දවස් කීපයකින් පස්සෙ මම ආයිත් පෝස්ට් එකක් දාන්න හිතුවා.කොහොමත් මගෙ පෝස්ට් ලිවීමේ වේගය අඩුයි.සමහර බ්ලොග් නම් මාස ගන්න යනව update වෙන්න.ඒත් සාමාන්‍යයෙන් බ්ලොග් එකක් දින දෙකකට සැරයක් විතර update වෙනව.

හරි දැන් අපි අපේ මාතෘකාවට බහිමු.ගොඩක් අය You Tube වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න එක එක සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවා.(යූ ටියුබ් වල ඩවුන්ලෝඩ් පහසුකම් නැහැ)ඒත් ඒ එකක් වත් හරියට වැඩ කරන්නෙ නැහැ.පාවිච්චි කරපු අය ඒක හොඳින් දන්නව ඇති.ඉතින් ඒකට විසඳුමක් තමයි අද ගෙනාවෙ.මේක සොෆ්ට්වෙයාර් එකක් නෙමෙයි.වෙබ් සයිට් එකක්.මේකෙන් යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න හරිම ලේසියි.මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් සයිට් එකට යන්න.ඊට පස්සෙ යූ ටියුබ් වලට ගිහිල්ල ඕන වීඩියෝ එකක් ‍තෝරගන්න.ඊට පස්සෙ ඒක ප්ලේ වෙන්න දාන්න.එතකොට browser එකේ වෙබ් ලිපිනය(URL)වැටෙන තැන වැටෙන වෙබ් ලිපිනය කොපි කරගෙන අර සයිට් එකේ උඩ තියෙන text box එකට දාන්න.ඊට පස්සෙ Download  කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ format එක ‍තෝරල ක්ලික් කරන්න.ඊට පස්සෙ වීඩියෝ එක ගානට ඩවුන්ලෝඩ් වෙයි.හොඳනම් ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාල follow පාරක් දාලා යන්න.