ඔන්න කාලෙකින් ආයිත් බ්ලොග් එකට පෝස්ට් එකක් දානවා.මේ දවස්වල ඉන්ටර්නෙට් මනී පැත්ත ගැන පොඩ්ඩක් බලනවා.ඒක හින්දා පෝස්ට් එකක් දාන්න වෙලාවක් වුනේ නැහැ.හැබැයි ඉස්සරහටනම් කොහොමහරි ලිපි දාන්නම්.මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ අධ්‍යාපනික දේවල් විතරක් දාන්න කියල හිතාගෙන.ඒ වුනත් දැන්නම් තාක්ෂණික දේවලුත් දානවා.

හරි.මම ඉස්සෙල්ල පෝස්ට් එකේ පොරොන්දු වුනානෙ ෆේස්බුක් ලයික් බට්න් එක බ්ලොග් එකට දාගන්න ආකාරය කියල දෙනවා කියල.ඉතින් අද ඒක ඉ‍ටු කරන්නයි හදන්නෙ.මේක ඉතින් හරිම ලේසි දෙයක්.ඒක කොයි වගේද කියල බලන්න මෙතන ක්ලික් කරන්න.ඔය බ්ලොග් එකේ ලිපි වලට යට ලයික් බට්න් එක තියෙයි.එහෙනම් කරල බලල කියන්නකො කොහොමද කියල.

එහෙනම් මේ පියවරවල් නිවැරදිව කරන්න.

1.මුලින්ම www.blogger.com වලට ගිහිල්ල ඔයාලගෙ එකවුන්ට් එකට ලොග් වෙන්න.ඒ කියන්නෙ Dashboard එකට යන්න.

2.ඊට පස්සෙ Design වලට යන්න.

3.ඊට පස්සෙ Edit HTML කියන එකට යන්න.ඒකෙ තියෙන “Expand Widget Templates” කියන එකට හරි ලකුණ යොදන්න.

4.ඉන් පසුව එතනින් <data:post.body/> කියන එක සොයාගන්න.ඒ සඳහා ctrl+f එකවර ඔබා ඕපන් වන කවුළුවේ මෙය එම කේතය කොපි කර පේස්ට් කරන්න.

5.ඉන් පසු මා පහළින් දී ඇති කේතය <data:post.body/> යන්නට යටින් කොපි කර පේස්ට් කරන්න.



<b:if cond='data:blog.pageType != &quot;static_page&quot;'>
<div style='padding: 10px 0px 5px 0px;'>
<iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=box_count&amp;show_faces=false&amp;width=55&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&amp;height=65&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:55px; height:65px;'/>
</div>
</b:if>



6.ඉන්පසු Save Template යන්න ක්ලික් කරන්න.

දැන් ඔබ එය කර අවසන්.

එහෙනම් මේ පෝස්ට් එක ඉවරයි.ඔයාලා ඕන උදවුවක් මෙතන කමෙන්ට් කරල යන්න.මම උදවු කරන්නම්.



Tags:-


Facebook Like Button
Like Button
How To Add Facebook Like Button
Like Button For Blogs
Like Button For Blogger

How To Add Like Button
Add Like Button To Blog