ඔබ සැමට සතුට සාමය පිරි සුභ නත්තලක් වේවා!!!---Merry Christmas





උදාවූ  නත්තල ඔබ සැමදෙනාටම සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා.



සොබාදහමේ අපූර්ව නිර්මාණ - 1

ඔන්න අද අළුත් ලිපි පෙළක ආරම්භය."සොබාදහමේ අපූර්ව නිර්මාණ"තමයි මේකෙ නම.නමින්ම තේරෙනවනෙ මේ මොකක්ද කියල.මේකෙ කොටස් තුනක් විතර පළකරන්න හිතාගෙන ඉන්නෙ.මේවායෙ සමහරක් ඔයාලා දන්නවත් ඇති.මම මෙතනින් පස්සෙ ලිපිය ලියන්නෙ ලිඛිත භාෂාවෙන්.එහෙනම් බලල ඉවරවෙලා කමෙන්ට් එකක් දාන්න.(අද දෙකක් විතරයි දාන්නෙ.පස්සෙ දාන්නම්)


සොබාදහමේ වතුර 
කළය



මෙය නමින් බෙඔබැබ් වන අතර විද්‍යාත්මක නාමය ඇඩැන්සෝනියා ඩිජිටාටා(adansonia digitata)වේ.මෙම ගස වියළි ප්‍රදේශයක් වන අප්‍රිකාවෙ සෙනගල් රටේ වැවේ.උස මීටර 18 ක් සහ වටප්‍රමාණය මීටර් 9 ක් පමණ වන මෙම ගසේ වතුර ලීටර් 100,000 ක් පමණ ගබඩා කරගත හැක.


ලෝකයේ විශාලතම මල
මෙය ‍රැෆ්ලේසියා ලෙස හඳුන්වන අතර ලිලී කුලයට අයත් වේ.මෙම මල මාස 6 කට පමණ වරක් පමණ පිපෙන මෙම මළ ඉතා දුගඳකින් යුක්තයි.මෙහි උස 91 cm ක් ද පළල 46 cm ක් ද වේ.මල් පෙත්තක ඝනකම අඟල් 1 ක් පමණ වේ.මෙය ඉන්දුනීසියාවේදී දැකගත හැක.

බ්ලොග් අඩවියකට ෆේස්බුක් ලයික් බට්න් එකක් දාගන්නා ආකාරය----How To Add Facebook Like Button to Blogger (Blogspot) Blogs



ඔන්න කාලෙකින් ආයිත් බ්ලොග් එකට පෝස්ට් එකක් දානවා.මේ දවස්වල ඉන්ටර්නෙට් මනී පැත්ත ගැන පොඩ්ඩක් බලනවා.ඒක හින්දා පෝස්ට් එකක් දාන්න වෙලාවක් වුනේ නැහැ.හැබැයි ඉස්සරහටනම් කොහොමහරි ලිපි දාන්නම්.මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ අධ්‍යාපනික දේවල් විතරක් දාන්න කියල හිතාගෙන.ඒ වුනත් දැන්නම් තාක්ෂණික දේවලුත් දානවා.

හරි.මම ඉස්සෙල්ල පෝස්ට් එකේ පොරොන්දු වුනානෙ ෆේස්බුක් ලයික් බට්න් එක බ්ලොග් එකට දාගන්න ආකාරය කියල දෙනවා කියල.ඉතින් අද ඒක ඉ‍ටු කරන්නයි හදන්නෙ.මේක ඉතින් හරිම ලේසි දෙයක්.ඒක කොයි වගේද කියල බලන්න මෙතන ක්ලික් කරන්න.ඔය බ්ලොග් එකේ ලිපි වලට යට ලයික් බට්න් එක තියෙයි.එහෙනම් කරල බලල කියන්නකො කොහොමද කියල.

එහෙනම් මේ පියවරවල් නිවැරදිව කරන්න.

1.මුලින්ම www.blogger.com වලට ගිහිල්ල ඔයාලගෙ එකවුන්ට් එකට ලොග් වෙන්න.ඒ කියන්නෙ Dashboard එකට යන්න.

2.ඊට පස්සෙ Design වලට යන්න.

3.ඊට පස්සෙ Edit HTML කියන එකට යන්න.ඒකෙ තියෙන “Expand Widget Templates” කියන එකට හරි ලකුණ යොදන්න.

4.ඉන් පසුව එතනින් <data:post.body/> කියන එක සොයාගන්න.ඒ සඳහා ctrl+f එකවර ඔබා ඕපන් වන කවුළුවේ මෙය එම කේතය කොපි කර පේස්ට් කරන්න.

5.ඉන් පසු මා පහළින් දී ඇති කේතය <data:post.body/> යන්නට යටින් කොපි කර පේස්ට් කරන්න.



<b:if cond='data:blog.pageType != &quot;static_page&quot;'>
<div style='padding: 10px 0px 5px 0px;'>
<iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=box_count&amp;show_faces=false&amp;width=55&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&amp;height=65&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:55px; height:65px;'/>
</div>
</b:if>



6.ඉන්පසු Save Template යන්න ක්ලික් කරන්න.

දැන් ඔබ එය කර අවසන්.

