අද මම පස්වෙනි ගණිත ගැටළුවත් දානවා.මම ටික කාලයක් ගණිත ගැටළු නොදා හිටිය.ඒ වුනාට මට ආයිත් දැන් දාන්න හිතුනා.මේ ගණිත ගැටළුවටත් කමෙන්ට් එකකින් උත්තර දෙන්න.
ඔන්න ගණිත ගැටළුව


චන්දිමා සහ ලක්මාලි එකම පාසලේ යෙහෙළියන් දෙදෙනෙකි.චන්දිමාට කවියක් 10 වරක් කියවීමෙන්ද,ලක්මාලිට 15 වරක් කියවීමෙන්ද ඔවුන්ට එම කවිය පාඩම් වෙයි.එක් දිනක් ඔවුන් කවි 16 පාඩම් කලාය.ඔවුන් දෙදෙනාටම එය පාඩම් කිරීමට වාර 205ක් කීමට සිදු වුනි.(එකතුව)ඔවුන් දෙදෙනා පාඩම් කල කවි ගණන වෙන වෙනම කියන්න.

මං හිතන විදිහට නම් මේක හරිම ලේසි ඇති ඔයාලට.එහෙනම් මේකට උත්තරෙත් දීලා මාව ෆලෝත් කරලා යන්න.