලිපිය ලියනකොට හිට්ස් 8701 ක් තියෙනවා.ඒ වගේම විසිටර්ස්ලා ගාන 3925 යි.ඒකෙ සාමාන්‍ය ගාන ගත්තොත් දවසකට විසිටර්ස්ලා ගාන 19 යි.followers ලා ගාන 34 යි.මගේ කමෙන්ට් එක්ක මුළු කමෙන්ට් ගාන 185.ඔක්කොම මේ වගේ පොඩි ගනන් තියෙන්නෙ.තාම මගෙ බ්ලොග් එකට එච්චර ප්‍රසිද්ධියක් නහැ.

මගේ ලිපි ගැන බැලුවොත් ටොප් 10 ලිස්ට් එකේ උඩම තියෙන්නෙ ඒ කියන්නෙ ජනප්‍රියම පෝස්ට් එක මුහුද පතුලේ තිබෙන ටයිටැනික් නැව ඇතුළු තවත් ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙළක්***The Titanic at the bottom of the sea & many photos කියන පෝස්ට් එක.ඒ ඇරෙන්න අනිත් පෝස්ට් ඔයාලට ටොප් 10 ලිස්ට් එකෙන්ම බලාගන්න පුළුවන්නෙ.ටොප් 10 ලිස්ට් එකේ තියෙන ගොඩක් පෝස්ට් ලඟදි දාපු ඒවා.ඉස්සෙල්ල දාපු ඒවායින් තියෙන්නෙ ලංකාවේ පරණ පිංතූර බලන්න නියම වෙබ් අඩවියක් කියන පෝස්ට් එක විතරයි.ඒකෙන් තේරෙනව මම ලඟදි තමයි හොඳ පෝස්ට් දාලා තියෙන්නෙ කියලා.

කොහොම වුනත් අද වෙනකොට පෝස්ට් 50 ක් දාලා.තව හොඳ දේවල් බ්ලොග් එකට දාන්න ඕනා කියල හිතාගෙන හිටියට ඒවයෙ ගොඩක් ටයිප් කරන්න ඕනා නිසා කම්මැලියි.ඒ වුනත් ඉදිරි පෝස්ට් වලින් ටික ටික හරි ඒවා දාන්න හිතාගෙන ඉන්නවා.

අද වෙනකොට මගෙ බ්ලොග් එක නිතරම කියවන කට්ටිය ටික දෙනෙක් ඉන්නවා.එයාලා හැම පෝස්ට් එකකටම වගේ කමෙන්ට් එකක් දානවා.ඒ අතරින් නොකියාම බැරි දෙන්නෙක් තමයි Dude සහ විශ්ව අයියා.විශ්ව අයියා මොකක් හරි දෙයක් නිසා ලඟදි කමෙන්ට් දාලා නොතිබුනත් ඉස්සර හැම පෝස්ට් එකකටම දානවා.මේ දෙන්න ඇරෙන්න තව ගොඩක් කට්ටිය ලඟදි එකතු වෙලා තියෙනවා.ඒ හැම කෙනෙක්ගෙම නම් මෙතන දාන්න බැරි නමුත් ඒ හැමෝමවම මම මතක් කරනවා.ඒ අය ඇරෙන්න.එක සැරයක් හරි මගෙ බ්ලොග් එක බලපු හැමෝම මම මතක් කරනවා.

ඉතින් එහෙනම් මේ ලිපිය අවසාන කරන්නයි සූදානම.මේක බලපු හැම කෙනෙක්ම කමෙන්ට් එකක් දායි කියල මම හිතනවා.අද වගේ දවසකවත් කමෙන්ට් එකක් දැම්මෙ නැත්නම් කවද කියල දාන්නද?follow පාරක් දානවනම් තවත් හොඳයි.

එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.

වීදුරු පාලම********Glass Bridge


ටිකක් බය හිතෙන පින්තූර ටිකක් තමයි මේ පෙන්නන්න හදන්නෙ.මේක වීදුරු පාලමක්.කන්දක ඉඳන් පහල බලන්න තමයි මේක හදල තියෙන්නෙ.එහෙනම් ඉතින් පිංතූර ටික බලල කමෙන්ට් එකක් දාලා යන්න.

මේක මගේ 49 වෙනි ලිපිය.ඒක හින්දා බලමුකො 50 වෙනි ලිපිය දානකොට followers ලා කී දෙනෙක් වෙයිද කියල.තාම 34 දෙනයි ඉන්නෙ.මේක 40 ක්වත් කරන්න හොඳේ.











