ලෝකයේ මුල්ම ලැප්ටොප් එක දැකල තියෙනවද?

මට ගොඩක් කාලෙකින් ලිපියක් දාන්න බැරි වුනානෙ.නෑදෑ ගෙදරක ගිය හින්ද තමයි ලිපි දාන්න බැරි වුනේ. කමක් නැහැ.
අද දාන්නෙ ලෝකයේ මුල්ම ලැප්ටොප් එකේ පින්තූරයක්.osborne කියල සමාගමකින් තමයි මේක හදලා තියෙන්නෙ.මට එක පින්තූරයයි හම්බවුනේ.තව පින්තූර තියෙනවනම් මට කමෙන්ට් එකකින් කියන්න.මේකේ තිබිලා තියෙන්නෙ අඟල් 5*5 තිරයක්.මේක වැහුවහම හරියට ලොකු පෙට්ටියක් වගේලු.මෙන්න පින්තූරෙ.

ප.ලි. :-dude ගෙ අදහසට අනුව google හි සර්ච් කිරීමෙන් මට තවත් තොරතුරු සහ පින්තූර වගයක් ලැබුනා.ඒ අනුව මම මේ ලිපිය සංස්කරනය කර එම තොරතුරු ඇතුලත් කරනවා.

හමුවූ තොරතුරු

Osborne 1



Introduced:
April 1981

Price:
US $1,795
Weight:
24.5 pounds
CPU:
Zilog Z80 @ 4.0 MHz
RAM:
64K RAM
Storage:dual 5-1/4 inch, 91K drives
Display:built-in 5" monitor
              53 X 24 text
Ports:parallel / IEEE-488
          modem / serial port
OS:CP/M



හමුවූ පින්තූර









osborne සමාගමේ අයිතිකරු adam osborne


මං හිතනව ලිපිය හුඟක් පොඩි වුනත් මොනවහරි දෙයක් ඕගොල්ලො දැන ගන්න ඇති කියලා.එහෙනම් කමෙන්ට් එකක් දාල යන්න.

Mobitel Smart Meter තෑගි දිනාගන්න.


මෙන්න නියම අවස්තාවක්. mobitel එකෙන් තමයි මේක කරන්නෙ.facebook එකවුන්ට් එකක් තියෙනවනම් මේක කරතහැකි.මෙහෙමයි මුලිනම ඔය පහල තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.මතක ඇතුව අලුත් tab එකකට ගන්න.

Mobitel Smart Meter මෙතන ක්ලික් කරන්න.

එතකොට එන පේජ් එකේ තියෙයි like කරන්න කියලා.ඒකට like කරන්න.ඊට පස්සෙ එන පේජ් එකේ take the quiz කියන එක ක්ලික් කරන්න.හෝව් හෝව් ක්ලික් කරන්න එපා.ඉතුරු ටිකත් කියනකම් ඉන්න.අර බට්න් එක ක්ලික් කරාම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා.හැබැයි තප්පර කිහිපයයි ලැබෙන්නෙ.කාලය ඉතුරු කරගන්න තරමට ලකුනු වැඩියි.ඔය ප්‍රශ්නවලට හරි උත්තර දෙන්න.හැමදාම දෙන්න.එතකොට ඔයගොල්ලන්ට blackberry ෆෝන් දිනාගන්න පුලුවන්.තව ටී ෂර්ට් එහෙමත් තියෙනවා.

please comment

උදවුවක් දෙන්න.මේ පනිවිඩේ එන්නෙ මොකක් වුනහමද?

මේ පල්ලෙහ තියෙන එක වගේ පනිවිඩයක් එන්නෙ ඇයි?මේ විදිහට ආවෙ ElaKiri එකේ ලින්ක් වලට යද්දි.දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකකින් කියන්න.

