ඔන්න මම ආයෙත් ගණිත ගැටලුවක් දානවා.මේක හුග දෙනෙකුට ලේසි වේවි.මේකටත් වෙනදා වගේම කමෙන්ට් එකකින් පිළිතුරු දෙන්න.ඔන්න ගණිත ගැටලුව.
ඔබේ වයස කීයක් වේදැයි එක් ගණිතඥයෙකුගෙන් කෙනෙක් ඇසීය.ඔහුගේ පිළිතුර ගැටලු සහගත විය.එනම්"තව අවුරුදු තුනකට පසු මගේ වයසින් තුන් ගුණයක් ගන්න.එයින් අවුරුදු තුනකට පෙර වයසේ තෙගුණයක් අඩු කරන්න.එවිටමගේ වයස කිව හැකිය."එසේ නම් ගණිතඥයාගේ දැන් වයස කීයද?
ඕක තමයි ප්‍රශ්නෙ.හැමෝම උත්තර දීලා උදවුවක් විදිහට follow පාරකුත් දාලා යන්න