නොමිලේ ප්ලාස්ටික් බෑග් එකක් ගෙදරට ගෙන්න ගන්න


ඔන්න අදත් නොමිලේ බඩු දෙන්නයි හදන්නෙ.මම ඉස්සෙල්ල ලියපු මේ වගේ නොමිලේ දෙන දේවල් බලන්න මෙතන ක්ලික් කරන්න.
හරි! අද දෙන්නෙ මාතෘකාවෙ තියෙනවා වගේම ප්ලාස්ටික් බෑග් එකක්.ඔය පහළ තියෙන්නෙ ඒක.



හොදයිද?එහෙනම් පහළ ක්ලික් කරලා ඒක ගන්නකෝ.ඕව එයි කියල හරියටම ෂුවර් නෑ.කොහොම වුනත් මේව පෝස්ට් කරනවටවත් කමෙන්ට් එකක් දාන්න.මේ නොමිලේ බඩු දෙන ලිපි පෙළ ටොප් 10 ලිස්ට් එකෙත් උඩ හරියට ආවට කමෙන්ට් බොහොම අඩුයි.ඒක හින්ද මේකටවත් කමෙන්ට් එකක් දාන්න.එහෙනම් මම ගියා.

පොඩි ටෝච් එකක් නොමිලේ ගෙදරට ගෙන්න ගන්න


ඔන්න ආයිත් පෝස්ට් එකක් දාන්නයි ලෑස්තිය.ඊයෙ දාපු පෝස්ට් එකට මම හිතුව තරම් කට්ටියගෙ කැමැත්තක් තිබුනේ නැහැ. 7 දැනාටයි ඕන වෙලා තිබුනේ.ඒ පෝස්ට් එකට(ඔබේ යාළුවා කියන දේ පෙන්නන වීඩියෝ එකක්)යන්න මෙතන ක්ලික් කරන්න.
 හරි දැන් මාතෘකාවට බහිමු.වෙනදා දුන්න වගේ අදත් නොමිලේ දෙන බඩුවක්.ලස්සන පොඩි ටෝච් එකක්.ඔය පල්ලෙහ තියෙන්නෙ ඒක.



ලස්සනයි නේද?එහෙනම් ඉතින් ඒක ගන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න.මම ඔය වගේ නොමිලේ දෙන දේවල් ගැන ලියපු ලිපි බලන්න මෙතන ක්ලික් කරන්න.මට මේවා එනව කියල ලොකු ෂුවර් එකක් නැහැ.නොමිලේ දෙන හින්දා අරගන්න.එහෙනම් ඉතින් මම යන්නම්.කමෙන්ට් එකක් දැම්මට follow පාරක් දැම්මට කමක් නැහැ.

ඔබේ යාළුවා කියන දේ පෙන්නන වීඩියෝ එකක්



ඔන්න හෙට යාළුවව පුදුම කරවන්න පුළුවන්.මේකෙ යාළුවා කියන දේ වීඩියෝ එකේ ඉන්න කෙනා පෙන්නනවා.
මේකෙ හරියටම කිව්වොත් මෙහෙමයි වෙන්නෙ.මේක බොහොම පරණ වීඩියෝ එකක්.මේ වීඩියෝ එකේ කාඩ්පත් 5 ක් තියෙනවා.ඊට පස්සෙ තැනකදී වීඩියෝ එක නැවතිලා play බට්න් එකක් වැටෙනවා.ඊට පස්සෙ යාළුව කියන්න ඕනා කැමති කාඩ් එකක්.ඊට පස්සෙ ආයිත් අර play බට්න් එක ගහල ප්ලේ වෙද්දි ඒකේ ඉන්න කෙනා යාළුවා හිතපු දේ පෙන්නනවා.ඔය වගේ ඒකෙ කාඩ් වලින් ටෙස්ට් තුනක් තියෙනව.තුනේදිම ගාන්ටම හරි.පළවෙනි ටෙස්ට් එකේදි පෙන්නනවා.දෙවෙනි එකේදි කාඩ් අයින් කරාම ඉතුරු වෙන්නෙ හිතපු එක.තුනේදි කාඩ් එක අනිත් පැත්ත හරවල තියෙනවා.ඒක හරි පැත්ත හරවද්දි යළුවා හිතපු එක තියෙනවා.
මේක නම් නියම එකක් වගේ නේද?
මේක කියල දෙන වීඩියෝ එකකුයි.කරන වීඩියෝ එකයි දෙකක් තියෙනවා.
ඕන අය e-mail ඇඩ්‍රස් එක දාලා කමෙන්ට් එකක් දාන්න.(e-mail එකක් හදන්න දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් මෙතන ක්ලික් කරල ඒක හදාගන්න හැටි ඉගෙනගන්න.)
මම මෙහෙම දාන්නෙ මම දාන දෙය කී දෙනෙක් ප්‍රයෝජනයට ගන්නවද කියල දැනගන්නයි.
එහෙනම් මම ගියා.