ලොකුවට බලන්න පිංතූරෙ උඩ ක්ලික් කරන්න.

visitors ලා 1000 ක් ඇවිල්ලා****1000 visitors



ඔන්න ඊයෙ මගේ 1000 වෙනි විසිටර් ඇවිල්ල.මට හරි සතු‍ටුයි.හරියටම කියනවනම් Aug 16, 2011, 10:56:02 PM.
මං මේ බ්ලොග් එක පටන් ගත්තෙ 2011 ඒ කියන්නෙ මේ අවුරුද්දෙ අප්‍රේල් 6 වෙනිදා.අද වෙනකොට මම පෝස්ට් 23 ක් දාලා තියෙනවා.හැබැයි කමෙන්ට් නම් 39 යි මගෙ ඒවත් එක්ක.follow කරන අය 13 ක් ඉන්නවා.
මගෙ බ්ලොග් එකේ කවුන්ටර්ස් 2 ක් තියෙනවනෙ.ඒකෙන් හරි ගාන එන්නෙ super counter එකේ.ඔන්න දහස් වෙනි විසිටර්ගෙ detail

IP Address:123.231.115.x
Location:Colombo,Sri Lanka
Browser:Chrome 13
Operating System:Linux
Screen Resolution:1360x768
Referrer:http://syndi.lankeeya.lk/
Landing Page:http://samadeyakma.blogspot.com/2011/08/2.html

හරි එහෙනම් බලමුකො 1000 වෙනි visitor ට පස්සෙ මුලින්ම කමෙන්ට් දාන follow කරන කට්ටිය කවුද කියලා.


අරලිය ගහ මැදුරේ සැඟවුනු රහස්-2

මෙම ලිපියේ පලවෙනි කොටස බැලීමට මෙතන ක්ලික් කරන්න.

පළවන ලිපියේ අවසානයේ සිට...

සැ.යු: මෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්‍රයෙනි.

අරලිය ගහ මැදුරේ අතීතය හාරා අවුස්සා බලන විට තව දෙයක් අපිට දැනගන්නට ලැබෙයි.එනම් මෙහි මුල් නම "ටෙම්පල් ට්‍රීස්"යන්න නොවන බවයි.දැනට සොයාගෙන ඇති සාධක අනුව මෙහි මුල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ  දහ අට වැනි සියවසේ මුල් භාගයෙයි.දහ අටවැනි සියවසේ සෑදූ මෙම මන්දිරය හදුන්වන ලද්දේ"ඩී බැන්ඩ්‍රි"නමින් බව පැරණි සටහන් හෙලි කරයි.

"ඩී බැන්ඩ්‍රි"යනු ලන්දේසි වදනකි.එසේ නම් මෙහි මුල් පදිංචිකරුවන් ලන්දේසින්ද යන්න ප්‍රහේළිකාවකි.තව දුරටත් කරුණු සෙවීමේදී(කරුනු සොයන ලද්දේ මුල් කතෘය)දැනගන්නට ලැබුනේ මෙම නිවස මුලින්ම අරක්කු පෙරීමට නිෂ්පාදනය සඳහා යොදාගත් බවයි.නිවසට තබා ඇති"ඩී බ්‍රැන්ඩි"යන නමින්ම එවැනි අදහසක් ධ්වනිත වෙයි.


අරලිය ගහ මැදුර පිහිටා තිබූ ප්‍රදේශය එකල හඳුන්වා ඇත්තේ පොල් වත්ත නමිනි.පොල් ගස් වලින් වටවී තිබුනු නිසා එයට එම ලැබී ඇති බව කියති.බැන්ඩ්‍රි නිවස පොල් වත්තක පිහි‍ටුවීමට හේතුවක් නම් බැන්ඩ්‍රි ස්කාගාරයට අවශ්‍ය සියලුම පොල් රා මෙම වත්තෙන්ම ලැබීමයි.එකල ලන්දේසි සොල්දාදුවන් පොල් අරක්කු බීමට ගිජු කමක් දැක්වූ බැවින් එකල පොල් අරක්කු වලට හොද ඉල්ලුමක් තිබී ඇත.

මෙයට සම්භන්ද තවත් දෙයක් නම් මෙම මන්දිරයත් එහි වත්තත් කලක් සුද්දෙකුට අයත්ව තිබී ඇත.ඔහු රජ පවුලකට නෑකම් කියූ පුද්ගලයෙකු බව කියනු ලැබේ.ඩැනියෙල් ඩිට්ලොප් නැමැති මෙම සුද්දා අරලිය ගහ මැදුර මිලදී ගත් පසු මෙහි තිබූ ස්කාගාරය ඉවත් කර නිවසක් බවට පත් කර තිබේ.


