• ග්‍රීන්ලන්තය වැනි දැඩි ශීතල ප්‍රදේශ වල ජීවත් වෙන එස්කිමෝවරු පවා ශීතකකරණ පාවිච්චි කරති.ඒ තම ආහාර ශීත කර ගැනීමට නොව තම ආහාර සම්පූර්නයෙන් මිදීම වලක්වා ගැනීමටය.
එස්කිමෝවරු

දමා ගැසූ විට ආපසු එන බූමරංගයක්
  • බූමරංගය  ගැන ඔබ අසා ඇත.බූමරංග වර්ග දෙකක් ඇත.එකක් දමා ගැසූ විට ආපසු පැමිනෙයි.අනික දමා ගැසූ විට ආපසු නොපැමිනෙයි.ආපසු පැමිනෙන බූමරංගය බොහෝ විට පාවිච්චිකර ඇත්තේ ක්‍රීඩා භාන්ඩයක් වශයෙනි.


    • මොනරා කොතරම් සුන්දර සතෙක් වුවද එම සතාගේ ශබ්දය මිනිසෙකු යටිගිරියෙන් කෑ ගහන විට නැගෙන ශබ්දයට සමානය.
    • ගොළුබෙල්ලා පුංචි සතෙක් වුවද එම සතාට දත් 25000ක් තිබේ.
    • ලොව දිගුම බොක්සින් තරගය 1893 දී නිව් ඕර්ලියන්ස්හීදී ආරම්භ විය.එය පැය 7 කුත් මිනිත්තු 19 කුත් පැවැත් වූ අතර ජය පරාජයකින් තොරව නිමා විය.
    ලියනාඩෝ ඩාවින්චි 
    • නාගයින් බිහිරි බව ඔබ දන්නවාද?ඔවුන් නයි නටවන්නාගේ නලා හඩට ශරීරය සොලවන්නේ යැයි සිතුවද නයි නටවන්නාගේ ශරීර චලනයට අනුව ඔවුන් සෙලවෙයි.
    • ලියනාඩෝ ඩාවින්චි හට එක අතකින් චිත්‍රයක් අදිද්දී තව අතකින් අකුරු ලිවිය හැක.

    "විශ්වයේ විස්මිත තොරතුරු 2" නම් පොත ඇසුරිනි.

    මෙහි තවත් කොටසකින් හමුවෙමු.


    මෙහි දෙවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.