ලෝකයේ ලොකුම ට්‍රක් එක බලන්න මෙතනට එන්න

අද පිංතූර ටිකක් තමයි ගෙනාවෙ.ලෝකයේ ලොකුම ට්‍රක් එක.ඉතින් මේක ගැන මම විස්තරය දන්නෙ නැහැ.බලල කමෙන්ට් එකක් දාලා යන්න.








ORIGINAL POST

You Tube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න නියම වෙබ් සයිට් එකක්(නියමෙටම වැඩ කරනව)


දවස් කීපයකින් පස්සෙ මම ආයිත් පෝස්ට් එකක් දාන්න හිතුවා.කොහොමත් මගෙ පෝස්ට් ලිවීමේ වේගය අඩුයි.සමහර බ්ලොග් නම් මාස ගන්න යනව update වෙන්න.ඒත් සාමාන්‍යයෙන් බ්ලොග් එකක් දින දෙකකට සැරයක් විතර update වෙනව.

හරි දැන් අපි අපේ මාතෘකාවට බහිමු.ගොඩක් අය You Tube වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න එක එක සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවා.(යූ ටියුබ් වල ඩවුන්ලෝඩ් පහසුකම් නැහැ)ඒත් ඒ එකක් වත් හරියට වැඩ කරන්නෙ නැහැ.පාවිච්චි කරපු අය ඒක හොඳින් දන්නව ඇති.ඉතින් ඒකට විසඳුමක් තමයි අද ගෙනාවෙ.මේක සොෆ්ට්වෙයාර් එකක් නෙමෙයි.වෙබ් සයිට් එකක්.මේකෙන් යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න හරිම ලේසියි.මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් සයිට් එකට යන්න.ඊට පස්සෙ යූ ටියුබ් වලට ගිහිල්ල ඕන වීඩියෝ එකක් ‍තෝරගන්න.ඊට පස්සෙ ඒක ප්ලේ වෙන්න දාන්න.එතකොට browser එකේ වෙබ් ලිපිනය(URL)වැටෙන තැන වැටෙන වෙබ් ලිපිනය කොපි කරගෙන අර සයිට් එකේ උඩ තියෙන text box එකට දාන්න.ඊට පස්සෙ Download  කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ format එක ‍තෝරල ක්ලික් කරන්න.ඊට පස්සෙ වීඩියෝ එක ගානට ඩවුන්ලෝඩ් වෙයි.හොඳනම් ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාල follow පාරක් දාලා යන්න.


මුහුද පතුලේ තිබෙන ටයිටැනික් නැව ඇතුළු තවත් ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙළක්***The Titanic at the bottom of the sea & many photos සහ කඩදාසියෙන් නිමවූ සුන්දර නිර්මාණ (නිවැරදි කිරීමයි)


මා විසින් පෙර දිනක පළ කල "කඩදාසියෙන් නිමවූ සුන්දර නිර්මාණ" ලිපිය සහ "මුහුද පතුලේ තිබෙන ටයිටැනික් නැව ඇතුළු තවත් ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙළක්***The Titanic at the bottom of the sea & many photos"ලිපියෙහි පළකල පින්තූර නොපෙනී ඇත(මට පේනවා.අනිත් අයට පේන්නෙ නැහැ)දැන් මම එය යළි සකස්කර ඇත.එය කීමට වෙනම ලිපියක් දැමීමට සිතුවේ එයට ලැබූ ප්‍රතිචාර නිසයි.ඔබ එම ලිපි දෙක බලා එය පෙනෙනවාද නැද්ද යන්න ගැන කිවහොත් එය ලොකු උදවුවකි.

"මුහුද පතුලේ තිබෙන ටයිටැනික් නැව ඇතුළු තවත් ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙළක්***The Titanic at the bottom of the sea & many photos"ලිපියට යෑමට මෙතන ක්ලික් කරන්න.


"කඩදාසියෙන් නිමවූ සුන්දර නිර්මාණ" ලිපියට යෑමට මෙතන ක්ලික් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This