සැ.යුමෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්‍රයෙනි.
අරලිය ගහ මැදුර නම් වර්තමානයේ අතිගරු ජනාධිපති තුමාගේ නිල නිවසයි.නමුත් මෙය අගමැති නිල නිවසකි.මෙහි අගමැතිවරුන් සහ ජනාධිපතිවරු වාසය කළත් මෙය සාදා තිබෙන්නේ  සඳහා නොවෙයි.එසේම මෙය මෑතකදී සෑදූවක් නොවෙයි.මෙයට දීර්ඝ ඉතිහාසයක් තිබේ.එම ඉතිහාසය ආරම්භ වන්නේ මෙයට අවුරුදු 128 කට පෙරයි.එනම් 1881 දීයි.මෙරට ප්‍රථම අගමැති වූ ඩී.එස්.සේනානායක මහතා 1948 ජනවාරි 19 වන දින අරලිය ගහ මැදුරට ගොඩ වීමත් සමග මෙය අගමැති නිල නිවස බවට පත්විය.අරලිය ගහ මැදුර පොදු හදවත් තුළට සමීප වූයේ එතැන් සිටයි.එහෙත් මෙහි පුරාවෘත්තය එතැනින් ආරම්භ වූවක් නොවෙයි.එහිඅතීතය සියවස් එකයි කාලක් පමණ ඈතට දිව යයි.බොහෝ දෙනෙකු මෙහි අතීතය ගැන නොදනී.සමහරවිට මෙහි අගමැතිවරුන් පවා ගැන නොදැන සිටින්නට ඇත.



අරලිය ගහ මන්දිරය දෙස බලන විට එය මෑතකදී සෑදූවක සේ පෙනෙන්නේ එහි කල නවීකරණ නිසාය.මෙය සාදා ඇත්තේ 1881  පෙර බව ඉතිහාස සටහන් හෙළි කරයි.සමහර විට එට එක්දහස් හත්සිය ගණන්ව සෑදූ බව කියවේ.මෙය පිහිටා තිබූ වත්ත ඉතා විශාල බවත්පසුව එහි විශාල ප්‍රමාණය විකුණූ බවත් පැරණි සටහන් හෙළි කරයි.අරලිය ගහ මැදුරට මෙම නම ලැබුණේ කෙසේද යන්න බොහෝදෙනෙකු නොදනී.පැරණි සටහන් වල සටහන් වන අන්දමට මෙහි වත්තේ විශාල අරලිය ගස් දෙකක් තිබුණු බව කියති.එය මුල් කරගෙනඑම නම මෙයට ලැබී ඇත.මෙහි මුල් පදිංචි කරුවන් කවුද යන්න ඉතිහාස සටහන් වල සඳහන් නොවෙයි.නමුත් මෙහි මුල් පදිංචිකරුවන්සුදු ජාතිකයන් බව ඉතිහාසය කියයි.එකල මෙහි නම වී ඇත්තේ "ටෙම්පල් ට්‍රීස්යන්නයි.පසුව එය සිංහලට පරිවර්තනය වී වර්තමාන නමසෑදී ඇත.
අදට ලිපිය අවසන් කරමි.ඉතා වැදගත් කරුණු සහිතව මෙහි දෙවන ලිපියෙන් හමුවෙමු.

සැ.යුමෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපියආශ්‍රයෙනි


ප.ලි:- මෙහි දෙවන කොටසට යෑමට මෙතන ක්ලික් කරන්න.