මෙහි කොටස් 3 ක් මීට පෙර පළවූ අතර එම කොටස් කියවීමෙන් පසු මෙය කියවන ලෙස ඉල්ල සිටිමි.එම ලිපි බැලීමට මෙතන ක්ලික් කරන්න.

ඔන්න බ්ලොග් අඩවියක් හදන හැටි කියල දෙන පෝස්ට් වල 4 වෙනි එක දාන්නයි මේ හදන්නෙ.මම මේ තරම් දේවල් දාන්න නම් හිතාගෙන් හිටියෙ නැහැ.ඒත් මේ ලිපි වලට ලැබුනු කමෙන්ට් දැක්කම නොලියා ඉන්න බැරි වුනා.ඒ කමෙන්ට් මට ලොකු හයියක් වුනා.ඉතින් මේ පෝස්ට් එකට එයිට වඩා කමෙන්ට් හම්බවෙයි කියල හිතනවා.මම ඉස්සෙල්ල පෝස්ට් එකේදි කමෙන්ට් දාන්න කියල දුන්නට තමන්ගෙ බ්ලොග් එකට කවුරුහරි දාපු කමෙන්ට් එකක් බලන හැටි කිව්වෙ නැහැනෙ.ඉතින් අපි ඒක කරන හැටි බලමු.

තමන්ගේ බ්ලොගයේ ඇති කමෙන්ට්ස් බැලීම සහ වෙනස්කම් කිරීම

මේක නම් ඉතින් අමාරු දෙයක් නෙමෙයි.මුලින්ම www.blogger.com වෙතට යන්න.ඊට පස්සෙ ඒකෙ තියෙනවනෙ Comments කියල තැනක්.ඒක ක්ලික් කරන්න.එතකොට ඔයාලගෙ බ්ලොග් එකට වැ‍ටුනු කමෙන්ට්ස් පෙන්නයි.අපි බලමු ඒ කමෙන්ට් එකක් ඩිලීට් කරන්නෙ කියලා.ඒකට මුලින්ම ඩිලීට් කරන්න අවශ්‍ය කමෙන්ට් එක උඩට mouse pointer එක(කර්සර් එක නැත්නම් ඔය ස්ක්‍රීන් එකේ වැටෙන ඊතලේ)ගෙනියන්න.එතකොට කමෙන්ට් ඉස්සරහින් වැටෙයි Spam     Delete     Remove Content කියල තුනක්.ඒකෙ Delete කියන එකෙනුයි Remove Content කියන එකෙනුයි දෙකෙන්ම කරන්නෙ delete කරන එක.හැබැයි ඩිලීට් කරාම කමෙන්ට් නැතුවම යනවා.අනිත් විදිහට කලාම කමෙන්ට් එකේ ලියල තියෙන දේ වෙනුවට ඒක අයින් කරලයි කියල වැටෙනවා.



ගැජට්ස් දැමීම

ගැජට් එකක් කියන්නෙ මොකක්ද කියල හරියටම කියන්නනම් මට තේරෙන්නෙ නැහැ.කොහොම වුනත් සයිඩ් බාර් එකේ(බ්ලොගයේ දෙපැත්තෙන්ම හෝ එක පැත්තකින් තිබෙන තීරුවට සයිඩ් බාර් යයි කියති)තියෙන දේවල් ගොඩක් ගැජට්ස් තමයි.
උදා:-මුළු කමෙන්ට්ස් සහ ලිපි ගණන වැටෙන ගැජට් එක

අපි දැන් බලමු ඒ වගේ ගැජට් එකක් දාගන්නෙ සහ ඒවා අවශ්‍ය තැන්වලින් තියාගන්නෙ කොහොමද කියලා

අපිට බ්ලොගර් වලිනුත් ගැජට්ස් කිහිපයක් දෙනවා.ඒත් ඒවා එච්චර ලස්සන නෑ.නමුත් වැදගත්.ඒ වගේ ගැජට්ස් දාගන්නනම් මුලින්ම www.blogger.com වලට යන්න.ඊට පස්සෙ ඒකෙන් Design කියන එකට යන්න.එතකොට ඔයාලගෙ බ්ලොග් එකේ තියෙන ගැජට්ස් පෙන්වාවි.මේවා මවුස් එකෙන් ඇදලා අවශ්‍ය තැන් වලට දාන්න පුළුවන්.(බ්ලොග් එකේ මැද්දට දාන්න බෑ)අළුත් ගැජට් එකක් දාගන්නනම් මුලින්ම ඒ පේජ් එකේ තියෙන Add a Gadget කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ අවශ්‍ය ගැජට් එකේ නම මත ක්ලික් කරන්න.(සමහර ගැජට් ඔයාලට නොතේරෙන්න පුළුවන් මොනවද කියලා)ඊට පස්සෙ අවශ්‍ය සැකසුම් කරලා Save කරන්න.ඊට පස්සෙ අවශ්‍ය තැනට ඇදලා දාගන්න.ඊට පස්සෙ ඔය පේජ් එකේ උඩ හරියෙ තියෙනවා Save කියල එකක්.(ඉස්සෙල්ල කියපු එක නෙවෙයි)අන්න ඒක ක්ලික් කරන්න.දැන් බ්ලොග් එකට ගැජට් එක වැටිලා තියේවි.

ඉතින් ඔය කිව්වෙ බ්ලොගර් වලින්ම දෙන ගැජට් එකක් දාන හැටිනෙ.ඔයාලට වෙන ගැජට්ස් දාගන්න ඕනනම් මෙන්න මේ බ්ලොග් එකට යන්න.(නම් උඩ ක්ලික් කරන්න)

*සුපුෂ්පිත සොෆ්ට්

ඔය සයිට් එකේ සිංහලෙන්ම ඒවා දාගන්න විදිහ ඇති.