සැ.යු: මෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්‍රයෙනි.



මෙම ලිපිය මෙයින් අවසානයි.
මේ ලිපිය කියෙව්වනම් comment එකක් දාලා follow පාරකුත් දාලා යන්න.

අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස්-1

සැ.යුමෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපිය ආශ්‍රයෙනි.
අරලිය ගහ මැදුර නම් වර්තමානයේ අතිගරු ජනාධිපති තුමාගේ නිල නිවසයි.නමුත් මෙය අගමැති නිල නිවසකි.මෙහි අගමැතිවරුන් සහ ජනාධිපතිවරු වාසය කළත් මෙය සාදා තිබෙන්නේ  සඳහා නොවෙයි.එසේම මෙය මෑතකදී සෑදූවක් නොවෙයි.මෙයට දීර්ඝ ඉතිහාසයක් තිබේ.එම ඉතිහාසය ආරම්භ වන්නේ මෙයට අවුරුදු 128 කට පෙරයි.එනම් 1881 දීයි.මෙරට ප්‍රථම අගමැති වූ ඩී.එස්.සේනානායක මහතා 1948 ජනවාරි 19 වන දින අරලිය ගහ මැදුරට ගොඩ වීමත් සමග මෙය අගමැති නිල නිවස බවට පත්විය.අරලිය ගහ මැදුර පොදු හදවත් තුළට සමීප වූයේ එතැන් සිටයි.එහෙත් මෙහි පුරාවෘත්තය එතැනින් ආරම්භ වූවක් නොවෙයි.එහිඅතීතය සියවස් එකයි කාලක් පමණ ඈතට දිව යයි.බොහෝ දෙනෙකු මෙහි අතීතය ගැන නොදනී.සමහරවිට මෙහි අගමැතිවරුන් පවා ගැන නොදැන සිටින්නට ඇත.



අරලිය ගහ මන්දිරය දෙස බලන විට එය මෑතකදී සෑදූවක සේ පෙනෙන්නේ එහි කල නවීකරණ නිසාය.මෙය සාදා ඇත්තේ 1881  පෙර බව ඉතිහාස සටහන් හෙළි කරයි.සමහර විට එට එක්දහස් හත්සිය ගණන්ව සෑදූ බව කියවේ.මෙය පිහිටා තිබූ වත්ත ඉතා විශාල බවත්පසුව එහි විශාල ප්‍රමාණය විකුණූ බවත් පැරණි සටහන් හෙළි කරයි.අරලිය ගහ මැදුරට මෙම නම ලැබුණේ කෙසේද යන්න බොහෝදෙනෙකු නොදනී.පැරණි සටහන් වල සටහන් වන අන්දමට මෙහි වත්තේ විශාල අරලිය ගස් දෙකක් තිබුණු බව කියති.එය මුල් කරගෙනඑම නම මෙයට ලැබී ඇත.මෙහි මුල් පදිංචි කරුවන් කවුද යන්න ඉතිහාස සටහන් වල සඳහන් නොවෙයි.නමුත් මෙහි මුල් පදිංචිකරුවන්සුදු ජාතිකයන් බව ඉතිහාසය කියයි.එකල මෙහි නම වී ඇත්තේ "ටෙම්පල් ට්‍රීස්යන්නයි.පසුව එය සිංහලට පරිවර්තනය වී වර්තමාන නමසෑදී ඇත.
අදට ලිපිය අවසන් කරමි.ඉතා වැදගත් කරුණු සහිතව මෙහි දෙවන ලිපියෙන් හමුවෙමු.

සැ.යුමෙහි පළකරන බොහෝ තොරතුරු 2010-1-3 වැනි දින ලංකාදීප පත්‍රයේ පළවුණු අරලිය ගහ මැදුරේ සැඟවුණු රහස් නම් ලිපියආශ්‍රයෙනි


ප.ලි:- මෙහි දෙවන කොටසට යෑමට මෙතන ක්ලික් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This