එහෙනම් මේ පෝස්ට් එක ඉවරයි.ඔයාලා ඕන උදවුවක් මෙතන කමෙන්ට් කරල යන්න.මම උදවු කරන්නම්.



Tags:-


Facebook Like Button
Like Button
How To Add Facebook Like Button
Like Button For Blogs
Like Button For Blogger

How To Add Like Button
Add Like Button To Blog

ඔබගේ බ්ලොග් අඩවියට,වෙබ් අඩවියට හෝ වෙනත් අවශ්‍යතාවයකට ෆේස්බුක් පි‍ටුවක් සාදන ආකාරය---How To Create A Facebook Page For Your Blog Site,Web Site etc....







ඔන්න මම එදා කියපු පොරොන්දුව ඉ‍ටු කරන්නයි සූදානම.මම සැමදෙයක්ම පේජ් එක ගැන ඔයාලට කියපු දවසෙ ඔයාලට පොරොන්දු වුනා කාටහරි ෆේස්බුක් පේජ් එකක් හදන හැටි දැනගන්න ඕනනම් මම කියල දෙන්නම් කියල.ඉතින් එක අයියා කෙනෙක් අහල තිබ්බ හදන විදිහ.ඉතින් අද ඒ පොරොන්දුව ඉ‍ටුකරන්නයි සූදානම් වෙන්නෙ.

එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු.

1.මුලින්ම පහල ලින්ක් එකට යන්න.
http://www.facebook.com/pages/create.php

2.Brand or Product කියන එක ක්ලික් කරන්න.(මම ඒක ‍තෝරගත්තෙ මේ පේජ් එක හදන්නෙ වෙබ් සයිට් එකක් හෝ බ්ලොග් සයිට් එකක් සඳහා නිසයි.ඔයාලා හදන්නෙ වෙන් දෙයක් සඳහානම් ඊට ගැලපෙන එකක් ‍තෝරන්න.)

3.Choose a Category කියන එකට Website කියන එක ‍තෝරල දෙන්න.(ඔබ 2 වැනි පියවරේදි වෙනත් එකක් ‍තෝරගත්තානම් මෙම පියවරේ හා 4 පියවරේ සුළු වෙනස්කම් සිදුවිය හැකියි)

4.Brand or Product කියන එකට ඔයාලගෙ පේජ් එකට සුදුසු නමක් දෙන්න.

5.I agree to Facebook Pages Terms කියන එක අසලම තියෙන කො‍ටුව උඩ ක්ලි කරල ඒකට හරි ලකුණ යොදන්න.

6.දැන් Get Started කියන එක ක්ලික් කරන්න.

දැන් මූලික සැකසුම් ඉවරයි.දැන් තියෙන්නෙ අමතර සැකසුම්.කැමතිනම් Skip කියන බට්න් එක ක්ලික් කරල ඒ පියවරවල් මග හරින්න පුළුවන්

7.ඔන්න ඔතනින් Upload an Image කියන එක ක්ලික් කරල පේජ් එකට පිංතූරයක් දාන්න.ඊට පස්සෙ Continue කියන එක ක්ලික් කරන්න.

8.දැන් ආයිත් Continue කරන්න.මොකද ඒ පියවර එච්චරම වැද්ගත් නෑ.

9.ඔන්න ඔතන තියෙන වෙබ් සයිට් කියන එකට ඔයාලගෙ වෙබ් සයිට් එකේ හෝ බ්ලොග් සයිට් එකේ ඇඩ්‍රස් එක දෙන්න.About කියන එකට පේජ් එක ගැන හැඳින්වීමක් දාන්න.දැන් ආයිත් Continue කරන්න.


ඔන්න පේජ් එක හදල ඉවරයි.ඔයාලගෙ පේජ් එකේ ඇඩ්‍රස් එක තමයි ඔය Browser එකේ වැටිල තියෙන්නෙ.ඒක ඔයාලට වැදගත් වේවි.මගේ එක නම් www.facebook.com/samadeyakma ඔයාලගෙ එකනම් මෙච්චර කෙටි නැතුව ඇති.

දැන් ඉතින් ඔයාල පේජ් එකේ ඇඩ්‍රස් එක බාවිතා කරමින් පේජ් එකට ලයික්ස් හොයා ගන්න ඕනා.

ඒකට ඔයාලගෙ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය යොදාගන්න පුළුවන්.පහල තියෙන්නෙ උදාහරනයක්.

ඔයාල මගෙ ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න.මෙන්න ලින්ක් එක
www.facebook.com/samadeyakma

ඔන්න ඔය වගේ ඒව ඔයාලගෙ බ්ලොග් පෝස්ට් එක ඉවරවුනාම යටින් දාන්න.


ඔන්න එහෙනම් අද පෝස්ට් එක ඉවරයි.හෙට බලමු ලයික් බට්න් එකක් බ්ලොග් එකට දාගන්න හැටි.
එහෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා යන්න.ආ.......කියන්න අමතක වුනා මගේ Followers ලා ගාන 49 යි.බලමු 50 කවුද කියල.

Tags:-


Facebook Page
Facebook Page For Blog Site

Facebook Page For Web Site
How To Create Facebook Page
Page For Blog Site
Page For Web Site 

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This