Followers

දැන් අපි බලමු කවුද කියලා මෙයාලා.Followers ලා කියන්නෙ අපේ බ්ලොග් එක ගැන පැහැදිලා අපේ බ්ලොග් එක සමග එකතු වන අය.අපිබලමු කොහොමද වෙන බ්ලොග් එකක් follow කරන්නෙ කියලා.මුලින්ම Follow කරන්න ඕනා බ්ලොග් එකට ගිහිල්ල පහළ පින්තූරෙ තියෙන තැන හොයාගන්න.



ඊට පස්සෙ Join this site කියන එකක් ක්ලික් කරන්න.ඔයාලාගෙ gmail ගිනුමෙ පාස්වර්ඩ් එක සහ e-mail ඇඩ්‍රස් එක ඉල්ලුවොත් දෙන්න.නැතනම් කෙලින්ම වෙන තිරයකට යයි.සමහර විට එයිට ඉස්සෙල්ල සේවාව ‍තෝරන්න තිරයක් එයි.ඒක ආවොත් Google කියන එක ක්ලික් කරන්න.කොහොමින් හරි එකතැනකදි follow this blog කියල බට්න් එකක් තියෙන තැනක් එයි.ඒ වෙලාවට ඒක ක්ලික් කරන්න.ඊට පස්සෙ එන තිරයෙන් done කියන එක ක්ලික් කරන්න.

ඉතින් බ්ලොග් එකක් හදන හැටි නම් සම්පූරණයෙන් කියල දීලා ඉවරයි.මම කියල දුන්නු දේවල් හැර තවත් ගොඩක් දේවල් තියෙනවා.ඒත් ඔක්කොම කියල දෙන්න අමාරුයි.අපි එහෙනම් බලමු තව විස්තර ටිකක් බ්ලොග් එක ගැන.


RSS Feed

මේකත් මට හරියටම කියල දෙන්න අමාරුයි.ඒත් මේක ගොඩක් තැන් වලදි ඕන වෙනවා.අපි බලමු මේක හොයාගන්නෙ කොහොමද කියලා.මේ සඳහා ඔයාලගෙ බ්ලොග් ඇඩ්‍රස් එකට ඉස්සරහින් /feeds/posts/default?alt=rss කියලා දාන්න.

උදා:-http://samadeyakma.blogspot.com/feeds/posts/default?alt=rss

බ්ලොගයට වැඩියෙන් ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමට

මේ සඳහා කල හැකි හොඳම දේ සින්ඩියකට දැමීමයි.මම පහතින් සිංහල බ්ලොග් සින්ඩි ටිකක් දාන්නම්.ඒවාට ගිහිල්ල රෙජිස්ටර් වෙන්න.(ඒවාට යෑමට නම උඩ ක්ලික් කරන්න)

*ලාංකීය සිතුවිලි(මේකෙ නම් මේ වෙලාවෙ මොකක් හරි නිසා රෙජිස්ටර් වෙන්න බෑ.පස්සෙ වෙලාවක ගිහිල්ල රෙජිස්ටර් වෙන්න)
*කොත්තු
*ෆේස්බුක් බ්ලොග් සින්ඩිය
*සිංඩිය
*සිංහල බ්ලොග් කියවනය
*හත්මාළුව

ඕවාට ගිහිල්ල රෙජිස්ටර් වෙන්න(මේවායෙදි RSS feed එක ඕනා වෙනවා)

ඊට අමතරව හැම තිස්සෙම බ්ලොග් එක බලන්න එන අයත් එක මිත්‍රව සිටින්න.
එයාලා දාන කමෙන්ට් වලට ස්තූති කරල කමෙන්ට් දාන්න.
අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න
දවස් තුනකට සැරයක්වත් ලිපියක් දාන්න
ඇනෝනිමස් කමෙන්ට් වලක්වන්න එපා.

මේ ලිපි පෙල අදින් අවසන් යාලුවනේ.මම තව දෙයක් කියන්නම්.ඔයාලගෙ බ්ලොග් එකට මුලින්ම බලන්න කට්ටිය නොඑන්න පුළුවන්.ඒත් මාසයක් දෙකක් යනකොට ගොඩක් කට්ටිය ඔයා වට එකතු වේවි.ඒක හින්දා බ්ලොග් එක නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන යන්න.ඔයාල මතුවෙන ඕනම් ප්‍රශ්නයක් කමෙන්ට් එකක් විදිහට දාන්න.නැත්නම් මගෙ ඊ මේල් ඇඩ්‍රස් එකට එවන්න( ranulhashika.g@gmail.com ).ඕනම් ප්‍රශ්නෙකට මම උත්තර දෙන්නම්.ඉතින් අද මම follow කරන හැටිත් කියල දුන්නු නිසා මාව follow කරල යන්න.කමෙන්ට් එකකුත් දාන්න.ආ මට කියන්න මතක වුනා.මම මේ බ්ලොග් එකට facebook පේජ් එකක් හැදුවා.ඒකටත් like එකක් දාන්න.මෙන්න ලින්ක් එක

http://www.facebook.com/samadeyakma

එහෙනම් ඉතින් අදට අපි ගියා.අළුත් ලිපියකින් නැවත් හමුවෙමු.
(මට සතියකට වැඩි කාලයක් යනතුරු ලිපියක් දාන්න බැරිවෙයි.ඒ ගැන කණගා‍ටුයි)