මෙම ලිපියේ පලවෙනි කොටස බැලීමට මෙතන ක්ලික් කරන්න.

පළවන ලිපියේ අවසානයේ සිට...

සැ.යු: මෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්‍රයෙනි.

අරලිය ගහ මැදුරේ අතීතය හාරා අවුස්සා බලන විට තව දෙයක් අපිට දැනගන්නට ලැබෙයි.එනම් මෙහි මුල් නම "ටෙම්පල් ට්‍රීස්"යන්න නොවන බවයි.දැනට සොයාගෙන ඇති සාධක අනුව මෙහි මුල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ  දහ අට වැනි සියවසේ මුල් භාගයෙයි.දහ අටවැනි සියවසේ සෑදූ මෙම මන්දිරය හදුන්වන ලද්දේ"ඩී බැන්ඩ්‍රි"නමින් බව පැරණි සටහන් හෙලි කරයි.

"ඩී බැන්ඩ්‍රි"යනු ලන්දේසි වදනකි.එසේ නම් මෙහි මුල් පදිංචිකරුවන් ලන්දේසින්ද යන්න ප්‍රහේළිකාවකි.තව දුරටත් කරුණු සෙවීමේදී(කරුනු සොයන ලද්දේ මුල් කතෘය)දැනගන්නට ලැබුනේ මෙම නිවස මුලින්ම අරක්කු පෙරීමට නිෂ්පාදනය සඳහා යොදාගත් බවයි.නිවසට තබා ඇති"ඩී බ්‍රැන්ඩි"යන නමින්ම එවැනි අදහසක් ධ්වනිත වෙයි.


අරලිය ගහ මැදුර පිහිටා තිබූ ප්‍රදේශය එකල හඳුන්වා ඇත්තේ පොල් වත්ත නමිනි.පොල් ගස් වලින් වටවී තිබුනු නිසා එයට එම ලැබී ඇති බව කියති.බැන්ඩ්‍රි නිවස පොල් වත්තක පිහි‍ටුවීමට හේතුවක් නම් බැන්ඩ්‍රි ස්කාගාරයට අවශ්‍ය සියලුම පොල් රා මෙම වත්තෙන්ම ලැබීමයි.එකල ලන්දේසි සොල්දාදුවන් පොල් අරක්කු බීමට ගිජු කමක් දැක්වූ බැවින් එකල පොල් අරක්කු වලට හොද ඉල්ලුමක් තිබී ඇත.

මෙයට සම්භන්ද තවත් දෙයක් නම් මෙම මන්දිරයත් එහි වත්තත් කලක් සුද්දෙකුට අයත්ව තිබී ඇත.ඔහු රජ පවුලකට නෑකම් කියූ පුද්ගලයෙකු බව කියනු ලැබේ.ඩැනියෙල් ඩිට්ලොප් නැමැති මෙම සුද්දා අරලිය ගහ මැදුර මිලදී ගත් පසු මෙහි තිබූ ස්කාගාරය ඉවත් කර නිවසක් බවට පත් කර තිබේ.


සැ.යු: මෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්‍රයෙනි.



මෙම ලිපිය මෙයින් අවසානයි.
මේ ලිපිය කියෙව්වනම් comment එකක් දාලා follow පාරකුත් දාලා යන්න.